කුණ කටුවා / පොලොන් තෙලිස්සා කියන්නේ ලංකාවේ ඉන්න උග්‍ර විෂ තියන සර්පයන් 3 දෙනා ගෙන් එකෙක්.
අනිත් දෙන්නට වඩා මෙයා අටැක් කරනවා, ඇගේ දිගෙන් 1/2 ක් විතර පනිනවා.... ඒ නිසා පැන පැන කනවා කියලත් කියනවා.
අනික සීතලට දරනේ ගහගෙන හැංගිලා ඉන්න ජාතියක්
කුණ කටුවෙක් දැක්කොත් එක්කෝ ඉවරක් කරපං, නැති නම් පළපුරුදු, සෆ්ටි ඉක්විපන්ට් තියන කෙනෙක් ලව්වා අයින් කරපන්.
කුණකටුවා විෂ නගින වෙලාවක කෑවොත් බේරගන්න බැරි සීන් එකකුත් තියනවා.
ගහනවා නම් එකත් පරිස්සමට කරන්න ඕනා
අල්ලන්න ගිහින් වැරදුනොත් මැරුනොත් නම් එක ඉවරයක්. ඉතුරු උනොත් සමහර වෙලාවට ජීවිත කාලෙම විදවන්න වෙනවා. තුවාලේ සනීප වෙන්නෙත් නෑ ඉක්මනට. මාස ගානක් අවුරුදු ගානක් ගිය කට්ටිය ඉන්නවා. වකුගඩු නරක් වෙලා ඩයලසිස් කරන්න වෙන කට්ටියත් ඉන්නවා.
විෂ සත්තු බව ඇත්ත. ඔබ කියන විදිහට සාමාන්‍ය පුද්ගලයෙක්ට තියන එකම විකල්පය සර්පයෙක් දැක්කම මරලා දාන එක.
උග්‍ර විෂ වුනාට සමහර විට අදාළ සතා පොඩි පැටියෙක් වෙන්න පුළුවන්. ඒ වගේ සත්තු අල්ලන්න උත්සාහ කරද්දි අඩපණ වෙනවා. ගමේ හැදුන අපි වගේ සමහර උදවියට විෂ සත්තු කියලා සර්පයෝ මරන්න කිසිම උවමනාවක් නැහැ. සර්පයෝ අල්ලන පුද්ගලයින්ටත් සමහර වැඩුණු සර්පයෝ අල්ලන්න අපහසුයි. තමන්ට අල්ලන්න පුළුවන් එකෙක්ද, කිහිප දෙනෙක්ගෙන් උදව් ගන්න වෙයිද, නැත්නම් තාවකාලිකව එළවලා සර්පයෝ අල්ලන පුද්ගලයෙක්ව ගෙන්වා ගන්න වෙයිද කියලා සතාව දැක්කම වැටහෙනවා.
ගෙවල් අවට සර්පයෝ ඉන්නවා නම් දැඩි අවධානයෙන් ඉන්න පවුලේ සාමාජිකයින් හුරු කළොත් ඔය සත්තු යන එන විට අනිවාර්යෙන් දකිනවා. තමන් සර්පයෙක් අල්ලනවා නම් ඒ සතා හැසිරෙන හැටි ගැන අවබෝධයක් තියෙන්න ඕන. සාමාන්‍ය පුද්ගලයෙක්ට සර්පයෝ අල්ලන මිනිස්සු වගේ උන්ට ලං වෙන්න බැහැ. ඉතිං ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන වගේම සතා කලබල නොකර දුර තියා සුදුසු ආධාරක වලින් අල්ලන්න හෝ අවශ්‍ය නම් දාගන්න සහ ගෙනියන්න ඕන.
අද කී දෙනාද වතුරට, වැලි වලට මතුරලා සතෙක් සම්පූර්ණයෙන් අඩපණ කරගන්න හෝ එළවා ගන්න දන්නේ. දැන් බහුතරයකට ඒවා නිකං සුරංගනා කතා විතරයි.
ඇතැම් සුළුතරයක පුද්ගල ස්වභාවය අනුව අන්තරාදායක අවස්ථාවක දී හැසිරීම ඉතාම දුර්වලයි. ඒ වගේ අයට ගිනිකූරක් ගහන්න දුන්නත් අත පුච්චා ගන්නවා. එහෙමයි කියලා අපට විශාල පිරිසක් දකින සමාජ මාධ්‍ය හරහා මිනිස්සු සෘණාත්මක දේවල් වලට යොමු කරවන්න බැහැ. බැරි උන්ට අනිත් අය දිහා බලලාවත් හැදෙන්න ඉඩ හරින්න ඕන.
වද සැත්කම කලොත් පොඩි කාලෙම (ඇවිදින්න පුරුදු වෙන්න කලින්) බොහෝ විට රෝන්දේ යන එක නතර වෙනවා.
ඕක කරන්න එපා කියන විශාරධලා කරන්නේ පැටව් දාපුවම පන්සල් වල, හන්දිවල දාලා දුවන එක.
ඒ පැටව් අරන් එන පුසෝ එලවන එක, පැටියට කිරිදෙන්න දෙන්නෙත් නෑ ගිහින් දානවා...
එහෙම බලපුවම ඕක කරන එක සතාටත් සෙතක්, සමාජයත් මෙහෙවරක්....
සත්තු ජීවත් වෙන එක, පැටව් ගහන එක, මැරෙන එක උන්ට අදාළ දෙයක්. අපට එයාලට ජීවත් වෙන්න සහයෝගයක් දෙන්න පුළුවන්. නිකං අනුන්ගේ දේවල් වලට අත දාන්න ගිහින් පව් පුරවා ගන්නේ මොකටද? බටහිර මතයන් ඔලුවට දාගෙන ඉස්සර ලංකාවේ මිනිස්සුන්ට නොතිබුණ ප්‍රශ්න තියෙන්නේ. පව පැත්තකින් තියපන්. සිහි කල්පනාවෙන් ඉන්නවා නම් ඔය තිරිසන් සතෙක්ගේ ප්‍රජනන අවයව වලට හානි කරන්න හදන තමන් ගැන හිරිකිතයක්, අප්පිරියාවක් දැනෙන්න ඕන.
සමහර අයට බල්ලෝ, පූසෝ තමන්ගේ මනස පිනවන, සත්තු අල්ලන, ආරක්ෂාව සපයන මෙවලමක් විතරයි. ගෙවල් වලට සමීප කරගෙන ඉන්න නිසා වඳ කරන්න දඟලනවා. තව කොච්චර වෙනත් සත්තුන්ගේ දවසකට දහස් ගණන් පැටව් ඉපදිලා කන්න බොන්න නැතිව මැරිලා යනවද?
මිනිස්සු වගේ ඔය සත්තුත් හරි ආදරෙයි පැටවුන්ට, අනුන් වඳ කරන්න ගියාම තමන්ට ආත්ම ගණන් විඳවන්න වෙනවා. ඒ ගැන විඳවන එවුන් හොඳට දන්නවා. ගැහැණු සතෙක් ගෙදර ඉන්නකොට පැටව් හැදෙන බව ඕන මෝඩයෙක් දන්නවා. අකැමති නම් මුලින්ම ගෙදරට ගේන්නේ නැතිව හෝ එන්න දෙන්නේ නැතිව ඉන්න ඕන.
වද සැත්කම කලොත් පොඩි කාලෙම (ඇවිදින්න පුරුදු වෙන්න කලින්) බොහෝ විට රෝන්දේ යන එක නතර වෙනවා.
එහෙම වෙනවා නම් ඒ සතා වඳ වෙනවාට අමතරව තවත් දුර්වලතා ඇති වෙලා තියනවා. මොකද උන් රෝන්දේ යන්නේ ලිංගික ක්‍රියාකාරකම් අරමුණු කරගෙන නෙවෙයි. පූසෝ ඇවිදින්න පුරුදු වෙන්නේ උන් හැදෙන වැඩෙන විදිහ අනුව. අත්දැකීම් තියන අයට උත්සාහ කරලා ගෙදර හැදෙන පූසෝ ගෙදරම ඉන්න විදිහට හදාගන්න පුළුවන්. ගෙදර ඉපදිලා සැපට හැදෙන පූසන්ගේ ඔය ගතිය වැඩිපුර තියනවා. පාරවල් ගානේ ඇවිදලා වැලේ වැල් නැතිව එන ගොඩක් උන් ගෙදරට වුනාට පස්සේ ගෙයි මායිමෙන් පිටට අඩියක් තියන්නේ නැහැ.
දැන් මේ කියන්නේ රෝන්දේ යෑම නවත්තගන්නත් වඳ කරපන් කියලනේ. ලංකාවේ රැල්ලට සත්තු වඳ කිරිල්ල සමාන්‍යයෙන් ගැහැණු සතාට කරන්නේ. මේ කතාව පූසෝ පූසියෝ දෙගොල්ලන්ටම අදාලයි. පුදුම අධම මානසිකත්වයක් තියෙන්නේ.