සල්ලි දී කක්කා කෑම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සල්ලි දී කක්කා කෑම

    මේ රටේ මිනිස්සු කඩවලින් කන්නේ, බොන්නේ වහ! ඒක බොරුවක් නොවේ. කඩකාරයෝ හදන කෑම බීම ජාතිවලට දමන ද්‍රව්‍ය බොහෝ විට නිෂ්පාදනය කරන්නේ ප්‍රමිතිගත නිෂ්පාදනාගාරවල නොවේ. ඒ වගේම මොවුන් යොදා ගන්නේ නිෂ්පාදනවලට අවශ්‍ය සැබෑ අමුද්‍රව්‍ය නොවේ. වස සහ විසයි.

    මේ බව වඩාත් තහවුරු වන්නේ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් දෙසැම්බර් 11 වැනිදා කොළඹ කොම්පඤ්ඤවීදියේ සිදුකළ වැටලීමකදී. මෙම ස්ථානයේ තිබී නිලධාරින් විසින් තක්කාලි සෝස්, මිරිස් කුඩු සහ කහ කුඩු සොයා ගත්හ. තක්කාලි සෝස් සෑදීමට මෙම ජාවාරමුන් විසින් යොදා ගෙන ඇත්තේ චුයින්ගම් නිෂ්පාදනය කිරීමට ගන්නා ඇලෙන සුළු ගම් වර්ගයක් හා වර්ණ ගැන්වීම සඳහා ‍යොදා ගන්නා ෆැබ්රික් ඩයි වර්ගයකි.මොවුන් සිරයට නොව, පණපිටින් අපාගත කළත් ඒ දඬුවමත් මදි තරම් ය.

    ගම් හා ඩයි මිශ්‍රණයට තක්කාලි සෝස් ස්වල්පයක් දමා ඉතිරියට වතුරද දමා කවලම් කොට ඇලන සුළු තත්ත්වයෙන් තක්කාලි සෝස් නිපදවා තිබේ. අනතුරුව විවිධ ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතලවලට තක්කාලි සෝස් අසුරා කඩවලට අලෙවි කරන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එවැනි තක්කාලි සෝස් ලීටර් දෙදහසක් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත්හ.

    මෙම අපරාධකරුවන් මිරිස් කුඩු සහ කහ කුඩු නිපදවීම සඳහා යොදාගෙන ඇත්තේ කල් ඉකුත් වූ බටානා පිටි, රතු පැහැති ෆැබ්රික් ඩයි, සිවුරු වර්ණ ගන්වන ෆැබ්රික් ඩයි යනාදියයි. එම ඩයි වර්ග හා බටානා පිටි යොදා සකස් කළ ‘මිරිස් සහ කහ කුඩු’ කි‍ලෝ ග්‍රෑම් පන්සියයක් අධිකාරියේ අත්අඩංගුවට පත් විය.

    ඒ වගේම මෙම ස්ථානයේ වැසිකිළි සෝදන දියර සහ පිඟන් සේදීමට ගන්නා සේදුම් දියරද නිෂ්පාදනය කර තිබෙන අතර ඒවා සකස් කිරීමට භාවිතා කළ භාජන, තක්කාලි සෝස් නිපදවන්නට පාවිච්චි කර තිබෙන බවත් අනාවරණය වී තිබේ.මෙම පවුකාරයින්ට දිය යුතු දඬුවම කුමක්දැයි මෙය කියවන ඔබම යෝජනා කරනු මැනවි. මොවුන්ට දඬුවම් ලබා දීමේ බලයක් අපට නැත. නමුත් එයින්වත් සෑහිමකට පත් වීමට පිළිවන.මේ ආකාරයට නිපදවන සෝස් වර්ග සහ මිරිස්,කහ කුඩු ඇතුළු තුනපහ වර්ග යවන්නේ කොහාටද?

    මහපාරවල දිගටම දකින්නට ඇත්තේ කොත්තු රොටි කඩ, චයිනීස් රෙස්ටුරන්ට්, පේස්ට්‍රි ෂොප්, පළතුරු බීම කඩ, ආප්ප කඩ යනාදියයි. සවස 5 -6 වන විට මේවාට ඇඟිල්ලක් ඔබන්න බැරි තරමට පාරිභෝගිකයින් පිරී සිටිති. බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ සතියකට දෙතුන් වතාවක් කඩෙන් කන්නටය. ඊට රැයක් දවාලක් කියා වෙනසක් ද නැත. සමහර පේස්ට්‍රි ෂොප්වල වාඩි වී කට්ලට්ස්, පැටිස් තක්කාකාලි සෝස්වල පොඟවා ගෙන යස අපූරුවට බුදින අයුරු අමුතු දසුනක් නොවේ. නමුත් මෙම ආහාර නිපදවීමට යොදා ගන්නා පිටි, සීනි, මිරිස්, කුළු බඩු වර්ග සැබෑ පිරිසිදු ද්‍රව්‍ය නොවන බව ඉතා පැහැදිලිය.

    කොත්තු රොටීකාරයට,චයිනීස් ෆුඩ් ෂොප්කාරයාට අවශ්‍ය ලාභයට කුළු බඩුය.සෝස් වර්ගය. රටට නොවේ,මිනිසුන්ගේ බඩ පපුවට මොන වසංගයක් සෑදුනත් මොවුන්ට වගක් නැත. අවශ්‍ය වන්නේ රීරිමාංශ විකුණා හෝ මුදල් උපයන්නටය. ඒවා සැපයීම සිදුකරන්නේ ඉහත කී තක්කඩි ජාවාරමුන්ය.

    කොත්තුකාරයාට අවශ්‍ය කොත්තුව විකුණා ගන්නටය. ඊට යොදන සෝස් වර්ග, ලුණු, මිරිස්වල ප්‍රමිතියක් ඔහුටද අවශ්‍ය නැත. රත් වූ තැටියට ගෝදම්බ රොටි අහුරක් දමා, කුණු බිත්තරයක් ද ඊට කඩා දමා, ඩයි මිරිස් කුඩු, ඩයි සෝස් කළළුම් කොට, රටටම ඇහෙන්න තැටියට තාලයට තඩි බා, උණු උණුවේ

    ෂොපින් කොළයට දමා, පාර්සල් ගසා දෙන කුණු කොත්තුව රැගෙන යන්න පාරිභෝගිකයින් බලා සිටින්නේ නොඉවසිල්ලේය.එය බුදින තුරු ඉවසිල්ලක් නැති තරම්ය. දහදරාව දමා සකස් කළ කොත්තු හා චයිනීස් රස කරමින් ආහාරයට ගනිද්දී හෙට දවසේ තමන්ට වැළ‍‍ඳෙන්නේ දොස්තරවරුන්ටවත් සොයා ගන්නට බැරි අසනීපයක් බව අප කාටත් සිතෙන්නේ නැති තරම් ය. ඒ තරම් ප්‍රණීත ‍රසයකින් දිව පිනා යයි.

    මේ අන්දමට මගෝඩියන්ට රටේ රජ කරන්නට හැකි වී ඇත්තේ රටේ නීතියට අංශබාගේ රෝගය වැළඳීම නිසාය. කුණු කරවල, කුණු පළතුරු ඕනෑ තරම් පිටකොටුව ප්‍රදේශයේ විකුණති. සමහර වෙළෙන්ඳන් බොහෝ විට රැගෙන එන එළවළු සහ මාලු වර්ග මඳක් එහා මෙහා පෙරළන විට හොඳ මාලු එළවළු අස්සේ සඟවා ගෙන ආ කුණු මාලු සහ එළවළු සොයා ගන්නට පිළිවන. මොවුන් නොබියව මෙවැනි අපරාධ සිදු කරන්නේ නීතියට අංශබාගේ වැළඳීම නිසා නොවේ නම් වෙන කුමක් නිසාද?


    මෙම භාණ්ඩ කිරන්නේද හොර තරාදිවලින්ය. පාරිභෝගික ජනතාව වෙළෙන්දන්ගේ අතට අසුවුණ මොහො‍තේ පටන් ගසා කෑමකට ලක් වන්නේ නීතියේ පවතින දැවැන්ත සිදුරු නිසාය.

