SAITM එකේ ඉන්න එවුන් දොස්තරලා වෙලා මිනිස්සු මරනවලු, එතකොට මෙච්චර කල් රජයේ විද්‍යා විද්‍යාලවලින් අපු දොස්තරලගේ අතින් මිනිස්සු මරුනේ නැද්ද?
අර නීති ශිෂ්‍යාවගේ කැඩිලා තිබ්බ අතට ප්ලාස්ටර් දාන්න තිබ්බ එකට ඇත කපපු එක හරිද?
එත කොට දකුණු කකුලේ operation එකට වම කකුල කපපු එක හරිද?
බොරු තර්කනේ ඕයි.
අනික මුන් කියනවා උන් විරුද්දයි ලු පවුද්ගලික විශ්ව විද්‍යාල වලට. එතකොට මුන උ පෙ වලට පවුද්ගලික පන්ති ගෙයේ නැද්ද? අම්ම තාත්තගේ සල්ලි 1000-2000 ගානේ අවුරුදු දෙකක් මස මස ගැනේ වියදම් උනේ නැද්ද?
මට පහුගිය දවසක මගේ කැම්පස් ගිය යමගෙත් එක්ක උ පෙ ක්ලාස් වල හිටපු එකෙක් හම්බුනා. 23 වෙලත් තාම ප්‍රයිවට් ඉගන ගන්න ව කිව්වම කින්ඩිය දාලා උගේ සමාජ වැඩි දේශනය දීල ගියා. එතකොට 18-21 වෙනකන් මම සල්ලි හොයන්න උන මහන්සිය ගැන උගේ කතාවක් නෑ. එතකොට උගේ දර්ශනය විදිහට මගේ මහන්සියෙන් මම උපයපු මුදල්, මම විසින් යොදවල මගේ අද්යාපනය කරගන්න එක වැරදි. එතකොට මුන් කියන්නේ මුන් මුකුත් නොකර නිකන් දෙන අධ්‍යාපනයද ශ්‍රේෂ්ට?
යකෝ අපි මේ සල්ලි හම්බකරලා කටු කාලා සල්ලි හොයාගත්ත කියල සල්ලි නැති එකාගේ ප්‍රශ්න වලට අපි පලිද? අපේ කම්පුස් වල ඉන්නේම අලුත් දේවල් කරන අදහස් තියන අය නෙමෙයි. උන්ට ඕනේ JOB කරන්න. එතින් යකෝ එකට කම්පුස් යන්න ඕනෑ?
ඇත්ත කතාකරොත් මට නැති අවස්ථාවක් විශ්ව විද්‍යාල වල යට තියනවා. එත් ඔවුන් එක පාවිච්චි කරන්නේ නෑ.