සරත් දැන් ඔබ නිදහස්-ජනාධිපති මෛත්‍රීපාල &#3523

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    සරත් දැන් ඔබ නිදහස්-ජනාධිපති මෛත්‍රීපාල &#3523

    සරත් දැන් ඔබ නිදහස්-ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව තිබු සියලු චෝදනා වලින් නිදහස් කොට පොදු සමාවක් ලබා දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කොට සිටී.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියට අනූව ජනපතිට ඇති ප්‍රතිපාදන යටතේ ඔහුට ජනපති සමාව ලබාදීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.

    ඒ අනුව ෆොන්සේකා මහතා අද සිට පූර්ණ ජෙනරාල් ධූරයට පත්කර ඇති අතර ඔහුට ලබාදී තිබූ සියලු පදක්කම් හා නම්බුනාමද හිමිය.

    sssss.jpg

    දේශපාලනයට පිවිසි සරත් ෆොන්සෙක් මහතාට විවිධ කාරණා සම්බන්ධයෙන් චෝදනා ද නැගිණ.
    මේ අනූව ෆොන්සේකා මහතාට එරෙහි චෝදනා විමර්ශනයට යුධ අධිකරණයක් ද පත් කෙරිණ.
    එසේම ෆොන්සේකා මහතා හයිකෝප් නඩු තීන්දුව යටතේ වසර දෙකහමාරකට සිරගත කළ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු ගමනද ඉබේම නතර විය.
    එසේ සිරගතව සිටියදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාම ජනපති සමාව යටතේ ඔහුට නිදහස ලබාදුන්නේය.

    අනතුරුව ඔහු යළිත් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් නව දේශපාලන පක්ෂය ද පිහිටුවා ගැනීමට සමත් විය.

    ‍කෙසේ වුවද වත්මන් ආණ්ඩුව යටතේ සරත් ෆොන්සේකා මහතාට අහිමි වූ සියලු වරප්‍රසාද ලබාදෙන මැතිවරණ වේදිකාවේද කියැවුණි.


    sarath-fonseka-free-home-5.jpg



    ඒ අනූව ඔහුට අද ජනපති සමාව හිමිව ඇති අතර අහිමි වූ නිලයන්ද ලැබී ඇත.
    ෆොන්සේකා මහතා සියලු චෝදනාවලින් නිදහස් කිරීමත් සමග යළිත් ඔහුට පාර්ලිමේන්තු අසුන ලබාගත හැකිද යන කාරණය මීළඟට ඉතිරිව ඇති අනෙක් කාරණය වන්නේය.

    කෙසේ වුවද ඉකුත් දා ජයන්ත කැ‍ටගොඩ (සරත් ෆොන්සේකා මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුනට තේරීපත්වූ) මන්ත්‍රීවරයා පවසා තිබුණේ මැතිවරණ කොමසාරිස්වරයා සහතිකයක් ලබාදෙන්නේ නම් තමන් එම පාර්ලිමේන්තු අසුන ලබාදීමට සුදානම් බවය.


    sarath-1fffg.jpg





    චරිත සටහනක්


    ජෙනරල් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා (උපත 17 දෙසැම්බර 1950) (සරත් ෆොන්සේකා ලෙසින් හැඳින්වෙන) RWP, RSP, VSV, USP, rcds, psc, SLSR යනු, හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර 1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක්‌ ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.

    ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වීම එල්.ටී.ටී.ඊ. යෙහි අවසානයේ ආරම්භක පියවර බව දැන සිටි ප්‍රභාකරන් එතැන් සිට යුද හමුදාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළේය.

    ඵ් අනුව 2006.04.25 වැනිදා එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ අතර, එහිදී මරාගෙන මැරෙන කොටි ප්‍රභාරයෙන් බරපතල තුවාල ලැබූ ජෙනරාල් ෆොන්සේකා දිවි ගලවා ගත්තේය.
    දිවි ගලවා ගැනීමට සමත්වූ හෙතෙම ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ මාරාන්තික සටන අරඹා එහි අවසන් ජයග්‍රහණය කරා ඊට එඩිතර හා නිවැරදි යුද නායකත්වය දෙමින් ලොව දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය විනාශ කරමින් ලොව දක්‍ෂතම යුද හමුදාපති වශයෙන් ලෝකයේ පිළිගැනීමට පාත්‍ර විය.

    ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්විය., ශ්‍රී ලංකාවෙහි යුද්ධ හමුදාපති ලෙසින්, ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය2009 දී කෙලවර කිරීමට සාධනීය භූමිකාවක් ඉටු කලේය.

    ඵ්කාබද්ධ මෙහෙයුම් ආඥපති තනතුර කාලයක්‌ අක්‍රියව තිබියදී 2000 වසරේදී ඊට සමානව ආරක්‍ෂක මාඩණ්‌ලික ප්‍රධානි යනුවෙන් තනතුරක්‌ ආරම්භ කළ අතර, නව පනතක්‌ යටතේ එහි බලතල සහ වගකීම් වැඩි කර ජනරාල් සරත් ෆොන්සේකා පූර්ණ බලැති ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළේය.

