සවුදි හාම්පුතාලාගේ ඇඟේ පතේ හිරි ඇර ගැනීම&#3495

Jamis Banda

Member
Jul 19, 2015
15
7
0
Srilanka
සවුදි හාම්පුතාලාගේ ඇඟේ පතේ හිරි ඇර ගැනීම&#3495

“අයියෝ හෙණම ගහපන්… හෙණම ගහපන්…

හැට නවය අන්තිමට යකෝ… බිංදුවක් කොහෙද?

හයියෝ හැමිනෙනවා… තෝ කසිප්පු ගහලද?

යකෝ ෆෝන් එක දීපන් ළමයෙකුට…

කැ… පො…යෝ ෆෝන් එක දීපිය ළමයෙකුට…
… මේ නම්බරේ දීගන්න විදිහක් නැති හැටි, දැන් පැය භාගයක් තිස්සේ කතා කරනවා,

ෆෝන් එකේ සල්ලිත් ඉවරයි. මට මේකේ මිනිස්සුත් එක්ක නිදිය ගන්න තමයි වෙන්නේ!”​

කෙසඟ සිරුරැති මැදිවියේ පසුවන කාන්තාවක් කාට හෝ ජංගම දුරකතනයෙන් බැණ වදින මෙම දෙබස අඬංගු වීඩියෝ පටය බ්ලොග්කරු මුල් වරට දකින්නේ මුහුණු පොතෙනි.

එය සම්පූර්ණයෙන් නරඹන විට වැටහෙන්නේ එම කාන්තාව මැදපෙරදිග රටක සිට ලංකාවට මුදල් යැවීම සඳහා අවශ්‍ය අංකයක් (ඇය සිටින්නේ Western Union ආයතනයක් ඉදිරිපිටය) ඇයගේ දරුවනට ලබාදීමට උත්සාහා ගන්නා බවයි. එහෙත් ඇගේ සැමියා බීමතිනි. ඔහුට එම අංකය නිවැරිදිව ලියා ගැනීමට හැකියාවක් නොමැති අතර ඇය පුන පුනා ඉල්ලදීත් ඔහු දුරකතනය දරුවෙකුට දෙන්නෙද නැත. ඒ ඇය එවන මුදල ලබා ගැනීමට ඔහුට අවැසි නිසා විය හැකිය.

බ්ලොග්කරුට කටුනායක ගුවන් තොටුපොළේදි අත්දකින ලද සිදුවීමක් සිහිවේ.

තමන්ට නියමිත ගුවන් යානය පුවරුවේ දිස් වන තුරු බලා සිටින ගුවන් මඟීන් කිහිප දෙනෙකි. බ්ලොග්කරු වාඩිවී සිටින ආසන පේළියේම කොණට වන්නට චීත්ත ගවුමකින් සැරසුන මැදිවියට ආසන්න කාන්තාවක් අතිශය සැහැල්ලුවෙන් වාඩි වී සිටි. ඇයගේ වැනෙන කකුල් වලට යටින් මධ්‍යම ප්‍රමාණයේ ට්‍රැවලින් බෑගයකි. අප ආසන පේළියට සාමන්තරව අපට ඉදිරියෙන් පනවා ඇති ආසන පේළියේ මැදට වන්නට වාඩි වී සිටින්නේ අඬා වැටෙන ලාබාල පෙනුමැති තරුණියක් සහ ඇය සනසන පුශ්ටිමත් සිරුරැති ඇයගේ සැමියා යැයි සැළකිය හැකි තරුණයෙකි.

“නංගි පළවෙනි පාරද රට යන්නේ?” මැදිවියේ කාන්තාව අසයි.

“ඔව්” තරුණිය කදුළු පිසදා ගනිමින් පිළිතුරු දෙයි.

“කොහෙටද යන්නේ?” කාන්තාව අසයි

“බහරේන්… අක්කා?”

“මාත් බහරේන්… 12:45 ෆල්යිට් එකද?”

“ඔව්”

“මාත් ඒකේ තමයි යන්නේ”

“දැන් අඩන්න එපා රේණු… මේ අක්කත් ඉන්නවනේ තනියට”

“අක්කා කීසැරයක් ගිහින් තියෙනවද?” තරුණයා අසයි

“මේ මගේ පාලොස් වෙනි අවුරුද්ද මල්ලි”

“කොහොමද? හොඳද?”

“හම්බෙන තැන අනුව තමයි ඉතින්. මට හම්බුන තැන හොඳයි”

ලාබාල තරුණිය සැමියා දෙස බලයි, කාන්තාව එම බැල්ම තේරුම් ගනී.

“බය වෙන්න එපා නංගි ටික දවස්කින් ඔයා පුරුදු වෙයි”

තරුණිය දිගු සුස්මක් හෙළයි.

මගේ ගුවන් ගමනට අදාල විස්තර නිවේදනය වූයෙන් මම එතනින් නික්මීමට නැඟිටිමි. ඒ වන විට ඔවුනොවුන් බොහෝ කලක සිට දන්නා ලෙසින් කුලුපඟව සිටිති. නිරෝගී පුශ්ටිමත් තරුණයා තම ලාබාල බිරිඳ වෙනත් නිවසක ගෘහ සේවයට යවන්නට සිත හදා ගත්තේ කෙසේදැයි මම කල්පනා කරමි.

මේ ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගයක කඳුළු කතාවයි!

තම වැසියන් වෙනත් රටවලට වහල් සේවය විකුණා රටේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට රටකට සිදුවීම කෙතරම් අවාසනාවන්තද?

ලක්ෂ හයකට ආසන්න ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් වර්ථමානයේ මැද පෙරදිග ගෘහ සේවයේ නියුක්තව සිටින අතර “ගෘහ සේවිකාවන්ගේ රාජ්ජේ” (the country of house maids) ලෙසින් හැදින්වෙන සවුදි අරාබියාවේ එයින් බහුතරයක් ස්ථානගතව සිටිති.

සිය පවුලට (හෝ තමන්ට) සුඛිත මුදිත ජිවිතයක් ලබා දීමට විදේශ ගතවන කාන්තාවන් ගත කරන්නේ සුඛෝපභෝගී ජිවිත නොවේ.

එම අසරණ කාන්තාවෝ නන්නාදුනන රටක තම “හාම්පුතා” යැයි හදුන්වන නරුමයන් අතින් කුඩා වරදටත් පහර කෑමට ලක් වෙති, පරිභවයට ලක් වෙති, අතේ පයේ හිරි ඇර ගැනීමට නොයෙකුත් වද බන්ධනයන්ට (කොණ්ඩා කැපීම, ශරීරයේ කොටස් පුළුස්සා දැමීම, ශරීරයට ඇණ ඇතුළු කිරීම ආදී) ලක් වෙති. සමහරක් අවස්තාවන් වලදි මරණයට පවා ලක් වෙති.

බල්ලන් මරා හෝ මුදල් උපයිය යුතු යැයි සිතන ඒජෙන්සිකරුවන්, බාලවයස්කාර තරුණියන්ගේ උප්පැන්න සහතික වෙනස් කිරීම මඟින් සහ නොයෙකුත් රෝගී තත්ත්වයන් ඇති කාන්තාවන් හට ව්‍යාජ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම මඟින් කාන්තාවන් වංචනික ලෙස විදේශ ගත කරනු ලබයි. මෙයින් අසරණ වන්නේද එම කාන්තාවන්මය.

අත් වරදකින් තම “හාම්පුතා”ගේ දරුවා ඝාතනය වූ නිසා සවුදි අරාබියාවේදී හිස ගසා දැමීමෙන් මරණයට ලක් කළ ආන්දෝලනයට තුඩු දුන් රිසානා නෆීක් විදේශ ගත කර තිබුණේද ඇයගේ වයස වෙනස් කිරීමෙනි. රිසානා අතින් එම වරද සිදුවන විට ඇය දහහත් හැවිරිදි යුවතියක් (දැරියක්?) විය.

රිසානා විදේශ ගතව තිබුණේ තම දෙමාපියන් හට නිවසක් තනා දිමේ අරමුණෙනි.

බ්ලොග්කරු දන්නා පරිදි සමහර “හාම්පුතුන්” තම නිවසට බැල මෙහෙවර කිරීමට පැමිණෙන කාන්තාවන්ගේ ගුවන් ගමන් බලපත්‍රය පවා තමන් සන්තකයට ගන්නා බැවින් එම කාන්තාවන් හට ගිවිසුම කල් පිරෙන තුරු සියරට බලා යාමට ඉඩ ලැබෙන්නේ නැත. එනිසා අක්මැත්තෙන් වුවද ඔවුහූ බැල මෙහෙවර කරති.

මේ නූතන වහල් මෙහෙය (modern slavery) හැර වෙන කුමක්ද?

හිරිහැර තාඩන පීඩන ඉවසා ගත නොහැකිව සේවය කරන නිවෙස් වලින් පැනයන සමහර කාන්තාවන් නැවත ලංකාවට පැමිණීමට නොහැකිව තැන තැන අපාදුක් විදිති. යම් රටක තානාපති කාර්යාල පිහිටුවා ඇත්තේ විදේශ ගතව සිටින සිය රටේ වැසියනට සේවය සැළසීමට වුවත් මැදපෙරදිග තානාපති කාර්යාල වලින් මෙම කාන්තාවන්ට අවශ්‍යය සේවය සැළසෙන්නේද නැත.

එපමණක් නොව ගුවන් තොටුපොළ නිළධාරීන්, ගුවන් සේවිකාවන් පවා මෙම ගෘහ සේවිකාවන්ට දක්වන්නේ ඉතාමත් පහත් මට්ටමේ සැළකිල්ලකි.

එම කාන්තාවන්ගේ සැබෑ අවශ්‍යතා සොයා එයට පිළියම් යොදනු වෙනුවට ලංකාවේ දෙස්පල්ලන් විසින් ඔවුනොවුන්ගේ ප්‍රතිරූප පුම්බා ගැනීම උදෙසා “රට විරුවා” නමින් ව්‍යාජ ඔටුනු සාදා තොරොම්බොල් උත්සව පවත්වා එම ශ්‍රමිකයන් තව තවත් අඳුරේ හෙළද්දී ඉන්දුනීසියාවේ ජනපති ජොකොවි විඩොඩො විසින් පසුගිය දිනක නැවත අරාබි රටවලට ගෘහ සේවිකාවන් නොයවන්නට තීරණය කරන ලදි.

එම තීරණය බලපෑ හේතුව වශයෙන් ඔහු දක්වන ලද්දේ ඉන්දුනීසියාවේ “ගෞරවය සහ ආත්මාභිමානය” (country’s self esteem and dignity) ආරක්ෂා කර ගැනීමයි.

නිවසක් දොරක් සාදාගෙන තමන්ටත් තම පවුලටත් සුඛිත මුදිත ජිවිතයක් අපේක්ෂාවෙන් විදේශගත වන කාන්තාවන්ගේ සැමියෝ, එම කාන්තාවන් බැල මෙහෙවර කර එවනු ලබන මුදල් බීමත් කමටත් වෙනත් අපචාර වලටත් වියදම් කර නාස්ති කර දමති. තම බිරිදගෙන් නොනිවෙන කාමගින්න තම ලෙයින්ම උපන් ගැහැණු දරුවන්ගෙන් නිවා ගන්නට උත්සාහ ගනිති.

ඒ ඉන්දුනීසියාවේ ජනපතිවරයාට වැටහෙන එහෙත් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට නොවැටහෙන රටක “ගෞරවය සහ ආත්මාභිමානය” පිළිබඳ කඳුළු කතාවේ අනිත් පැතිකඩයි.

අපි වසර 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති, ඒත් ලැජ්ජා නැති ජාතියක්!


