සරසවි කුරුටු ගී

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell

here's original bro


13328136352096268110713.jpg


And I'm totally agree with this guy..................:P :P

මේ තියෙන්නේ, ස්තුතියි සහෝ:):)
 

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
නැතිවම නෙවෙයි ඉන්නවා,ඒත් අනිත් යුනි වල වගේ girls ල නෑ.
ඔව් ඔව්.. ගොඩක් අඩුවෙන්ලු ඉන්නේ :rolleyes:
හැබැයි ආකිටෙක්චර් වගේ පාඨමාලා කරන අය නම් ටිකක් ඉන්නවාලු:rolleyes:..;):)
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
කුසට නැත අහරක්
නෙත නොදනී නිදි සුවය
සරසවිය සරසවිය
මරා දැමුවේය නුඹ අපේ
සොදුරු වූ යෞවනය

( රුහුණු විශ්ව විද්‍යාලය-සරසවි බිත්තියක )
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ඔව් ඔව්.. ගොඩක් අඩුවෙන්ලු ඉන්නේ :rolleyes:
හැබැයි ආකිටෙක්චර් වගේ පාඨමාලා කරන අය නම් ටිකක් ඉන්නවාලු:rolleyes:..;):)

ඔව් Architecture,Town planning ඒවට ඉන්නවා
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
සිඟන්නෙක් තුන්මුල්ලෙ දී සිඟමන් යදියේ
පිහිටක් නැතිව මා වෙත හැරුණයි හදියේ
යමක් ලැබේ දැයි ඔහු තුළ සැක වූයේ
රටක් ඇතිද අනාථයෙකි මා සරසවියේ

( කොලඹ විශ්ව විද්‍යාලය-දේශන ශාලාවක )
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒකට කමක් නෑ අයියේ,ඔන්න ඔය කුරුටු ගීයක් දෙකක් බලන්නකෝ;)

    මේක කැම්පස් එකක්ද දන්නෑ...
    මට මතක තියෙන හැටියට ලියන්නම්...

    විභාගේ අත ලඟ....
    හිත පොත ලඟ...
    පොත ඈ ලඟ...
    ඈ ඌ ලඟ...
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    මේක කැම්පස් එකක්ද දන්නෑ...
    මට මතක තියෙන හැටියට ලියන්නම්...

    විභාගේ අත ලඟ....
    හිත පොත ලඟ...
    පොත ඈ ලඟ...
    ඈ ඌ ලඟ...

    විභාගෙ අත ලඟ
    අත පොත ලඟ
    පොත හිත ලඟ
    හිත ඇය ලඟ
    එම නිසා
    විභාගෙ ඇය ලඟ ;);)

    ( කොලඹ විශ්ව විද්‍යාලය-දේශන ශාලාවක )
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    පාඩම් කලත් නෑ මතකයෙ රැඳෙන්නේ
    මතක සිටින වයසක නොව අප සිටින්නේ
    ඩිග්‍රිය කියන සිහිනයදෝ දකින්නේ
    කැම්පස් ආව කරුමෙට අපි ගෙවන්නේ

    ( රුහුණු විශ්ව විද්‍යාලය-ආපන ශාලාවක )
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    මදුරු පිරිස ඇඟ හැම තැන දැවටෙනවා
    නෝට් පොදිය අත්තල මත වැලපෙනවා
    නිදිමත දැනෙයි නොදැනිම නෙතු පියවෙනවා
    ඩිග්‍රිය ලැබෙන තුරු මේ දුක පළ දෙනවා

    ( රුහුණු විශ්ව විද්‍යාලය-රුවිනි-විද්‍යා පීඨය )
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    සිව් විසි පැයෙම සිහි වෙනවා ඔබගෙ වත
    කය මෙහි වුවත් ඇත ඔබ ලඟ මගේ හිත
    දයිවය මඟින් ගිලිහුනොතින් ඔබගෙ වත
    එදිනට මගේ අවසන් ගඳ දැනෙනු ඇත


    ( ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය-ලේඩි මාග්‍රට් නේවාසිකාගාරය )
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විභාගෙ අත ලඟ
    අත පොත ලඟ
    පොත හිත ලඟ
    හිත ඇය ලඟ
    එම නිසා
    විභාගෙ ඇය ලඟ ;);)

    ( කොලඹ විශ්ව විද්‍යාලය-දේශන ශාලාවක )

    ආ...මේකද ඔරිජිනල් එක.... :):)