සරසවි සිසුන්ට ‘ලැප්ටොප්’

Oct 27, 2010
1,996
200
0
Colombo 7
සරසවි සිසුන්ට ‘ලැප්ටොප්’

සරසවි සිසුන්ට ‘ලැප්ටොප්’ නායකත්ව පුහුණුව ලබන අයටත් මාස 3ක ඉංගී‍්‍රසි පුහුණුව
mini-Laptop-Sony-Vaio-Vgn.jpg

මේ වසරේ ඔක්තෝබරයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා නවක සිසුන් 20,274 දෙනාටම ලැප්ටොප් පරිගණකය බැගින් ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. සරසවි සිසුන්ගේ ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණෙන් මෙය ක්‍රියාත්මක කෙරේ.

විශ්වවිද්‍යාල වරම් ලබා සිටින සිසුන් වෙනුවෙන් මේ දිනවල පැවැත්වෙන නායකත්ව පුහුණු පාඨමාලාවෙන් පසු ඔවුන් ඉංග්‍රීසි පාඨමාලාවකට යොමු කෙරෙන අතර මේ ඉංග්‍රිසි පුහුණුව සිසුන්ට සමීප මධ්‍යස්ථානයකදී හැදෑරීමට අවස්ථාව ලැබේ.

ඉංග්‍රීසි පාඨමාලාව ආරම්භ කරන අවස්ථාවේදීම සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබා ට අදහස් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා “දිනමිණ”ට ප්‍රකාශ කළේය. මෙමඟින් සිසුන්ට පහසුවෙන් ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය පිළිබඳ හැදෑරීමට හැකියාව ලැබෙන අතර අන්තර්ජාලය ඔස්සේ ඉංග්‍රිසි පාඨමාලා සමඟ සජීවීව සම්බන්ධ වීමට ද හැකියාව ලැබේ.

මීට අමතරව විවිධ වෙබ් අඩවි හරහා පර්යේෂණ කිරීමට ද සිසුන්ට අවස්ථාව ලැබේ.

මේ වන විට පරිගණක සැපයුම්කරුවන් සමඟ පරිගණක ලබා ගැනීම පිළිබදව සාකච්ඡා කර තිබෙන බවත් ඔවුන් අඩු මිලට පරිගණක ලබා දීමට එකඟතාව පළ කර තිබෙන බවත් නවරත්න මහතා කීවේය.

ඒ අනුව රුපියල් 1,20,000 පමණ වන ලැප්ටොප් පරිගණකයක් රුපියල් 71,500 කටත් රුපියල් 90,000 ක් පමණ වන ලැප්ටොප් පරිගණකයක් රුපියල් 59,500 කටත් ලබා දීමට පරිගණක සැපයුම්කරුවන් එකඟ වී ඇත. මේ ලැප්ටොප් පරිගණකයට වසර තුනක වගකීම් සහතිකයක් ලබා දෙන අතර 2010 එම්/එස් මෘදුකාංග ඇතුළු නවීනතම මෘදුකාංග රැසක් ඊට ඇතුළත් කර ඇත.

මුදල් එකවර ගෙවා හෝ වාරික වශයෙන් ගෙවා මේ පරිගණක ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබෙන අතර උපාධිය අවසන් කර රැකියාවකට ගිය පසු ගෙවීමේ පදනම මතද මේ පරිගණක ලබා ගැනීමට ඉඩකඩ තිබේ. මේ සඳහා ණය ලබා දීමට සියලුම බැංකු එකඟ වී ඇති බවත් මෙහිදි අමාත්‍යාංශය සිසුන්ට අඩු මිලට පරිගණක සැපයීම වෙනුවෙන් මැදිහත් වන බවත් ලේකම්වරයා කීවේය.

සිසුන්ට ලබා දෙන මේ ඉංග්‍රීසි පාඨමාලාවෙන් පසු ඔවුන් සරසවියට පැමිණි විට ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රයකට මුහුණ දිය යුතුය. එම ප්‍රශ්න පත්‍රයෙන් සිසුන් ලබා ගන්නා ලකුණු අනුව ඔවුන් වර්ගීකරණය කරනු ලබන අතර දුර්වල සිසුන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමය යටතේ අමෙරිකාව සමඟ ඒකාබද්ධව මේ ලැප්ටොප් පරිගණකය ඔස්සේ විශේෂ ඉංග්‍රීසි පාඨමාලාවකට යොමු කෙරේ.
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
leadership2.jpg

මහින්ද චින්තනයෙන් පොරොන්දු වූ පරිදිම විශ්වවිද්‍යාල සිසුන්ට නවීන පහසුකම් සමඟ යහපත් අනාගතයක්. ගරු මහින්ද රාජපක්ෂ ජනපති තුමාට එළකිරි අපේ උත්තමාචාරය!
 
4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    සරසවි සිසුන්ට ‘ලැප්ටොප්’ නායකත්ව පුහුණුව ලබන අයටත් මාස 3ක ඉංගී‍්‍රසි පුහුණුව
    mini-Laptop-Sony-Vaio-Vgn.jpg

    මේ වසරේ ඔක්තෝබරයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා නවක සිසුන් 20,274 දෙනාටම ලැප්ටොප් පරිගණකය බැගින් ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

    යකෝ මුල ටිකෙන් නිකන් කියන්නේ හරියට බන් ලැප්ටොප් එකෙ ෆ්‍රී දෙනවා වගෙනේ ඕයි...
    මම තමුසෙට +රෙප් එකකුත් දෙන්න ගිහින් පස්සේ අයිත් කියවලා බැලුවම තම්යි දැක්කේ මේ ලැප් ටොප් දෙන්නෙ ෆ්‍රී නෙම්යි කියලා. කොච්චර බයිලා ගැහුවත් ඔය ගානක් දීලා ලැප්ටොප් ගන්න බැරි කට්ටිය ඉන්නවා බන් ලංකාවෙ. මේ කොලඹ ම ඉන්නව. තව මොනවද දුර පැති ගැන කතා කරන්නේ.
     
    මේවා දෙන්නේ ඉතාමත් අඩු මිලට. පහසු ගෙවීමේ ක්‍රමයට නැත්නම් රැකියාවක් කරන කාලෙක ගෙවන්න ගන්න. ආණ්ඩුවෙන් අනුග්‍රහය දෙන නිසා 50 000 - 30 000 විතර අඩුවට දෙන්නේ.
    එතකොට නිකන් දෙනවා වගේ තමා.

    අපේ අය පුළුවන් වෙලාවට රෙප් දෙන්න මට. දේශපාලන පළි ගැනීම් නිසා මගේ රෙප් ගොඩක් අඩු කරලා ජෙප්පොයි පොනිල්ගේ කට්ටියයි.
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මොනවද බන් උඹේ fakes වලින්ම ඇවිල්ල එල එල කියලා replies දාගන්න ලැජ්ජ නැද්ද බන්?

    :lol: :lol: :lol:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මේවා දෙන්නේ ඉතාමත් අඩු මිලට. පහසු ගෙවීමේ ක්‍රමයට නැත්නම් රැකියාවක් කරන කාලෙක ගෙවන්න ගන්න. ආණ්ඩුවෙන් අනුග්‍රහය දෙන නිසා 50 000 - 30 000 විතර අඩුවට දෙන්නේ.
    එතකොට නිකන් දෙනවා වගේ තමා.

    අපේ අය පුළුවන් වෙලාවට රෙප් දෙන්න මට. දේශපාලන පළි ගැනීම් නිසා මගේ රෙප් ගොඩක් අඩු කරලා ජෙප්පොයි පොනිල්ගේ කට්ටියයි.

    මම උඹට +රෙප් දීල තියෙනවා ඔයිට ඉස්සෙල්ලා ඒවට. උඹට මතකද දන්නේ නෑ. මම වැදගත් සධාරණයි කියලා හිතෙන දෙවට රෙප් දෙනවා මචන්...

    උඹ වැදගත් නිව්ස් දාපන්., වැදගත් as in ඇත්ත. කට්ටිය දෙයි +රෙප්.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    අපි කැම්පස් යන කාලේ මේවා දුන්නේ නැහැනේ. මම ලැප් ටොප් එක ගත්තේ ගෙදරින් සල්ලි ඉල්ලගෙන.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මම උඹට +රෙප් දීල තියෙනවා ඔයිට ඉස්සෙල්ලා ඒවට. උඹට මතකද දන්නේ නෑ. මම වැදගත් සධාරණයි කියලා හිතෙන දෙවට රෙප් දෙනවා මචන්...

    උඹ වැදගත් නිව්ස් දාපන්., වැදගත් as in ඇත්ත. කට්ටිය දෙයි +රෙප්.

    :yes:

    එළකිරි එකේ දේශපාලන පලිගැනීම් වලට රෙප් කපන සංස්කෘතිය අපි නවත්තන්න ඕන. මම නම් කාගෙවත් රෙප් අඩු කරලා නැහැ.
     
    • Like
    Reactions: niko111