``සල්ලාල සූ(ක)රයාගේ ශෘංගාර සාගරය``
සල්ලාල සූ(ක)රයාගේ ශෘංගාර සාගරය
සියලු රටවල ගැහැණු දරුවන්
මේ මිනිසාගෙන් පරෙස්සම් කරගත යුතුය
එක්දහස් නවසිය තිස් තුනේ ඔක්තෝබර් මාසයේදී ඇමරිකාවේ චිකාගෝ නුවරදී ඉංග්‍රිසි පුවත්පත් කලාවේ පෙරළියක් සිදු විය. ඒ වූ කලී "එස්ක්වයර් (Esquire) නමැති අලුත්ම ජාතියේ සඟරාවක් නිකුත් වීමය. කුමක්ද මේ සඟරාවේ විශේෂත්වය? එය පිරිමින්ට පමණක් විශේෂ වූ සඟරාවක් වීමය. එස්ක්වයර් යනුවෙන් හඳුන්වන්නේ ගෞරවාර්ථ පදයකි. ඒ නමට සරිලන පරිදි සඟරාව ද කටයුතු කළේය. එය පිරිමින්ට පමණක් විශේෂ වූ සඟරාවක් වී යයි කියා කිසිදු කුණුහරුප ලියෑවිල්ලක් හෝ නිරුවත් ගැහැණු පින්තූරයක් පළ නොකරන ලදි. සඟරාව, ලිංගික ප්‍රශ්න සාකච්ඡා කරන ලිපි පළ කළ ද ඒවා කුණු රසය සඳහා නොව ලිංගික අධ්‍යාපනය සඳහා විය. සඟරාව තිදෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සංස්කරණය කරන ලදි. මෙයින් එක් සංස්කාරකවරයකු වූ හෙන්රි ජැන්සන් සඟරාව ආරම්භකර වසර 15 කට පසු ගුවන් යානයක් කඩා වැටී මළේය. ඒ මරණය විශේෂය. හේතුව හෙන්රි ජැක්සන් ගමන් කළ ඒ යානය කඩාවැටීම ඇමරිකාවේ යුනයිටඩ් එයාලයින්ස් සමාගමේ පළමුවැනි ගුවන් අනතුර වීමය. මේ අනතුරින් වසර පනහකට පසු ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වර්ල්ඩ් ටේ්රඩ් සෙන්ටර් ගොඩනැඟිලි දෙක හිල් කරගෙන යමින් අල් ඛයිඩා සංවිධානය වෙනුවෙන් අති විශාල විනාශයක් කරන්නේ ද යුනයිටඩ් එයාර් ලයින්ස් සමාගමට අයත් ගුවන් යානා දෙකකි.
"එස්තවයර්" යනු මාසික සඟරාවකි. එහි විශේෂාංග ලිපිද පළවිය. 1969 දී මේ සඟරාව පළකළ ලිපියක් හා ඡායාරූප කිහිපයක් නිසා ඇමරිකානු ජන සමාජය දෙදරුම් කා ගියේය. ලිපිය මගින් හෙළි කරන ලද්දේ ඇමරිකන් යුද හමුදාව වියට්නාම් යුද්ධයේදී එරට නිරායුධ සාමාන්‍ය ජනයාට වධ දෙන ආකාරයයි. ඔවුන් මරණ ආකාරයයි. ඒ වනවිට එස්ක්වයර් සඟරාවේ මාසික අලෙවිය පිටපත් හත්ලක්ෂ දහනවදහස් විසිනමයකි. මේ හෙළිදරව්ව නිසා සඟරාව ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර විය.
