සයිටම් විරෝධීන්ගේ රෙදි ගලවයි
එස්බී සයිටම් විරෝධීන්ගේ රෙදි ගලවයි..! පාදෙණියට ලකුණු නැතිව ඊ-බාර් සමත් වෙන්න ලකුණු මට්ටම පහළට දා ගත් හැටි: වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීගේ දියණිය සයිටම් ඉගෙන ගත් හැටි
වෛද්‍ය සභාවම සයිටම් උපාධිය ලංකාවේ දෙන්න යෝජනා කළ හැටි: සයිටම් පරීක්ෂා කළ 10න් 9ක් අනුමත කළ හැටි: වෛද්‍ය පීඨ ලොක්කන්ගේ දූරු පිටරට ඉගන ගන්න හැටි
සයිටම් ආයතනය ශ්‍රී ලංකාවේ උපාධි ප්රදානය කරන ආයතනයක් ලෙස ලියාපදිංචි කරන්නැයි එදා යෝජනා කරන ලද්දේ අන් කිසිවෙක් නොව වෛද්‍ය සභාව විසින්ම යැයිද, එදා වෛද්‍ය සභාව විසින් සයිටම් ආයතනය පරීක්ෂා කිරීමට යවන ලද මහාචාර්යවරුන් පීඨාධිපතිවරුන් 10 දෙනාගෙන් 9 දෙනෙකුම කීවේ සයිටම් උපාධිධාරීන් ලියාපදිංචි කළ යුතු යැයිද, නමුත් අද අධිකරණය කුමන නියෝගයක් දුන්නත් තමන් සයිටම් උපාධිධාරීන් ලියා පදිංචි කරන්නේ නැතැයි වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා කියනවා නම් එවැනි නීතියක් ඇත්තේ ‘කොකා දූපතේ‘ මිස ලංකාවේ නොවේ යයි හිටපු උසස් අධ්‍යාපන ඇමැති වත්මන් සමෘද්ධි ඇමැති එස්.බී. දිසානායක මහතා සයිටම් විරෝධීන්ගේ රෙදි ගලවමින් ප්‍රකාශ කෙළේය.
ඔහු මේ ප්‍රකාශයන් කෙළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් විශාල රහස් රැසක් හෙළිකළ එස්.බී. ඇමැතිවරයා කියා සිටියේ දොස්තර සංගමයේ සභාපති පාදෙනිය ඊ-බාර් සමත් වුනේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බලපෑම් කර සමත් වන ලකුණු මට්ටම පහල දමා ගැනීමෙන් යයි පැවසීය. සමත් ලකුණු ගණන 50 ක් තිබියදී පාදෙනියට තිබුනේ ලකුණු 35 ක් යැයිද ලකුණු මට්ටම 34 ට පහත දමාගෙන ඔහු සමත් වූ බව කී ඇමැතිවරයා ඔවුන් කියනා ‘ප්‍රමිතිය‘ ගැන වෙන කුමන කතා දැයි විමසීය.
පුද්ගලික උපාධි ආයතන ඉන්දියාවේ තුන්දහස් ගණනක් තිබියදී, නේපාලයේ පවා පනස් ගණනක් තිබියදී, ලංකාවේ මේ විරෝධය මොන පිස්සුවක් දැයි එස්.බී. විමසීය. අන් කිසිවක් නොව වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරියේ දියණිය සයිටම්හි 4 වන කණ්ඩායමේ ඉගෙන ගත් බවත්, කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපතිනියගේ දියණිය යන්නේද නේපාලයේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට බවත් රජරට වෛද්‍ය පීඨයේ පීඨාධිතිනියගේ දියණිය ඉගෙන ගන්නේත් වෙනත් රටක පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක බවත් හෙළිකරමින් එස්බී කීවේ ප්‍රමිතිය ගැන කතා කරන අයගේ කුහකම ගැන තනි තනි පුද්ගලයාගේ සිට තව බොහෝ දේවල් තමන් දන්නා බවයි.
අදාල වීඩියෝව පහතින්