මෙවන් තවත් ලිපි කියවීමට https://asammathasatahan.wordpress.com/
 

Attachments

  • sri-lanka-family.jpg
    sri-lanka-family.jpg
    49.4 KB · Views: 71
Last edited:

Jamis Banda

Member
Jul 19, 2015
15
7
0
Srilanka
බම්ප් මචං.. උදේට කියවන්නං..

එල. උඹේ මැසේජ් එකට රිප්ලයි කරන්න හදනවා තාම ක්‍රමේ හොයා ගන්න බැහැ බන්. සොරි වෙන්න ඕන මචෝ :);)
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල. උඹේ මැසේජ් එකට රිප්ලයි කරන්න හදනවා තාම ක්‍රමේ හොයා ගන්න බැහැ බන්. සොරි වෙන්න ඕන මචෝ :);)
    ඇයි බං දැන් උඹ PM එකක් එව්වෙ.. ඒකට මේ විදියටම රිප්ලයි කරපං මං එවපු එකට..:yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් රට ..
    දස හිස් ඇති රාවනා ගේ රට ..
    මහා වැව් බැඳී මහා සිංහලේ සිටි රට ..
    එලාරලාට පුකෙන් දුම් දාන්න දුන් රට ..
    දස මහා යෝදයන් ගේ ශක්තියෙන් මහා යුද්ධ ජය ගත් රට ..

    එත් අද ඒ ශක්තිය රට ඉඳි කන නානලාට විකුනනවා ඇත. :( :( :(

     

    Jamis Banda

    Member
    Jul 19, 2015
    15
    7
    0
    Srilanka
    ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් රට ..
    දස හිස් ඇති රාවනා ගේ රට ..
    මහා වැව් බැඳී මහා සිංහලේ සිටි රට ..
    එලාරලාට පුකෙන් දුම් දාන්න දුන් රට ..
    දස මහා යෝදයන් ගේ ශක්තියෙන් මහා යුද්ධ ජය ගත් රට ..

    එත් අද ඒ ශක්තිය රට ඉඳි කන නානලාට විකුනනවා ඇත. :( :( :(


    තිත්ත ඇත්ත මචන්
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉන්දුනීසියාව නැවැත්තුවට තාම පිලිපීන වගේ රට වලින් ගෘහ සේවිකාවො යවනව. ඒත් පිලිපීන් අයට ලංකාවෙ තරම් කරදර වෙනව අඩුයි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවා දාන්න එපා බන් මෙකේ ඉන්න පකේ දෙශප්‍රෙමින්ට රිදෙයි. ලොකෙ උතුම රටලු. ලොකෙ නිවහල් ජාතියලු..ලක්ශ 6 මැදැ පෙරදිග වලන් හොදනව
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවට වැඩිම විදෙශ ආදායමක් ගේන්නෙ මැදපෙරදිග දුක් විදින දුප්පත් ගෑනු.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලන්කාවට වැඩිම විදෙශ ආදායමක් ගේන්නෙ මැදපෙරදිග දුක් විදින දුප්පත් ගෑනු.
    නෑ මචන්. මැදපෙරදිග ඉන්ජිනේරු වගේ රැකියා කරන අයගෙන් තමා වැඩි විනිමයක් ලැබෙන්නෙ. මෙයාලගෙන් හම්බවෙන්න ගාන ගනන් ගන්නවත් බෑ. කොහොමත් වෙන රටවල ආර්ථිකය දියුණු වෙන්න ගෑනු වැඩ කෙරුවට ලංකාවෙ ආර්ථිකය දුවන්නෙ පිරිමින්ගෙන් විතරයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ මචන්. මැදපෙරදිග ඉන්ජිනේරු වගේ රැකියා කරන අයගෙන් තමා වැඩි විනිමයක් ලැබෙන්නෙ. මෙයාලගෙන් හම්බවෙන්න ගාන ගනන් ගන්නවත් බෑ. කොහොමත් වෙන රටවල ආර්ථිකය දියුණු වෙන්න ගෑනු වැඩ කෙරුවට ලංකාවෙ ආර්ථිකය දුවන්නෙ පිරිමින්ගෙන් විතරයි.

    මට ඒත් හිතුන උබ මෙතන්ට කොමෙන්ට් කරන්න ඒ කියල, මම නම් අහල තියෙන්නෙ මැද පෙරෙදිග හවුස් කීපෙර්ස්ලගෙන් කියල වැඩිම ඇදායමක් එන්නෙ, උබ කියන විදියට ලන්කාවෙ ගැනු නිකන් ඉන්නවන්ම් ඒ ආදායම වත් රටට එන්නෙ නෑ නෙ. මච්න් තරහ වෙන්න එපා මෙහෙම අහනවට උබේ අම්ම සින්හල ගෑනු කෙනෙක් නෙමේද.?
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    නෑ මචන්. මැදපෙරදිග ඉන්ජිනේරු වගේ රැකියා කරන අයගෙන් තමා වැඩි විනිමයක් ලැබෙන්නෙ. මෙයාලගෙන් හම්බවෙන්න ගාන ගනන් ගන්නවත් බෑ. කොහොමත් වෙන රටවල ආර්ථිකය දියුණු වෙන්න ගෑනු වැඩ කෙරුවට ලංකාවෙ ආර්ථිකය දුවන්නෙ පිරිමින්ගෙන් විතරයි.

    ubata sirawata mokak hari ledakda ban lankawe ganuth ekka patta malak tiyenyn moko scene eka ? thread keepeka dakka uba lankawe ganuth ekka patta malak tiyenny.. uba kiyapu ekata kiyanan tiyenyn oya housemaids laksha 6 , 1 dollar ekak month ekata euwath laksha 6 dollar month ekakata Lankawata enawa atta gulf wala godak engineering wage high pay scale ekak tiyena professions karana kattiya innawa but housemaids lagenuth Lankawe economy ekata loku sevayak wenawa .
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    වහල් සේවයට යන කාන්තාවන් නතර කල යුතයි. මේ ලිපියේ එකට හේතු කරන පැහැදිලිව පෙන්නලා තියෙනවා. එක ඇත්ත.

    එත් මේක එක පැත්තක් ගැන පමණක් සදහන් කරලා තමයි ලියල තියෙන්නේ. ඉන්දුනීසියාවට වගේ රටකට තහනම් කරන්න පුළුවන් උනාට, අපි වගේ ආර්ථික වශයෙන් අමාරු රටකට, එකවර මේ විශාල අදායම අහිමිවීම ආර්ථිකයට දරගන්න අමාරුයි. ඒ අදායම ලබගෙන්න විකල්ප ක්‍රමවේද හොයන්න වෙනවා. එක ලේසි පහසු නැහැ. ආර්ථිකයට අහිමිවෙන අතිවිශාල මුදල පියවන්නේ කොහොමද ගැන මේ ලිපියේ සදහන් වෙලා නැහැ. කියන්න ලේසියි තහනම් කරමු කියල.

    වචනවලින් මෙතන තර්ක කරල මනෝරාජික සැලසුම් හදල වැඩක් නැහැ. මේක තමයි කටුක යථාර්තය. ඒ නිසා මේක කලයුත්තේ ක්‍රමානුකුලව අවුරුදු ගණනාවක් සැලසුම් කරලා ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමෙන්. හැම දේම සරලව ගන්න සමහර මෝඩ ජප්පොන්ට ඕව තේරෙන්නේ නැහැ.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    රිසානා පරපුරේ නසූරා පුරුක...
    * නසුරාගේ මිනිය පින්තූරයක්‌වත් ගන්න දුන්නේ නෑ!

    ඉබතුල් නසුරාත් වැලිකතරේ වැළලිණි. කාත්කවුරුවත් නැති කොදෙව්වක ඇය පිළිස්‌සී මිය පරළොව ගියාය. ඇයගේ ඥතීන්ගේ අදහස අනුව නම් ඒ මරණයත් වැලිකතරේ සැඟවුණු තවත් එක්‌ අභිරහසකි. මෙතැන් සිට පෙළගැසෙන්නේ නසූරාගේ ඉරණම් කතාවය.

    වාහීද් ඉබතුල් නසූරා පුත්තලමේ පදිංචිකාරියකි. පස්‌ දරු මවකි. ඇයගේ සැමියා වන අබුතාහීර් මොහොමඩ් නිස්‌තාර්ට හරි හැටි රැකියාවක්‌ නොතිබූ හෙයින් නිවසේ අගහිඟ ඉහවහා ගියේය. දිනෙන් දින ණය තුරුස්‌වල නිස්‌තාර් පැටලිණි. තම පවුලේ අනාගතය ගැන නසූරාට බියක්‌ දැනිණි. දුප්පත් පැල්පතේ පිරී ඉතිරි ගිය සතුට ඉහිරි යාදොa බියෙන් නසූරා කම්පාවට පත් විය. තම පවුල තුළ ගැට ගැසෙන ප්‍රශ්න ලිහා දැමීමට නම් අනිවාර්යයෙන්ම ඇයත් කුමක්‌ හෝ රැකියාවක්‌ කළ යුතු බව ඇයට දැනිණි. එහෙත් ඇයට රැකියාවක්‌ සොයාගැනීමට ඇයගේ වයස සහ දැන උගත්කම පරාවළල්ලක්‌ විය. අවසානයේ ඇය තීරණයක්‌ ගත්තාය. අකැමැත්තෙන් හෝ තම කූඩුවෙන් ඉගිලී දුර රටක ගෘහ සේවයට යැමටය.

    රට රැකියා සිහිනය ගැන නසූරා තම සැමියාට ද පැවසුවාය. 'දැන් මොන රස්‌සාද. ඔන්න ඔය තියෙන විදිහකට කාලා බීලා ඉමු...' නිස්‌තාර්ගෙන් ඇයට පැහැදිළි ප්‍රතිචාරයක්‌ නොලැබිණි. අගහිඟකම් ගොඩ වැඩි විය. අන්තිමේ නිස්‌තාර්ට අකැමැත්තෙන් හෝ නසූරාගේ යෝජනාවට කැමති වීමට සිදු විය.

    තම බිරිඳ රට රැකියාවකට යෑවීමට නිස්‌තාර් විදේශ රැකියා ආයතන සොයන්නට විය. හතළිස්‌ විය පසු වි සිටි නසූරාට රට රැකියාවක්‌ සොයාගැනීමත් තරමක්‌ අසීරු කාර්යයකි. අවසානයේ කෙසේ හෝ විදේශ රැකියා ආයතනයක තැරැව්කරුවකු හරහා ඔවුහු කොළඹ මරදානේ විදේශ රැකියා ආයතනයක්‌ වෙත පැමිණියහ. උප්පැන්න සහතිකයෙන් නසූරා වියපත් වුවද පෙනුමෙන් තවමත් තරුණය. ගෘහ සේවයට යැමට කැමැති කාන්තාවන්ගේ වයස අඩු වැඩි කිරීමට ඒජන්සිකාරයෝ ද සූරයෝය.

    සෞදි රාජ්‍යයේ ගෘහ සේවිකා ඇබෑර්තුවක්‌ ඇති බව මරදානේ විදේශ රැකියා ආයතනයෙන් නසූරාව දැනුවත් කළේය. නසුරාගේ ගමන සඳහා අවශ්‍ය ලිපි ලේඛන ද සකස්‌ විය. විදේශගත වන දිනය ද තීරණය විය. දින, සති ගෙවී ගියේය. 2014 සැප්තැම්බර් මස 22 වැනිදා කටුනායක ගුවන් තොටුපළට පැමිණි නසූරා ගමන් බලපත්‍ර භ 4003075 අංකයෙන් සෞදිය බලා පිටත්ව ගියාය.

