සරුංගලේට මරා ගෑනිම

EVC

Well-known member
  • Sep 15, 2008
    28,896
    21,138
    113
    Captuzzre.jpg



     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශය වසර ගණනාවක් තිස්සේ ඇවිළෙන්නේ ඥාති පවුල් දෙකක් අතර තිබෙන සරුංගල් ආරවුලක් හේතුවෙනි. එහි දිග පළල කොතෙක්ද යත් මේ වනවිටත් පවුල් දෙකටම සම්බන්ධ පුද්ගලයන් හත්දෙනකු ලොවෙන් තුරන්ව ගොස් අවසන්ය.


    2017 වසරේ අගෝස්තු 26 වැනිදා ගමන්ගෙදර ප්‍රදේශයේ වෙල්යායකදී සරුංගලයක නූලක් කැපීම මුල්කරගනිමින් ඥාති සොහොයුරන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් ඊට මුල් වී තිබිණි.

    අකලහන්දි ලක්ෂ්මන් පුෂ්පකුමාර ගමන්ගෙදර පදිංචි 51 හැවිරිදි තිදරු පියෙකි. බොහෝදෙනා ඔහු හඳුවන්නේ ‘රාළහාමි’ යන නාමයෙනි. සුරේෂ් ජීවන්ත (25) සහ රොෂාන් මධුවන්ත (24) ලක්ෂ්මන්ගේ පුතුන් දෙදෙනා ය. පුතුන් දෙදෙනා, දියණිය හා බිරිය සමග ලක්ෂ්මන් ජීවත් වුණේ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකය. එකල කරවල ව්‍යාපාරය කරමින් ජීවිකාව ගොඩනගා ගත් ලක්ෂ්මන් පසුව පොලියට මුදල් ලබාදෙන ව්‍යාපාරයක් ද සිදු කළේය.

    මෙලෙස ලක්ෂ්මන්ගේ පවුලේ පිරිස සුපුරුදු ජීවන අරගයේ නියැළෙද්දී, පොලිස් ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුනු පුද්ගලයන් දෙදෙනකු ඇතුළු හයදෙනකු ඊයේ (6 වැනිදා) උදෑසන 06.50ට පමණ මෙම නිවසට පැමිණ ඇත්තේ තමන් පොලිසියෙන් බව පවසමිනි. අනතුරුව නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව කියමින් නිවසේ සිටි කාන්තාවන් දෙදෙනාට කුස්සියට යන්නැයි පැවසූ ඔවුහු අතැතිව තිබූ ටී 56 ගිනි අවියකින් වෙඩි තබන්නට පටන් ගත්හ. ඒ මොහොතේ රාළහාමි හා පුතුන් දෙදෙනා සිටියේ සාලයේ ය.

    වෙඩි පහරින් සුරේෂ් ජීවන්ත සහ රොෂාන් මධුවන්ත යන දෙසොහොයුරන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, ඔවුන්ගේ පියා වූ රාළහාමි මිනුවන්ගොඩ රෝහල වෙත රැගෙන යාමෙන් පසු මරුමුවට පත්විය.

    මේ පිළිබඳ විමර්ශන සිදුකළ මිනුවන්ගොඩ පොලිසිය මෙම ඝාතනය වසර පහකට වැඩි කාලයක් දෙපිරිසක් අතර පවතින ගැටුමක දිගුවක් බව අනාවරණය කරගත්තේය.

    රාළහාමිගේ නිවසට මීටර් 50ක් දුරින් පිහිටි නිවස ‘ලාල්’ගේ ය.

    ඔහුගේ රැකියාව වූයේ කරවල ව්‍යාපාරයයි. ලාල්ට දියණියන් දෙදෙනකු හා පුතකු විය. ලාල්ගේ දියණියෝ කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කළහ. දිනපතා ඔවුන් රැගෙන යන්නේ ලාල් විසිනි.

    ලාල්ගේ පුතා සුරාජ් ධනංජයයි. ඔහු ගමන්දොර වෙල්යායක සරුංගල් හරිමින් සිටියදී ඥාති සොහොයුරකු වූ සුරේෂ් ජීවන්ත සමගින් ගැටුමක් ඇතිකරගත්තේ සරුංගලයක නූල කපා හැරීමේ සිද්ධියක් මුල්කර ගනිමිනි. ඒ 2017 වසරේ අගෝස්තු 25 වැනිදා ය. සුරේෂ් යනු රාළහාමිගේ වැඩිමහලු පුතුය.

    “තාත්තේ මට සුරේෂුයි, උගේ යාළුවෝ ටිකයි හොඳටම ගැහුවා. සරුංගලේ නූලත් කපලා දැම්මා’’ යැයි සුරාජ් නිවසට පැමිණි වහා තම පියාට සැලකළේය.

    පසුදින (26 වැනිදා) උදෑසන කරවල ටික රැගෙන යන අතරතුර ලාල් රාළහාමිගේ නිවස ඉදිරිපිටට පැමිණියේ ය.

    “ඇයි යකෝ තොපි මගේ කොල්ලට ගැහුවේ’’ යැයි කියමින් ලාල්, සුරේෂ්ට හා ඔහුගේ මවට බැණ වදින්නට විය. ඒ වනවිට රාළහාමි සිටියේ ගෙවත්තේ අන්නාසි මොටෙයියන් පැළ කරමිනි. මේ අවනඩුව ගැන විමසන්න රාළහාමි නිවස ඉදිරිපිටට පැමිණියේ අතැති මන්නය ද රැගෙන ‘‘මොනවද උඹ දැන් කියන්නේ?’’ යැයි අසමිනි.

    ඇසිල්ලකින් රාළහාමි අතැති මන්නයෙන් ලාල්ට කෙටුවේ ය. ලාල්ගේ පුතු වූ සුරාජ් රාළහාමිට හා ඔහුගේ පුතුට පොල්ලකින් පහර දෙන්නට උත්සහා කළ ද, ඔහුට අත්වූයේ ද පියට අත්වූ ඉරණමම ය. ඉන් නොනැවතුණු රාළහාමි පොලු වලින් ද පහර දුන්නේය. එම කැපුම් තුවාලවලින් ලාල් සහ ඔහුගේ පුතු මිය ගියහ.

    ඉන් අනතුරුව රාළහාමි, ඔහුගේ පුතු වූ සුරේෂ් හා රාළහාමිගේ මාමෙක් වූ ජස්ටින් රත්නකාර පොලිසිය වෙත භාර වූහ.

    මිනීමැරුම් චෝදනාව මත මොවුන් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි. පසුකලක මහාධිකරණ ඇප අයදුමකින් පසු ඉන් නිදහස් වූ රාළහාමි ඇතුළු පිරිස ජීවත් වූයේ පොලිස් ආරක්ෂාව ද සහිතවය. ඊට හේතු වූයේ ඔවුන්ට පැවැති ජීවීත තර්ජනයි.

    ලක්ෂිත ද සිල්වා හෙවත් ‘සුදූ’ යනු ගමන්ගෙදර, කොටගෙදර පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. මොහු ලාල් ගේ සහෝදරයාගේ පුත්‍රයා ය. තම මහප්පා සහ සහෝදරයා ඝාතනය කළ රාළහාමිලාගේ පිරිස ඝාතනය කිරීමට ලක්ෂිත සැලසුම් කළේ කලක සිටය.

    බන්ධනාගාර ගතවී සිට ඇප මත නිදහස් වූ ජස්ටින් රත්නශීල (65) නමැත්තකු පසුගිය දිනක මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ වෙළෙඳසලක සිටියදී ලක්ෂිත ගොස් ඔහු හමුවන්නෙ මිතුරෙකුගෙන් ලද තොරතුරක් අනුවය ය. පසුව 2018 අගෝස්තු 05 වැනිදා ජස්ටින් වෙඩි වැදී මියයන්නේ ලක්ෂිත අතිනි.

    එම ඝාතනයට සැකපිට බන්ධනාගාර ගතවූ ලක්ෂිත ඇප ලබා පැමිණ තිබුණේ පසුගිය වසරේ ජූනි 20 වැනිදා ය. එදිනම ඔහු මිනුවන්ගොඩ, කොටගෙදර ප්‍රදේශයේදී ඝාතනයට ලක්වන්නේ, ජස්ටින් රත්නශීල ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ පළිගැනීමක ප්‍රතිඵලයක් වශයෙනි.



    කොටගෙදර නිවසේ සිටි ලක්ෂිත එදින ගමන්ගෙදර දෙසට පැමිණ තිබු‍ණේ මිතුරෙකුගේ දුරකතන ඇමතුමක් අනුවය. එලෙස පැමිණෙමින් සිටියදී පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඔහු ගමන්ගත් යතුරපැදියේ හප්පා තිබිණි. අනතුරුව කඩු හා පොලු රැගෙන ලක්ෂිත පසුපස හඹාගිය පිරිස කපා කොටා ඔහු ඝාතනය කර තිබිණි.

    මේ පිළිබඳ කළ විමර්ශන වලින් පසු ලක්ෂිත ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ සරුංගල් ආරවුලට මැදිව අහිමි වූ මිනිස් ජීවිත ගණන හතරකි.

    එවකට මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ජීවක රාජපක්ෂ (වත්මන් සහාකාර පොලිස් අධිකාරි) මේ දෙපාර්ශ්වයම මිනුවන්ගොඩ පොලිසියට ගෙන්වාගෙන තදින් අවවාද කර ඇත්තේ එම ගැටුම එතැනින් නවතාගන්නා ලෙසයි. තවද, පුතු සහ සැමියා අහිමිව සිටින ලාල්ගේ බිරිඳට දිවුලපිටියේ නිවසකට යන ලෙස ද ස්ථානාධිපතිවරයා උපදෙස් දී තිබිණි. එමෙන්ම මෙම ගැටුම නවතා නොගතහොත් පවුල් දෙකේම කාන්තාවන් නිසැකවම වැන්දඹුවන් වන බවද ස්ථානාධිපතිවරයා පෙන්වා දී ඇත.

    මේ අතර, ඊයේ (6 වැනිදා) ඝාතනයට ලක්වූ රාළහාමි නමැත්තාගේ බිරිඳගෙන් අප මේ පිළිබඳ විමසීමක් කළ ද ඇය මාධ්‍ය වෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළාය.

    කලක් නිහඬව පැවති මිනුවන්ගොඩ නැවතත් ගිනියම් වූයේ ඊයේ (6 වැනිදා) උදෑසනය. ඒ ලක්ෂිත ඝාතනයට සම්බන්ධ වූ රාළහාමි සහ ඔහුගේ පුතුන් දෙදෙනා මිනුවන්ගොඩ, ගමන්ගෙදර නිවසේදීම ඝාතනය කිරීම හේතුවෙනි.

    මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එල්. පතිරාජසූරිය ප්‍රමුඛ කණ්ඩායමක් අදාළ ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළහ. ආරක්ෂිත කැමරා දර්ශන හා දුරකතන කුලුනු විශ්ලේෂණ වාර්තා පදනම් කරගනිමින් සැකකරුවන් සෙවීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනක් සිදුකළේය.

    ඒ අනුව එම අපරාධය සඳහා යොදාගත් මෝටර් රථය කුලියට ලබාදුන් පුද්ගලයා මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඝාතනයට පැමිණි සැකකරුවන්ගේ ඡායාරූප හඳුනාගෙන වී.පී.එන්. තාක්ෂණය ඔස්සේ සියලු පොලිස් ස්ථාන වෙත යොමුකර තිබිණි.

    කුලියට ගත් මෝටර් රථය දඹදෙණිය ප්‍රදේශයේදී අත්හැර දමා සැකකරුවන් ත්‍රිරෝද රථයකින් මිරිස්වත්ත ප්‍රදේශයට පැමිණ කොළඹ සිට සිරිපුර දක්වා ධාවනය වූ බසයකට ගොඩ වී පලා ගොස් තිබේ.

    ඔවුන් සොයා පොලිසිය හා විශේෂ කාර්ය බළකාය විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණු අතර, එහිදී සැකකරුවන් තිදෙනකු ගලේවෙල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ගම්පහ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (6 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. සෙසු සැකකරුවන් තිදෙනා සොයා වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

    (එෆ්. අස්ලම්-මනෝජ් එදිරිසිංහ - මීරිගම-aruna)
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පිස්සු හැදෙනවා ඕයි, කොහෙන් මුන්ට weapons ලැබෙනවද මන්දා
    (ප. ලි - video එක නම් බැලුවේ නෑ පොන්න චතුරයා නිසා)
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    පිස්සු හැදෙනවා ඕයි, කොහෙන් මුන්ට weapons ලැබෙනවද මන්දා
    (ප. ලි - video එක නම් බැලුවේ නෑ පොන්න චතුරයා නිසා)
    සිරසෙ නිව්ස් එක බලන්න ගානට කියලා දෙනවා
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    2017 ඉඳන් හිතේ තියන් ඉඳලා..වෙන වැදගත් දෙයක්නම් ඔහොම මතක තියාගන්න ඕනකම තියෙයිද අපේ කාලකණ්නින්ට..
    Thamange ekekwa maruwa kiyana ekata wada wadagat de mokadda yako? Ube aiya or thatthawa ekek awith maruwa nam uba amathaka karala danawada
     
    • Like
    Reactions: siri_ayya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    ඒ අනුව එම අපරාධය සඳහා යොදාගත් මෝටර් රථය කුලියට ලබාදුන් පුද්ගලයා මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඝාතනයට පැමිණි සැකකරුවන්ගේ ඡායාරූප හඳුනාගෙන වී.පී.එන්. තාක්ෂණය ඔස්සේ සියලු පොලිස් ස්ථාන වෙත යොමුකර තිබිණි.
    wait what????

    Joe Biden GIF by Election 2020
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගම්වල උකන්නල ඔහොම තමා..උන්ට වෙන වැඩකුත් නෑනේ කරන්න..වත්තකට හරකෙක්,කුකුලෙක් පැන්නත් අැති මරාගන්න..නූගත් ගොඩේ හැත්ත.