සල්ලි දෙයියන්ගේ මල්ලි parissam karaganna hati

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සල්ලි දෙයියන්ගේ මල්ලි parissam karaganna hati

    සල්ලි දෙයියන්ගේ මල්ලි

    කොහෙන්වත් උපුටා නොගන්නා ලදී
    ඒ වගේම තව දෙයක්
    කෙනෙක් ට උපදෙසක් දෙන්න තරම් වයසක නෙවෙයි මං ඉන්නේ
    මං පණ්ඩිතයා වගේ උපදෙසක් දෙනවා නෙවෙයි
    මං අනුගමනය කරන ක්‍රම කිහිපයක් ඔයාලට කියන්න යි හදන්නේ
    මං පොර කියලා කියන්නවත් මගේ ලොකු කම කියන්නවත් නෙවෙයි මේ උත්සහය
    ඒ වගේම තව දෙයක් මං මේ අනුගමනය කරන ක්‍රම ව‍ල දෝෂයක් තියනවනම් ඒවා පෙන්වා දෙන්න ඔබට අයිතිය තියෙනවා

    දෙයියන්ගේ මල්ලි සල්ලි කීව එකාට සුසුකි ඇල්ටෝ එකක් අරන් දෙන්න ඕනි
    අද කාලේ සල්ලි නැතුව මුකුත් කරන්න බෑ
    ගමේ ඉන්න අයට වඩා ඒක තදින්ම දැනෙන්නේ නගරයේ ජීවත් වෙන අයට
    ගෙවල් කුලී ආහාර පාන ප්‍රවාහන වියදම් බ්ලා බ්ලා බ්ලා
    කොච්ච හම්බ කලත් මදි වගේ
    පඩිය අරන් ඒ හැරිලා මෙහේ හැරෙනකොට පඩියට උණ දෙයක් නෑ
    එතකොට ඉතින් අයියෝ සල්ලි තමා
    හැබැයි පොඩි කලමණාකරණයක් කර ගත්තොත් ටිකක් හරි ෂේප් කර ගන්න පුලුවන්

    අපි හිතමු මං මාසෙකට රුපියල් 50000ක් උපයනවා කියලා
    හැම මාසෙම 6 වෙනිදට තමයි මට පඩිය ලැබෙන්නේ කියලා හිතමුකෝ
    (නෑ නෑ ගෙදර පඩිය නෙවෙයි සැලරිය)

    එතකොට හය වෙනිදා වෙනකොට මට ඉබේම සෙට් වෙනව බෝඩිම් කුලී/ පන්ති ගාස්තු/ අන්තර්ජාල බිල/ජංගම දුරකථන බිල
    පඩිය අතට ගත් සැනින් කරන්නේ බෝඩිම් කුලියයි+පන්ති ගාස්තු වලට යන මුදලයි+අමතර වියදමට පොඩි ගාණක් (දල වශයෙන් ගණන් හදලා බලලා) අතේ තියාගෙන ඉතුරුවා ටික දානවා බැංකුවට
    අපි හිතමු බැංකුවට රුපියල් 40000ක් දාන්න පුලුවන් උනා කියලා
    ඒ ටිකෙන් ඉබේම අන්තර්ජාල හා ජංගම දුරකථන බිල ගෙවෙනවා (ඕනි වෙලාවට උන් කනෙක්ෂන් කපන නිසා ස්වයංකීයව ගෙවන්න විධානය දීලා තියෙන්නේ)
    මං අනිවාර්යෙන්ම ආහාර ද්‍රව්‍යය/පොත්පත් වැනි දෑ ගන්නේ food city එකෙන්
    විෂය සම්බන්ධ පොතක් ගන්න ඕනි වුනොත් ඉතින් සරසවි හරි ගුණසේන එකෙන් ගන්නේ
    මේ හැම තැනකදිම මුදල් ගෙවන්න මං පාවිච්චි කරන්නේ කාඩ් එක
    ගොඩක් වෙලාවට කාඩ් එකෙන් ගෙවන කොට කීල්ස් එකෙන් එහෙම වට්ටම් දෙනවා

