සල්ලි දෙන්න අමතක වෙලා චාටර් වෙලා තියෙනවා ද?

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    මට උනා කැරිම වැඩක් අවුරුදු දෙක තුනකට කලින්.

    එකට ඉස්කෝලෙ හිටපු උදේ හවා හම්බෙන අයියා කෙනෙක්ගෙ ෆෝන් ශොප් එකකට ගියා 2000 පොඩි ෆෝන් කට්ටක් ගන්න. කොහොමහරි ෆෝන් තුන හතරක්ම බලලා සෙට් වෙන එකක් ගත්තා. දැන් අරූ මට පෙන්නපු ඉතුරු ෆෝන් ටික ආයෙ බොක්ස් වලට දානවා. බලද්දි එකක් නෑ. ඌ ඒක හොයනවා පිස්සෙක් වගේ. කොහෙවත් නෑ. නිකමට මම මගෙ ෆෝන් එක ගන්න සාක්කුවට අත දාද්දි ෆෝන් දෙකක් සාක්කුවේ. රෙස්ට් ඊස් හිස්ට්‍රි.

    රෙදි නෑ. මම ඌට කිව්වා අඩේ වැරදීමක් කියලා. පොර පිලිගත්තා හැබැයි මට මාරම අවුල් ගියා. මම ඌට දෙතුන් පාරක්ම සොරි කියලා එන්න ආවා. අදටත් හම්බෙනවා උදේ හවස. ඌව දකින හැම වෙලේම මානසිකව වැටෙනවා. මම ජීවිතේට හොරකමක් කරලා නෑ. එදා ඉදන් පුදුම සිහි කල්පනාවකින් වැඩ කරන්නෙ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927

    මටත් ඔය වගේ අවුල් යනවා. ජීවිතේට හොරකමක් කරලා නැතත් වෙන කෙනෙක් හොරෙක් වගේ හිතයි කියලා තමයි මටත් අවුල් යන්නේ. හැබැයි ඔය වගේ කේස් එකක් වෙලා නෑ තාම. ඕක දැන් වැඩක් නෑනේ එච්චර හිතන්නේ නැතුව ඉන්න තියෙන්නේ. ඒ අයියට ඕක කොහොමත් දැන් ගානක් නැතුව ඇති. හිතාමතා වැරැද්දක් නොකර වැරැද්දක් කරපු ගාණට හිතන එක අපෙත් අවුලක්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    පිටකෝට්ටේ නෙලුම් කොලේ එකෙන් කාලයක් දිගටම කෑවා , එක පාරක් සල්ලි ගෙවන්න අමතක වෙලා ආවා.. ආවාට පස්සේ මතක් උනේ ගෙව්වෙ නෑනේ කියලා 🤣 ඊලග දවසේ කන්න ගියාම උන්ට මතකත් නෑ ඒක, පස්සේ මමම මතක් කරලා ඒක දුන්නා.. එදා ඉදන් හොඳ සැලකිල්ලකුත් හම්බ උනා.. 🤩

    තව එක පාරක් සිල්ලර බඩු කඩේකට ගිහින් ඉන්නකොට සෙනග ගොඩයි සල්ලි ගෙවන්න. චොකලට් කිරි එකක් බීලා කාඩ් එකක් විතරයි ගත්තේ, රුපියල් 100 ක් ඉතුරු ගන්න තිබ්බා..
    මෙන්න මුදලාලියා ඇවිත් ඉතුරු කියලා 500 ක් අතේ තිබ්බා 🤣😅 හරි නේද ඇහුවා මාත් හරි හරි කිව්වා 🤣🤣
    ටක් ගාලා අරන් ආවා ...
    ආයේ ගියේ නෑ ඒ කඩේට 🤣
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,585
    113
    මට වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. එක්කො ඉතුරු සල්ලි ගන්න අමතක වෙනව. එක්කො ගත්ත බඩු ටික ගන්න අමතක වෙනව. සර් බඩු ටික කිවුවම තමා මතක් වෙන්නෙ. වස නෝන්ඩි.