සවුදි අරාබියෙන් රුපියල් කෝටි තුන් සියයකට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සවුදි අරාබියෙන් රුපියල් කෝටි තුන් සියයකට

    නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ඒ.එම්.එල්. හිස්බුල්ලා මහතාගේ බැටික්ලෝ කැම්පස් ආයතනයට (Batticaloa Campus (Pvt) Ltd) සවුදි අරාබියෙන් රුපියල් කෝටි තුන් සියයකට වැඩි මුදලක් ලැබුණු
    ආකාරය බරපතළ සැක කටයුතු හෙයින් විදේශ කටයුතු අමාත්‍යංශය සවුදි අරාබි තානාපති කාර්යාලයේ දී සහාය ලබාගෙන ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර එහි ඇත්ත නැත්ත වහාම හෙළි කර ගත යුතු බව එම ආයතනය ගැන විමර්ශන පැවැත්වූ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු


    කාරක සභාව රජයට නිර්දේශ කර ඇත.

    මෙම නිර්දේශය කරනු ලැබ ඇත්තේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඉකුත් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරීපත් කළ බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ නිරීක්ෂණ වාර්තාව මගිනි.

    සවුදි අරාබියේ ෂෙයික්අල් රෂිඩ් අබ්දුල් අයිෂ්, සෙයික් හලිඩ් ඩාවුඩ්, අබූ සාලිත්, ෂෙයික් ෆෙරාස් නෂීර්,ෂෙයික් ලිමාන්අලිඅල්, ජුෆාලි හා ෂෙයික් අලි අබ්දුල්ලා අල් ජුෆාරි යන පුද්ගලයන්ගෙන් මෙම මුදල් අවස්ථා හතරක දි පොලී රහිත ණය මුදල් වශයෙන් ලබාගත් බවට හිස්බුල්ලා මහතා ප්‍රකාශ කර ඇතත් ඔහු ඒ ණය මුදල් පිළිඳව ලංකා බැංකුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ කිසිදු ආකාරයකින් දැනුවත් කර නැතැයි ද එම නිරික්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.

    බැටික්ලෝ කැම්පස් ආයතනයේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා ඔහුගේ පුත් අහමඩි සිරාස් හිස්බුල්ලා යන අය සවුදියෙන් ලැබුණ මෙම මුදල් පිළිබඳව කරන ප්‍රකාශ එකිනෙකට පරස්පර බව පෙනී යන්නේ යැයි පවසන අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විදේශ මුදල් වලට අමතරව මෙරටින් ද රුපියල් කෝටි 70 ක පමණ මුදලක් බැටික්ලෝ කැම්පස් ආයතනයට වරින්වර ලැබී ඇතැයි ද සඳහන් කරයි.


    මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනයට නීත්‍යනුකූලව දී තිබූ අක්කර 35ට අමතරව අක්කර අටක භූමි ප්‍රදේශයක් නීත්‍යානුකුල නොවන ආකාරයට අත්පත් කරගෙන අනවසර ගොඩනැහිලි ඉදිකර ඇති බවටත් තවත් අක්කර 15ක් විවිධ ඉදිකිරිම සඳහා හෙළි පෙහෙළි කර තිබූ බවටත් නිරීක්ෂණය වි යැයි කාරක සභා වාර්තාව පෙන්වා දෙයි.


    ප්‍රදේශයේ පිහිටීම හා දේශගුණික තත්වය අනුව මෙම ආයතනය අධ්‍යාපන ආයතනයක් ලෙස මේ ස්ථානයේ පවත්වගෙන යෑම නුසුදුසු මෙන්ම ඉතා අසීරු බව ද සඳහන් කරයි. මෙම ආයතනය බිහි කිරීමේ අරමුණ ෂරියා නීතියට අදාළ උලමාවරුන් බිහි කිරීම බවට සැක පහළ වන බවත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා
    මහතා දෙමළ සභාවෙන් කලකට පෙර දී කළ ප්‍රකාශයකින් ද ඒ බව තහවුරු වන බවත් ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ දැක්වෙයි.

    මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසා ඇති හෙයින් ඒ පිළිබඳ වාර්තාව ද ඉදිරි කාලයේ දී ලැබීමට නියමිතව ඇතැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කරයි.





    comments :

    පෞද්ගලික විශ්වදියාලයක් නම් ඇයි ජෙප්පෝ සද්ද නැතුව ඉන්න

    අන්තරේ සද්ද නැතුව ඉන්නේ ??

    ඇත්ත මේකයි ජෙප්පෝ හැමදාම කළේ ප්‍රශ්න ඇතිවෙනකම් බලන් ඉදල එකේ උද ඉගෙන දේශපාලනය කරන්නේ

    කාලකන්ණි
    බෝම්බ පත්තු උනේ නැත්නම් මේකෙන් බිහිවෙන අන්තවාදී උලමෝ අපේ බෙල්ල කපන කන්ම දන්නේ නැහැ.කොහොම උනත් බෝම්බ වලින් මැරුණු මිනිස්සු මුන්ගේ අන්තවාදී හෙළුව ලෝකෙටම පෙන්නුවා.දැන්වත් මුන්ගේ කඩවල් වලට යන එක නවත්තපල්ලා.



    තාම මිනිහ එලියෙනේ, මේක මහා පුදුම රටක් ; බඩගින්නට අබ ගෙඩියක් කඩපු එකා එදාම ඇතුලේ මහපරිමානෙන් හොරකන් කරන එවුන්ට සැප
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Rajayata pawara gena

    Military School ekak danna oni

    Me idea eka social media walin geniyamu puluwan tharam
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :confused::confused: මම මේ බලන් ඉන්නෙ ඊලගට ජනාදිපති මොන හැමිනේශන් එකකින් එයිද කියල. පුදුම බයකින් බන් මමනම් ඉන්නෙ මේ රටේ වේසාවෝ චන්දෙ දෙන්නෙ ඇස් දෙක කටේ දාගෙන දත් අස්සෙන් බලලනේ :sorry:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    රාජිතලා රනිල්ලා ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
    රාජපක්ෂලා කඩු තියෙන එක සුළු දෙයක් කියලා කිව්වත් මතකයි.
    2005-2015 කාලේ රාජපක්ෂලා ආර්ථිකය , නිතිය හලාල් කරත් මතකයි
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :confused::confused: මම මේ බලන් ඉන්නෙ ඊලගට ජනාදිපති මොන හැමිනේශන් එකකින් එයිද කියල. පුදුම බයකින් බන් මමනම් ඉන්නෙ මේ රටේ වේසාවෝ චන්දෙ දෙන්නෙ ඇස් දෙක කටේ දාගෙන දත් අස්සෙන් බලලනේ :sorry:
    :yes::yes::yes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    He said that the funds came from Saudi Arabia. But did he say it came from the Saudi Arabian Government or someone in Saudi Arabia?
    We should never have Madrasas or any other educational entities that breed brainless dimwits. We do have a good educational system and that should be ONLY one.