සර්පයාගේ අලුත් හිස
Top Lanka News
දෙමළ ජාතික සංවිධානය (ටීඑන්ඒ) වනාහි හින්දු සාහිත්‍යයේ සඳහන් වෙන සර්පයාට සමානය. එක හිසක් කැපු විට ඌ වෙන හිසකින් මතුවෙයි. දැන් ටීඑන්ඒ සංවිධානය අලූත්ම හිසකින් පෙනීසිටි. එය ව්‍යාජ විසකි. ජාත්්යන්තරයේ උවමනාවක් පරිදි ඉන්දියාව සපයන ලද්දකි. ඉන්දීය විදේශ ඇමති ක්‍රිෂ්ණා ලංකාවට පැමිණි වේලේ ටීඑන්ඒ සංවිධානය සමග සාකච්ඡා නොකරන්ඩ හේතුව මෙම හිස ඉන්දියාවෙන් සපයන ලද්දක් බව රටේ දේශපේ‍්‍රමි නායකයින්ට සැඟවීමේ උවමනාවයි.
පසුගිය මාසය වෙනතෙක් තමිල්නාඩුවේ ජාතිවාදීන් සමග එක්ව ඊළම සදහා වෙහෙසුන ටිඑන්ඒ සංවිධානය ජනාධිපතිතුමාට එරෙහිව දෙමළ ඩයස් පෝරාව ලංඩනයේ පැවැත්වු ඊනියා උද්ඝෝෂණය පිටිපස්සේ හිටියේ නැද්දයි අප සඳහන් කරන්ඩ උවමනා නැත. උද්ඝෝෂණයට මුළිකවු පිරිස ගැන සෙවීමෙන් දැනගැනිමට පුලූවන. ටීඑන්ඒ කාරයින් සම්බන්ධව වැඩකරන තමිල්නාඩු කණ්ඩායම පසුගිය සතියේ එහි පැමිණි ශ්‍රී ලංකාවේ මුස්ලිම් ඇමතිවරයෙකුට විරුද්ධ උද්ඝෝෂණයක යෙදුනේය. ටීඑන්ඒ සංවිධානය රජයේ උතුරු නැගෙණහිර පලාත් හි රජයේ සංවර්ධන වැඩපිළිවෙලට උපකාර කිරීමට සැරසෙන්නේ ඒ අතරය. එහි නායකයෝ ඒ සදහා ජනාධිපතිතුමා මුණ ගැහීමට ලක ලෑස්ති වෙති.
උතුරේ දෙමළ ජනතාවට ඇති මුළික ප්රශ්නය ඔවුන් ලංකාව තුළ එක පලාතකට කොටවු ජනතාවක් වශයෙන් කාලයක් තිස්සේ ජිවත්වීමයි. තමිල්නාඩුව සමග මිස රටේ අනිත් පලාත් සමග ඔවුන්ගේ සම්බන්ධතාවයක් ඇත්තේම නැත. මේක දෙමළ ජාතිවාදී දේශපාලනඥයින්ට මෙන්ම ඉන්දියාවට ද වාසිදායක දෙයකි. උතුරේ දෙමළ ජනතාව ඔවුන් ඉන්දියාවේ කොටසක් වශයෙන් සිතන්නේ පතන්නේ නැතිනම් ජාතිවාදී දේශපාලනඥයින්ට පාඩුය. ඉන්දියාවට ලංකාවට ඇගිලි ගැසිමට ඇති හැකියාව අඩුවේ.
ලංකාවේ ජාතික සමගිය ඇතිකිරිම කළ හැක්කේ ඉන්දියානු හා කතෝලික සභාවේ කේවට්ටයන් දෙන උපදෙස් පරිදි සිංහලයන් වෙසෙන පෙදෙස්වල පාසැලක් පාසැලක් ගානේ දෙමළ ඉගැන්වීමෙන් නොවේ. ඒක අමු තකිතීරු වැඩකි. සිංහල මරණ ක්‍රියාවකි. කළයුත්තේ උතුරේ වැසියන් ව ශ්‍රී ලංකාවේ වැසියන් කිරිමයි. ඒ සදහා සිදුවිය යුතු මූළිකම ක්‍රියාව ලංදේසින් පැනවු තේසවලමෙයි නීතිය ඉවත් කිරීමයි. දෙමලූන්ට ලංකාවේ ඕනෑම පලාතක ඉඩම් ගැනිමට හා පදිංචිවීමට පුලූවන් වගේම දෙමලූන් නොවන සිංහලූන් හා අනිත් ජාතින්ට ද උතුරේ ඉඩම් ගැනීමට හා පදිංචිවීමට නීතියෙන් ඇතිබාධා වැලැක්වීය කළ යුතුයි. එය එක්සත් රටක් ඇතිකිරිමට හිතනවා නම් රජය විසින් වහා කළ යුතු මූළික ක්‍රියාවකි.
සිංහලයන් උතුරේ පදිංචිවීම වැලැක් වු තරමට උතුරේ ජාතිවාදය පවත්වාගෙන යාමට පුලූවන. උතුරේ සිංහල දෙමළ ජාතින් මිශ්‍රවු විට කොළඹ හා ඒ අවට පලාත්වල වගේ සිංහල හා දෙමළ ජාතින් අතර එක්සත්කම ඇතිවේ. මැල්කම් රංජිත් කාදිනල්වරයා උතුරේ සිංහලයන් පදිංචිකරවිමට විරුද්ධ ඇයි යන කාරණය දැන්වත් අපි පිළිගනිමු. කාදිනල්වරයා ඊළාම් ව්‍යාපාරයට උපකාර කරන්නෙකි. ශ්‍රී ලංකාවේ පමණක් නොව තමිල්නාඩුවේ කතෝලික සභාද ඊළාම් ව්‍යපාරයට සහය දෙති.
ඇමරිකාව නිදර්ශනයකට ගන්න. කොලොම්බස්ගේ යුගයෙන් පසුව ඇමරිකාව සුදුජාතිකයින්ගේ රටක් බවට පත්විය. ඔවුන්ට වැඩ කිරිම සදහා ඇමරිකානු මහාද්විපයට ලක්ෂ ගණනක් අප්‍රිකානුවන් ගෙන එනු ලැබුහ. දිගු කලක් වහලූන් වශයෙන් ජීවත්වු කලූ ජාතිකයෝ බොහෝ වෙහෙස විඳ නිදහස ලබාගති. ඔවුන්ට ඇමරිකාවේ ඕනෑම පලාතක ඇවිදීමේ පදිංචිවීමේ රැකියාකිරීමේ හා ව්‍යාපාර පවත්වාගෙන යාමේ නිදහස නිදහස්වුවන්ට ලැබුණි. එසේ නොවී කල්ලන් එක ප්‍රාන්තයකට හෝ ප්‍රාන්ත කිහිපයකට කොටුවුයේ නම් අද ඇමරිකාව ජාතිවාදය රජකරන රටකි. නමුත් ලෝකයේ රටවල් අතර ජාතිවාදය සම්පුර්ණයෙන් නැතිකළ රට ඇමරිකාව බව පෙනේ. ඊට හේතුව රටේ ජීවත්වෙන ඕනෑම රටවැසියෙකුට ජාතිය නොසලකා මේ මගේ රට යන හැගුම ඇතිකරන දේශපාලන ප්රතිපත්තියයි.
ශ්‍රී ලංකාවේ සිංහලයන්ට එවැනි හැගීමක් නැත. උතුරේ පුරාන සිංහල රාජධානි ගම්බිම් ජනපද තිබු බව ඔවුන් දනිති. ජාතිවාදින් මොන කීවත් චෝල ආක්රමණවලට පෙර උතුර තනිකරම සිංහල ජනාවාසයකි. තේසවලමෙයි නීතිය බදාගෙන උතුරට කොටුවී සිටින දෙමළ ජනතාව පුරාන සිංහල ගම් බිම් අල්ලාගෙන මේ අපේ දෙමළ නිජභුමිය යයි කියමින් ජාතිවාදී දේශපාලනඥයින් කියවන ඒ මිථ්‍යාවේ ගැලී සිටිති. උතුර සිංහලයන්ට තහනම් බව ඔවුන් දනිති.
ටීඑන්ඒ් සංවිධානය අලූත් හිසකින් ජනාධිපතිතුමා හමුවීමට එන්නේ උතුර සංවර්ධනයට ආධාර කිරීමට නොවේ. ඔවුන් වෙහෙසෙන්නේ රජයේ සංවර්ධන වැඩ පිළිවෙල විනාශ කිරිමටයි. උතුරේ ජාතිවාදය ආයෙත් සංවර්ධනය කිරීමටයි. ඊට ඉඩදුන්නොත් යුද්ධයෙන් ලත් ජයවගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන ජයග්‍රහණයටත් සිදුවන්නේ මහා විපතකි. එවැන්නක් සිදුවුනොත් මීලග මහා මැතිවරණයේ දී හෝ ජනාධිපතිවරණයේ දී හෝ එහි ප්‍රතිඵලය දැකගැනිමට ලැබෙනු සිකුරුයි. ටීඑන්ඒ ව්‍යාපාරය කිසිම දිනක තීරනාත්මක අවස්ථාවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පක්ෂව කටයුතු නොකරන සංවිධානයකි.
ඊළාම් සටන හා විදේශීය කුමන්ත්‍රණය පෙරමෙන්ම වර්තමානයේත් ක්‍රියාත්මක වේ. ඊළාම්වාදීන්ට හසුනොවී රට එක්සත්ව පවත්වාගෙන යාමට රජය අවංකවම වෙහෙසෙයි නම් පලාත්වලට ජාතින් කොටුවීම කරන අධිරාජ්‍යවාදින්ගේ නීති වෙනස්කළ යුතුයි. ඒ වගේම ටිඑන්ඒ අලූත් හිසත් පොඩිකළ යුතුයි.
Main Menu
To Get Sinhala, Click Here...........