    කෙසේ වෙතත් මෙම ජාවාරමුන් අත්අඩංගුවට ගන්න, පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගන්නට පාරිභෝගික අධිකාරියේ නිලධාරින් දරන වෙහෙස අප ඉතා ඉහළින් අගය කරන්නෙමු. ඔවුන් මෙම මගෝඩි වෙළෙන්දන් කුදලා ගෙන ගොස් උසාවි දමා දඩ ගසන්නට කටයුතු කරති. නමුත් තක්කඩි වෙළෙඳාම රටින් තුරන් කර දැමිය නොහැක්කේ තල්මසුන් වැනි ලොකු ප්‍රමාණයේ තක්කඩි ජාවාරමුන්, පිටකොටුවේ ඇටවල්ලන් වැනි තක්කඩි වෙළෙන්ඳන්ට ඉහළින් රජ කරන නිසාය. ‘තල්මසුන්’ අත්අඩංගුවට ගන්නට පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ගේ දෑත් දිගු මදිය.

    ko3සමාජයේ ඉහළින් හිඳ අපරාධ කරන පුද්ගලයන් සඳහා රටේ නීතිය එකක්ය. පහළ පංතියට නීතිය තව එකක්ය. ජනතාවට පෙනෙන්නේ ඒ වගේය. මේ දෙබිඩි ප්‍රතිපත්ති නිසා නීති බල ගන්වන්ට සිටින බොහෝ නිලධාරින් පසුවන්නේ දැඩි සිත් වේදනාවෙන් බව අප දනිමු.

    ආසියාවේ ලොකුම හෙරොයින් තොගයට බදු පනවන්නට එපා යැයි කී අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා පවසන්නේ තමන් එවැනි ලිපියක් රේගුවට නිකුත් නොකළ බවයි. රේගුව කියන්නේ එවැනි ලිපියක් ලැබුණ බවයි. මේ සිද්ධිය ගැන සම්බන්ධිකරණ ලේකම්වරයා‍ගෙන් මේ දක්වා කිසිම කට උත්තරයක් පොලිසිය ලබාගෙන නැත. එවැනි පුද්ගලයෙක් අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා වශයෙන් සේවය කළා දැයි පොලිසිය අගමැතිවරයාගෙන් විමසීමක් කර නැත.

    කුඩු සිද්ධියකදී පොලිසිය ක්‍රියාත්මක වන පිළිවෙලට හාත්පසින්ම වෙනස් ‘හුළං බැහැපු’ තත්ත්වයකින් මෙහිදී ක්‍රියා කරන බවක් ජනතාවට පෙනෙන්නට තිබීම කොහෙත්ම හොඳ නැත. කුඩු ග්‍රෑම් හතරට මරණ දඬුවම නියම කරන රටේ කුඩු කිලෝ ග්‍රෑම් 131ක අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වන පිළිවෙල පොලිස් නීති පොතේ කොතැන තිබේදැයි කියන්නට අප දන්නේ නැත. එහෙව් රටේ කොත්තු රොටිය, පේස්ට්‍රිය, චයිනීස් ඇතුළු ආහාර, පළතුරු බීම වස විසෙන් නිපදවීම එච්චර අරුමයක් නොවේ.
     

    BlackOrchid

    Member
    Dec 15, 2013
    128
    6
    0
    Gedharin kama aran yana eka thama hodama wade. Rotiyak aran yanna lajjai wage nam ata mona hari thambala aran giyama hari. Hama resturant ekama balanne product cost eka adu karanna. Oya buriyani thiyena thanakata gihin ara hodhi mandi tika poddak balanna massoma keeyak innawada kiyala. Hodi 1l wage bajaneka masso 100 wage watunama eka mas hodi nemei masso hodi wenawa. Anika oya bajana hodanne naha oya minissu pahe raha yanawa kiyala. bajana heduwe nathi unama pahe raha ekema thiyenawa godak kalekata. Anika koththu walata danna dawal kapu kama wala mas malu ehema wenama bagana walata danawa. beema ona unama dehi chuttak mirikala bonna. Koththu ona unama gedhara hadala kanna. Ara saddeta gahanna nam bari wewi a unata rahata hadanna puluwan roti thuni karama
     

    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    කතාව ඇත්ත. නමුත් නිතියක් නැති රටේ අපට කිසි සදාරනයක් බලාපොරොත්තු විය නොහක..

    හැම අoශයකින් ම, පොඩි තැන සිට ලොකු පුටුව දක්වා ම මෙහෙමයි.
     
    • Like
    Reactions: RavinduSha

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    කතාව ඇත්ත. නමුත් නිතියක් නැති රටේ අපට කිසි සදාරනයක් බලාපොරොත්තු විය නොහක..

    හැම අoශයකින් ම, පොඩි තැන සිට ලොකු පුටුව දක්වා ම මෙහෙමයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලංකාව දැන් නම් මහා කාලකන්නි රටක් බං
    මෙහෙම රටක අපි ඉපදුනේ මොන කරුමෙකටද මන්ද
    දැන් ඉතිං බත් බැලයෝ ටික ඇවිත් කියපල්ල දැන් ඉන්න එකා එලවල කාවද ගේන්නේ කියල
    අනේ මෙහෙමත් බත් කන හරක් ඉන්න රටක ආයෙත් නම් ඉපදෙන්න එපා එපා එපා
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    කතාව ඇත්ත. නමුත් නිතියක් නැති රටේ අපට කිසි සදාරනයක් බලාපොරොත්තු විය නොහක..

    හැම අoශයකින් ම, පොඩි තැන සිට ලොකු පුටුව දක්වා ම මෙහෙමයි.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාව දැන් නම් මහා කාලකන්නි රටක් බං
    මෙහෙම රටක අපි ඉපදුනේ මොන කරුමෙකටද මන්ද
    දැන් ඉතිං බත් බැලයෝ ටික ඇවිත් කියපල්ල දැන් ඉන්න එකා එලවල කාවද ගේන්නේ කියල
    අනේ මෙහෙමත් බත් කන හරක් ඉන්න රටක ආයෙත් නම් ඉපදෙන්න එපා එපා එපා
    දුක් වෙන්න එපා, අපි කක්කා කැවත් ආසියාවේ අස්චර්යමත්ම ජාතිය.
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    ලංකාව දැන් නම් මහා කාලකන්නි රටක් බං
    මෙහෙම රටක අපි ඉපදුනේ මොන කරුමෙකටද මන්ද
    දැන් ඉතිං බත් බැලයෝ ටික ඇවිත් කියපල්ල දැන් ඉන්න එකා එලවල කාවද ගේන්නේ කියල
    අනේ මෙහෙමත් බත් කන හරක් ඉන්න රටක ආයෙත් නම් ඉපදෙන්න එපා එපා එපා

    :yes::yes::yes:ඔව් බං. මටත් මේ රට එපාවෙලා තියෙන්නෙ.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kannath ne mona hu*** da yako....ekath waha...40 wenna isella maren netthuwa hityoth athi duk widin nethuwa...mona cancer tiyenwada danne ne aga athule...
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    කතාව ඇත්ත. නමුත් නිතියක් නැති රටේ අපට කිසි සදාරනයක් බලාපොරොත්තු විය නොහක..

    හැම අoශයකින් ම, පොඩි තැන සිට ලොකු පුටුව දක්වා ම මෙහෙමයි.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ලංකාව දැන් නම් මහා කාලකන්නි රටක් බං
    මෙහෙම රටක අපි ඉපදුනේ මොන කරුමෙකටද මන්ද
    දැන් ඉතිං බත් බැලයෝ ටික ඇවිත් කියපල්ල දැන් ඉන්න එකා එලවල කාවද ගේන්නේ කියල
    අනේ මෙහෙමත් බත් කන හරක් ඉන්න රටක ආයෙත් නම් ඉපදෙන්න එපා එපා එපා

    aka nam aththa
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ඔය කුණු කෑම විකුණන එක වැඩියෙන්ම වෙන්නෙ පිටකොටුවෙ, බොරැල්ලෙ, මරදාන අවට සෙනග වැඩියෙන්ම ඉන්න හරියෙ තමයි. මමනම් කොළඹ ගියාම කවදාවත් ඔය කඩවලින් ජරාව කන්නෙ නැහැ. කන්න තියා දකිනකොටත් අප්පිරියයි. ඒ වෙනුවට හොඳ පිරිසිදු කඩේකින් හයිලන්ඩ් කිරි බෝතලයක් බීල බඩගින්නෙම ගෙදර එනව. ලෙඩ හදාගන්නවට වඩා ඒක සැපයි. :yes:

    මොනව උනත් ඒ කඩවල කෑම හදන හැටි විකුණන්න දාල තියන හැටි දැක්කම අප්පිරියයි. අපිත් චයිනීස්, කොත්තු කඩ කරනව. ඒත් ඒ කඩවල ඔයවගේ ජරාව විකුනුවනම් මෙලහකට අපිත් මැරිල ගොඩක් කල්. තියන හොඳම බ්‍රෑන්ඩ් වලින් බඩු හොයල අරගෙන කොත්තු/චයිනීස් බාස්ට දවසට 1300ක් 1400ක් දීල හදන කෑම එක ගන්න එන මනුස්සය අර අයිල කඩවලට නොගිහින් රුපියල් 10ක් 20ක් වැඩියෙන් දීල කෑම එක අරන් යන්නෙ අඩුවට කුණු කන එකේ විපාක දන්න නිසා. ඒත් සමහර PHIලා ෆ්‍රිජ් එකේ මස් එක්ක මාළු එකට දාල තිබුනත් නඩු දානව. මේ ළඟදිත් අළුත් එකෙක් ඇවිත් චිකන් පැකට් එක ඩිෆ්‍රිසර් එකෙන් එලියට අරන් තියනව දැකල (කපන්න ගන්න කලින්) ෆ්‍රිජ් එකේ අළුතෙන්ම ගෙනත් තිබුන සොසේජ්, මස්, මාළු තව ෂෝකේස් වල තිබුන එවෙලෙ හදපු රොටි සේරම කුදලගෙන ගිහින් නඩු දැම්ම. උසාවියෙන් 10,000ක දඩේකුත් ගැහුව. :dull:

    අරතරම් පිරිසිදුවට කෑම දීල කුක්ලගේ පඩි ගෙවල කඩ කුලී ගෙවල සේරම කරල මාසෙ අන්තිමට අතේ ඉතිරිවෙන පිච්චියටත් කෙළින්න අදායම් බදුත් ගහනව.
    එතකොට තමයි තේරෙන්නෙ කඩ කරනවට වඩා හොඳයි කොත්තු ගහන්න පුරුදුවෙලා අනුන්ගෙ කඩේක වැඩට යන එක කියල. කොත්තුවෙක් කාල බීල සේරම කරල මාසෙකට 40,000 පැනල පඩියක් ගන්නව. මුදලාලි බදු ගෙව ගෙව දුක්විඳිනව :P

    ඔය මොනව කලත් ගොඩක් මිනිස්සු තාමත් පුරුදුවෙලා ඉන්නෙ රුපියල් 10, 20 ලාබෙ බලල අඩුවට ජරාව විකුණන තැන් වලින් කන්න. ඒක ඒ මිනිස්සුන්ගෙ වරදත් නෙමෙයි. සල්ලි නැතිකම :(
     

    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    :yes::yes::yes::yes:
    ලංකාව දැන් නම් මහා කාලකන්නි රටක් බං
    මෙහෙම රටක අපි ඉපදුනේ මොන කරුමෙකටද මන්ද
    දැන් ඉතිං බත් බැලයෝ ටික ඇවිත් කියපල්ල දැන් ඉන්න එකා එලවල කාවද ගේන්නේ කියල
    අනේ මෙහෙමත් බත් කන හරක් ඉන්න රටක ආයෙත් නම් ඉපදෙන්න එපා එපා එපා
    :yes::yes::yes::yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Machan lankawe kadawal wala fried rice kiyala api kanne 90%kma badapu bath..un gindara thachchiye bath badala denne..fried rice hadanne ehema newei ne ban....mamath 3 welama kaden kanne..udeta mun ata,batala,maiyokka wage mokak hari ata jathiyak kanawa...dawaltai raatai kanne nan jarawa ban :dull::dull: