සර් උත්තරේ කීයයි කියලද මන් කියන්න ඕන ? _.• яąjɨţh

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සර් උත්තරේ කීයයි කියලද මන් කියන්න ඕන ? _.• яąjɨţh

    අපේ රටේ ආයතන බොහොමයක අසාර්ථක බාවයට හෝ සැහීමකට පත්විය හැකි තරමකට සාර්ථක නොවීමට එක හේතුවක් සුදුස්සාට සුදුසු තැන නොලැබීම. දැන් මෙහෙම කිවුවම මේක ආණ්ඩුවේ ආයතන වලට විතරක් වලංගුයි කියල හිතන්න එපා. පවුද්ගලික ආයතනවලත් මේකම සිද්ද වෙන බව මම අත්දැකීමෙන් දන්නවා.. සමහරක් පුද්ගලික ආයතනවල තනතුරුවලට ප්‍රදාන සුදුසුකම එක්තරා විද්‍යාලයක සිසුවකු වීමයි. එහෙම ගැනීම නිසා මන් දන්නා ප්‍රදාන ආයතන කීපයකම මුල් පුටු හොබවන්නේ එකම කොලීජියේ ගිය අය !! ඔය දෙපැත්තේම තියෙන එක පොදු ලක්ෂණයක් තමයි තමුන්ට ඉස්සරහට තර්ජනයක් වේවි කියල පෙනෙන දක්ෂයින්ට උඩට එන්න ඉඩ නොදීම.




    office-politics-6-office-politics-50cal-demotivational-poster-1284405831.jpg


    මන් හිටිය ආයතනයක ඔන්න ඔහොම ලොක්කගේ දෙවැනි තනතුර හිස් උනා. අයදුම්පත් කැඳවුවා.. ඔන්න ඉතින් හොඳ දක්ස කීපදෙනෙක් අයදුම් කලා… මේ තරඟය හරියට දස මහා යෝදයින් අතරෙන් හොඳම යෝදය තෝරනවා වගේ අමාරු වැඩක්. .. අපි පහල ඉඳන් ඔට්ටු ඇල්ලුවා.. අරය තමයි…. මෙයා තමයි….. කියල. ඔක්කොම දක්ෂකම් සුදුසුකම් උඩ….
    අවසාන සම්මුක පරීක්ශනේ තිබ්බ..
    තෝරගත්ත..
    සෙට් එකේ හිටිය අදක්ෂම හාදය තමයි තේරුනේ.. මේලෝකේ වැඩක් තනියෙන් කරන්න බැරි හැම වැඩේටම පහල එකාව මරවන එහෙය්යෙක්..
    ඕකට අපේ ගොබිලෝ හැදුව කතාවක් කොහොමද පරීක්ශනේදී ප්‍රශ්න ඇහුවේ කියල.
    ඒ කතාවට අනුව හැමෝගෙන්ම අහල තියෙන්න එකම ප්‍රශ්නය.
    දෙකයි දෙකයි කීයද ?
    එකෙක් කිවුවලු හතරයි කියල..
    අනික කිවුවලු විසි දෙකයි කියල
    අනික කිවුවලු එකතු කරත් ගුණ කලත් හතරයි පේලියට ලිවුවොත් විසි දෙකයි කියල. ඌ තම යි දක්ෂම එකා.
    තේරුණ එකා මොකක්ද දුන්න උත්තරේ ?
    බොසාගේ ලඟට ලංවෙලා ඇහුවලු
    “සර් උත්තරේ කීයයි කියලද මන් කියන්න ඕන ? කියල
    ඌ තේරුණා..


    gaththe : http://bit.ly/112IhH6
     
    Last edited: