සරණාගත කඳවුරුවලට ගිනි තබයි
නීති විරෝධි ලෙස ඔස්ට්‍රේලියාවට ගොස් නාවුරු දූපත්හි රඳවා සිටි අනවසර සංක්‍රමණිකයින් පිරිසක් එහි කඳවුරු කිහිපයකට ගිනි තබා තිබේ.
සරණාගතභාවය අපේක්ෂාවෙන් බෝට්ටු මගින් පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය කෙවින් රඩ් විසින් සිදුකරන ලද ප්‍රකාශයට විරෝධය පළ කරමින් මෙම ගිනිතැබීම සිදු කර ඇති බව වාර්තා වෙයි.
සරණාගතභාවය අපේක්ෂාවෙන් බෝට්ටු මගින් පැමිණෙන කිසිවෙකුට හෝ මින් ඉදිරියට ඔස්ට්‍රේලියාවේ රැකවරණය ලබා නොදෙන බවට කෙවින් රඩ් ප්‍රකාශ කර තිබුණි.
එසේ පැමිණෙන පිරිස් පැපුවා නිව්ගිනියාව වෙත යොමු කිරීමේ එකඟතාවයකටද අත්සන් තබා තිබේ.
එය සැළවීමත් සමඟ නාවුරු දූපත්හි රදවා සිටි අනවසර සංක්‍රමණිකයින් පිරිසක් එහි කඳවුරුවලට ගිනි තබා ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා පැවසුවේය.
කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 60 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
lanka C news