'සයිබ කැෆේ' කුටි වෙන්කිරීම තහනම් කෙරේ
'සයිබ කැෆේ' කුටි වෙන්කිරීම තහනම් කෙරේ
2012 පෙබරවාරි 19 වෙනි ඉරිදා, 09:48 Sri Lanka Mirror Editor
Srilankamirror - අන්තර් ජාල සේවා පහසුකම් ලබාදෙන ස්ථානවල කුටි වෙන්කර තැබීම තහනම් කිරීමට ජාතික ළමාරක්ෂණ අධිකාරිය පියවර ගනිමින් සිටියි. ළමා මනස විකෘති කරන අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීමට ළමුන්ට පවතින අවස්ථා සීමා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ අනෝමා දිසානායක මහත්මිය පවසයි.
මේ සම්බන්ධයෙන් වවුනියාව නගරය තුළ සිදුකළ මූළික අත්හදාබැලීම් ඉතා සාර්ථකවී ඇති බව ද ඇය කියා සිටියි.
දිවයිනේ සෙසු ප්රදේශවලද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ ප්‍රදේශභාර දිසාපතිවරුන් සමඟ ලබන සතියේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ඇය වැඩිදුරටත් පවසයි.