සරත් සද ඔබයි... …කිසි දින බෑස නොයනා

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    *අපට උවමනා කලවැද්දාට කලවැද්දා යයි කීමට, මර්වින්/දුමින්ද ට මැරයන් යැයි කීමට, ප්රජාතන්ත්රවාදයට නිගා කරන උන්ට පාහරයන් යයි කීමට තරම් කොන්ද පණ ඇති මිනිසෙක් !



    :):):):):):):):):):):):):):):):):):)
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    *අපට උවමනා කලවැද්දාට කලවැද්දා යයි කීමට, මර්වින්/දුමින්ද ට මැරයන් යැයි කීමට, ප්රජාතන්ත්රවාදයට නිගා කරන උන්ට පාහරයන් යයි කීමට තරම් කොන්ද පණ ඇති මිනිසෙක් !
    නියමයි මචෝ සිර කතාව අපිට ඕනේ අපේ අදහස් සුදුවෑන් වලට බයේ හිරකරගෙන නොයිද නිදහසේ එලියට දන්නා පුළුවන් රටක්..ඇත්ත කතාකරන්න පුළුවන් රටක්...
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    හoසයා ඔබයි...
    දියෙන් කිරි වෙන් කරනා

    මිනිසා ඔබයි...
    මිනිස් කම දන්නා...


    Lassanai.. Sundarai.. kaalochithai...
    Rep ++
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ane oka mariyan, war criminal, wesa sarath


    tag karapu unta ridila,,puka palilada wasthuwe,,enna tailr kenekta kiyala mazzanna,,mulinma janage gani ekka appa gahanawa pukata,,ilagata jana,,
    ilagata mongal puttu ekkat sanwaase yedenna epay ne,,ane ane,,puk gatta kadenawa taramak
    YES MAchan THAMA UNTA Ridenna Patan Gaththa Witharayi THawa Issarahata HONDA HONDA EWA ENAWA..
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    නියමයි මචෝ සිර කතාව අපිට ඕනේ අපේ අදහස් සුදුවෑන් වලට බයේ හිරකරගෙන නොයිද නිදහසේ එලියට දන්නා පුළුවන් රටක්..ඇත්ත කතාකරන්න පුළුවන් රටක්...


    I salute you TWO.... for discussing the real truth.
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    *අපට උවමනා කලවැද්දාට කලවැද්දා යයි කීමට, මර්වින්/දුමින්ද ට මැරයන් යැයි කීමට, ප්රජාතන්ත්රවාදයට නිගා කරන උන්ට පාහරයන් යයි කීමට තරම් කොන්ද පණ ඇති මිනිසෙක් !


    Meetawada.. yamak ma me lak polowe marena thura anawashyai mata Genaral thumani...
    Me muthuatayak kiyaganna rate... minis jeewithayata ballantath wada antha vigihata salakana.. mara deshapaluwan.. paaga dama.. yali nagitinna.. Thumani.. me ape ekama prarthanawai !!!
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මම මේක ගත්තේ අපේ urajdrlk සහෝ ගෙන්... එත්තටම මාර වචන ටික හදවතේ ගබුරටම දැනෙන්න වැදුන..
    මෙන්න ලින්ක් එක..
    http://www.elakiri.com/forum/showthread.php?t=1431123


    සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමි..​



    එදා දෙදහස් දොලහ වසරේ මාර්තු විසි හත් වෙනිදාය.
    ස්ථානය නවලෝක රෝහල.
    වේලාව දහවල් 12:45 පමණ


    එදා සෑමා සිටියේ නවලෝක රෝහලේ පහත මාලයේ චැනලින් සෙන්ටර් එක අසල ඇති ලිෆ්ට් එක අසල හිදගෙනය. ලිෆ්ට් එකට පිටුපස හරවා හිදගෙන සිටි නිසා එයින් යන එන කිසිවෙකු සෑමාට පෙනුනේ නැත. එහෙත් එක වරම පරිසරය කලබළ වූවාක් සේ හැගුන නිසා ඒ පැත්ත හැරී බැලුවේ සෑමාය.


    ඈත සිට මිනිසුන් කිසිවෙකුට අත වනයි. හිදගෙන සිටින බහුතරයක් නැගිටිති. සමහරු පසු පසින් දිව යති. කිසිවක් සිතා ගත නොහැකි වූ සෑමාට යමක් ඉවෙන් මෙන් දැනින. ඊට හේතුව රෝහලට ඇතුලු වෙන දොරටුව අසල කැමරා සූදානම් කරගෙන පිරිසක් සිටිය නිසාය. සිදුවන්නේ කුමක්ද කියා දැනුන මුත් සෑමා නැගිට ගියේ ඒ පැත්තටය.


    පොලිස් නිලධාරීන් රැසක් වට ‍කරගෙන ඉදිරියට ඇදෙමින් සිටියේ සැබෑ දේශප්‍රේමියෙකි. කුමන අභියෝගයක් හමුවේ වුවද නොසැලී සිනහවී එඩියෙන් මුහුණ දෙන දේශප්‍රේමියෙකි. තමා දේශප්‍රේමී යයි ක්‍රියාවෙන් ඔප්පු කළ පුද්ගලයෙකි. ඔහු පිරිස මැද ඉදිරියට ඇදෙද්දී වට පිට හිදගෙන සිටි බහුතරයක් තම අසුන් වලින් නැගිට සිටියහ. ඇතැමුන් දිව ගොස් තම අත ඔහු දෙසට දිගු කොට ඔහුගේ අත අල්ලා ගත්හ. සියළු කාරණා දෙස බලාගෙන සැලෙන හදින්, තෙත් වූ දෙනෙතින් ඔහුගේ බිරිද පිටුපසින් ඇදුනේ තම ස්වාමියා නෙපෙන්වන දුක තම කළු පාට සාරියෙන් ලොවට විදහා දක්වමිනි. සියල්ල මැද සෑමාද ඒ දෙස බලා ඉදිරියට ඇදුනේ ඔවුන්ට පිටුපසිනි.


    ඉන්පසු එතුමා ගියේ විකිරණ පරීක්ෂා සිදුකරන කාමරය තුලටය. පසු පසින් ආ පිරිස් තැන් තැන් වල වාඩි වුණහ. සෑමාද ඒ අවට වාඩි වුනේ සිදුවන්නේ කුමක්දැයි නැවත බලා ගැනීමටය. එතුමාගේ බිරිද සමග ආ මැදිවියේ තවත් කාන්තාවක් සෑමා අසල වාඩි වුණාය. ඇය සෑමා සමග සිනාසුනේ සෑමා හිතන දේ තේරුණ නිසාවත්ද ?


    "දැක්කද මල්ලි කොච්චර සෙනගක් ඉන්නවද සර්ට ?" ඇය හඩ අවදි කළාය.

    "අමුතුවෙන් කියන්න දෙයක් නැහැ අක්කේ, මිනිස්සු සද්ද නැතිව හිටියට ඇත්ත දන්නවා." සෑමා කීවේය.

    "ඒ දවස එනකල් තමා අපිත් ඉන්නේ.." ඇය එසේ කියා නැගිට පසෙකට වුනේ රෝහලේ කාර්යය මණ්ඩලයේ අයෙක් කතා කළ නිසාය.


    එතුමාට කතා කළ යුත්තේ 'සර්' කියාය.
    එතුමා වෙනුවෙන් ෆේස් බුකියේ අපි කරන (pages, groups, profiles, campaigns, etc;) දේවල් කිව යුතුය.

    අන්තර්ජාලය හරහා අත්සන් එක්කොට ධවල මන්දිරයට යැවූ පෙත්සමට අත්සන් කළ බව කිව යුතුය.

    එතුමා වෙනුවෙන් හඩන, තැවෙන, දුක්වෙන පිරිසක් හිදින බැව් (එතුමා දන්නා වුවද) කිව යුතුය.

    සෑමා එතුමා හමු වූ විට කිව යුතු දේවල් කල්පනා කලේය.


    විනාඩි දහයකට පමණ පසු නැවත පරිසරය කලබලකාරී විය. ඒ සමගම එකි සැබෑ දේශප්‍රේමියා පිරිස් මැද ඉදිරියට ඇදුනේ සියල්ලන්ටම සිහනවකින් සංග්‍රහ කරමින් සහ අතට අත දෙමින් කතා කරමිනි. එතුමා හිදගෙන සිටි සෑමාව පවා නැගිටුවමින් ඉදිරියට ඇදෙන්නට විය. සෑමා නැගිටිද්දී එතුමා සෑමා දෙසට තම අත දිගු කළේය. සෑමාට තමා කියන්නට සිටි සියළුම දේ අමතක විය.


    පෙර දවසකදී සෑමා එතුමාට කතිරය ගැසුවේ අද ඔහු අල්ලාගෙන සිටින දකුණු අතිනි. පෙර දවසක රට දැය වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෙකු ලෙස අවි එසවුනේ එතුමාගේ මේ සුරතිනි. ‍අද රාජ්‍ය පාලන තන්ත්‍රයේ සිටින කරුණා අම්මාන්ලා ඇටවූ බෝම්බ පහරට ලක්ව තම බඩවැල් පවා තම සිරුරට තද කරගෙන සිටියේ මේ සුරතිනි. එහෙව් අතකින් අල්ලාගෙන සිටින සෑමාගේ වචන සිර විණ. කිසිත් හිත ගත් නොහැකිව ඔහු දෙස බලා සිනාසුනේ සතුටකින්ද නොවේය. නමුත් සියළු කම්කටොළු දරාගෙන ඔහු සිනාසෙන්නේ නම් සතුටකින් නොවුනද සිනාසෙන්නට සෑමාට සිදු විය.


    ඉදිරියට ඇදුන සැබෑ වීරයා ලගට ඊලගට ආවේ වයසක අම්මා කෙනෙකි. එතුමාගේ සුරත සිපගෙන කදුලු සලන්නට තරම් ඇය සංවේදී වූවාය. ඇගේ හිස අතගාමින් එතුමා ඉදිරියට ඇදුනේය. ඉදිරියේ හිදගෙන සිටියේ සිගිති දරුවෙකු ඇකයේ තබාගෙන තරුණ යුවලකි. දෙදෙනාම ඔහු දැක නැගිට සිටියහ. එතුමා ඔවුන් ලගට ගොස් තරුණ පියාට අත දි දරුවාගේ මුහුණද අත ගෑවේය. සෑමාට මතක් වූයේ දරුවන් සුරතල් කරන තවත් උතුමෙකි.


    මග දිගට රැස්වෙන සියළු නෙත් තෙත් කරවමින් එතුමා පිටත්ව ගියේය.


    සියළු දෙනා ඔහු වටා රැස්වූයේ, ඔහු දැක හැගුම් බර වූයේත්, දේශපාලනයෙන් තොරවය. සෑමා මෙය ලීවේ දේශපාලනයෙන් තොරවය. මිනිස් සිත් ඇති සැමටය.


    sarath_fonseka+%281%29.jpg


    ප/ලි - මීට පෙර සෑමා එතුමා දුටුවේ යුද්ධය නිමා වූ දිනවල එතුමා කැළණි විහාරය වන්දනා කිරීමට ආපු දිනකය. එවලේ අපි සිටියේ දහම් පාසලේ වැඩකට ගිහින්ය. එක වරම අපිට එලියට බහින්න එපා යැයි විධානය කොට සිය ගණන් ආරක්ෂක සෙබළුන් පන්සල පුරා විහිදී ගියෝය. අපි දාන ශාලාවේ සිට අමාරුවෙන් එතුමා දැක ගත්තෙමු. එදා ඔහු වීරයෙකි. දැන් සම-හරක්ට එතුමා වීරයෙක් නොවේය.


    ප/ප/ලි - කිසිවෙකුට හෝ අප්සට් වගේ නම් මේ කතාව select කර, කොපි කර, මයික්‍රොසොෆ්ට් වර්ඩ් හෝ නෝට් පෑඩ් එකකට පේස්ට් කරන්න. ඉන්පසුව crtl + H (Edit > Replace) යතුරු ඔබා ලැබෙන Dialog box එකේ "Find what" යන්නෙහි "දේශප්‍රේමි" වචනය යොදා, "Replace with" යන්නෙහි "දේශ‍ද්‍රෝහී" ලෙස යොදා Replace කර කියවන්න.


    කතෘ අවසරය මත එළකිරි.කොම් සදහා උපුටා ගත්තේ මෙතනින්...... :yes:

    Code:

    http://samindikasrimantha.blogspot.com/2012/03/blog-post_28.html
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    හෙට නිදහස් දිනය(ලු)...


    ජෙනරාල් එක්ව ලද නිදහසට අවමන් නොකරමු.. !

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ......


    මෙබදු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කලොත් ලොවේ
    නුඹෙත් මගෙත් නම කියවේ......


    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්......


    තමන් ලැබු දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ


    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකත් හිරිහැරයත්
    නිවනට සරි කොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්......

    -කොළඹ ආනන්ද විද්යාලයේ වැඩ සිටි ධර්මාචාර්ය ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි.​




    සැමාගේ අඩවියෙන් ගත්තේ..
    http://samindikasrimantha.blogspot.com/2012/02/blog-post_03.html
     
    Last edited:

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඇත්තටම "සෑමා" ලිව්වේ නැහැ - හිතන්න දෙයක් ඉතුරැ කළා


    මේ දවස් වල හැම බ්ලොග් එකකම සැරට යන ටොපික් එක දේශපාලන සංවාදලු. "සෑමා" ඒ ඔක්කෝටම ඇටෙන්ෂන් එක දීගෙනම හිටියලු. "සෑමා"ගෙන් දෙතුන් දෙනෙක් ඇහුවෙත් ඇයි ඒ ගැන මුකුත් ලියන්නේ නැද්ද කියලලු. සෑමා ටිකක් කල්පනා කෙරැවලු. උණු හින්ද බොන්නත් බැහැලු. කැද හින්දා අහක දාන්නත් බැහැලු. ලිවීමේ නිදහස ගැන කියන්න ගිහින් අමාරැවේ වැ‍ටෙන්න ඕනෙත් නැහැලු. "සෑමා" start-no-චිත (ස්ථානෝචිත) ප්‍රඥාව යූස් කරලා හොයා ගත්තලු සිංදුවක්.


    යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්
    ඉදිකටු ඇණ ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්
    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්


    කකා බිබී නටන අතර නරැම යහළු යෙහෙලියන්
    පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්
    රට ගිණි ගෙන ඇති වග දුටු මගේ එකම පුතණුවන්
    එ ගිණි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්


    ගිණි ගන්නා රටක කෙළින මී හරකුන් වැනි පුතුන්
    කුමටද මට මහ විරැවෙකි සිරගෙයි මල මගෙ පුතුන්
    කෝටි ගණන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්
    කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ලග උතුම්
    ගායනය- නන්දා මාලනී

    පද රචනය - සුනිල් ආරියරත්න
    කාලීන පෝස්ට් එකක් (ඉල්ලපු නිසා) දැම්මේ "සෑමා" 3.15pm_21.11.'11
    ඇත්තටම "සෑමා" ලිව්වේ නැහැ - හිතන්න දෙයක් ඉතුරැ කළා

    පලි- කතා කලේ දේශපාලනය නොවේ. මනුස්සකම ගැනය. බහුතරයක් තම උපන්දිනය සමරන්නේ අසරණයන්ට දානයක් දීමෙනි, අහිංසක සතෙක් හෝ නිදහස් කරමිනි. එදිනට කාගෙන් හෝ පුංචි හෝ දොසක් ඇසෙන අවැඩක් නොකරන්නේ මනුස්සකම නිසාය.

    ඉස්සුවේ සැමාගේ බ්ලොග් එකෙන්..

    http://samindikasrimantha.blogspot.com/2011/11/blog-post_21.html

     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    නිදහස සෙනෙහස පිරිනු හෙටක්
    හොරකම මෑරකම නොමෑති රටක්
    :):):)
    කරන්න පුලුවන්නම් අනෙ හොදඉ....
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    *අපට උවමනා කලවැද්දාට කලවැද්දා යයි කීමට, මර්වින්/දුමින්ද ට මැරයන් යැයි කීමට, ප්රජාතන්ත්රවාදයට නිගා කරන උන්ට පාහරයන් යයි කීමට තරම් කොන්ද පණ ඇති මිනිසෙක් !

    :yes::yes::yes::yes: දෑක්කනි බන් ෆොන්සේකා එලියට අපු ගමන් කිවා බය නෑතිව මව හිරකලේ දේශපාලන පලිගෑනිමකට කියලා..කතාව කෙලින් වෑඩත් කෙලින් අපේ ජෙනරල් තුමාගේ

    ane oka mariyan, war criminal, wesa sarath


    tag karapu unta ridila,,puka palilada wasthuwe,,enna tailr kenekta kiyala mazzanna,,mulinma janage gani ekka appa gahanawa pukata,,ilagata jana,,
    ilagata mongal puttu ekkat sanwaase yedenna epay ne,,ane ane,,puk gatta kadenawa taramak

    :lol::lol::lol: Sira katahawa ban

    නියමයි මචෝ සිර කතාව අපිට ඕනේ අපේ අදහස් සුදුවෑන් වලට බයේ හිරකරගෙන නොයිද නිදහසේ එලියට දන්නා පුළුවන් රටක්..ඇත්ත කතාකරන්න පුළුවන් රටක්...

    :):):) Aniwa machn

    බැස නොයන ඔබ අනාගතයේදී හමු වනතුරු අපි බලාසිටිමු...!
    sarathfornsefkajailed.jpg



    elazzzzz machooo


    හoසයා ඔබයි...
    දියෙන් කිරි වෙන් කරනා

    මිනිසා ඔබයි...
    මිනිස් කම දන්නා...


    Lassanai.. Sundarai.. kaalochithai...
    Rep ++

    Thx bn... youtube eke sinduwa tiyanwa :)

    කරන්න පුලුවන්නම් අනෙ හොදඉ....

    MOko bn karanna bari :growl::growl::growl:

    හෙට නිදහස් දිනය(ලු)...


    ජෙනරාල්එක්ව ලද නිදහසට අවමන් නොකරමු.. !

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ......


    මෙබදු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කලොත් ලොවේ
    නුඹෙත් මගෙත් නම කියවේ......


    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්......


    තමන් ලැබු දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ


    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකත් හිරිහැරයත්
    නිවනට සරි කොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්......

    -කොළඹ ආනන්ද විද්යාලයේ වැඩ සිටි ධර්මාචාර්ය ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි.​




    සැමාගේ අඩවියෙන් ගත්තේ..
    http://samindikasrimantha.blogspot.com/2012/02/blog-post_03.html

    elazzzzzzzzz kollo :):):) great job

    …