සයිටම් සින්දුව - SAITM SONG
ලියල බැනුම් අහපු සයිටම් සින්දුව
"මෙතනදි කිසිම පාර්ශවයක් විවේචනය කරලවත් අනිත් පාර්ශවය සාධාරණීකරණය කරලවත් නෑ. උඹ දන්නෙ නැතුව ඇති සමහර විට මේක මේ වගේ උද්ගෝෂණයක් යන වෙලාවක චායාරූප ශිල්පියෙක් ගත්තු චායාරූපයකට ලියපු කවියක්. ඒ රූපය මේ වීඩියෝ එකෙත් තියෙනවා. එතනට මුහුණ දෙන හමුදා සෙබලෙක්ගේ හිතේ ඇති වෙන්නට ඇති අදහසක් කියල ඔහුගේ දෘෂ්ටි කෝණයෙන් බලල ලියපු සාහිත්‍ය නිර්මාණයක් මිසක් මේක කිසිසේත්ම SAITM Supportive Song එකක් නෙවෙයි.
මමත් මචන් රජයේ විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙක්. මමත් අධ්‍යාපනය සල්ලි වලට විකිණෙනවට විරුද්ධයි. ඒ වෙනුවෙන් කැම්පස් කාලේ මම කවියෙන් ගොඩක් සටන් කරපු එකෙක්. මොරටුව යූනියන් එකේ බ්ලොග් එකට ගියොත් උඹට බලාගන්න පුලුවන් වෙයි. මම අද යම් තැනක ඉන්නවානම් ඒ ඉන්නෙත් නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න තමා. එහෙව් එකෙක් නිදහස් අධ්‍යාපනය නැති කරන්න කවියකින් හරි වචනෙකින් හරි උදව් කරනවනම් ඒක පවක්. එහෙම දෙයක් නොදැනුවත්ව හරි වෙලා තියෙනවානම් සමාවෙයන්."
අද කියන්න යන්නේ තවත් විශේෂ සින්දුවක් ගැන. මේක නම් ගොඩ දෙනෙක් අහල ඇති. මොකද viral එකක් වගේ social media වල කාලයක් සෑහෙන්න share උන නිසා. ගොඩක් අය අතරේ ජනප්‍රිය උනේ SAITM SONG එක කියලා. සින්දුව කියන්නේ කවුරුත් දන්න සාදර බණ්ඩාර. මේක පිටිපස්සේ නම් ලොකු කතාවක් නෑ. හැබැයි සින්දුව හැදුනට පස්සේ නම් කතා ගොඩක් අහගත්තා. ඒ නිසා පොඩ්ඩක් එළකිරියේ යාළුවො එක්ක මේක share කරගන්න ඕන කියල හිතුනා. හොඳ නම් comment එකක් දාලා යන්න.
මතක ඇති කාලයක් තිබ්බ සයිටම් එකට විරුද්ධව රට පුරාම උද්ගෝෂණ රැල්ලක් ක්‍රියාත්මක වුනු. ආණ්ඩුවට විරුද්ධව ලොකු ජන මතයක් ඇති වෙලා තිබ්බ කාලයක් ඒක. ඒ වගේම සාමාන්‍ය ජන ජීවිතයට බාධා කරමින් පාරවල් වල උද්ගෝෂණ කරපු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වෙනුවෙනුත් ඒ වගේම විරෝධයක් ජනතාව තුලින් එල්ල වෙලා තිබ්බා. ඉතින් ඔන්න ඔය වගේ කාලෙක තමා මේ සින්දුව එලියට එන්නේ.
මේ සින්දුවට පාදක වෙන්නේ එක චායාරුපයක්. සංඛ විදානගම කියන චායාරූප ශිල්පියා විසින් තමන්ගේ කැමරා කාචයේ සටහන් කරගත්තු දුලබ අවස්ථාවක්. පහලින් තියෙන්නේ ඒ කිව්ව ෆොටෝ එක.
දවසක් කම්මැලිකමේ මුණු පොතේ උඩ පල්ලෙහා යමින් ඉද්දි තමා මට මේ ෆොටෝ එක දකින්න හම්බෙන්නේ. ඉතින් ඒක දැක්කම මට නිකමට හිතුනා මේ සෙබලාගේ දෘෂ්ටි කෝණයෙන් බලල අර හිමි නම ආමන්ත්‍රණය කරන විදිහේ පැදි පෙළක් කියන්න ඕන කියල. ඒ පිටිපස්සේ කිසිම දේශපාලනික අරමුණක් තිබ්බේ නෑ. තනිකරම කලාව විතරයි තිබ්බේ. ඉතින් නිකමට මේක ලියල මුණු පොතේ post එකක් දැම්මා. හැබැයි රටේ තිබ්බ තත්ත්වෙත් එක්ක මිනිස්සුන්ට ගොඩක් මේක දැනිලා තිබූනා. මාර විදිහට ප්‍රතිචාර දක්වන්න ගත්තා. මම හිතන්නේ දාල දවසක් යන්න කලින් shares 1k පැන්නා. මට msgs එහෙම ආවා හිතන්නෙවත් නැති ප්‍රසිද්ධ මිනිස්සුන්ගෙන්. ගොඩක් fb pages වල උන් ලිව්වා වගේ share වෙන්න පටන් ගත්තා. හැබැයි හොඳ ප්‍රතිචාර වගේම පලු යන්න බැනලත් තිබ්බා.
ඔන්න ඔය අතරේ තමයි සාදර බණ්ඩාර මගෙන් ඔය කවිය ඉල්ලුවේ සින්දුවක් කරන්න. මිනිහ රැඩිකල් පොරක්. රැඩිකල් voice එකක්. ඉතින් සින්දුව ජනප්‍රිය වීමත් එක්ක තත්වේ තවත් නරක අතට හැරුණා. බනින මිනිස්සු වැඩි උනා. ගොඩක් අය හිතුවා මේක සයිටම් supportive song එකක් කියල. ඉතින් අන්තරේ කට්ටියගෙන් ගොඩක් දොස් අහන්න උනා. reply songs පවා හැදුණා. ඒ වගේම saitm supportive කට්ටිය ඒක උන්ගේ වාසියට හරවගත්තා. ඒ වගේම තව කොටසක් හිටිය අන්තරේ ක්‍රියාකලාපයට විරුද්ද මිනිස්සු. අන්තරේට විරුද්ධ කට්ටිය මේක එයාලගේ වාසියට හරවගත්තා. ඒ අතරේ රණවිරුවාට ආදරය කරන මිනිස්සු මේක රණවිරු උපහාර ගීතයක් හැටියට හිතුවා. හැබැයි ඉතින් ඒ හැමෝටම උත්තරයක් මම මේකේ අන්තිම වචන පේලියෙන් දීල තියෙන්නේ. ඉතින් කියන අයට කියන දෙයක් කියන්න ඇරලා ඒ ප්‍රතිචාර හැම එකක්ම මම සම සිතින් විඳගත්තා.
සින්දුව අහල බලන්න පහලින්...
අනේ හිමියනි ඉදින් නවතිනු
සෙබලු බොහොමයි ගැන්සියේ..
නුඹව ලොකු නැත ගොඩක් කල් යුද
කෙරුව එකෙකුට වන්නියේ..
එකම පාරක දෙපිල බෙදිලා
හිටන් හිටියට හන්දියේ..
බංකරේ මා අන්තරේ නුඹ
ඒත් අපි එක පන්තියේ..
ගැටලු ඇති බව මට ද වැටහේ
හොඳයි නිසි උද්ගෝසනේ..
ඒත් විසඳුම මෙහෙම පතුරන
එක ද පාරේ බීසනේ..
කසාවතකට උරුම දේ නම්
රකිනු මිස බුදු සාසනේ..
"ගලක් ගැහුවම වැහෙයි සයිටම්"
එය ද සම්බුදු දේසනේ..
දෑත් එක්කොට කියමි අන්තිම
වරට පෙන්වා ආදරේ..
යන්න පසු බැස තාම ඉස්සී
නොමැත කඩු පොලු තෝමරේ..
පිරෙයි පවු මට තවත් අඩියක්
පැන්නොතින් නුඹ බෝඩරේ..
අරන් ආවේ මමත් ඔබ මෙන්
උඩින් මට දුන් ඕඩරේ...

..ඇත්තටම හොඳට ලියලා තියෙනවා..