සරසවි සිසුන්ට ‘ලැප්ටොප්’
සරසවි සිසුන්ට ‘ලැප්ටොප්’ නායකත්ව පුහුණුව ලබන අයටත් මාස 3ක ඉංගී්රසි පුහුණුව
මේ වසරේ ඔක්තෝබරයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා නවක සිසුන් 20,274 දෙනාටම ලැප්ටොප් පරිගණකය බැගින් ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. සරසවි සිසුන්ගේ ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණෙන් මෙය ක්‍රියාත්මක කෙරේ.
විශ්වවිද්‍යාල වරම් ලබා සිටින සිසුන් වෙනුවෙන් මේ දිනවල පැවැත්වෙන නායකත්ව පුහුණු පාඨමාලාවෙන් පසු ඔවුන් ඉංග්‍රීසි පාඨමාලාවකට යොමු කෙරෙන අතර මේ ඉංග්‍රිසි පුහුණුව සිසුන්ට සමීප මධ්‍යස්ථානයකදී හැදෑරීමට අවස්ථාව ලැබේ.
ඉංග්‍රීසි පාඨමාලාව ආරම්භ කරන අවස්ථාවේදීම සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබා ට අදහස් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා “දිනමිණ”ට ප්‍රකාශ කළේය. මෙමඟින් සිසුන්ට පහසුවෙන් ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය පිළිබඳ හැදෑරීමට හැකියාව ලැබෙන අතර අන්තර්ජාලය ඔස්සේ ඉංග්‍රිසි පාඨමාලා සමඟ සජීවීව සම්බන්ධ වීමට ද හැකියාව ලැබේ.
මීට අමතරව විවිධ වෙබ් අඩවි හරහා පර්යේෂණ කිරීමට ද සිසුන්ට අවස්ථාව ලැබේ.
මේ වන විට පරිගණක සැපයුම්කරුවන් සමඟ පරිගණක ලබා ගැනීම පිළිබදව සාකච්ඡා කර තිබෙන බවත් ඔවුන් අඩු මිලට පරිගණක ලබා දීමට එකඟතාව පළ කර තිබෙන බවත් නවරත්න මහතා කීවේය.
ඒ අනුව රුපියල් 1,20,000 පමණ වන ලැප්ටොප් පරිගණකයක් රුපියල් 71,500 කටත් රුපියල් 90,000 ක් පමණ වන ලැප්ටොප් පරිගණකයක් රුපියල් 59,500 කටත් ලබා දීමට පරිගණක සැපයුම්කරුවන් එකඟ වී ඇත. මේ ලැප්ටොප් පරිගණකයට වසර තුනක වගකීම් සහතිකයක් ලබා දෙන අතර 2010 එම්/එස් මෘදුකාංග ඇතුළු නවීනතම මෘදුකාංග රැසක් ඊට ඇතුළත් කර ඇත.
මුදල් එකවර ගෙවා හෝ වාරික වශයෙන් ගෙවා මේ පරිගණක ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබෙන අතර උපාධිය අවසන් කර රැකියාවකට ගිය පසු ගෙවීමේ පදනම මතද මේ පරිගණක ලබා ගැනීමට ඉඩකඩ තිබේ. මේ සඳහා ණය ලබා දීමට සියලුම බැංකු එකඟ වී ඇති බවත් මෙහිදි අමාත්‍යාංශය සිසුන්ට අඩු මිලට පරිගණක සැපයීම වෙනුවෙන් මැදිහත් වන බවත් ලේකම්වරයා කීවේය.
සිසුන්ට ලබා දෙන මේ ඉංග්‍රීසි පාඨමාලාවෙන් පසු ඔවුන් සරසවියට පැමිණි විට ඉංග්‍රිසි ප්‍රශ්න පත්රයකට මුහුණ දිය යුතුය. එම ප්‍රශ්න පත්‍රයෙන් සිසුන් ලබා ගන්නා ලකුණු අනුව ඔවුන් වර්ගීකරණය කරනු ලබන අතර දුර්වල සිසුන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමය යටතේ අමෙරිකාව සමඟ ඒකාබද්ධව මේ ලැප්ටොප් පරිගණකය ඔස්සේ විශේෂ ඉංග්‍රීසි පාඨමාලාවකට යොමු කෙරේ.

fake naha machan mage. mama enne meken witharayi