සය දින යුද්ධය-ලෝක බලවතුන්ගේ අවි
මීට වසර 50කට පෙර 1967 ජූනි 10 වනදා සය දින යුද්ධය හෙවත් 20වන සියවසේ මැදභාගයේ සිදුවූ කෙටිම යුද්ධය අවසන් විය.එහිදී ඊශ්‍රායලයට එරෙහිව සටන් වැදුනේ අරාබි රටවල් 5ක් වන ඊජිප්තුව,සිරියාව,ජෝර්දානය,ඉරාකය සහ ඇල්ජීරියාවයි.යුද්ධය ආරම්භක අවධියේම ළදරු යුදෙව් දේශයේ ගුවන් හමුදාව විසින් සතුරු රාජ්‍යවල ගුවන් හමුදා කඳවුරු,ගුවන් යානා සහ ධාවන පථ විනාශ කිරීමට සමත්විය.යුද්ධය අවසන් වූයේ ඊශ්‍රායල යුද හමුදාව සිනායි අර්ධද්වීපය,ගාසා තීරය,බටහිර ඉවුර,නැගෙනහිර ජෙරුසලම සහ ගෝලාන් උස්බිම් යන භූමි ප්‍රදේශ අත්පත් කරගැනීමෙන්ය.
මෙම යුද්ධය ගැන කතා කිරීමේදී දෙපාර්ශ්වයේ උපාය මාර්ග සහ යුදෝපක්‍රම පමණක් නොව යුදෝපකරණද වැදගත් තැනක් ගනියි.සය දින යුද්ධයේදී සෝවියට් දේශය සහ නේටෝ රටවල නිෂ්පාදනය කල නවතම යුද ටැංකි සහ යුද ගුවන් යානා භාවිතා කරන ලදි.පසුකාලීනව ලෝකයේ ඇතිවූ සන්නද්ධ අරගල රැසකදී මෙම අවි යොදාගත්හ.
වඩාත් නූතන සහ ප්රතිඵලදායි යුදෝපකරණ නිපදවන්නේ සෝවියට් දේශයද බටහිර රටවල්ද යන්න පරීක්ෂාවට ලක් කල අවස්ථාවක් ලෙස සයදින යුද්ධය හඳුන්වාදිය හැකිය.අද මෙන්ම අඩ සියවසකට පෙරදීද එම ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් දීමට ඔවුන් අසමත්ය.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව විශාලතම යුද ටැංකි සටන් සිදුවූයේ සයදින යුද්ධයේදීය.මෙම සටන් වලදී දෙපාර්ශ්වයම 2500කට වැඩි සැහැල්ලු ,මධ්‍යම සහ විශාල ප්රමාණවල යුද ටැංකි පාවිච්චි කරන ලදි.නමුත් ඒවායි බහුතරයක් 1967 වන විට යල්පැන ගොස් තිබිණි.නමුත් එම කාලයට ඔබින නූතන යුද ටැංකිද ඔවුන් සතුවිය.මධ්‍යම ප්‍රමාණයේ ටී-55 යුද ටැංකි සියගණනක් සෝවියට් දේශය විසින් ඊජිප්තුවට සහ සිරියාවට ලබාදෙන 1960 දශකයේ මුල් භාගයේදී ක්‍රියා කර තිබිණි.එම කාල වකවානුවට සාපේක්ෂව ටී-55 යනු බටහිර යුද ටැංකි සමග කරට කර සටන් කල හැකි යුද ටැංකියකි.ස්වයංක්‍රීය ප්‍රති-න්‍යෂ්ඨික ආරක්ෂක පද්ධතියක් සහිත ලොව ප්‍රථම යුද ටැංකිය වූයේ ටී-55ය.
ඩ්රෝස්ඩ් නම් සෝවියට් සක්‍රීය ආරක්ෂක පද්ධතියෙන් සන්නද්ධ වූ පළමු යුද ටැංකියේ වූයේත් එයයි.එහි ඩී-10ටී2එස් ප්‍රධාන අවිය යොදාගෙන බටහිර රටවල යුද ටැංකි සහ සන්නාහ සන්නද්ධ රථවලට එල්ල කල ප්‍රහාර සාධනීය මට්ටමක තිබිණි.ටී-55 යුද ටැංකියේ තරබාරු පෙනුම නිසා එයට විෂම භූමි ප්‍රදේශවල පහසුවෙන් සැඟවීමට හැකිය.1958-1979 කාල සමය තුල ටී-55 යුද ටැංකි 23,000කට වඩා නිපදවා තිබිණි.
ඊශ්‍රායලයේ යුද ටැංකිද අතිශය නවීන ඒවා නොවීය.ඒවා දෙවන ලෝක යුද්ධයේදී භාවිතා කල බ්‍රිතාන්‍ය,ඇමෙරිකා සහ ප්‍රංශ යුද ටැංකි මත පදනම්ව නිර්මාණය කර තිබිණි.ඔවුන් සතුව තිබූ ප්‍රධානතම යුද ටැංකිය වූයේ ඇමෙරිකානු එම්4 ෂර්මන් යුද ටැංකියේ නවීකරණයක ප්‍රතිඵලයක් ලෙස බිහිවූ එම්-51 සුපර් ෂර්මන් යුද ටැංකියයි.යුද්ධය ආරම්භයේදී යුදෙව්වන් සතුව සුපර් ෂර්මන් යුද ටැංකි 177ක් තිබිණි. බලවත් මි.මී.105 ප්‍රධාන අවියකින්,කමින්ස් වීටී8-460 ඩීසල් එන්ජිමකින් සහ ස්වයංක්‍රීය ගියර් පද්ධතියකින් මෙම යුද ටැංකිය සමන්විත විය.සුපර් ෂර්මන් යුද ටැංකිය මැදපෙරදිග දේශගුණය හමුවේ විශ්වාසනීය යන්ත්‍රයක් බව පෙන්වා තිබිණි.
ඊජිප්තුව සහ සිරියාව සතුව ටී-55 වැනි බලවත් සහ නූතන සෝවියට් යුද ටැංකි තිබුණද ඔවුන් ඒවා ඵලදායි ලෙස සංග්රාම භූමියේදී භාවිතා කරන්නට සමත්වූයේ හොඳින් පුහුණු කල සෙබලුන් නොසිටීම සහ ඔවුන්ගේ චිත්ත ධෛර්යය අවම වීමයි.මින් දෙවන හේතුව 21 වන සියවසට පැමිණි පසුත් නිවැරදි කරගැනීමට සිරියාව සමත් බව ඔවුන් සිරියානු යුද්ධයේදී ඕනාවටත් වඩා පෙන්වා තිබේ.
සයදින යුද්ධයේදී ඊශ්‍රායල හමුදාව ටී-55 යුද ටැංකි 82ක් පමණ අල්ලා ගන්නා ලදි.ඒ සියල්ල යළිත් සේවයේ යෙදිය හැකි තත්ත්වයේ පැවතිණි.ඒවා ටයිරන්ට් යන නමින් ඊශ්‍රායල යුද හමුදාව පසුකාලීන යුද්ධවලදී භාවිතා කරන ලදි.මේ සම්බන්ධව සවිස්තර ලිපියක් යුද ටැංකි අංගනය ලිපිපෙල ඔස්සේ බලාපොරොත්තු වන්න.
සිරියානු යුද පෙරමුනේදී ඊශ්‍රායලයට දැඩි හානි සිදුවිය.ගෝලාන් ප්‍රදේශයේ ඇතිවූ සටන් වලින් සෝවියට් යුද ටැංකි හමුවේ ඊශ්‍රායලයට සුපර් ෂර්මන් සහ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත සෙන්චූරියන් යුද ටැංකි 160ක් අහිමි විය.ටී-54 සහ ටී-55 යුද ටැංකි 10ක් ඇතුලුව යුද ටැංකි 73ක් සිරියාවට අහිමිවිය.ඉන් අඩක් පමණ යළි භාවිතා කල හැකි මට්ටමේ තිබිණි.
දුර්වල සහ අවම පුහුණුවක් සහිත සෙබලුන්ගෙන් සමන්විත අතිශය නූතන යුදටැංකි සමග අත්දැකීම් බහුල මනා පුහුණුවක් සහිත සෙබලුන් හා පැරණි යුද ටැංකි කරන ද්වන්ධ සටනක අවසානයේ කෙසේද යන්නට සයදින යුද්ධය තරම් ගැළපෙන උදාහරණයක් නැති තරම්ය.අරාබි එකමුතුවේ යුද රථ මෙම යුද්ධයේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරක සහ බෝම්බ හෙළන යානාවල පහසු ඉලක්ක බවට පත්විය.ගුවනේ ආධිපත්‍යය හොබවන්නේ කවුද ඔහු අනාගතයේ එන සංග්රාම ජය ගන්නා සය දින යුද්ධයේදී පෙනෙන්නට තිබිණි.1973 වර්ෂයේ යොම් කිපූර් යුද්ධයට ඊජිප්තුව පැමිණෙන්නේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ ගුවන් ආධිපත්‍යයට අභියෝග කල හැකි සෝවියට් අවියක් සහිතවයි.
සෝවියට් දේශය සතුවූ තුන්වන පරම්පරාවේ මිග්-21 ප්‍රහාරක යානය භාවිතා කල පළමු රට බවට පත්වන්නට සය දින යුද්ධයේදී ඊජිප්තුව සමත්විය.එම කාල සමයේ ලොව හොඳම ප්‍රහාරක යානයක් ලෙස එය නම් දරා තිබිණි.නමුත් අවාසනාවට මිග් යානා රැසක් ගුවනට නංවන්නට පෙරම විනාශ කරන්නට ඊශ්‍රායල බෝම්බ හෙළන යානා යුද්ධයේ පළමු දිනයේදීම සමත් විය.නමුත් බලගණ කිහිපයක් යානා ඉන් ගැළවී ගුවනට පිවිසෙන්නට සමත් විය.අරාබි ප්‍රහාරක යානාවල ප්‍රධාන විරුද්ධවාදියා වූයේ ප්‍රංශ නිෂ්පාදනයක් වූ ඩසල්ට් මිරාජ් 3 යානයයි.
කෙසේවෙතත් මෙම යානා දෙකම හැසිරවීම සහ වේගය අතින් ඉස්තරම් විය.නමුත් මිග්-21 සතුව තිබූ ආර්-13එම් නම් කෙටි දුර, තාප සංවේදී ගුවන් සටන් සඳහා යොදාගන්නා මිසයිලය නිසා ඊට අමතර වාසියක් තිබිණි.සය දින යුද්ධයේදී ඊජිප්තුව,සිරියාව සහ ඉරාකය යන රටවලට මිග්-21 යානා 19ක් අහිමිවිය.ඉන් එකක් විනාශ වූයේ ඊජිප්තු එස්-75 ගොඩබිම්-ගුවන් මිසයිල ආරක්ෂණ පද්ධතියක ඉලක්කයක් බවට පත්වීම නිසාය.සෝවියට් ප්‍රහාරක යානා සමග සිදුවූ සටන් වලින් ඊශ්‍රායලට මිරාජ් යානා 8-10 ප්‍රමාණයක් අහිමිවිය.
ගුවන් සටන්ද සය දින යුද්ධයේ පාබල සටන්වලට සමාන ප්‍රතිඵලයක් ගෙන දුන්නේය.අරාබි රටවල ගුවන් හමුදා සතු දුර්වල පුහුණුව සහ තාක්ෂණික දුර්වලතා නිසා අවම ප්‍රහාරක යානා ප්‍රමාණයක් සහ උසස් මට්ටමේ පුහුණුවක් තිබූ ඊශ්‍රායල ගුවන් හමුදාව සය දින යුද්ධයේ ගුවනේ ආධිපත්‍යය දිනා ගැනීමට සමත්විය.යුද්ධය ආරම්භයේදීම ගුවනේ ආධිපත්‍යය අහිමිව යෑම හමුවේ අරාබි රටවල් පාබල සටන් වලදී ඊශ්‍රායල ගුවන් හමුදාවේ ගොදුරු බවට පත්විය.
ඊශ්‍රායලයේ ප්‍රසිද්ධ සහ අතිදක්ෂ ගුවන් හමුදා නියමුවෙක් වූ එයිටාන් කාර්මි යුද්ධයෙන් පසු සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කලේ "මිග් යානා පැදවූයේ සෝවියට් නියමුවන් නම් යුද්ධය මීට වඩා වෙනස් අයුරකින් අවසන් වන්නට තිබූ බවයි".
Source:ria.ru
-HarshaLulzSec-

ටී-55 එරෙහිව සුපර් ෂර්මන් - යුද ටැංකි සටන්

සෝවියට් ටි-55 මධ්‍යම ප්‍රමාණයේ යුද ටැංකියක්
ඩ්රෝස්ඩ් නම් සෝවියට් සක්‍රීය ආරක්ෂක පද්ධතියෙන් සන්නද්ධ වූ පළමු යුද ටැංකියේ වූයේත් එයයි.එහි ඩී-10ටී2එස් ප්‍රධාන අවිය යොදාගෙන බටහිර රටවල යුද ටැංකි සහ සන්නාහ සන්නද්ධ රථවලට එල්ල කල ප්‍රහාර සාධනීය මට්ටමක තිබිණි.ටී-55 යුද ටැංකියේ තරබාරු පෙනුම නිසා එයට විෂම භූමි ප්‍රදේශවල පහසුවෙන් සැඟවීමට හැකිය.1958-1979 කාල සමය තුල ටී-55 යුද ටැංකි 23,000කට වඩා නිපදවා තිබිණි.
ටී-55 යුද ටැංකියක් 'ආමි 2015' ප්‍රදර්ශන භූමියේ
ඊශ්‍රායලයේ යුද ටැංකිද අතිශය නවීන ඒවා නොවීය.ඒවා දෙවන ලෝක යුද්ධයේදී භාවිතා කල බ්‍රිතාන්‍ය,ඇමෙරිකා සහ ප්‍රංශ යුද ටැංකි මත පදනම්ව නිර්මාණය කර තිබිණි.ඔවුන් සතුව තිබූ ප්‍රධානතම යුද ටැංකිය වූයේ ඇමෙරිකානු එම්4 ෂර්මන් යුද ටැංකියේ නවීකරණයක ප්‍රතිඵලයක් ලෙස බිහිවූ එම්-51 සුපර් ෂර්මන් යුද ටැංකියයි.යුද්ධය ආරම්භයේදී යුදෙව්වන් සතුව සුපර් ෂර්මන් යුද ටැංකි 177ක් තිබිණි. බලවත් මි.මී.105 ප්‍රධාන අවියකින්,කමින්ස් වීටී8-460 ඩීසල් එන්ජිමකින් සහ ස්වයංක්‍රීය ගියර් පද්ධතියකින් මෙම යුද ටැංකිය සමන්විත විය.සුපර් ෂර්මන් යුද ටැංකිය මැදපෙරදිග දේශගුණය හමුවේ විශ්වාසනීය යන්ත්‍රයක් බව පෙන්වා තිබිණි.
සුපර් ෂර්මන් එම්-50 යුද ටැංකියක් ඊශ්‍රායල කෞතුකාගාරයේ
ඊජිප්තුව සහ සිරියාව සතුව ටී-55 වැනි බලවත් සහ නූතන සෝවියට් යුද ටැංකි තිබුණද ඔවුන් ඒවා ඵලදායි ලෙස සංග්රාම භූමියේදී භාවිතා කරන්නට සමත්වූයේ හොඳින් පුහුණු කල සෙබලුන් නොසිටීම සහ ඔවුන්ගේ චිත්ත ධෛර්යය අවම වීමයි.මින් දෙවන හේතුව 21 වන සියවසට පැමිණි පසුත් නිවැරදි කරගැනීමට සිරියාව සමත් බව ඔවුන් සිරියානු යුද්ධයේදී ඕනාවටත් වඩා පෙන්වා තිබේ.
සයදින යුද්ධයේදී ඊශ්‍රායල හමුදාව ටී-55 යුද ටැංකි 82ක් පමණ අල්ලා ගන්නා ලදි.ඒ සියල්ල යළිත් සේවයේ යෙදිය හැකි තත්ත්වයේ පැවතිණි.ඒවා ටයිරන්ට් යන නමින් ඊශ්‍රායල යුද හමුදාව පසුකාලීන යුද්ධවලදී භාවිතා කරන ලදි.මේ සම්බන්ධව සවිස්තර ලිපියක් යුද ටැංකි අංගනය ලිපිපෙල ඔස්සේ බලාපොරොත්තු වන්න.