    ප්‍රධාන බැංකු දෙකක තමයි මුදල් දාන්නේ
    අනිත් විශේෂ කරුණ තමයි මං මුදල් දාන බැංකු දෙකේම තෑගි තරග පවත්වනවා
    හදීසියේ වත් තෑග්ගක් ඇදුනොත් පොලියට අමතරව තව බෝනස් පොලියක්නේ බන්ස්
    පර්ස් එකේ දාගෙන යන්නේ සල්ලි ටිකයි
    ඒකට හේතුව තමයි
    ගොඩක් ආයතන වල කාඩ් එකෙන් ගෙවන්න පුලුවන් කම
    සල්ලි ටිකක් තිබ්බම අනවශ්‍යය වියදම් අඩුයි

    මෙන්න මේ වගේ ක්‍රමයක් තමා අනුගමනය කරන්නේ
    මේ ක්‍රමයේදි මට ලැබෙන විශේෂ වාසිය තමයි
    මං ගනුදෙනු කරන බැංකුවලට මං ශක්තිමත් හා active ගණුදෙනුකරුවෙක් කියලා පෙන්වන්න පුලුවන්
    මොකද මට සාමාන්‍යයෙන් මාසෙකට ලැබෙන ආදායම සහ මගේ වියදම් රටා ගැන දල අවබෝධයක් බැංකුවට ගන්න පුලුවන්
    එහිදී ලැබෙන විශේෂ වාසිය තමයි අපි ණයක් ගන්න ගියහම එම ණය ලබාගන්න බැංකුව දක්වන සහය වැඩියි
    ගොඩක් අය බැංකුවත් සමග ගනුදෙනු කරන්නේ නෑ
    මං ව්‍යාපාරය පටන් ගන්න ණයක් ගන්න බැංකුවලට ගියහම ගොඩක් අසරණ වුනා

    එදා පටන් මං බැංකු කිහිපයක ගිණුම් ආරම්භ කරලා සුලු සුලු ගණන් හරි තැම්පත් කරනවා
    එයින් ගොඩක්ම නම්‍යය ශීලි බැංකු දෙකක් මාගේ දෛනික කටයුතු වලට යොදාගන්නවා
    එක පාර ලක්ෂ ගණන් නෙවෙයි රුපියල් දාහකින් පුලුවන් ගිණුමක් පටන් ගන්න

    අපි ගොඩක් වෙලාවට උත්සහ කරන්නේ පඩිය අරන් වියදම් ටික කරලා ඉතුරු වුනොත් බැංකුවේ දාන්න
    නමුත් මං කරන්නේ පඩිය ගත්ත ගමන් ඒ මුදල බැංකුවේ දාන එක
    එතකොට මුදල් අපි ගාව තියනවා වගේ නෙවෙයි අපි නොහිතන මුදලක් මාසේ අන්තිමට ඉතුරු වෙනවා
    (බැංකු ගිණුමට වැටුප ලැබෙන අයට අදාල නෑ)

    ඊගාව කරුණ තමයි වියහියදම් සටහන් කිරීම
    දවස අවසානයේදී නිදන්න පෙර excel වල මා දෛනිකව මා කරන ලද වියදම් එම කරුණ සහ මුදල සහිතව
    සටහන් කරනවා
    එවිට දවසේ සිදුවු කටයුතු නැවත ආවර්ජනයක් වීමත් ඊලග දවස ගැන සැලසුම් කිරීමත් ඉබේම සිදුවෙනවා
    අවසානයේදී
    මා එම මස තුල වියදම් කරන ලද මුදල සහ ඒවා වියදම් වූ ආකාර ගැන විස්තරයක් ලබාගන්න පුලුවන්
    එවිට ඒ මාසය තුල කරන ලද අනවශ්‍යයදය වියදම්
    මට ලැබෙන්න තියන ණය මුදල්
    වැනි විවිධ තොරතුරු ලබාගන්න පුලුවන්

    මේ සරල කටයුතු වලින් මා මුදල් පරිහරණය කල ආකාරය
    මා සතුව දැනට ඇති වත්කම
    වැනි දෑ ගැන දල අහසක් ගන්න පුලුවන්
    එහෙමනැත්නම් සල්ලිත් නෑ වෙච්චි දේකුත් නෑ කියන්න තමයි වෙන්නේ

    තවත් ටයිප් කරන්න කම්මැලියි
    ලොකු කමකට වත් රෙප් ගන්නවත් කීවා නෙවෙයි මචංලා
    ඔයාලගේ අදහස් දැනගන්න කැමතියි




    එලකිරි කොල්ලෙක් වෙන්න දතයුතු දේ
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    හොද පෝස්ට් එකක් මචන්.. ස්තුතිය්
    ඒ වගේම එලකිරි එකේ අවුරුදු 6ක් සම්පූර්ණ කරපු එකට මගේ සුභ පැතුම්!!
    :cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: chanakacm

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    තව පොඩි කරුණක් කියන්න ඕනි මං එලකිරිය‍ට ඇවිත් අවුරුදු 6 සපිරුණා මේ මාසේ 19 වෙනිදට
     
    • Like
    Reactions: DJU9

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka

    ඊගාව කරුණ තමයි වියහියදම් සටහන් කිරීම
    දවස අවසානයේදී නිදන්න පෙර excel වල මා දෛනිකව මා කරන ලද වියදම් එම කරුණ සහ මුදල සහිතව
    සටහන් කරනවා
    එවිට දවසේ සිදුවු කටයුතු නැවත ආවර්ජනයක් වීමත් ඊලග දවස ගැන සැලසුම් කිරීමත් ඉබේම සිදුවෙනවා
    අවසානයේදී
    මා එම මස තුල වියදම් කරන ලද මුදල සහ ඒවා වියදම් වූ ආකාර ගැන විස්තරයක් ලබාගන්න පුලුවන්
    එවිට ඒ මාසය තුල කරන ලද අනවශ්යදය වියදම්
    මට ලැබෙන්න තියන ණය මුදල්
    වැනි විවිධ තොරතුරු ලබාගන්න පුලුවන්



    Good Post මචන්. Excel වල දානවට වඩා හොදයි Money manager Software එකක් Use කරානම්. මං නම් AceMoney Use කරන්නේ. පට්ට. ඔක්කොම රිපෝට් වැටෙනවා මොන මොනාට කොච්චර Use කරාද කොච්චර Use කරාද, බැංකු වල ගනන් වගේ ගොඩක් options තියෙනවා. :) රෙප් දෙන්න බෑලු.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Good Post මචන්. Excel වල දානවට වඩා හොදයි Money manager Software එකක් Use කරානම්. මං නම් AceMoney Use කරන්නේ. පට්ට. ඔක්කොම රිපෝට් වැටෙනවා මොන මොනාට කොච්චර Use කරාද කොච්චර Use කරාද, බැංකු වල ගනන් වගේ ගොඩක් options තියෙනවා. :) රෙප් දෙන්න බෑලු.

    මං නෙට් එකේ බැලුව බන් මට හොයාගන්න බැරිවුනා
    excel වල වැඩේ කියන තරම් ලේසි නෑ
    පුලුවන්නම් මට ලින්ක් එකක් හොයලා දෙන්න කෝ පින්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    chanakcm ගේ ලොකුකම

    උඹ සල්ලි වියදම් කරන හැටි අපිට මොකද

    මේ වගේ කමන්ටු බාර ගනුනොලැබේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අම්මට හුඩු නූල දැම්මා විතරය් අකුණු ගගහා වහිනවා
    මං ‍යනෝ
    වැස්ස පෑව්වම එන්නම්
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මං නෙට් එකේ බැලුව බන් මට හොයාගන්න බැරිවුනා
    excel වල වැඩේ කියන තරම් ලේසි නෑ
    පුලුවන්නම් මට ලින්ක් එකක් හොයලා දෙන්න කෝ පින්

    ඉදපන් මං ගාව කැක් එකක් එක්ක Full Version එකක් ඇති මගෙ බ්ලොග් එකේ දාපු. ලින්ක් එක වැඩද දෙන්නෙ නෑ. බලමු.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    ඉදපන් මං ගාව කැක් එකක් එක්ක Full Version එකක් ඇති මගෙ බ්ලොග් එකේ දාපු. ලින්ක් එක වැඩද දෙන්නෙ නෑ. බලමු.

    බලලා කරලා දියන් මං තව ටිකකින් එන්නම්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මෙන්න මචන් Software එක. බාගනින් ඔන්න විස්තරත් එක්කම තියෙනවා.
    http://wadakida.blogspot.com/2011/06/ace-money.html


    ඩිරෙක්ට් බානවනම් මේකෙන් බාගනින්

    http://www.mediafire.com/?fzv5o2bcx27bttc

    :)

    අඩේ තව දෙන්න පුලුවන් නම් තව රෙප් දෙනවා බන් උඹට

    උඹේ බ්ලොග් පෝස්ට් එකට යටින් chanakcm කියලා කෙනෙක් දැන් අවුරුද්දකට විතර කලින් කමන්ටුවක් දාලා ඇති ඒ මං බං