සයුරු විලාපය..........

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
සයුරු විලාපය..........

සයුරු විලාපය..........

නිවි නිවි දිලෙන,
කණා මැදිරි ඒලි,
තනි රකියි මේ පාලු මැදියමට,
මේ නිශා යාමය දුක් බරයි,
සයුරු රළ හඩ නගයි,
පෙරේදා මා නලළ තල සිප,
පිටව ගිය හිමියනේ ඔබ,
තවම නාවෙ ඇයි?
අපේ පුන්චි පැල්පත වෙත,
නිදි නොලැබු මගේ දෙනෙත්,
බොදව ගොස් ඇත උණු කදුලින්,
කවුලු දොර ඇර පියා,
බලා ඉන්නේ තවම,
මා හිමි සෙවනැල්ල,
නෙත ගැටෙණු දකින්නයි,
තනි රකියි මට නිබද,
සුලග මා ප්‍රිය සබද,
කියණු මැනම් මගේ හද,
දැවෙන ගිනි ඔහු වෙතට,
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම ලස්සන නිර්මාණයක්....... හිතට දැනෙන්න ලියලා තියෙනවා
සුභ පැතුම්..... දිගටම ලියන්න
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
"එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ" කියන ලස්සන ගීතය මතක් වුනා මේ නිර්මානය කියවද්දී....

ඉතාමත් සංවේදී කාව්‍යමය බස් වහරක් උපයෝගි කර ගනිමින් රචිත ඉතා හොඳ කවි සංකල්පනාවක්...

මල්ලි ඔබට දිගු ගමනක් යන්න පුළුවන්..අවශ්‍යය කැප කිරීම විතරයි...කුසලතාවය ඔබ සතුව තියෙනවා..

කවියේ අන්තර්ගතය පිලිඹිඹු වෙන විදිහේ පසුබිම් පින්තූරයක් ඊලඟ නිර්මානයට එක් කරගන්නට අමතක කරන්න එපා...

දිගටම ලියන්න....මල්ලිට ජය!!
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
දීවරයෙකුගෙ බිරින්දකට දැනෙන දුක , වෙදනව, ඔබ අපුර්වට නිර්මනය තුල අන්තර්ගත කරල තියෙනව. ලස්සන නිර්මනයක් දිගටම ලියන්න සහොදරය.... ඔබට ජය !
 
coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
හරිම ලස්සන නිර්මාණයක්....... හිතට දැනෙන්න ලියලා තියෙනවා
සුභ පැතුම්..... දිගටම ලියන්න

මම ඔයාට ගොඩක් ස්තුති කරනවා......
ඒ වගේම මගේ පළමු නිර්මාණය මෙහි ඵල කරන්න උදව් කරපු,මගෙ අයියාට(කූල් කසුන්)ගොඩක් ස්තුති කරනව....... :):):):):)
 
coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
CooLHarrindrA

"එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ" කියන ලස්සන ගීතය මතක් වුනා මේ නිර්මානය කියවද්දී....

ඉතාමත් සංවේදී කාව්‍යමය බස් වහරක් උපයෝගි කර ගනිමින් රචිත ඉතා හොඳ කවි සංකල්පනාවක්...

මල්ලි ඔබට දිගු ගමනක් යන්න පුළුවන්..අවශ්‍යය කැප කිරීම විතරයි...කුසලතාවය ඔබ සතුව තියෙනවා..

කවියේ අන්තර්ගතය පිලිඹිඹු වෙන විදිහේ පසුබිම් පින්තූරයක් ඊලඟ නිර්මානයට එක් කරගන්නට අමතක කරන්න එපා...

දිගටම ලියන්න....මල්ලිට ජය!!

මම ඔයාට ගොඩක් ස්තුති කරනවා......
ඔයාලගෙ ප්‍රතිචාර තුලින් මගෙ නිර්මාණ තව තවත් දියුනු කරගැනීමට පිටුවහලක් වනු නොවණු මානයි........ :):):):):):):)
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන නිර්මාණයක් සහෝ...
    ඉදිරියටත් නිර්මාණ කරන්නට..සුභ පැතුම් ඔබට..