සලේ අත්අඩංගුවට ගත්තේ ඇයි...?

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,032
    2,501
    113
    හිටපු බුද්ධි ප්‍රධානී සුරේශ් සලේ අත්අඩංගුවට ගැනීම සිදුකරන ලද්දේ පාස්කු ප්‍රහාරය ඔහුගේ සැලසුමකට අනුව සිදු කළ එකක් බවට සැක කිරීමට සාධාරණ හේතු තිබෙන නිසා යැයි, ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තු හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.
    එහිදී ප්‍රධාන කරුණු තුනක් ඔහු විසින් ගෙනහැර දක්වන ලදී.
    පළමු කරුණ, ප්‍රහාරයට සති ත-ුනකට පෙර, මුස්ලිම් ජාතික පුද්ගලයන් තිදෙනෙකු ලවා, මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන පිළිබද සංවේදී තොරතුරු එක්රැස් කිරීමයි.
    මෙම තොරතුරු එක්රැස් කිරීම සදහා යොදා ගත් එක් අයෙකු අයි.එස්.අයි.එස් මතවාදය නියෝජනය කළ අයෙකු බවත්, ප්‍රහාරයට පසුව මේ දක්වා එම පුද්ගලයා පිළිබදව කිසිදු තොරතු-රක් වාර්තා නොවන බවද අමාත්‍යවරයා පවසයි.
    එමෙන්ම, පාස්කු ප්‍රහාරය පිළිබදව පානදුර ප්‍රදේශයේ බුද්ධි නිළධාරියෙක-ුගෙන් ලැබුණු තොරතුරු වසං කිරීමට සුරේශ් සලේ කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.
    අදාල බුද්ධි තොරතුර තුළ ප්‍රහාරය සැලසුම් කරන්නේ ඉහළ බුද්ධි නිළධාරියෙකු විසින් යැයි වාර්තා කර තිබුණු අතර, සලේ විසින් අදාල පුද්ගලයා අනීතිකව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා ලැබුණු තොරතුරු වසං කිරීමට සුරේශ් සලේ කටයුතු කර තිබෙන අතර, ප්‍රහාරයට පසුව ද ඒ පිලිබදව සත්‍ය තොරතුරු වසං කිරීමට සහ තොරතුරු නොමග යැවීමට සුරේශ් සලේ හිතා මතාම කටයුතු කර තිබෙන බව දැනගන්නට ඇති බවද අමාත්‍යවරයා පවසයි.
    1. ප්‍රහාරයට සති තුනකට පෙර
    මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන
    පිළිබද තොරතු-රු රැස් කිරීමට කටයුතු කිරීම.
    සලේ විසින් තොරතුරු රැස් කිරීමට එසේ
    යොමු කළ එක් පුද්ගලයෙකු අයි.එස්.අයි.එස් සාමාජිකයෙකි.
    2. ප්‍රහාරයක් එල්ල වන බවට කල් තියා ලැබුණු බුද්ධි තොරතු-ර
    සැගවීමට කටයුතු කිරීම. එම බුද්ධි තොරතුර ලබා දුන් පුද්ගලයා
    අනීතිකව අත්අඩංගුවට ගැනීම.
    3. ප්‍රහාරයට පෙර හා පසුව - ප්‍රහාරය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු මකා දැමීමට කටයුතු කිරීම