සයිටම් නිසා වෛද්‍යවරු ගහ ගනිති

Peek

Member
Feb 26, 2017
23
3
0
Mars
සයිටම් නිසා වෛද්‍යවරු ගහ ගනිති



ඉන්දිකා රාමනායක

සයිටම් අර්බුදය නිමා කරමු මැයෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විද්වත් සමුළුවකදී වෛද්‍යවරුන් පිරිසක් අතර ඇති වු ගැටුමකින් පහර කෑමට ලක්වූ එක් වෛද්‍යවරයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

රජයේ වෛද්‍ය නිලදධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුලූ පිරිසක් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවට තොරතුරු ලැබි ඇති බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම විද්වත් සමුළුව අද පස්වරු 1.30 ආරම්භ කර තිබු අතර එය අවසානයේ පැවති තේපැන් සංග්‍රහයක් අතර තුර ඇති වු සයිටම් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් බහින් බස් වීමක් දක්වා දුරදිග ගොස් මෙම පහර දීම සිදුව ඇති බවට පැමිණිලි ලැබුණ බවද උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

මරදාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

සිද්ධයෙන් පහර කෑමට ලක්ව වූ වෛද්‍යවරයා කොළම ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබයි.




අන්තිමට උන් උන්ම වලි සයිටම් එකට :rofl::rofl::rofl::rofl: