සයිටම්_අහෝසියි

thomian

Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    සයිටම්_අහෝසියි

    සයිටම් අහෝසි කෙරේ - ලාභ නොලබන ආයතනයක් බවට පත්කිරීමට රජය තීරණය කරයි


    නෙවිල් ප්‍රනාන්දුගේ හිමිකාරත්වයෙන් යුත් සයිටම් ආයතනය අහෝසි කිරීමටත් නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් බිහි කිරීමටත් රජය තීරණය කර තිබෙනවා.

    නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නව ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණයෙන් යුතුව ක්‍රියාත්මක වනු ඇති බවයි.

    මේ අනුව සයිටම් ආයතනයට අලූතින් වෛද්‍ය සිසුන් බඳවාගැනීම අත්හිටුවා ඇති අතර, නව බඳවාගැනීම් සිදුකළ යුතු වන්නේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතින්ට අනුකූලව ස්ථාපිත කෙරෙන යෝජිත නව ආයතනය සඳහා බවයි රජය අවධාරණය කළේ.

    එකඟවූ වෛද්‍ය අධ්‍යාපනය හා පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    මෙහිදී අඩු ආදායම්ලාභී පවුල්වල සුදුසුකම් සපුරන සිසුන්ටද සහනදායී ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම මගින් එහි අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැළසෙනු ඇති.

    HIRU news



    dan mokak da ban wenne ? meka iwarada ? :confused::confused::confused:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕක ඉතින් 80 ගණන් වල වගේ පවරා ගැනීමක් නෙමේ මිලදී ගැනීමක් ඔක කියන CONDITIONS වලට කරනවට වැඩ ආණ්ඩුවට විකුණන එක ලාබ ඇති
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    State university ekak enakan iwara na ban more drama to come and more patients to suffer :oo:

    Saitm eke admin eka "abolish" kalai kiyala lokuwata publish kalama rate inna modayo tika saitm abolish kalai kiyala hithan natanawa.

    Saitm eke admin ekai saitm eke canteen ekai wash rooms ui "abolish" kalai kiyala saitm abolish kalai kiiyala hithan hasirennepa ban:lol:
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    saitm eka non profit organization ekak karanna yanne. eka hodai. oya kiyana tika wenawa nam hodai. wei da danne na ithn. neville lokkata thiyana aithiya dan nathi wei. eka thamai hodama de.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,419
    113
    සයිටම් ගැටලුවට ජනාධිපති කමිටුවේ විසඳුම් මෙන්න

    on 29 October 2017.

    සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුව නිරාකරණය කර ගැනීම උදෙසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ ජනාධිපති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන විසඳුම් ඇතුලත් නිවේදනය පහත සඳහන් වේ.

    සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය (South Asia Institute of Technology and Medicine) සම්බන්ධව උද්ගතව තිබෙන ගැටළුව නිරාකරණය කර ගැනීම උදෙසා පත් කළ ජනාධිපති කමිටුව විසින් රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ, පීඨාධිපතිවරුන් ඇතුළුව විවිධ පාර්ශවයන් විසින් සිදු කළ නිර්දේශයන් සැළකිල්ලට ගනිමින් සියලු පාර්ශවකරුවන්ට සාධාරණ වන සහ රජයේ ප‍්‍රතිපත්තියට අනුකූල වන ස්ථිර විසඳුමක් ලබාදීම සඳහා පහත යෝජනා ඉදිරිපත් කර ඇත.

    මෙම ගැටළුව හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු සඳහා මේ වනවිට ඇති වී තිබෙන බාධාවන් ඉවත් කර, නැවතත් සිසුන්ට අධ්‍යාපන කටයුතු සඳහා සහභාගි වීමට අවස්ථා සලසාදීමත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් මෙම යෝජිත විසඳුම ක‍්‍රියාත්මක කිරීමට සියලුම පාර්ශවවල සහයෝගය ලබාදීමත් කාලීන අවශ්‍යතාවයකි.

    සියලුම පාර්ශවකරුවන්ට සාධාරණ විසඳුමක් යන මූලධර්මය මත පිහිටා පහත ක‍්‍රියාමාර්ග ගැනීම රජය බලාපොරොත්තු වෙයි.

    1. සයිටම් ආයතනය (මෙතැන් සිට සයිටම් යනුවෙන් හඳුන්වන්නේ එහි වෛද්‍ය පීඨය වේ) අහෝසි කිරීම. දැනට සිටින කොටස්කරුවන්, ණයදෙන ආයතන සහ ලාභ බලාපොරොත්තුවක් නොමැතිව, සයිටම් වෛද්‍ය පීඨයේ සියලුම මෙහෙයුම් කටයුතු සහ කළමනාකරණය ලබාගැනීමට කැමැත්තක් දක්වන, නව ආයතනය නීත්‍යානුකූලව පිළිගන්නා ආකාරයෙන්, සයිටම් ආයතනයේ පවතින හිමිකාරිත්වය සහ කළමනාකරණ ව්‍යූහය අහෝසි කිරීම සිදුවේ. මෙහිදී, වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා සහ එම පවුල හිමිකාරිත්වය දරමින් කළමනාකරණය කරන ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි වෙනු ඇත.

    2. මෙම පාර්ශවකරුවන් අතර ඇතිකර ගන්නා ගිවිසුමක් මගින් සයිටම් ආයතනයේ වත්කම්, වගකීම්, කාර්ය මණ්ඩලය සහ සිසුන් වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන්ට අනුකූලව (නිතිගත කළයුතුව ඇත) ස්ථාපිත කරන වෛද්‍ය උපාධි ප‍්‍රදානය කරන යෝජිත නව, රාජ්‍ය නොවන සහ ලාභ නොලබන (වියදම ඉක්මවන අතිරික්ත ආදායමක් ලැබෙන විට එය කොටස්කරුවන් අතර නොබෙදා ආයතනයේ සංවර්ධන කටයුතු හෝ පර්යේෂණ කටයුතු හෝ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යොදවන) ආයතනයකට පැවරිය යුතුවේ.

    3. මෙම අරමුණ වෙනුවෙන් යෝජිත ලාභ නොලබන ආයතනය ස්ථාපිත කිරීම සඳහා දැනටමත් ස්ථාපනය කර ඇති රාජ්‍ය නොවන, ලාභ නොලබන පාර්ශව කිහිපයක් සමග රජය මූලික සාකච්ඡා සිදුකර ඇත. මේ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන පාර්ශවකරුවන් සමඟ ඉතාමත් ඉක්මනින්ම දීර්ඝ වශයෙන් සාකච්ඡා ආරම්භ කරනු ඇත.

    4. අවශ්‍ය ඇතුළත්වීමේ සුදුසුකම් සපුරන, මේ වනවිට සයිටම් ආයතනය විසින් බඳවාගෙන සිටින සියලුම සිසුන් නව ආයතනය විසින් පිළිගත යුතුය. ස්ථාපිත කරන යෝජිත නව ආයතනය තුළ මෙම සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

    5. සයිටම් ආයතනයේ උපාධිය අවසන් කර තිබෙන සිසුන් මුහුණ දී තිබෙන ගැටළු, ඒ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නීති කෘත්‍යයේ තීන්දුව පදනම් කර ගනිමින්, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ උපදේශනය මත විසඳීමට කටයුතු කළ යුතුය. සයිටම් ආයතනයේ උපාධිය දැනටමත් අවසන් කර තිබෙන සිසුන්ට නිර්දේශ කරන රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා අවස්ථාව ලබාදෙනු ඇත.

    6. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2017 සැප්තැම්බර් 15 වනදා නිකුත් කළ ලිපිය මගින් සයිටම් ආයතනයට අලුතින් වෛද්‍ය සිසුන් බඳවා ගැනීම අත්හිටුවා තිබේ. මෙම අත්හිටුවීම දිගටම ක‍්‍රියාත්මක කරනු ඇත. මේ අනුව, මින් පසුව සියලුම නව බඳවා ගැනීම් සිදු කළයුතු වන්නේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන්ට අනුකූලව (නිතිගත කළයුතුව ඇත) ස්ථාපිත කරන යෝජිත නව ආයතනය (ඉහත අංක 02 හි සඳහන්) සඳහා පමණි. අඩු ආදායම්ලාභී පවුල්වල සුදුසුකම් සපුරන සිසුන්ට පන්ති ගාස්තු වෙනුවෙන් වැය වන පිරිවැය පියවා ගැනීමට මූල්‍ය ආයතනය සහ සහනදායී ශිෂ්‍ය ණය යෝජනා ක‍්‍රම මගින් සිදු කළ හැකි සියලුම සහයෝගය රජය විසින් ලබාදෙනු ඇත.

    7. නව ආයතනයේ හිමිකාරිත්වය හෝ කළමනාකරණය සඳහා සයිටම් ආයතනයේ වර්තමාන කොටස්කරුවන් සම්බන්ධ නොවිය යුතුය. මේ සම්බන්ධයෙන් වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා සහ එම පවුල දක්වන සහයෝගය ඉතාමත් වැදගත් වෙයි.

    8. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව, නීතිපතිවරයා සහ අනිකුත් අදාළ පාර්ශවකරුවන් අතර පැවති සාකච්ඡාවල නිගමනයන් මත ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් යොමු කළ කෙටුම්පතට අනුව වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් කරනු ඇති අතර, ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. මෙමය අද සිට අනිවාර්යයෙන්ම මාසයක් තුළදී අවසන් කළයුතු වෙයි.

    පහත අනුපිළිවෙලට ඉහත සඳහන් කටයුතු සිදුවිය යුතුවේ.

    (i) එකඟ වූ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගැසට් කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

    (ii) යෝජිත ලාභ නොලබන ආයතනයට වත්කම්, වගකීම්, කාර්ය මණ්ඩලය සහ සිසුන් පැවරීම සඳහා සයිටම්, තෝරාගත් පාර්ශවය සහ ණයදෙන ආයතන ගිවිසුමකට පැමිණීම.

    (iii) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ නව ආයතනය පිහිටුවීම.

    (iv) සයිටම් ආයතනය අහෝසි කිරීම: සයිටම් ආයතනය සතු වත්කම්, වගකීම්, කාර්යමණ්ඩලය සහ සිසුන් නව ආයතනයට පැවරීම.

    (v) වෛද්‍ය උපාධි ප‍්‍රදානය කරන නව, ලාභ නොලබන ආයතනය ආරම්භ කිරීම.

    ඉහත සඳහන් කළ ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරිම සඳහා ඉහළ මට්ටමේ නිලධාරීන්ගෙන් යුතු කමිටුවක් වහාම පත් කිරීමට බලාපොරොත්තු වේ. මෙම සමස්ත ක‍්‍රියාවලිය 2017 දෙසැම්බර් 31 වනදා වනවිට අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතුය.


    - http://www.rupavahininews.lk/index.php/local-news/12961-saitm-29-10-2017
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    ලාභ නොලබන කිව්වෙ මොන අර්ථයකින්ද දන්නේ නෑ. ලංකාවෙ සමහර රජ්‍ය ආයතන වල ලාභයක් නෑ.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    22780173_1864031216948027_9022335161872177243_n__1509199801_58.153.216.86.jpg
     

    Kim Jong-un

    Member
    Oct 2, 2017
    47
    1
    0
    State university ekak enakan iwara na ban more drama to come and more patients to suffer :oo:

    Saitm eke admin eka "abolish" kalai kiyala lokuwata publish kalama rate inna modayo tika saitm abolish kalai kiyala hithan natanawa.

    Saitm eke admin ekai saitm eke canteen ekai wash rooms ui "abolish" kalai kiyala saitm abolish kalai kiiyala hithan hasirennepa ban:lol:

    YEAH BRO , MATAT BALUBALMATA MEKE AULAK PENNE ,
    MEKA GATAYAK:yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔන්න බලපන් හෙට පත්තර වල ලොකුවට දානව සයිටම් වැහුව කියල.. පුලුවන්නම් පෝස්ටරුත් ගහයි.. මුන් ශේප් එකේ මේක නීතිගත කරනව..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සයිටම් එක අයිටම් එක නොකරගමු. වයවස්තාව ගෑන අවදානය දෙමු
     

    black125

    Member
    Oct 28, 2017
    9
    0
    0
    guys .we have an app that make bond between all universities . It gives alerts to your mobile such as open events, interact club events etc. you also can promote your events for free between all university community. please join with us.
    Subscribe REG<space>camp and sms to 77000 (dialog hutch airtel users only)
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔය ටික මුලින්ම කල්පනා කරලා කලානම් මේ වෙනකොට ඉගෙනගත්ත ළමයින්ගේ කාලයයි ,මුදලුයි දෙකම ඉතුරුයි. නෙවිල්ට ඕකට වියදම් කරපු සල්ලි කීයටවත් ආපහු දෙන එකක් නෑ.පටන් ගත්ත විදිහ හරි නැති උනත් සද්භාවයකින් පටන් ගත්ත දෙයක්.රජයක් ඒවගේ පුද්ගලයින්/දේවල් දිරිමත් කල යුතුයි.

    ලාභ නොලබනවා කියන්නේ ඕක නිසා තවත් රටේ ණය බර වැඩිවෙනවා කියන එකයි. ප්‍රමිතිය වැඩි වෙන එක හොඳ දෙයක් .එත් ලාභ නොලබන අකාර්යක්ෂම ආයතන රටකට අවශ්‍ය නෑ. දැනටමත් ඒවා ඕනෑවටත් වඩා වැඩි.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය ටික මුලින්ම කල්පනා කරලා කලානම් මේ වෙනකොට ඉගෙනගත්ත ළමයින්ගේ කාලයයි ,මුදලුයි දෙකම ඉතුරුයි. නෙවිල්ට ඕකට වියදම් කරපු සල්ලි කීයටවත් ආපහු දෙන එකක් නෑ.පටන් ගත්ත විදිහ හරි නැති උනත් සද්භාවයකින් පටන් ගත්ත දෙයක්.රජයක් ඒවගේ පුද්ගලයින්/දේවල් දිරිමත් කල යුතුයි.

    ලාභ නොලබනවා කියන්නේ ඕක නිසා තවත් රටේ ණය බර වැඩිවෙනවා කියන එකයි. ප්‍රමිතිය වැඩි වෙන එක හොඳ දෙයක් .එත් ලාභ නොලබන අකාර්යක්ෂම ආයතන රටකට අවශ්‍ය නෑ. දැනටමත් ඒවා ඕනෑවටත් වඩා වැඩි.

    :lol::lol::lol:

    university of colombo peradeniya moratuwa ruhuna serama wikunamu. laabayak nane. labayak nathi ewain ratata wadak naa:lol::lol:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    :lol::lol::lol:

    university of colombo peradeniya moratuwa ruhuna serama wikunamu. laabayak nane. labayak nathi ewain ratata wadak naa:lol::lol:

    පටු විදිහට හිතන්න එපා මචං.නිදහස් අධ්‍යාපනය සහ මුදල් අය කර ඉගැන්වීම පටලවාගන්න එපා.කිසිම රටකට සියළුම වැසියන්ට උසස් අධ්‍යාපන දක්වා නොමිලේ අධ්‍යාපනය දෙන්න පුළුවන් හැකියාවක් නෑ.රජයට සහය දැක්වීමට ප්‍රමිතිගත පෞද්ගලික අධ්‍යාපන ආයතන අළුතින් බිහිවිය යුතුමයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,419
    113
    Me gazette ekata mokada wenne ?

    saitm1.jpg

    saitm2.jpg


    Sources:
    http://documents.gov.lk/files/egz/2011/8/1721-19_S.pdf
    http://documents.gov.lk/files/egz/2011/8/1721-19_E.pdf
    http://documents.gov.lk/files/egz/2013/9/1829-36_E.pdf
    http://documents.gov.lk/files/egz/2013/9/1829-36_S.pdf

    http://documents.gov.lk/en/exgazette.php

    Number: 1721/19
    Date: 2011-08-30
    Description: Ministry of Higher Education - The South Asian Institute of Technology and Medicine (Pvt.) Ltd - (SAITM) as a Degree Awarding Institute for the purpose of developing higher education therein leading to the award of the Degree of Bachelor of Medicine and Bachelor of Surgery (MBBS)


    Number: 1829/36
    Date: 2013-09-26
    Description: Ministry of Higher Education - Order to amend the order of recognizing the South Asian Institute of Technology and Medicine (Pvt.) Ltd. (SAITM)