මේ අතර චිකාගෝ නුවර ඉලිනොයි විශ්වවිද්‍යාලයෙන් මනෝ විද්‍යාව පිළිබඳ උපාධියක් ලද හියු හෙෆ්නර් (Hugh Hefner) නමැති තිස් හැවිරිදි තරුණයෙක් එස්ක්වයර් සඟරාවේ ලේඛකයකු ලෙස බැඳුණේය. වසරකට පසු ඔහුට මසකට ඩොලර් 05 වැටුප් වර්ධනයක් අවශ්‍ය විය. එහෙත් එස්ක්වයර් සඟරාවේ මානව සම්පත් කළමනාකරු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. වහාම ඉල්ලා අස්වීමේ ලිපිය මානව සම්පත් කළමනාකරුට භාර දුන් තරුණයා තමන්ට සඟරාවක් පටන් ගත යුතු යෑයි සිතමින් එළියට බැස්සේය. සඟරාවක් පටන් ගැනීමට මුදල් අවශ්‍යය. ඒ අනුව ඔහු මුලින්ම කළේ තමන් සතු ගෘහභාණ්ඩ සියල්ලම උගස් කර ඩොලර් 800 ක් සොයා ගැනීමය. ඉන්පසු ඔහු සිය මවගෙන්ද ඩොලර් 1000 ක් ණයට ඉල්ලා ගත්තේය. තවත් පුද්ගලයන් 45 දෙනකුගෙන් ඩොලර් 8000 ක් එකතු කර ගත්තේය. ඉන්පසු Playboy නමැති සඟරාව පටන් ගත්තේය. සඟරාවේ පළමුවැනි කවරයේ සුප්‍රකට හොලිවුඩ් නිලි මැරිලින් මොන්රෝගේ ඡායාරූපයක් විය.
1953 ඔක්තෝබර් මාසයේදී Playboy (ප්ලේබෝයි) සඟරාවේ පළමුවන කලාපයේ එය නිකුත් කළ අවුරුද්ද මාසය හෝ දිනය සඳහන් වන්නේ නැත. එයට හේතුව සඟරාවේ දෙවැනි කලාපයක් නිකුත් කළ හැකිද යන්න ගැන හෙෆ්නර් තුළ සහතිකයක් නොතිබූ නිසාය. සඟරවේ පළමුවැනි කලාපය නොවිකුණුනොත් දෙවැනි කලාපය එළියට දැමිය නොහැක. එවිට හෙෆ්නර්ට සිදු වන්නේ සිය මවද ඇතුළු 46 දෙනකුගෙන් ගත් ඩොලර් 9000 ක් ගෙවීමටය. මේ මුදල ගෙවීමට තරම් වත්කමක් තරුණයාට තිබුණේ නැත. තිබුණු එකම විසඳුම සඟරාව නොවිකුණුනොත් සිය දිවි නසා ගැනීමය.
එහෙත් පළමුවැනි සඟරාවේ සියලු පිටපත් සතියක් තුළ විකිණී අවසන් විය. එයට හේතු වූයේ සඟරාවේ කවරය බාගෙට සරාගි වුවත් ඇතුළත වල් පින්තූර සහ කුණුහරුපවලින් ගහන වීමය. මැරලින් මොන්රෝ ඇහැටවත් දැක නොතිබූ හියු හෙෆ්නර් ඇගේ පින්තූරය ලබා ගත්තේ කැලැන්ඩරයකිනි. දෛවය යනු පුදුම දෙයකි. ප්ලේබෝයි සඟරාව් පළමු පිටපත එදා විකුණන ලද්දේ ඩොලර් ශත 50 කටය. අද වන විට හොඳ තත්ත්වයේ තිබෙන ඒ සඟරාවේ පිටපතක් රුපියල් හත්ලක්ෂ පනස් දහසක් හා සමාන මුදලකට ඇමරිකාවේ ගොස් එකතු කරන්නන් විසින් මිලට ගනු ලැබේ. හියු හෙෆ්නර් පළමු ප්ලේබෝයි කලාපයෙන් පිටපත් 53991 ක් වික්කේය. ඊළඟට තම සියලු ණය වලින් නිදහස් වී තමාට මුදල් ණයට දුන් 46 දෙනා සමාගමේ ආයෝජකයන් හැටියට බඳවාගත්තේය. දෛවය ඉතා පුදුම දෙයක් යනුවෙන් නැවතත් කියමු. මැරලින් මොන්රෝ ඇහැටවත් දැන නොතිබූ හෙෆ්නර් පසු කාලයේදී නිව්යෝර්ක් නුවර සුසාන භූමියක පිහිටි ඇගේ මිනීවලට යාබද අඩි 7Ü4 ක ප්‍රමාණය ඩොලර් මිලියනයකටත් වැඩි මිලක් ගෙවා මිලට ගත්තේ තමන් මියගිය දාක මළ සිරුර මිහිදන් කරනු පිණිසය. සඟරාව කොතරම් ජනප්‍රිය වීද යත් සුප්‍රකට විද්‍යා ලේඛක රේ බ්‍රැඩ්බරි (Ray Bradbury) කොටස් වශයෙන් පළ වන විද්‍යා ප්‍රබන්ධයක් සඟරාවට ලිවීය. එහි නම Farnheit 451 ය.
