සරු දෙය හා නිසරු දෙය
අසාරෝ සාරමතිනෝ සාරේ චාසාරදස්සිනෝ
තේ සාරං නාධිගච්ඡන්ති මිච්ඡාසංකප්පගෝචරා
තේරුම:
ලොවේ නිසරු දේවල් ගැන - සිතයි ද සරු දේවල් ලෙස
සාරවත් දහම් මාවත - දකිනා විට නිසරු විලස
වැරදි අදහසට ගොදුරුව - ඇත්ත නො දකිනා ඔවුනට
සරු වූ ඒ අමා නිවන - නැත කිසිදා හමුවන්නේ
සාරඤ්ච සාරතෝ ඤත්වා අසාරඤ්ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති සම්මාසංකප්පගෝචරා
තේරුම:
සරු දෙය සරු ලෙස දැන ගෙන - නිසරු දෙය ද හඳූනාගෙන
සාරවත් දහම් මාවත - දකිනා විට සරු විලසින්
නිවැරදි දැකුමෙන් යුතු වී - ඇත්ත දකින විට ඔවුනට
සරු වූ ඒ අමා නිවන - හමු වෙනවා ම යි නිසැකව
මේ ධම්ම පදයේ එන ගාථා දෙකක්. මා මෙය උපුටා ගත්තේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පරිවර්තනයෙන්.
සරු දෙය ඇති බිමක උපන් අපි එය හදුනා ගනිමු. නිසරු දෙය බැහැර කරමු. සරු දෙය නොලැබුණු අයට සරු දෙය දැකීමට උපකාර වෙමු.