සර් සංවේදි වෙයි.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    වාසු-විමල්-උදය අමතා ජනපති දොස් කියයි.. කැබිනෙට්ටුවෙන් ඉවත් කල හැකි බවත් කියයි…

    ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් වූ වාසු, උදය හා විමල් පෙරදා පැය 5 ½ක් තරම් දිගට ගිය අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී රට වසා දැමීමේ යෝජනාවක් නොකර පසුදා සෙසු පක්ෂ ගණනාවක් සමඟ එක්වී රට වසන ලෙස ලිඛිතව දැන්වීම ගැන ජනාධිපතිවරයා සිටියේ තරහිනි.

    ඒ සමඟ මේ අමාත්‍යවරුන් තිදෙනාටම වෙන වෙනම දුරකතනයෙන් ඇමතූ ජනාධිපතිවරයා ඔවුන් කර ඇත්තේ බරපතළ වරදක් බවත් අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම උල්ලංඝනය කර ඇති බවත් කීය. එබැවින් තමන්ට ඔවුන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කළ හැකි බවත් එක් අමාත්‍යවරයකු අමතා සඳහන් කර ඇත.

    එවිට අදාළ අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ තමන් වෙනත් පක්ෂ නියෝජනය කරන බැවින් ජනමතය අනුව මෙම ප්‍රකාශය කළ බවය. එහෙත් එක් අමාත්‍යවරයෙක් පමණක් තමන් එවූ ලිපියේ වරදක් ඇති බව පිළිගත්තේය. ඔහු තමන්ගේ ලිපිය මගින් වරදක් සිදුවූ නිසා එය නිවැරදි කරමින් අවශ්‍ය නම් පසුදා තමන්ට පමණක් ප්‍රකාශයක් කළ හැකි බව ජනාධිපතිවරයාට දැන්වීය.

    ඒ අතර මේ ගැන දැඩි අසතුටින් සිටි ජනාධිපතිවරයා, අගමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්වරුන් වෙතද මෙම කරුණ දැනුම් දී තමන්ට මෙම අමාත්‍යවරුන් කැබිනට්ටුවෙන් ඉවත් කළ හැකි යැයි කියා තිබිණි. එහෙත් අග්‍රාමාත්‍යවරයා ගෝඨාභය ජනාධිපතිවරයාට කීවේ තමන් අදාළ අමාත්‍යවරුන් සමඟ කතා කොට ප්‍රශ්නය විසඳා ගන්නා බැවින් කලබල නොවන ලෙසයි

    ඒ අනුව ඔහු වාසු, විමල් හා උදය සමඟ දුරකතනයෙන් කතාකොට සුහද ලෙස කරුණු විමසීය. එදා රාත්‍රියේ අරලිය ගහ මැඳුරේ ඔවුන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් තමන් සූදානම් කර ඇති නිසා ඊට සහභාගි වී කතාබස් කොට ප්‍රශ්න විසඳාගනිමු යැයි මහින්ද ඔවුන්ට කීය.

    සිකුරාදා රාත්‍රි 7.30ට පමණ අදාළ අමාත්‍යවරු අරලියගහ මැඳුරට පැමිණ මහින්දගේ භෝජන සංග්‍රහයට එක්වූහ. ඊට එක්ව සිටියේ විමල්, උදය, වාසු සහ බන්දුල ගුණවර්ධන පමණි. පුරා පැය 4කට ආසන්න කාලයක් සුහද කතාබහ සමඟ රාත්‍රී භෝජනය ඇදී ගියේය. රාත්‍රී 11.30ට පමණ එය නිමාවූයේ සියලු තරහ මරහ අමතක කරමිනි.සර් සංවේදි වෙයි.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඊළඟ චන්දෙට ලෑස්ති වෙනවා වගේ

    r1j2H8E.jpg
     
    • Haha
    Reactions: KBE_KevinSpacey

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනාධිපති මන්ධිරේ බිත්තියේ ඉන හූනෙක්ද ලියල තියෙන්නේ? යකෝ හුණ අහන ඉඳල තියන දේවල් 😂🤭🖖
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජනාධිපති මන්ධිරේ බිත්තියේ ඉන හූනෙක්ද ලියල තියෙන්නේ? යකෝ හුණ අහන ඉඳල තියන දේවල් 😂🤭🖖

    දන්නේ නෑ පයිත්තියංගරස්ගේබ් සයිට් එකේ තිබ්බේ​

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    දන්නේ නෑ පයිත්තියංගරස්ගේබ් සයිට් එකේ තිබ්බේ​

    මෙතන දැම්මේ උඹට ඌ ව විශ්වාස හින්දනේ … ජයවේවා 🤭