කරන්සි බෝඩ් එකකට ටිපිකල් මහබැංකුවකට වගේ මුදල් අච්චු ගහන්න බැහැ! සරලවම කියනවා නම් රටේ මුදල් ප්‍රමාණය සහ සංචිත වල තියෙන ඩොලර් ප්‍රමාණය ගැන සමාලෝචනය කරලා ඩොලරයට නිශ්චිත වටිනාකමක් දීලා- ඒ කියන්නේ නිශ්චිත විනිමය අනුපාතයක් හදල, රටේ සංචිතවල තියෙන ඩොලර් ප්‍රමාණයට අනුරූපී රුපියල් ප්‍රමාණයක් පමණක් රට තුළ සංසරණය වීමට සැලැස්වීම තමා ඒ! නිදසුනක් ලෙස දැනට රටේ තියෙන තත්වේ අනුව ඩොලරයට රුපියල් 360 කියල නිශ්චිත අනුපාතයක් හැදුවොත් රටේ තියෙන්න ඕනි රුපියල් ප්‍රමාණය, විදේශ සංචිත වල තියෙන ඩොලර් ප්‍රමාණය වගේ 360 ගුණයක් පමණක් විය යුතුයි. ඊට අමතරව තව රුපියල් සංසරණය තුළට එකතු කරන්න නම් අනිවාර්යයෙන්ම තව ඩොලර් ප්‍රමාණයක් රටට ගෙන්න ඕනි. මොකද අර නිශ්චිත අනුපාතය පවත්වාගන්න ඕනි නිසා. ඔය මම දන්න තරම! දන්න කෙනෙක් ඉන්නවා නම් නිවැරදි කරන්න. මේක හොඳ මූල්‍ය විනයක් පවත්වාගන්න හේතු වෙනවා. ඇත්තටම මහබැංකුවටම වුනත් ඕක කරන්න පුළුවනි, පනත වෙනස් කරන්න තමා තියෙන්නේ!