පෘථග්ජන මනස තුළදී ලිංගිකත්වය යනු ඉතා හොඳින් අලෙවි කළ හැකි වෙළෙඳ සන්නාමයකි. හෙවත් ඊර්බා එකකි. හියු හෙෆ්නර් මේ දුර්වලතාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තෙකි. ක්‍රමයෙන් ඔහුගේ සඟරාව නිරුවත් කාන්තා රූප සහිත කුණුහරුප ලිපි සහිත අසභ්‍ය සඟරාවක් බවට පත් විය. දෙවැනි කලාපයේදී හෙෆ්නර් ප්ලේබෝයි සඟරාවෙන් පිටපත් ලක්ෂයක් ගැසුවේය. අද වනවිට මේ සඟරාවේ මාසික මුද්‍රණය පිටපත් පසළොස් ලක්ෂ දහසයදහස් අසූ හයකි. අද, නිකට බිම ඇනෙන ලොම් හැලුන 86 හැවිරිදි කඩමල්ලකු බවට පත්ව සිටියත් හියු හෙෆ්නර් සිය සඟරාව යහපත් සඟරාවක් බවට පත් කරන්නට උත්සාහ කරන්නේ නැත. පසුගිය අවුරුදු හැටක පමණ කාලය තුළ ඔහුට නිත්‍යානුකූළ බිරියක් හතර දෙනකුත් නිත්‍යානුකූල නොවූ බිරියන් හයදෙනකුත් වෙනත් බිරියන් හාරසියයකුත් පමණ සිටි බව කියනු ලැබේ. හියූ හෙෆ්නර් සිය සඟරාව "මාකට්" කරනු පිණිස තෙමේම කාම සංඛේතයක් (Sex Icon) බවට පත්ව සිටී. කෙළින් සිට ගැනීමට තරම් පන නැති වුවත් නව යොවුන් අඩ නිරුවත් තරුණියන් වට කරගෙන ඡායාරූපවලට පෙනී සිටී. වර්ගයා බෝ කිරීම සඳහා මනුෂ්‍යයාට ස්වභාවධර්මයා විසින් දෙන ලද අයිතිවාසිකම් ඉතාම හොඳින් වෙළෙ¹ම් කළ ලොව ලොකුම කාම වෙළෙන්දා ඔහුය. ප්ලේබෝයි සඟරාවේ ඉලක්කය වී ඇත්තේ වයස 18 -35 අතර තරුණයන්ය. ඉලක්කය එය වුවත් ඊතලය නිතරම ගොස් ඇනෙන්නේ හැට පිනූ සරාගි මහල්ලන්ටය. ඉතාම නරක තත්ත්වය වන්නේ හියු හෙෆ්නර්ගේ දියණියක වන ක්‍රිස්ටි හෙෆ්නර් 1975 දී මේ සඟරාවේ මාධ්‍යවේදිනියක ලෙස සේවයට පැමිණීමය. 1988 දී ඇය සමාගමේ සභාපතිනිය ය. ඔවුන්ට උතුරන්නට සල්ලි තිබේ. ඒ මුදල් සියල්ල තරුණයන්ට හා මහල්ලන්ට රාගය විකුණා උපයාගත් මුදල් ය.
ප්ලේබෝයි මුද්‍රණය කරන ප්ලේබෝයි එන්ටර්ප්‍රයිසස් සමාගමේ අද වටිනාකම ඩොලර් බිලියනය ඉක්මවයි. මෙය ඇමරිකානු කොටස් වෙළෙඳපොළේ කොටස් විකිණෙන සීSමිත හොඳ සමාගමකි.
ප්ලේබෝයි සඟරාවට විරුද්ධව ව්‍යාපාරයක් ඇමරිකාව තුළම පවතී. කතෝලික පල්ලිය මෙයට විරුද්ධය. කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන මෙයට විරුද්ධය. ඉන්දියාව, චීනය, බුරුමය, මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව යන රටවල "ප්ලේබෝයි" විකිණීම සහ බෙදා හැරීම තහනම්ය. ලෝකයේ විශාලතම මුස්ලිම් රාජ්‍යය වූ ඉන්දුනීසියාව තුළ ප්ලේබෝයි සඟරාව මුද්‍රණය කර විකුණන්නට තැත් කරන ලද කල්හි ඊට එරෙහිව බියකරු ආගමික කෝලාහල ඇති විය. එහෙත් ඒ කලබලය අස්සේ හියු හෙෆ්නර් පළමුවැනි මුද්‍රණයේ සඟරා සියල්ලම විකුණා ගත්තේය. එහෙත් සඟරාව මුද්‍රණය කිරීම එතැනින්ම අවසන් විය. ඇමරිකාවේ සමහර පත්තර කඩ අදටත් ප්ලේබෝයි විකුණන්නේ නැත. තරුණ ගැහැණු ළමයකුගේ පින්තූරයක් මේ සඟරාවේ පළ වූ විට ඒ දැරිය නිතැතින්ම ගණිකා වෘත්තියට ඇදී යයි. ඒ පව හියු හෙෆ්නර්ට පමණක් නොව ඔහුට ඉඩ දුන් කාමභෝගි පාඨක සමාජය අතර ද බෙදී යන්නේය.
(මේ ලිපියෙහි මුල් ඉංග්‍රිසි පිටපතේ වූ කරුණු රැසක් ශිෂ්ට සමාජයට යෝග්‍ය නොවූ බැවින් පරිවර්තනය නොකරන ලදි.)
අනුර සොලමන්ස්
අලූත්ම බිල්ල ෂර්ලින් චොප්රා
ප්ලේබෝයි සඟරාවේ නිරුවත් ඡායාරූපවලට පෙනී සිටී පළමුවැනි බොලිවුඩ් තාරකාව වන ෂර්ලින් චොප්රා පසුගියදා ඉතිහාසයට එක්වුණා. 28 හැවිරිදි ඇගේ ඡායාරූප අඩංගු ප්ලේබෝයි සඟරාව නොවැම්බර් මාසයේදී නිකුත්වෙනවා. එහෙත් ඉන්දියාව ප්ලේබෝයි තහනම් කර ඇති නිසා ඇගේ ඡායාරූප නරඹන්නට ඉන්දියානුවන්ට සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේයි.
ෂර්ලින් චොප්රාගේ මේ නිරුවත් ඡායාරූපවලට මුළුමහත් ඉන්දියාව පුරාම විශාල විරෝධයක් හටගෙන තිබෙනවා. දැනගන්නට ඇති පරිදි ෂර්ලින් තමා කැමරාකරුවන් ඉදිරිපිට නිරුවතින් සිටගත් බව තම මවට තවමත් කියා නෑ. "කැමරාවක් ඉදිරිපිට නිරුවතින් සිටීමටත් එසේ සිටින විට සිනාමුසු මුහුණක් හෝ ප්‍රීතිමත් බැල්මක් නඟාගැනීම
ට හෝ අපට පුරුදු නැහැ. ඒ නිසා මට මේ ඡායාරූප ගැනීම ඉතාම දුෂ්කර වුණා." ෂර්ලින් මෙසේ කියා ඇත්තේ බී.බී.සී. ගුවන් විදුලියේ හින්දි අංශයටයි.
මෙයට ස්වල්ප කලකට පෙර ෂර්ලින් නිරූපිකාවක් ලෙස ප්ලේබෝයි සඟරාවට පින්තූර දෙන්නට කැමැති බව කියමින් ඊමේල් එකක් යෑව්වා. දින දෙක තුනක් ඇතුළත ඇයට පිළිතුරු ලැබුණා. ඒ අනුව ප්ලේබෝයි සඟරාවේ පින්තූර පළ වූ පළමුවැනි ඉන්දියානු තරුණිය බවටත් ෂර්ලින් පත්ව සිටිනවා. සඟරාවේ සඳහන් වීමට නියමිතව ඇත්තේ ෂර්ලින් බොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවක් බවයි. ඒත් චිත්‍රපට දෙක තුනක පමණක් පෙනී සිටි ඇය සුපිරි තරුවක් බව කියනවාට ඉන්දියානු සිනමා විචාරකයන් විරුද්ධයි.
ඉන්දියාව යනු ඒඩ්ස් ඇතුළු සමාජ රෝග විශාල වශයෙන් පැතිරී ඇති රටක්. මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා කාම ප්රකාශනවලට වැට බැඳීමට ඉන්දියාව බලවත් පරිශ්‍රමයක් ගන්නවා.
(ඩේලි ටෙලිග්රාෆ්)