සර්පයෙක් ඇවිල්ලා
ගාලු නගරයේ සිට සැතපුම් හතළිහක් පමණ දුරින් නොදියුණු ප්‍රදේශයක පිහිටි පොල්ගම්පොළ රජයේ පාසල පිහිටා තිබුණේ තරමක් උස කඳු ගැටයකය.
සිසුන් දෙසිය පනහකින් යුක්ත වූ එම පාසල හතර වටේම විශාල වනාන්තරයකින් යුක්ත විය. වැසි කාලවලට ගෙම්බන්, ගෝනුස්සන් වැනි සතුන් මෙන්ම විෂඝෝර සර්පයෝ ද මෙම ප්‍රදේශයේ නිතර නිතර ගැවසෙති.
පාසලේ මුල් ගුරු ධර්මසේන මහතා මාතලේ අයකු බැවින් ඒ මහතා සිය බිරිය සමඟ ගුරු නිවාසයේම පදිංචිව සිටියේය. අටවැනි පන්තිය දක්වා මෙම පාසලේ පන්ති පැවැත්වුණු අතර සිසුහු සියල්ලෝම ගමේ හා ඒ අවට අය වූහ. මවුපියන්ගේ දිළිඳු බව නිසා බොහෝ ළමයි පාසල් පැමිණෙන්නේ ඉඳහිටය. ඔව්හු තම තමන්ගේ නිවෙස්වල වැඩ, හරකුන් බලා ගැනීම, කුඹුරු වැඩ, වතු වැඩ ආදියෙහි නිරන්තරයෙන්ම යෙදුණහ.
දක්ෂ ලෙස සාහිත්‍යය හා ගණිතය ඉගැන්වීම නිසා උප ගුරු ජයසේන ගුරුතුමා ළමයින් අතර ජනපි‍්‍රය පුද්ගලයෙක් බවට පත්වී සිටියේය. ඔහු පන්තියක සාහිත්‍යය උගන්වන විට ඊළඟ පන්තියේ සිසුනට ඉගෙනුමට බාධා ඇති වූයේ ඔහු ඉතා හයියෙන් කවි ගායනා කරන බැවිනි. මෙම බාධාව ගැන අනෙක් පන්තිවල සිසුහු මුල් ගුරුතුමා දැනුවත් කළ අතර අනෙක් ගුරුවරුන්ගේ පන්තිවලට බාධා නොවන පරිදි ඉගැන්වීම් කටයුතු කරන ලෙසට මුල් ගුරුතුමා ජයසේන ගුරුතුමාට දැනුම් දුන්න ද ඒ කිසිවක් ඔහු තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නැත. ධර්මසේන මුල් ගුරුතුමා ඉතා සාමකාමී අයෙකු බැවින් ජයසේන ගුරුතුමා සමඟ වැඩි වාදයකට නොගියේය.
දිනක් ජයසේන ගුරුතුමා පන්තියක සාහිත්‍යය පාඩමක කවියක් ගායනා කරන විට ඊට අල්ලපු හයවන පන්තියේ සිසුහු මහත් කලබලයෙන් “සර්පයෙක් ඇවිල්ලා” යැයි මහ හඬින් කෑ ගසමින් කලබල කරන්නටත් පන්තිය පුරා දුවන්නටත් පටන් ගත්හ. එම කලබැගෑනිය කන වැකුණු ජයසේන ගුරුතුමා කවි ගායනා මදකට නවතා දමා වහාම සර්පයා බැලීමට දිව ගියේය. ඔහු පන්තියේ සිසුන් ඉවත් කර බලන විට දුටුවේ ගෙම්බෙකු අල්ලාගත් ගැරඬියෙකි. ගුරුතුමා වහාම දිග රිටක් ගෙන එම ගැරඬියා ඉවත් කිරීමට සැරසෙත්ම ගැරඬියා ගුරු විවේකාගාරයට රිංගා ගත්තේ එහි සිටි ගුරුවරියන් දෙදෙනෙකු ද මහත් බියට පත් කරවමිනි. ගුරුවරියන් දෙදෙනා ද කෑ ගසමින් හණික ගුරු විවේකාගාරයෙන් එළියට පැන ගත්තේ ගැරඬියා එළවා දමන ලෙස ජයසේන ගුරුතුමාට බල කරමිනි. ඒ වන විට ගැරඬියා ගෙම්බා ද රැගෙන වහලට නැග යට ලීයක දැවටී සිටියේය.
අසල ගුරු නිවාසට දිව ගිය ජයසේන ගුරුතුමා බූමිතෙල් පොඟවා ගත් ;රදි කැබැල්ලක් ගෙන එය ලීයේ අග ඔතාගෙන වහා කාමරයට විත් ලීය උස්සා ගැරඬියාගේ ඇඟේ තැවරීමට උත්සාහ කළත් ලීය උගේ ඇඟට දිග මදි විය.
අසල තිබූ මේසයකට නැඟ ගත් ජයසේන ගුරුතුමා ගැරඬියාගේ ඇඟේ බූමිතෙල් තැවරූ රෙදි කැබැල්ල ඇතිල්ලුවේය. බූමිතෙල් ඇඟේ ගෑවුණු ගැරඬියා අල්ලාගෙන සිටි ගෙම්බා ද අතහැර වේගයෙන් ලීය දිගේ පහළට විත් ජයසේන ගුරුතුමාගේ කර වටා වැටී එතුණි.
ගැරඬියා වේදනාවෙන් ජයසේන ගුරුතුමාගේ ඇඟේ එතෙන විට ඔහු ලීයත් අතහැර පහළට වේගයෙන් දිව ගියේය.
මේ සිද්ධිය සියැසින්ම දුටු ගුරුවරුන් හා ළමයින් මහ හයියෙන් කොක්හඬලා සිනහ සෙන්නට වූ අතර ඔහු වේගයෙන් වත්ත පහළට දුවත්ම ගැරඬියා ද බෙල්ලෙන් ගැලවී බිමට වැටී කැලයට බඩ ගා දිව්වේය.
ඒ සිද්ධියෙන් පසු ජයසේන ගුරුතුමා සාහිත්‍යය පාඩම්වලදී වෙනදා මෙන් මහ හයියෙන් කවි ගායනා කිරීමෙන් වැළකී සිටියේය. ඊට ටික කලකට පසු ජයසේන ගුරුතුමා වෙනත් පාසලකට ස්ථාන මාරුවක් ලැබ ගියේය.
-silumina

බම්පියක් දියෝ
Last edited: