හොර ආචාර්ය උපාධියකින් නම සරසාගත් වත්මන ශ්‍රී ලංකාවේ තෙවන පුරවැසියා වන මොහු අධ්‍යාපනයට අකුල් හෙලූ අමු කූහකයෙකි. සයිටම් වෛද්‍ය උපාධියට එරෙහි රජයේ වෛද්‍ය විද්‍යාල දෙමව්පිය සංඝමයේ සිටි ප්‍රධාන පුද්ගලයෙකි. බොරු අවලාදවලින් හෝ නීතිමය මාර්ගවලින් තම කුහක අදහස් මුදුන් පමුණුවා ගත නොහැකි වූ කළ රජයේ විශ්වවිද්‍යාල නොවන සිසුන්ට වෛද්‍ය උපාධිය ලබා දීමට එරෙහිව ඊනියා මාරාන්තික උපවාසය පටන් ගත් කුහක පුරෝගාමියා මොහුය. එවක සිටි පඹ ජනපති චන්දවලට බයේ සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කරන ගැසට්ටුව නිකුත් කලේ මේ කුහකයන් පිනවීමටය. අහෝසියෙන් පසුව අවසන්වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවෙන් සයිටම් වෛද්‍ය සිසුන් ජයගත්හ. සයිටම් ආයතනයත් එයින් බිහිවුණු වෛද්‍යවරුන් ප්‍රමිතියෙන් යුක්ත බවට ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළේය. සයිටම් වෛද්‍ය උපාධිය සහ පසුව කොතලාවලට අනියුක්ත කල වෛද්‍ය සිසුන් දැන් වෛද්‍යවරු ලෙස ඉතා සාර්ථකව රට පුරා සේවය කරති. බොහෝ දෙනා පස්චාත් උපාධි සුදුසුකම්ද ඉහලින් සපුරා ඇත.
රටේ තවත් ශිෂ්‍ය කොට්ඨාසයක අධ්‍යාපනයට අකුල් හෙලූ මොහුගේ හොර ආචාර්ය තානාන්තරය මොහුට පාරාවලල්ලක් වී ඇත. ඒ දරුවන් දෙමව්පියන් හෙලූ සුසුම්වල සාපයෙන් මොවුන්ට කිසිදා ගැලවීමක්ද නැත.
රටේ තවත් ශිෂ්‍ය කොට්ඨාසයක අධ්‍යාපනයට අකුල් හෙලූ මොහුගේ හොර ආචාර්ය තානාන්තරය මොහුට පාරාවලල්ලක් වී ඇත. ඒ දරුවන් දෙමව්පියන් හෙලූ සුසුම්වල සාපයෙන් මොවුන්ට කිසිදා ගැලවීමක්ද නැත.
