ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කාබනික පොහොර නෞකාව වෙනුවට අලුත් පොහොර නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි බව ලැබූ චීනයේ ෂින්ඩාවෝ එන් බයෝටෙක් සමාගම දැනුම්දී තිබේ.
එම සමාගමේ මෙරට නියෝජිතයා හරහා මෙම දැනුම්දීම කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.
යම් හෙයකින් එම පොහොර තොගය භාර නොගන්නේනම් ඒ වෙනුවෙන් වන්දියක් පවා ගැනීමට සිදුවන තත්ත්වයක් ඇතැයිද මෙරට නියෝජිතයා දැනුම් දී ඇත.
ප්රතික්ෂේප කරන ලද පොහොර තොගය වෙනුවට වෙනත් තොගයක් ලබාදිය නොහැකි බවත් අදාල පොහොර තොගය ප්‍රතික්ෂේප කළහොත් එය සමාගමේ අපකීර්තියට පත් කිරීමක් සේ සලකනු ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇතැයි නියෝජිතයා සඳහන් කර ඇත.
ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන එකහමාරක් පමණ මුදලක් වන්දි ලෙස ගෙවීමට සිදුවනු ඇතැයි ද නියෝජිතයා පෙන්වා දී ඇත.
ප්රතික්ෂේප කරන ලද චීන පොහොර නැවට ගෙවිය යුතු වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදල ගෙවා අවසන් නමුත් එම මුදලට සරිලන අයුරින් කිසිදු පොහොර තොගයක් මෙරටට ලැබී නැත.
හෙහෙහ් හෙහෙහ් අපි තමයි හොඳටම ගූ කෑවේ
------ Post added on Jun 25, 2022 at 2:08 PM