සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවිය යුතුයි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවිය යුතුයි

    [FONT=&quot]සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවිය යුතුයි[/FONT]



    [FONT=&quot]සයිටම් ගැන [/FONT][FONT=&quot]අභියාචනාධිකරණ[/FONT][FONT=&quot]ය තීන්දුවක් දීලා. ජනමාධ්‍ය වාර්තාවලට අනුව සයිටම් වෛද්‍ය උපාධිය නීත්‍යානුකූල බවත්[/FONT], [FONT=&quot]ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඒ උපාධිය පිළිගැනීමට නීත්‍යානුකූල බාධාවක් නැති බවත් අධිකරණ තීන්දුවෙන් කියැවෙනවා. සයිටම් වෛද්‍ය උපාධිය පිළිගැනීම කළ හැක්කේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පමණයි. ඉන්පසු උසස් අධ්‍යාපන ඇමතිවරයා එය පිළිගත් බවට ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඒ සියල්ල රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ සිදු වූවා. ඒ බව ඒකාබද්ධ විපක්‍ෂය පැහැදිලි ව කිවුවේ නැහැ. එය දේශපාලන කුහක කමක්. එකල උසස් අධ්‍යාපන ඇමති වූයේ එස් බී දිසානායකයි.[/FONT]

    [FONT=&quot]ප්‍රශ්නය වූයේ උපාධිය පිළිගැනීම නොව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් උපාධිධාරීන් මෙරට බටහිර වෛද්‍යවරුන් වශයෙන් ලියාපදිංචි කරන්නේ ද නැද්ද යන්නයි. වෛද්‍ය සභාව කියා සිටියේ සයිටම් උපාධිධාරීන් එසේ ලියාපදිංචි නොකරන බවයි. වෛද්‍ය සභාව එහි දී කළ යුතුව තිබුණේ සයිටම් උපාධිධාරීන් බටහිර වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමට මේ මේ දේ සපුරාලිය යුතු යැයි කීමයි. එය නිසි අයුරින් කළ බවක් පෙනෙන්න නැහැ. එහෙත් අධිකරණ තීන්දුවක් අනුව මේ උපාධිධාරීන්ට අවිස්සාවේල්ල රජයේ රෝහලේ පුහුණුවක් දිය යුතු බව කියැවුනා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එයට විරුද්ධ වුනා. ඔවුන්ගේ තර්කය වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක උපාධිධාරීන්ට රජයේ රෝහලක පුහුණුව ලබා දීම තමන්ට නෛතික ප්‍රශ්න ඇති කළ හැකි බවයි. එසේ පුහුණුවක් ලබා දීම ප්‍රශ්නයක් විය හැකියි. කෙසේ නමුත් ඒ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක වුනේ නැහැ. [/FONT]

    [FONT=&quot]එසේ පුහුණුවක් ලබාදිමේ ප්‍රශ්නයක් ඇති නමුත් බටහිර වෛද්‍යවරුන් රජයේ රෝහල්වල සේවය කරන අතර පෞද්ගලික සේවයේ ද යෙදෙනවා. එහි යම් පරස්පරයක් තිබෙනවා. සයිටම් උපාධිධාරීන්ට ලැබෙන පුහුණුව මදි නම් සයිටම් රෝහලේ ම රජයේ වෛද්‍යවරුන් ලවා ද පුහුණුවක් ලබා දීමටත් එහි පහසුකම් තවත් වැඩි කිරීමටත් කටයුතු කළ හැකියි. ඇතැමුන් නම් කියන්නේ රජයේ සමහර වෛද්‍ය පීඨවලින් ලැබෙන පුහුණුවට වඩා හොඳ පුහුණුවක් සයිටම් ආයතනයෙන් ලැබෙන බවයි. සයිටම් ප්‍රශ්නය අවුල් වූයේ නිිදහස් අධ්‍යාපනය යනු කුමක් ද යන්න පිළිබඳ වැටහීමක් සිසුනට නැතිවීම නිසයි. ඔවුන් කළේ අන්තරයේ මෙහෙයවීමෙන් සටන්පාඨ කීම පමණයි. හොර උපාධි කඩය[/FONT], [FONT=&quot]උපාධිය මුදලට විකිණීම ආදිය පෙරටුගාමී හා ජ වි පෙ නායකයන් හදා දුන් තේරුමක් නැති සටන්පාඨ පමණයි. මේ අය රටේ ඒකීයභාවය වෙනුවෙන් නම් සටන්පාඨ කියවන්නේ නැහැ. එසේ නොකරන්නේ දෙමළ ශිෂ්‍යයන් ද ඇති බැවින් ද[/FONT]? [FONT=&quot]මේ සියල්ල පිටුපස කසිකබල් මාක්ස්වාදය තිබෙනවා. මාක්ස්වාදය යනු කිසි දිනෙක වලංගු නොවූ මාක්ස්ගේ හිතලුවක් පමණයි. ඇතැමුන්ට මාක්ස්වාදයෙන් ගැලවෙන්න බැහැ. [/FONT]

    [FONT=&quot]සයිටම් සම්බන්ධයෙන් මා [/FONT]2016[FONT=&quot] අගෝස්තු [/FONT]10, 11, 14[FONT=&quot] හා [/FONT]18[FONT=&quot] දිනවල කාලය වෙබ් අඩවියේ ලිපි හතරක් ලිවුවා. ඒ ලිපිවලින් පාඨ කිහිපයක් උපුටා දැක්වීම සුදුසු යැයි සිතනවා. දහවැනි දා ලිපියේ මෙසේ සඳහන් වූවා. “වෛද්‍ය වෘත්තියෙ යෙදෙන්න සුදුසු ද නැද්ද කියලා තීරණය කරන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තියෙනවා. අද මාලබේ ප්‍රශ්නය ඔවුන්ගෙ උපාධිය පිළිගන්නව ද නැද්ද කියන එක නෙවෙයි. වෛද්‍ය සභාව ඒ උපාධිය වෛද්‍ය වෘත්තියෙ යෙදෙන්න සුදුසු ද නැද්ද කියලා පිළිගන්නව ද කියන එක. මෙය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට වඩා වෙනස්. එහි ප්‍රශ්නය වුනෙ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙ සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙ උපාධිය දෙනවද නැද්ද කියන එක. ඒ වගේම ප්‍රශ්නයක් ආවා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට බඳවා ගැනීමේ නිර්ණායක වෙනස් කියලා. උසස් පෙළ ජෛවීය විද්‍යා ධාරාවේ නැති විෂය සමත් වුවත් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන් වුනා. ඒක තනියම ගත්තම නම් ප්‍රශ්නයක් නෙවෙයි. උසස් පෙළ නැතත් කාට හරි අවශ්‍ය නම් ඕනෑම උපාධියක් ලබාගන්න හැකි විය යුතුයි. [/FONT]1971[FONT=&quot] දි අප පේරාදෙණියෙ විශ්වවිද්‍යාලෙ ශාස්ත්‍ර පීඨ සිසුන්ට උපාධියට ගණිතය උගන්වන්න පටන්ගත්ත. ඒ සිසුන් උසස් පෙළට ගණිතය හදාරල තිබුණෙ නැහැ. ඒ අය පසුව උපාධිධාරීන් ලෙස ගණිත ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයෙ ගණිත උපදේශකවරුන් පරිපාලන නිලධාරීන් ආදීන් හැටියට කටයුතු කළා.”[/FONT]
    [FONT=&quot]මේ ඡෙදය අගොස්තු [/FONT]11[FONT=&quot] වැනි දා ලිපියෙන්. “ඉංගිරිසි කාලෙත් නිදහස් අධ්‍යාපනයක් තිබුණා. අද නිදහස් අධ්‍යාපනය කියන්නේ ඉගෙනීම සඳහා තමන් මුදල් ගෙවන්නේ[/FONT] [FONT=&quot]නැහැ කියන එක. ඒ කාලෙ සිංහලෙන් හරි දෙමළෙන් හරි ඉගැන්වූ පාසල්වල මුදල් අයකෙළේ නැහැ. ….. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ රජයේ පාසල්වල. ඇතැම් රජයේ නොවන පාසල් ද කන්නන්ගර මහතා අනුගමනය කළා. එහෙත් නිදහස් අධ්‍යාපනය නැති පාසල් කොටසක් ඉතිරි වූනා. අදත් ඒ සමහර පාසල්වල අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් මුදල් අය කරනවා. කිසිවකු අද ඒ පාසල් රජයට ගත යුතුය කියා උද්ඝෝෂණය කරනු මා අසා නැහැ. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනය නැති බැරි අයට නොගෙවා අධ්‍යාපනය ලබා දීමට මිස ඇති හැකි අය මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීම වැළැක්වීමට නොවෙයි. අප මේ කරුණ හොඳින් අවබෝධ කරගත යුතුයි. නිදහස් අධ්‍යාපනය ලබාදීම යනු කිසිම අධ්‍යාපනයක් මුදල් ගෙවා ලබාගැනීම නැති කිරීම නොවෙයි. ඒ එසේ නම් ශාන්ත තෝමස්[/FONT], [FONT=&quot]ශාන්ත ජෝසෆ් ආදී පාසල් පවත්වාගෙන යන්නට දෙන්න බැහැ. ඒ විතරක් නොවෙයි අද හැමෝම පාහේ යන ආධාරක පංති පවත්වන්නත් බැහැ.” කන්නන්ගර නිදහස් අධ්‍යාපනය බලපෑවෙ ඉංගිරිසි පාසල්වලට බව අමතක නොකළ යුතුයි. [/FONT]
    [FONT=&quot]අගොස්තු [/FONT]14[FONT=&quot] වැනි දා ලිපියේ මෙසේ කිවුවා. “ රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුල්වෙන්න බැරි අයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් වෙන්න හැකියාවක් තියෙන්න බැහැ කියන එක කිසිම පදනමක් නැති කතාවක්. ඒක වෛද්‍ය උපාධියෙ ඇති ඊනියා වටිනාකම අනුව ඇති කරගත් හැඟීමක් නිසා කියන කතාවක්. අද ඉංජිනේරු පීඨවලට ඇතුල්වෙන්න බැරිවුනු අය මෙන් ම වෙනත් හේතුන් නිසා එසේ ඇතුල් නොවූ අයත් පෞද්ගලික විද්‍යාලවලට ගිහින් ඉංජිනේරු[/FONT], [FONT=&quot]තොරතුරු තාක්‍ෂණ ආදී උපාධි ගන්නවා. සමහරු පිටරට විශ්වවිද්‍යාලවලට යනවා”[/FONT]
    [FONT=&quot]අගොස්තු [/FONT]18[FONT=&quot] වැනි දා ලිපියෙන් මේ කොටස උපුටා ගන්නවා. “ඇතැමකු කියාවි රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වෙන්න බැරි වුනේ දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා කියලා. වනාතමුල්ලෙ දුප්පත් දරුවකුට කොළඹ දිස්ත්‍රික්කයෙන් පෙනී සිටීම නිසා රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වෙන්න බැරි වුනොත් මුදල් නැති කම නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකටවත් ඇතුල් වෙන්න බැහැ. අනෙක් අතට මුදල් ඇති අයකුට පිටරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුල් වෙන්න පුළුවන්. මාලබේට යන්නෙ එහෙම බැරි නමුත් යම් වත්කමක් තියෙන අය. ඔවුන්ගේ දෙමවුපියන් සමහරවිට ඉඩකඩම් උගස් කරලා හරි විකුණලා හරි මුදල් හොයාගන්නවා වෙන්න පුළුවන්. රජයේ වෛද්‍ය පීඨවල ඇතැම් ගුරුවරුන්ගෙ දරුවනුත් දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා රජයේ වෛද්‍ය පීඨයකට ඇතුල්වෙන්න බැරුව මාලබේ ඉගෙන ගන්නවා. …….. අපේ අධ්‍යාපන ක්‍රමයෙ නොයෙක් අඩුපාඩුකම් තියෙනවා. අපට කරන්න තියෙන්නෙ හැකිතාක් පිරිසකට නොමිළේ අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථා ඇතිකිරීම මිස මුදල් ගෙවා අධ්‍යාපනයක් ලබා ගැනීමට වැට කඩොළු බැඳීම නොවෙයි. රැකියා ලබාදීම හරි ලබාගැනීම හරි මේ සමග පටලවා ගන්න එපා. ……. …. .. මාලබේ සම්බන්ධයෙන් කරන්න තියෙන්නෙ එහි උපාධිධාරීන්ට වෙදකම් හා සැත්කම් කිරීමට හැකි ද යන්න සොයා බැලීම පමණයි. එය පොදු තීරණයක් නොව උපාධිධාරියාගෙන් උපාධිධාරියාට ගන්නා තීරණයක් විය යුතුයි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවුනු අය අද බටහිර වෛද්‍යවරුන් ලෙස සේවය කරනවා. ඇතැම් අය රජයේ වෛද්‍ය පීඨවල මහාචාර්යවරු. අප උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වුනේ වෙනත් හේතුවක් මත. මා එය කියා ඇති. රජයේ නොවන (පිටරට) වෛද්‍ය විද්‍යාලවලින් උපාධි ලබන බටහිර වෛද්‍යවරුන් වෙනුවෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙනවා. මෙය