මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට අද (20) පෙරවරුවේ දී තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට ඔහු නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ.
ඔහු පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළ අතර, හිටපු අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වනවා.
හිටපු නියෝජ්‍ය කම්කරු අමාත්‍යවරයා ද වූ සරත් වීරසේකර මෙවර මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුව නියෝජනය කරමිනුයි.

ඉක්මන් සුව විරුවාණනි.
