සයිටම් විරෝධීන්ගේ රෙදි ගලවයි

Jul 5, 2012
1,773
265
0
සයිටම් විරෝධීන්ගේ රෙදි ගලවයි

එස්බී සයිටම් විරෝධීන්ගේ රෙදි ගලවයි..! පාදෙණියට ලකුණු නැතිව ඊ-බාර් සමත් වෙන්න ලකුණු මට්ටම පහළට දා ගත් හැටි: වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීගේ දියණිය සයිටම් ඉගෙන ගත් හැටි




වෛද්‍ය සභාවම සයිටම් උපාධිය ලංකාවේ දෙන්න යෝජනා කළ හැටි: සයිටම් පරීක්ෂා කළ 10න් 9ක් අනුමත කළ හැටි: වෛද්‍ය පීඨ ලොක්කන්ගේ දූරු පිටරට ඉගන ගන්න හැටි
සයිටම් ආයතනය ශ්‍රී ලංකාවේ උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙස ලියාපදිංචි කරන්නැයි එදා යෝජනා කරන ලද්දේ අන් කිසිවෙක් නොව වෛද්‍ය සභාව විසින්ම යැයිද, එදා වෛද්‍ය සභාව විසින් සයිටම් ආයතනය පරීක්ෂා කිරීමට යවන ලද මහාචාර්යවරුන් පීඨාධිපතිවරුන් 10 දෙනාගෙන් 9 දෙනෙකුම කීවේ සයිටම් උපාධිධාරීන් ලියාපදිංචි කළ යුතු යැයිද, නමුත් අද අධිකරණය කුමන නියෝගයක් දුන්නත් තමන් සයිටම් උපාධිධාරීන් ලියා පදිංචි කරන්නේ නැතැයි වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා කියනවා නම් එවැනි නීතියක් ඇත්තේ ‘කොකා දූපතේ‘ මිස ලංකාවේ නොවේ යයි හිටපු උසස් අධ්‍යාපන ඇමැති වත්මන් සමෘද්ධි ඇමැති එස්.බී. දිසානායක මහතා සයිටම් විරෝධීන්ගේ රෙදි ගලවමින් ප්‍රකාශ කෙළේය.
ඔහු මේ ප්‍රකාශයන් කෙළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් විශාල රහස් රැසක් හෙළිකළ එස්.බී. ඇමැතිවරයා කියා සිටියේ දොස්තර සංගමයේ සභාපති පාදෙනිය ඊ-බාර් සමත් වුනේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බලපෑම් කර සමත් වන ලකුණු මට්ටම පහල දමා ගැනීමෙන් යයි පැවසීය. සමත් ලකුණු ගණන 50 ක් තිබියදී පාදෙනියට තිබුනේ ලකුණු 35 ක් යැයිද ලකුණු මට්ටම 34 ට පහත දමාගෙන ඔහු සමත් වූ බව කී ඇමැතිවරයා ඔවුන් කියනා ‘ප්‍රමිතිය‘ ගැන වෙන කුමන කතා දැයි විමසීය.
පුද්ගලික උපාධි ආයතන ඉන්දියාවේ තුන්දහස් ගණනක් තිබියදී, නේපාලයේ පවා පනස් ගණනක් තිබියදී, ලංකාවේ මේ විරෝධය මොන පිස්සුවක් දැයි එස්.බී. විමසීය. අන් කිසිවක් නොව වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරියේ දියණිය සයිටම්හි 4 වන කණ්ඩායමේ ඉගෙන ගත් බවත්, කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපතිනියගේ දියණිය යන්නේද නේපාලයේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට බවත් රජරට වෛද්‍ය පීඨයේ පීඨාධිතිනියගේ දියණිය ඉගෙන ගන්නේත් වෙනත් රටක පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක බවත් හෙළිකරමින් එස්බී කීවේ ප්‍රමිතිය ගැන කතා කරන අයගේ කුහකම ගැන තනි තනි පුද්ගලයාගේ සිට තව බොහෝ දේවල් තමන් දන්නා බවයි.

අදාල වීඩියෝව පහතින්



 

IdealBro

Banned
  • Apr 7, 2017
    149
    37
    28
    උන් එක එකාට බෝලෙ පාස් කර ගනීවි. ඕකෙන් දොස්තරල එලියට අවොත් අසරණ අපිටමයි කෙලවෙන්නේ... :no::no::no:
     
    • Like
    Reactions: blueray911

    IdealBro

    Banned
  • Apr 7, 2017
    149
    37
    28
    මු වගේ එවුන් කියන ඒවා පිළිගනී ජින්ගිබල්කිතලා වගේ එවුන් ...
    ජින්ගිබල්කිතලා saitam තවමත් ඕනෑයයි කියන අයගේ නුවණැති කම විදහාදක්වන ප්රථිමූර්ථියකි !
    :lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මු වගේ එවුන් කියන ඒවා පිළිගනී ජින්ගිබල්කිතලා වගේ එවුන් ...
    Dont shoot the messenger,

    Attack the facts if you can,

    I know being a JVPer you people know only to attack and kill opponents, not ideologies, or facts

    S.B. as a SL politician and a Human has his weaknesses, no one argues on that, yet can you deny the ulterior motives behind so called medical council and GMOA
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඩිල්ෂාන් සම්පත්ට වූ වින්නැහිය

    සයිටම් ආයතනයේ ශිෂ්‍ය ඩිල්ෂාන් සම්පත් 2011 අපොස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් විෂයයන් තුනටම ‘ඒ‘ සාමර්ථ ලබා ගනිමින් සමත් විය. ඔහුගේ ‘ඉසෙඩ්‘ ලකුණු මට්ටම වුණේ 1.9191 කි. එහෙත් කොළඹ දිස්ත්‍රික්කයෙන් රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුළත් කර ගැනීම සඳහා සළකා බැලූණු ‘ඉසෙඩ්‘ ලකුණු මට්ටම වුණේ 1.9196 කි. ඒ අනුව, කොළඹ මට්ටමට සාපේක්ෂව 0.0005 ක් වැනි හිඟයක් නිසා ඔහුට විශ්ව විද්‍යාලයේ දොර වැසුණි. මතක තබා ගත යුතු කාරණය වන්නේ, මොහුට විශ්ව විද්‍යාලයේ දොරටු වැසෙන්නේ විභාගය අසමත් වීම නිසා නොව, විභාගයෙන් ඉහළම ‘ඒ‘ සාමර්ථ තුනක් ලබා සිටියදීත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටීම නිසා වන බවයි.
    මේ ක්‍රමයේ අමානුෂික හෙළුව පෙන්වන අපූරු ඛේදවාචකය මේ කතාව පසුපසම සැඟවී තිබේ. ඇත්තෙන්ම ඩිල්ෂාන් ඉපිද ඇත්තේ කොළඹ නොවේ. ඔහු උපන්නේ මාතර ය. එහෙත් මාතර නොදියුණු පාසලක 5 ශිෂ්‍යත්වයෙන් ඔහු ඉහළින්ම සමත් විය. ඉතිං ඔහුගේ ඉදිරි අධ්‍යාපනයට ‘අතහිත දීමක්‘ වශයෙන් ඔහුව කොළඹ ආනන්ද විද්‍යාලයට තෝරා ගැනුණි. අවසානයේ, ඔහුට රජයේ විශ්ව විද්‍යාලය අහිමි කරනු ලැබුවේ, රජයේ 5 ශිෂ්‍යත්වයෙන් ලද ඒ ‘අතහිත දීමයි.‘
    එම වසරේම කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් අපොස උසස් පෙළට පෙනී සිට ‘සී‘ දෙකක් සහ ‘බී‘ එකක් ලබා ගත් ශිෂ්‍යයෙකු යාපනේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනුණි. ඔහුගේ ඉසෙඩ් ලකුණු අගය වුණේ, 1.1028 කි. එනම් ඩිල්ෂාන්ට වඩා 0.8163 ක් අඩු ලකුණු ලබා ගත් ශිෂ්‍යයෙකුට මේ ක්‍රමය යටතේ රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් විය හැකි වූ බවයි.
    2009 දී කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් යාපනේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට තෝරා ගැනුණු එක් ශිෂ්‍යයෙකුගේ අපොස උසස් පෙළ ප්‍රතිඵලය වුණේ ‘එස්‘ තුනකි. ඔහුගේ ඉසෙඩ් ලකුණු අගය 0.1149 කි. එම වසරේම, එනම් 2009 දීම සයිටම් ආයතනයට වෛද්‍ය විද්‍යාව සඳහා ශිෂ්‍යයන් 24 දෙනෙකු තෝරා ගැනුණි. ඒ අතරින් අඩුම අපොස උසස් පෙළ ප්‍රතිඵල සහිත ශිෂ්‍යයාට ‘එස්‘ දෙකක් සහ ‘සී‘ එකක් තිබුණි. ඔහුගේ ඉසෙඩ් ලකුණු අගය 0.2351 කි. එනම්, මේ සයිටම් ශිෂ්‍යයාට වඩා 0.1202 ක් අඩුවෙන් ලකුණු ලබා ගත් ශිෂ්‍යයෙකුට රජයේ වෛද්‍ය පීඨයක ඉඩ තිබුණු බව ය. රජයේ විශ්ව විද්‍යාලවල සිටින්නේ රටේ ශිෂ්‍ය ප්‍රජාවේ හොඳම ‘මොළකාරයන්‘ යැයි කියන මිථ්‍යාවේ මහත කොතරම්ද..?

    මෙසේ සිදුවන්නේ, ‘දිස්ත්‍රික්ක ක්‍රමය‘ යනුවෙන් හැඳින්වෙන එක්තරා සූත්‍රයක් නිසා ය. මේ සූත්‍රය තුළ, අපොස උසස් පෙළ විභාගයෙන් දීප ව්‍යාප්තව ඉහළම ලකුණු ලබන ශිෂ්‍යයන්ගෙන් විශ්ව විද්‍යාලයකට තෝරා ගැනෙන්නේ සියයට 40 ක් පමණි. එනම්, සියයට 60 ක්ම තෝරා ගැනෙන්නේ අඩු ලකුණු මට්ටමක් ඇති ශිෂ්‍යයන් අතරින් වන බවයි. ඒ සඳහා භාවිත කෙරෙන නිර්ණායකය වන්නේ අඩු පහසුකම් ඇති දිස්ත්‍රික්ක සඳහා වැඩි සැළකිල්ලක් දැක්විය යුතුය යන කාරණයයි. මේ පිරිස මා හඳුන්වන්නේ ‘මොනරාගල ශිෂ්‍ය පරම්පරාව‘ වශයෙනි. කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ අරටුව වුණේම ජන්මය අනුව අධ්‍යාපනය ලැබීම/නොලැබීම තීන්දු වීමේ අමානුෂික ක්‍රමය පිටුදැකීමයි. එහෙත් මේ ඊනියා දිස්ත්‍රික් ක්‍රමය හරහා පස්ස දොරකින් අප නැවත ඉඩ සලසා ඇත්තේ ජන්මය අනුව අධ්‍යාපන අවස්ථාව තීන්දු කිරීමටයි. අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කෑමොර දෙන පුද්ගලයන් අතරේ මෙවැනි ‘මොනරාගල වෛද්‍යවරුන්‘ කොපමණ සිටීදැ යි සොයා බැලීම වටී.


    ජුඩිත් පීරිස්ට සිදුවූ වින්නැහිය

    ජුඩිත් පීරිස් නැමැති ශිෂ්‍යාව, ජීව විද්‍යා අංශයෙන් 2010 දී ලන්ඩන් අපොස උසස් පෙළ විභාගයට ලංකාවෙන් පෙනී සිටියාය. ඇගේ දෙමාපියන් බොහෝ කාලයක් විදේශ රටවල සේවය කළ හේතුවෙන් රජයේ විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට ඈට නොහැකි වූ නිසා, ඈ මේ විභාගයට පෙනී සිටියේ ලංකාවේ ජාත්‍යන්තර පාසලකිනි. ඒ විභාගයෙන් ඈ ‘ඒ‘ සාමර්ථ හතරක් ලබා ගත්තාය. ඒ වසරේ ලංකාවේ ඉහළම ප්‍රතිඵලය වුණේ එයයි. එපමණක් නොව, ලන්ඩන් උසස් පෙළ විභාගයට පෙනී සිටි මුළු ලෝකයේම ශිෂ්‍යයන් අතරින් එම වසරේ ඈ පස්වැනි ස්ථානය හිමි කරගෙන තිබුණි. එහෙත්, ලංකාවේ ක්‍රියාත්මක වන ක්‍රමය අනුව, ඇයව කිසි විශ්ව විද්‍යාලයකට ඇතුළත් කර නොගැනුණි. ඒ ගැන ඈ කියන්නේ මෙවැන්නකි: “මං පිටරට ඉඳගෙන මේ විභාගෙම කළා නං, විදේශ ශිෂ්‍ය අනුපාතික ක්‍රමය යටතේ යම් ගාස්තුවක් ගෙවා ලංකාවේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් වෙන්න මට පුළුවන් කම තිබුණා. ඒත් අපේ සංස්කෘතියට අනුව මාව හදාවඩා ගන්න මගේ දෙමාපියන්ට ඕනේ කළ නිසා මාව ලංකාවට ගෙනල්ලා ලංකාවේ පෞද්ගලික පාසලකින් මට අධ්‍යාපනය දුන්නා. ඒකෙන් වුණේ, ලංකාවේ විශ්ව විද්‍යාලෙකට ඇතුළත් වෙන්න තිබිච්ච අවස්ථාව මට නැති වෙච්ච එක.“
    ලංකාවේ සුපිරි පාසලක තමන්ගේ දරුවන්ට ඉගෙනීමේ අවස්ථාව සළසා දිය යුතු බවට ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජන කරති. එනම්, තමන්ගේ දරුවන්ට සුපිරි පාසලක් වෙනුවෙන් දුප්පත් රෝගීන්ගේ ජීවිත බිල්ලට ගනිති. එවැනි හයිරංකාර වෘත්තීය සමිති බලයක් නැති ජුඩිත් පීරිස් නැමැති ශිෂ්‍යාවට පහසුකම් සහිත පාසලක් සොයා ගැනීමට බැරි නිසා, තරමක් අතමිට සරු ඇගේ දෙමාපියෝ ඇයව ලංකාවේ ජාත්‍යන්තර පාසලකට ඇතුල් කළහ. ඒ ‘පාප කර්මය‘ නිසා ඇයට ලංකාවේ විශ්ව විද්‍යාලයක් අහිමිව යාමෙන් පෙන්නුම් කරන්නේ, ‘මොණරාගල ශිෂ්‍ය පරම්පරාව‘ වෙනුවෙන්, නැති බැරි මාතර උපන් ඩිල්ෂාන් සම්පත්ට සේම, ඇති හැකි ජුඩිත් පීරිස්ටත් එක විට දඬුවම් විඳීමට සිදුව ඇති බවයි.

    මේ තත්වය තුළ වසරකට වෛද්‍ය අධ්‍යාපනය සඳහා පමණක් ලංකාවෙන් පිටරටවලට යන ශිෂ්‍ය සංඛ්‍යාව 200 කට අධික බව ගණන් බලා තිබේ. එහිදී දැරීමට සිදුවන වියදම රටින් රටට වෙනස් වෙයි. බංග්ලාදේශයේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට යන ලංකාවේ ශිෂ්‍යයෙකු රුපියල් මිලියන දෙකක වියදමක් සාමාන්‍යයෙන් දැරිය යුතු බව කියැවේ. චීනයේදී එය රුපියල් මිලියන 6 ක් ද, ඉන්දියාවේදී රුපියල් මිලියන 10 ක් ද, ඇමරිකාවේ හෝ එංගලන්තයේ නම් රුපියල් මිලියන 40 ක් ද වන්නේය. මේ සියල්ල රුපියල් ශත නොව, විදේශ විනිමය බවත් අමතක නොකළ යුතුය.

    ලංකාවේ වෛද්‍යවරුන්ගේ බරපතල හිඟයක් තිබේ. මහාචාර්ය ලලිතා මෙන්ඩිස්ගේ එක් අධ්‍යයනයකට අනුව, ලංකාවේ ලක්ෂයක ජනගහනයකට සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 55.2 කි. එනම්, 1811 දෙනෙකුට එක් වෛද්‍යවරයෙකි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඊටත් වඩා හිඟයි. ජනතාවගෙන් 25,000 කට සිටින්නේ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු පමණි. මෙවැනි වෛද්‍ය හිඟයක් දිගටම පවත්වා ගැනීම තුළින්, අඟහිඟකම් ඇති දුගී රෝගියා වෙනුවෙන් ප්‍රශස්ත මට්ටමින් ප්‍රතිකාර කිරීමේ හැකියාව වෛද්‍යවරයෙකු විසින් නැති කර ගැනීමට අමතරව, අතමිට සරු රෝගීන් සඳහා ස්ථාපිත පෞද්ගලික රෝහල්වල රෝගීන්ගේ සාක්කුවෙන් යම් ගතමනාවක් උපයා ගැනීමටත් වෛද්‍යවරයෙකුට හැකි වන්නේය. වෛද්‍යවරුන් එසේ මුදලට සේවය කිරීම මේ ලියුම්කරු කිසිසේත්ම වරදක් වශයෙන් දකින්නේ නැත. රජයේ රෝහලක නොමිලේ සැපයෙන ප්‍රතිකාර ගැනීම සඳහා සල්ලිකාරයනුත් පැමිණ තවත් තදබදය වැඩි කරනවා වෙනුවට, ඒ සල්ලිකාරයා වෙනුවෙන් කරන ‘සේවය‘ සඳහා යම් මිලක් නියම කිරීම අත්‍යන්තයෙන්ම යථායෝග්‍ය ය. එහෙත් ඒ ආකාරයෙන්ම, රජයේ විශ්ව විද්‍යාලවල තදබදය නිසා එළියට වීසි වන සුදුසුකම් සහිත ශිෂ්‍යයන්ගෙන් යම් කොටසකට සල්ලි ඇත්නම්, ඒ මුදලින් ඔවුන් වෛද්‍යවරුන් වීම නුසුදුසු වන්නේ මන්ද යන්නයි අපට ඇති ප්‍රශ්නය. (ඉතිරිය ඊළඟට)

    -ගාමිණී වියන්ගොඩ විසිනි-

    For More
     

    IdealBro

    Banned
  • Apr 7, 2017
    149
    37
    28
    ජිංතක ජිල්ලබකිට;21445741 said:
    Dont shoot the messenger,

    Attack the facts if you can,

    I know being a JVPer you people know only to attack and kill opponents, not ideologies, or facts

    S.B. as a SL politician and a Human has his weaknesses, no one argues on that, yet can you deny the ulterior motives behind so called medical council and GMOA

    ඉඳා බොට ෆක්ට්ස් :lol:

    17862355_715920558582344_3326292546225903289_n.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ජිංතක ජිල්ලබකිට;21445741 said:
    Dont shoot the messenger,

    Attack the facts if you can,

    I know being a JVPer you people know only to attack and kill opponents, not ideologies, or facts

    S.B. as a SL politician and a Human has his weaknesses, no one argues on that, yet can you deny the ulterior motives behind so called medical council and GMOA

    "Attack the facts if you can" උඹේ පොස්ට් අපහු බලපන් ....මොකක්ද උඹේ මැසේජ් එක කියලා ...අනේ බන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ඉඳා බොට ෆක්ට්ස් :lol:

    17862355_715920558582344_3326292546225903289_n.jpg

    අම්මට සිරි යකෝ රිසල්ට් නේ ...යකෝ කීදෙනෙක් රිපීට් වෙලාද ? කීදෙනෙක් දිග්රිය ඩිග්‍රිය දාලා ගිහිල්ලද ?
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මු වගේ එවුන් කියන ඒවා පිළිගනී ජින්ගිබල්කිතලා වගේ එවුන් ...

    ehenam kiyapan ko paadeniyata mu kiyanne boru kiyala prove karanna kiyala. oya mu kiwwe ona channel ehekata ennam kiyala argue karanna :lol::lol: kaiyyai pada gadai witahrai :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ehenam kiyapan ko paadeniyata mu kiyanne boru kiyala prove karanna kiyala. oya mu kiwwe ona channel ehekata ennam kiyala argue karanna :lol::lol: kaiyyai pada gadai witahrai :lol:

    අනේ බන් ගු කන එවුන්ගේ විකාර කතාවලට පිළිතුරු දෙන්න යන්නේ මොකටද?

    අනික මේකේ GMOA එකේ ප්‍රස්නයක් නෙමේනේ මේක රටේ මිනිස්සුන්ගේ ප්‍රස්නයක් ..අපිටත් ඩොකලත් එක්ක ප්‍රසන තියෙනවා ...එත් සයිටම් එකෙනුත් කවදාහරි එලියට අවොත් ඒ ප්‍රසන නවතින්නේ නැහැනේ ..මෙතන තියෙන්නේ හොර කඩයකින් හොර වෙද්දු එලියට දාන එක ...

    අන්න එකයි අනිත් පවුද්ගලික අද්යාපන ආයතන වලින් ඔය මක බාව වෙනස් වෙන්නේ ...නැත්තන් ස්ලිට් එකට අපි කැ ගහන්න යන්නේ නැහැනේ
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අනේ බන් ගු කන එවුන්ගේ විකාර කතාවලට පිළිතුරු දෙන්න යන්නේ මොකටද?

    අනික මේකේ GMOA එකේ ප්‍රස්නයක් නෙමේනේ මේක රටේ මිනිස්සුන්ගේ ප්‍රස්නයක් ..අපිටත් ඩොකලත් එක්ක ප්‍රසන තියෙනවා ...එත් සයිටම් එකෙනුත් කවදාහරි එලියට අවොත් ඒ ප්‍රසන නවතින්නේ නැහැනේ ..මෙතන තියෙන්නේ හොර කඩයකින් හොර වෙද්දු එලියට දාන එක ...

    අන්න එකයි අනිත් පවුද්ගලික අද්යාපන ආයතන වලින් ඔය මක බාව වෙනස් වෙන්නේ ...නැත්තන් ස්ලිට් එකට අපි කැ ගහන්න යන්නේ නැහැනේ

    go kana hari nokana hari parliament eke kiwaa ekata answer karnne nattham wena mokak da ithn. ehema baluowth ithn oya GMOA kiyanna goo godak ne. un kiyana deyak kohomath ganan ganna deyak na ehenam..

    hora weddu koheda bung. ekama awula thiyenne clinical training ne. dan ekath denna hadanne. gmoa ekane ekatath wirudda.

    kohoma unath mekata argue kara gena wadak na caz meka wahanne na mona govt eka awath. eka hinda hadata polu gahala wadak na. meke standards hadanna kiyala protest kara nam adu gaane eke watinakamak wath thiyanawa