සරත් ෆොන්සේකාගේ පක්ෂය දෙකඩ කිරීමේ දැවැන්
සිරගතව සිටින හිටපු හමුදාපති සරත් ෆොන්ස්කා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය දෙකඩ කර විනාශ කරලීම සඳහාත්, ෆොන්සේකා මහතා තවදුරටත් සිරගත කොට තබා ගැනීම සඳහාත්, විපක්ෂයේ දේශපාලනඥයින් කිහිපදෙනෙකු එක්ව දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් කොට ඇතැයි වාර්තාවේ. මේ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කොළඹ දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රී රවි කරුණානායක, ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහත්වරුන් ඇතුළු පිරිසක් මුලිකත්වය ගෙන කටයුතු කරමින් සිටින බව ප්‍රජාත්‍රන්තවාදී ජාතික සන්ධානය අනාවරණය කරගෙන ඇත.
එමෙන්ම එම කුමන්ත්‍රණය සඳහා රුවන් විජයවර්ධන පවුලට අයත් “ඉරිදා ලංකාදීප” පුවත්පත හා තවත් දිනපතා පුවත්පතක් උපයෝගී කොටගෙන ඇති අතර, අසත්‍ය පුවත් එහි පළ කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තුළ විවිධ අර්බුද නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවද එම පක්ෂයේ මතය වී තිබේ.
ඒ අනුව මීට සති කිහිපයකට ඉහතදී ප්‍රජාත්‍රන්තවාදී ජාතික සන්ධානයේ තනතුරු දරන්නෙකු යැයි සඳහන් කරමින් මහේෂ් අතපත්තු නැමැත්තෙකුගේ සම්මුඛ සාකච්ඡාවක් “ඉරිදා ලංකාදීප” පුවත්පතේ පළ කිරීමට පියවර ගෙන තිබූ අතර එම පුවතම පසුගිය සතියේ නැවත වතාවක් එක්තරා දිනපතා පුවත්පතක පළ කිරීමටද ඔවුන් පියවර ගෙන තිබිණ.
එහෙත් මෙම මහේෂ් අතපත්තු නමැත්තා ප්‍රජාත්‍රන්තවාදී ජාතික සන්ධානය තුළ කිසිඳු ක්‍රියා මාර්ගයක් සඳහා සහභාගී නොවූවකු බවත් එම පක්ෂය සඳහන් කොට ඇත.
ඒ අනූව ප්‍රජාත්‍රන්තවාදී ජාතික සන්ධානය කඩා බිඳ දැමීම සඳහා හිතාමතාම අරඹා ඇති මෙම කුමන්ත්‍රණ පිළිබඳව ඉදිරි දින කිහිපය තුළදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා රටටම අනාවරණය කිරීමට එම පක්ෂය තීන්දු කොට ඇත.
උපුටා ගැනීම: ඉරිදා මව්බිම

ඔහොම යන්. ෆොනියට කරගත්ත ගොන්කමේ රගේ දැනෙන්ඩ පටන් අරන් ඇති, හොද වැඩේ ෆොන්සේකට, ගියා දොහියොත් එකක එකට හිට ගන්ඩ,"කුම්බල මාලු කෑවනම් ඉවසාපන් බල්ලෝ කියුවලු".