සයිටම් හුටපටය ගැන සියළු දේ සැකෙවින්!

Jun 23, 2016
1,044
136
0
Maharagama
සයිටම් හුටපටය ගැන සියළු දේ සැකෙවින්!

SLMC (Sri Lanka Medical Council) - ශ්රී ලංකා වෛද්යය සභාව​
ලංකාවේ වෛද්ය වෘත්තිය පිළිබඳ වූ වෘත්තිය ආයතනය​. ලංකාවේ වෛද්යවරුන් ගේ ප්රමිතිය පවත්වාගෙන යාම මොවුන් ගේ වගකීමකි. ප්රධානියා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතායි

GMOA (Government Medical Officers Association) - රජයේ වෛද්ය නිලධාරී සංගමය​රජයේ රෝහල් වල සේවය කරන වෛද්යවරුන් ගේ වෘත්තිය සමිතිය.
මෙය හුදෙක් වෘත්තිය සමිතියක් වන අතර SLMC එකට ඇති වෘත්තිය බලය මොවුන්ට නොමැත​. මෙහි ප්රධානියා වෛද්ය පාදෙණිය මහතායි.

SMG (State Medical Graduates) - රජයේ විශ්ව විද්යාල වලින් උපාධිය සමත් වූ උපාධිධාරීන්

FMG (Foreign Medical Graduates ) - විදේශීය විශ්ව විද්යාල වලින් උපාධිය සමත් වූ උපාධිධාරීන්

විශ්ව විද්යාලයකින් වෛද්ය උපාධියක් ලැබීම සහ වෛද්යවරයෙක් වශයෙන් සේවය කිරීම අතර වෙනසක් ඇත​. විශ්ව විද්යාලයකින් වෛද්ය උපාධියක් දීම එම විශ්ව විද්යාලයේ වෛද්ය පීඨයේ වගකීමකි.
නමුත් කෙනෙක් වෛද්යවරයෙක් වශයෙන් සේවය කිරීමට නම් ශ්රී ලංකා වෛද්ය සභාවේ ලියා පදිංචි විය යුතුය​.

මෙය වෛද්ය සේවයට පමණක් අදාල තත්වයක් නොවේ. විවිධ මට්ටම් වලින් වෙනත් සේවාවන් හිදී ද මෙය ක්රියාත්මක වේ. උදාහරණයකට නිවෙසක සැලසුමක් අනුමත කිරීමට සිවිල් ඉංජිනේරු උපාධියක් තිබීම ප්රමානවත් නොවේ. ඒ සඳහා වරලත් සිවිල් ඉංජිනේරුවෙක් විය යුතුය​. වරලත් ඉංජිනේරු තත්වය පිරිනමන්නේ ශ්රී ලංකා වෛද්ය සභාවට අනුරූප ඉංජිනේරු අංශයේ ආයතනය වන ශ්රී ලංකා ඉංජිනේරු ආයතනය (Institute of Engineers Sri Lanka) හෙවත් IESL ආයතනයෙනි.

ශ්රී ලංකා වෛද්ය සභාවේ ලියාපදිංචි වීමට ප්රධාන ක්රමවේදයන් දෙකක් ඇත​.
1. පොදු බහුවරණ පරීක්ෂනය (Common MCQ)මෙය රජයේ විශ්ව විද්යාල වලින් පිටවන උපාධි ධාරීන් සඳහා පැවැත්වේ.
2. ERPM (Act 16)මෙය විදේශීය විශ්ව විද්යාල වලින් පිටවන උපාධි ධාරීන් සඳහා පැවැත් වේ.

මෙම පරීක්ෂන දෙකෙන් සමත් වූ අයෙකුට වෛද්ය වරයෙක් ලෙස ලංකාව තුළ සේවය කිරීමේ බලය ඇත​.රජයේ රෝහල් වලට වෛද්ය වරු බඳවා ගැනීමේදී යොදා ගන්නේද මෙම විභාගයක් දෙකයි.සියළුම රජයේ වෛද්ය පීඨ වලින් පිටවන උපාධිධාරීන් පොදු බහුවරණ පරීක්ෂනයට සහභාගී විය යුතුය​. එහිදී ලබා ගන්නා ලකුණු අනුව ඔවුන් ලැයිස්තු ගත කෙරෙන අතර රජයේ රෝහල් වල සේවයට බඳවා ගැනෙන්නේ එම ලැයිස්තුවේ අනු පිළිවෙලටයි.
විදේශීය විශ්ව විද්යාල වලින් පිටවන උපාධිධාරීන් ERPM පරීක්ෂනයට සහභාගී විය යුතුය​. එහිදී ලබා ගන්නා ලකුණු අනුව ඔවුන් ලැයිස්තු ගත කෙරෙන අතර රජයේ රෝහල් වල සේවයට බඳවාගැනෙන්නේ එම ලැයිස්තුවේ අනු පිළිවෙලටයි.
මෙහිදී විදේශීය උපාධිධාරීන් ලැයිස්තු ගත කෙරෙන්නේ රජයේ උපාධිධාරීන්ට පසුවය​.
උදාහරණයකට පොදු බහුවරණ පරික්ෂනයෙන් 1200ක් සමත් වූයේ නම්, ERPM විභාගයෙන් වැඩිම ලකුණු ගත් උපාධිධාරියා ට ලැබෙන අංකය 1201 යි.

මීට හේතුව වන්නේ ERPM පරීක්ෂනය මදක් ලිහිල් වීමයි.කෙසේ නමුත් ERPM විභාගය සඳහා සහභාගී වන අයගෙන් සමත් වන්නේ 15% ක තරම් ප්රතිශතයකි.අසමත් වන අයට ලංකාව තුළ වෛද්ය වරයෙක් ලෙස සේවය කළ නොහැක​.

2007 වසරේදී විදේශීය උපාධිධාරීන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ට පොදු බහුවරණ පරික්ෂනයට සහභාගී වීමට ඉඩ ලබාදුන් අතර​, එහිදී ඔවුන් ගේ සමත්වන ප්රතිශතය 1.5% දක්වා පහත වැටිනි.

සයිටම් (SAITM) දකුණු ආසියා තාක්ෂනික සහ වෛද්ය අධ්යාපන ආයතනය (South Asia Institute of Technology and Medicine)ලංකාවේ ඇති පුද්ගලික විශ්ව විද්යාලයක්. මෙමගින් වෛද්ය උපාධියක් ලබා දේ.
සයිටම් ආයතනයෙන් පිට වන උපාධිධාරීන් ERPM පරික්ෂනය සඳහා සහභාගී නොවේ. ඊට හේතුව ඔවුන් විදේශීය විශ්ව විද්යාලයක් නොවන නිසාය​. නමුත් ඔවුහු පොදු බහුවරණ පරීක්ෂනයටද සහභාගී නොවේ.
එහිදී ඔවුන් ගෙන එන තර්කය වන්නේ රජයේ රෝහල් වල සේවය සඳහා රජයේ උපාධිධාරීන් සමඟ තරග කිරීමට ඔවුන්ට අවශ්යය නොමැති බවයි.
වෙනත් වචන වලින් කිවහොත්, රජයේ විශ්ව විද්යාල වල උපාධිධාරීන් 1200 ක් පොදු බහුවරණ පරීක්ෂනයෙන් සමත් වුවහොත් සයිටම් උපධිධාරීන්හට ලැයිස්තුවේ 1201 න් අරඹා අංක ලබා දීම ප්රමානවත් බවයි.
නමුත් මෙහිදී මතුවන ගැටළුව නම් එවිට සයිටම් උපාධිධාරීන් ශ්රී ලංකා වෛද්ය සභාවේ ඇගයීමකට ලක් නොවීමයි.

මෙහිදී ඔවුන් තමාගේ අවසන් වසර පරීක්ෂනය නියාමනය කිරීමට ශ්රී ලංකා වෛද්ය සභාවට ආරාධනා කලහ​. නමුත් එය ජාත්යන්තරව පිළිගත් ක්රමවේදයක් නොවේ.එමනිසා ශ්රී ලංකා වෛද්ය සභාව සයිටම් උපාධිධාරීන් ලියාපදිංචි කිරීම ප්රතික්ෂේප කළ අතර​, ඊයේ පෙරේදා ලැබුණු නඩු තීන්දුවෙන් ඔවුන්ට එසේ කිරීම නවතා සයිටම් උපාධිධාරීන් ලියාපදිංචි කරන ලෙස දන්වන ලදී.


~සසර සැරිසරන පාදඩයා~
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මෙහිදී ඔවුන් තමාගේ අවසන් වසර පරීක්ෂනය නියාමනය කිරීමට ශ්රී ලංකා වෛද්ය සභාවට ආරාධනා කලහ​. නමුත් එය ජාත්යන්තරව පිළිගත් ක්රමවේදයක් නොවේ.එමනිසා ශ්රී ලංකා වෛද්ය සභාව සයිටම් උපාධිධාරීන් ලියාපදිංචි කිරීම ප්රතික්ෂේප කළ අතර​, ඊයේ පෙරේදා ලැබුණු නඩු තීන්දුවෙන් ඔවුන්ට එසේ කිරීම නවතා සයිටම් උපාධිධාරීන් ලියාපදිංචි කරන ලෙස දන්වන ලදී.

    :(:(:(
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    සයිටම් ආයතනයෙන් පිට වන උපාධිධාරීන් ERPM පරික්ෂනය සඳහා සහභාගී නොවේ. ඊට හේතුව ඔවුන් විදේශීය විශ්ව විද්යාලයක් නොවන නිසාය​. නමුත් ඔවුහු පොදු බහුවරණ පරීක්ෂනයටද සහභාගී නොවේ.


    :(

    තේරෙයි, කල්යයි....