කලක් ඇක්ට් [/FONT]16[FONT=&quot] පරික්‍ෂණය ලෙස හඳුන්වනු ලැබුවා. දැන් එය ඊආර්පීඑම් (ලංකාවේ වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට ලියාපදිංචිවීම සඳහා වූ පරීක්‍ෂණය) ලෙස හැඳින්වෙනවා. මේ පරීක්‍ෂණය සඳහා සිසුන් පුහුණු කරන පෞද්ගලික ආයතනයක් කොළඹ තිබෙනවා! මේ පරීක්‍ෂණය පැවැත්වෙන්නේ පිටරටින් උපාධි ලබන ලංකාවේ සිසුන් විවිධ පසුබිම් සහිත විශ්වවිද්‍යාලවලින් පැමිණෙන නිසා ඔවුන් යම් ආකාරයක ප්‍රමිතියකට ලක්කිරීමටයි. එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සහායෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් පැවැත්වෙන්නෙ. පිටරට උපාධිධාරීන්ටත් ඇති මේ පරීක්‍ෂණය මාලබේ උපාධිධාරීන්ට නොදීම අසාධාරණයි. ලංකාවේ ඉගෙන ගැනීම පිටරට ඉගෙන ගැනීමට වඩා නරක ද[/FONT]? [FONT=&quot]මාලබේ උපාධිධාරීන්ටත් මේ පරීක්‍ෂණයට පෙනී සිටීමට ඉඩ දීම සුදුසු ක්‍රමයයි. එයින් සමත්වන සිසුන්ට ඇබෑර්තු අනුව පත්වීම් ලබාදිය යුතුයි. ඔවුන්ට පසුව සේවාවාසික පුහුණුවකුත් ලබා බටහිර වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට හැකි විය යුතුයි.” [/FONT]
    [FONT=&quot]අද කළ යුත්තේ [/FONT][FONT=&quot]අභියාචනාධිකරණ[/FONT][FONT=&quot] තීන්දුවට එකඟ නම් පමණක් එකී පරීක්‍ෂණය රජයේ වෛද්‍ය පීඨවලින් හැර ලංකාවේ හෝ පිටරට හෝ වෙනත් පිළිගත් ආයතනවලින් වෛද්‍ය උපාධි ලබාගන්නා සිසුන් සඳහා වූ පරීක්‍ෂණයක් බවට පත් කිරීමයි. එවැනි පරීක්‍ෂණයක් පැවැත්වෙන්නේ නම් සයිටම් සිසුන් එයට විරුද්ධ නොවිය යුතුයි. නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ කුමක් සඳහා ද යන්න තේරුම් නොගෙන කරන උද්ඝෝෂණවල තේරුමක් නැහැ. අද රජයේ වෛද්‍ය පීඨවල ඉගෙන ගන්නා සිසුන්ගෙන් අතිවිශාල බහුතරය පෞද්ගලික උපකාරක පංතිවල ඉගෙන ගත් අය. ඔවුන් තමන්ට මෙන් එසේ ඉගෙන ගැනීමට නොහැකි සිසුන්ට රජයේ වෛද්‍ය පීඨවලට ඇතුල්වීමට අකුල් හෙළීම නිසා කරන අසාධාරණය වැනි අසාධාරණයක් සයිටම් ආයතනයෙන් සිදුවන්නේ නැහැ. රජයේ වෛද්‍ය පීඨයකට ඇතුල්වීමට සයිටම් සිසුන් කිසිවකුට අකුල් හෙළන්නේ නැහැ.

    [FONT=&quot]නලින් ද සිල්වා [/FONT]
    [/FONT]
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    16640771_580344752169113_8121930919290625752_n.jpg
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    මෙවාගෙ ගොබ්බ ඩයල්ස් ඔන තරම් ඉන්නවා. උන්ට එරහිව මෙ වෛද්‍ය සභාව කියන උන් කිසි දෙයක් කරන්නෙ නැහැ නෙ ??

    lankave minissu dostharalata salakanne dewiyanta wage, gamaka manussayek kiuwa gamwala minissu nalawak dagena inna onama kenek gana hithanne dosthara kenek kiyalalau onna thathwe ewagem kottasayak boru thathwayak hadan

    lankava thama thiyenne vada wasam uge :dull:

    උන්ට එරහිව මෙ වෛද්‍ය සභාව කියන උන් කිසි දෙයක් කරන්නෙ නැහැ නෙ ??

    ehema karoth e karapu unwa elawalaa wena set ekak dagannawane :lol: