ෂෙඩ් එකකට යමන්, රෑ 12ඉඳලා මිල වැඩි වුනා කීවට පරණ stock එක නෙවෙයිද රෑ 12ට ඒකෙ තියෙන්නෙ? එහෙනම් පරණ stock එක දීලා ඉන්න එපැයි පරණ මිලට. සිල්ලර කඩේකත් එහෙමනෙ. සීනි, පරිප්පු, අල, ළූණු එහෙම උඹට පරණ මිලට දෙනවද ගණන් වැඩි වුනා කීවාම පහුවදාට ගියොත්? වැඩියෙ ඕන නෑ උඹ ගෙදර පාවිච්චි කරන electric බඩු මුට්ටු වාහන එහෙම පරණ මිලට උඹ විකුණනවද විකුණද්දි?
සරසවි එකේ නෙවේ මොකේ වුනත් ඌ ළඟ තියෙන ටික පරණ මිලට දුන්නොත් උට අලුතෙන් ආයෙ ගන්න වෙන්නෙ තිබ්බ stock එකෙන් බාගයක් විතර සාමාන්‍යයෙන්. බිස්නස් කියන්නෙ පින් තකා, සමාජ සේවය, අනේ පව්.. එහෙම බිස්නස් කරන්න බෑ. මිල අඩු වුනා කියපන්කො භාණ්ඩයක., එන පාරිභෝගිකයා "අනේ මුදලාලි පව් වැඩි මිලට ගෙනත් අඩුවට නේද දෙන්න වුනේ ආ මෙන්න වැඩි මිලටම මං ගන්නම්" කියලා වැඩි මිලට ගන්නවද? නෑ නෙ.