සිරියානු යුද පෙරමුනේදී ඊශ්‍රායලයට දැඩි හානි සිදුවිය.ගෝලාන් ප්‍රදේශයේ ඇතිවූ සටන් වලින් සෝවියට් යුද ටැංකි හමුවේ ඊශ්‍රායලයට සුපර් ෂර්මන් සහ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත සෙන්චූරියන් යුද ටැංකි 160ක් අහිමි විය.ටී-54 සහ ටී-55 යුද ටැංකි 10ක් ඇතුලුව යුද ටැංකි 73ක් සිරියාවට අහිමිවිය.ඉන් අඩක් පමණ යළි භාවිතා කල හැකි මට්ටමේ තිබිණි.
සුපර් ෂර්මන් එම්-51 යුද ටැංකියක් ඊශ්‍රායල කෞතුකාගාරයේ
දුර්වල සහ අවම පුහුණුවක් සහිත සෙබලුන්ගෙන් සමන්විත අතිශය නූතන යුදටැංකි සමග අත්දැකීම් බහුල මනා පුහුණුවක් සහිත සෙබලුන් හා පැරණි යුද ටැංකි කරන ද්වන්ධ සටනක අවසානයේ කෙසේද යන්නට සයදින යුද්ධය තරම් ගැළපෙන උදාහරණයක් නැති තරම්ය.අරාබි එකමුතුවේ යුද රථ මෙම යුද්ධයේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරක සහ බෝම්බ හෙළන යානාවල පහසු ඉලක්ක බවට පත්විය.ගුවනේ ආධිපත්‍යය හොබවන්නේ කවුද ඔහු අනාගතයේ එන සංග්රාම ජය ගන්නා සය දින යුද්ධයේදී පෙනෙන්නට තිබිණි.1973 වර්ෂයේ යොම් කිපූර් යුද්ධයට ඊජිප්තුව පැමිණෙන්නේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ ගුවන් ආධිපත්‍යයට අභියෝග කල හැකි සෝවියට් අවියක් සහිතවයි.
මිග්-21 එරෙහිව මිරාජ් - ගුවනේ සටන්
සෝවියට් දේශය සතුවූ තුන්වන පරම්පරාවේ මිග්-21 ප්‍රහාරක යානය භාවිතා කල පළමු රට බවට පත්වන්නට සය දින යුද්ධයේදී ඊජිප්තුව සමත්විය.එම කාල සමයේ ලොව හොඳම ප්‍රහාරක යානයක් ලෙස එය නම් දරා තිබිණි.නමුත් අවාසනාවට මිග් යානා රැසක් ගුවනට නංවන්නට පෙරම විනාශ කරන්නට ඊශ්‍රායල බෝම්බ හෙළන යානා යුද්ධයේ පළමු දිනයේදීම සමත් විය.නමුත් බලගණ කිහිපයක් යානා ඉන් ගැළවී ගුවනට පිවිසෙන්නට සමත් විය.අරාබි ප්‍රහාරක යානාවල ප්‍රධාන විරුද්ධවාදියා වූයේ ප්‍රංශ නිෂ්පාදනයක් වූ ඩසල්ට් මිරාජ් 3 යානයයි.
සෝවියට් මිග්-21 ප්‍රහාරක යානයක්
කෙසේවෙතත් මෙම යානා දෙකම හැසිරවීම සහ වේගය අතින් ඉස්තරම් විය.නමුත් මිග්-21 සතුව තිබූ ආර්-13එම් නම් කෙටි දුර, තාප සංවේදී ගුවන් සටන් සඳහා යොදාගන්නා මිසයිලය නිසා ඊට අමතර වාසියක් තිබිණි.සය දින යුද්ධයේදී ඊජිප්තුව,සිරියාව සහ ඉරාකය යන රටවලට මිග්-21 යානා 19ක් අහිමිවිය.ඉන් එකක් විනාශ වූයේ ඊජිප්තු එස්-75 ගොඩබිම්-ගුවන් මිසයිල ආරක්ෂණ පද්ධතියක ඉලක්කයක් බවට පත්වීම නිසාය.සෝවියට් ප්‍රහාරක යානා සමග සිදුවූ සටන් වලින් ඊශ්‍රායලට මිරාජ් යානා 8-10 ප්‍රමාණයක් අහිමිවිය.
සය දින යුද්ධයට මාස තුනකට පෙර ඊශ්‍රායල මිරාජ් 3 යානා පුහුණු අභ්‍යාසයක නිරත වන අයුරු(1967.03.01)