    අවසානයේදී මාස 04 ක්‌ වැනි කෙටි කාලයකදී එම බලතල සහ වරප්‍රසාද සියල්ල අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකා, 2009 නොවැම්බර් 16 වැනි දින 39 වසරක හමුදා සේවයෙන් සමුගෙන ගියේය.


    sarath-fonseka-free-home.jpg



    මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක්

    ජෙනරාල් ෆොන්සේකා විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස හංසයා ලකුණින් ලබන 2010 ජනවාරි 26 වැනිදා පැවැත්වෙන රටේ අනාගතය ගොඩනැගීමට නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයට වැදුනි. මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයක පත් විය.

    මෙම මැතිවරණයේදී ඔහුට එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ හා වෙනත් සුළු පක්ෂ ගණනාවක සහයෝගය ලැබිණි. මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයට පත් විය. මෙම මැතිවරණයේදී ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන​ අපේක්ෂකයා වන මහින්ද රාජපක්ෂ හට පරාජය විය. ෆොන්සේකා මහතා මෙම ප්‍රතිපල ප්‍රතික්ෂේප කරන ලදී.


    fonseka-mr.jpg





    මැතිවරණ පරාජයෙන් පසු හමුදා සේවයේ සිටියදී කරන ලද මිලදී ගැනීම් හා හමුදා හැර ගිය සෙබළුන් ආරක්ෂා කිරීමේ චෝදනා මත 2010 පෙබරවාරි මස 8 වන දින ඔහු හමුදා අත්අඩංගුවට ගන්න ලදී. හමුදා භාරයේ සිටියදීම ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර එම මැතිවරණයේදී මනාප 98000 ක් ලබා ගනිමින් කොලඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු පත්විය. සරත් ෆොන්සේකා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයේ නායකයා වශයෙන් මැතිවරණයට ඉදිරිපත් විය.

    ඔහුව හමුදා අධිකරණයක් වෙත පමුණුවන ලද අතර ඔහුට විරුද්ධව නඩු විභාග දෙකක් පවත්වන ලදී. පළමු හමුදා අධිකරණ තීන්දුව යටතේ ඔහුව සියලු හමුදා නිලතල වලින් පහ කරන ලද අතර , දෙවැනි හමුදා අධිකරණය මගින් මුදල් වංචාවක් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කරමින් ඔහුට වසර 3 ක සිර දඩුවමක් පනවන ලදී . මෙම තීන්දුව ජනාධිපතිවරයා අනුමත කිරීමත් සමග හමුදා භාරයේ සිටි සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවන ලදී.





    උපුටාගැනීම ලංකා නිව්ස් ඔන් ලයින්
     

    sri99

    Banned
    Nov 22, 2014
    74
    10
    0
    aththatama dukai eda sfta una deta,eth aththa ada me anduwa enna 20%k sf balapewa my3ta sup karapu nisa eth sfta kisima thanathurak amatya durayak ne:no::no: hethuwa eyata deshapalana athdekim nethy kama

    eth lokuma wihiluwa ada me anduwe agamethy ada eyata thanathurak nodi eda mulu ratama baradenna janapathi apekshakaya kara kisi deshapalana sudusukamak nethy nethy ranaviruwawa kohomata hitida eda awanam

    e wagema minissunwa modayata andawala e wage wihiluwak karapu ranil wage aya wiswasa karala chande dena unut ithin wihiluwak thamai karumeta gahala upan heththa one ekek andala arala yai :rofl::rofl::rofl:


    meyata kisi deshapalana denumak nethy kama penuna e kale chande illanna gihin kiyapu katha walin, ehema kenawa genapu ranil gena kawara kathada
    :rofl::rofl: ithin eda kata waraddagena illan kewata daduwamak nodee be ,miniha kiwwe taniyama yudde dinna wage ,minissu rawattanna puluwan hety danna minissunge salli kala awrudu dekak rata winasa karapu ranil wage aya wiswasa karana unta ??:rofl::rofl::rofl:
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    aththatama dukai eda sfta una deta,eth aththa ada me anduwa enna 20%k sf balapewa my3ta sup karapu nisa eth sfta kisima thanathurak amatya durayak ne:no::no: hethuwa eyata deshapalana athdekim nethy kama

    eth lokuma wihiluwa ada me anduwe agamethy ada eyata thanathurak nodi eda mulu ratama baradenna janapathi apekshakaya kara kisi deshapalana sudusukamak nethy nethy ranaviruwawa kohomata hitida eda awanam

    e wagema minissunwa modayata andawala e wage wihiluwak karapu ranil wage aya wiswasa karala chande dena unut ithin wihiluwak thamai karumeta gahala upan heththa one ekek andala arala yai :rofl::rofl::rofl:


    meyata kisi deshapalana denumak nethy kama penuna e kale chande illanna gihin kiyapu katha walin, ehema kenawa genapu ranil gena kawara kathada
    :rofl::rofl: ithin eda kata waraddagena illan kewata daduwamak nodee be ,miniha kiwwe taniyama yudde dinna wage ,minissu rawattanna puluwan hety danna minissunge salli kala awrudu dekak rata winasa karapu ranil wage aya wiswasa karana unta ??:rofl::rofl::rofl:
    මරා කුදලන් ගිහින් හිරේ දානකොට බොලා ඇමරිකාවෙද හිටියෙ