    'කසාද බැඳපු දවසේ ඉඳලා එක දවසක්‌වත් අපි දෙපළක ඉඳලා නෑ. ලොකු පුතාලා දෙන්නා බැඳලා වෙන් වෙලා හිටියත් අපි දෙන්නගෙන් එක්‌කෙනෙක්‌ තනියෙන් එක රැයක්‌ ඒ ගෙදරකවත් ඉඳලා නෑ. නසූරා ගුවන් තොටුපළෙන් ඇතුළට යනකොට මට දරා ගන්න බැරි වුණා. චූටි කෙල්ලව බදාගෙන මම කෑගහලා ඇඩුවා. නසූරාත් ඔය ගමන යන්න හිත හදාගත්තේ දරුවන්ගේ අනාගතය ගැන හිතලම තමයි...'' අප ඉදිරියේ නිස්‌තාර්ගේ දෑස්‌ බොඳ වී ගියේය. උපන් කතරේ මොහොතකටවත් නසූරාව සිතින් තනි නොකෙරූ නිස්‌තාර්ගේ සිතේ නැඟෙන විලාපය අපට දැනේ.

    දින කිහිපයකට පසු නසූරාගෙන් නිස්‌තාර්ට දුරකථන ඇමතුමක්‌ ලැබිණි. සෞදි අරාබියේ දමාම් නගරයේ නිවසක මෙහෙකාර සේවයට යොමු කළ බව ඇය දැනුම් දුන්නාය. තම දරුවන්ගේ දුක සැප විමසූ නසූරා දුක වැඩිකමට දුරකථන ඇමතුම වචන කිහිපයකට සීමා කළාය. ලැබෙන පුංචි විරාමයේදී පවා ගෙදරට කතා කිරීමට නසූරා අමතක නොකළාය.

    ''වැඩ ටිකක්‌ වැඩියි. ඒත් කරන්න තියෙන වැඩ කොටස අකුරට කරනවා. හැම වේලකටම හත්අට දෙනෙක්‌ කෑමට ඉන්නවා. පිටින් එන ගොඩක්‌ අය මගේ වැඩ ගැන හොඳ කියනවා. වෙනත් ගෙවල්වල ගෑනු මට වැඩට කතා කරනවා. සමහර දවස්‌වලට ගෙදර මහා මනුස්‌සයා අර ගෙදර වැඩට යන්න... මේ ගෙදර වැඩට යන්න කියලා කියනවා. ඒ ගෙවල්වල වැඩ කරලා මේ ගෙදරත් වැඩ කරනකොට නම් අමාරුයි. කන්න වේලාවක්‌වත් නෑ...'' නසූරා ගෙදරට කතා කරන බොහෝ අවස්‌ථාවල ඇයට පැවරී ඇති රාජකාරි ගැන එසේ විස්‌තර කළාය.

    කාලය ගෙවී ගියේය. විටින් විට නිවසේ හාම්පුතා නසූරාට බැණ වදින්න පටන් ගත්තේය. ඔහු විසින් ඇයව වෙනත් ගෙවල්වල මුදලට මෙහෙකාර සේවයේ යෙදවීමට පටන් ගත්තේය. කොපමණ වැඩ කළ ද තම හාම්පුතා සෑහීමකට පත් නොවිණි. ස්‌වාමි දියණිය ද එසේමය. පසුව කම්මුල් පහරින් ආරම්භ කළ පහරදීම දින සති ගෙවී යන විට නසූරාට සිහිසුන් වන තරමට පහරදීමට තරම් හාම්පුතා අළුගෝසුවකු විය. ඒ වධකාගාරයේදී නසූරා දිනපතාම මහා මිනිහාගේ හෝ මහ ගෑනිගේ වදහිංසාවලට ලක්‌ විය.

    ''අනේ මහත්තයෝ මේ දුක මට තවත් ඉවසන්න බෑ. මාව මැරෙයි. ඉක්‌මනට ලංකාවට ගෙන්න ගන්න...'' ඇය ලැබෙන පුංචි විරාමයට නිස්‌තාර්ට කතා කර එසේ ඇවිටිලි කළාය. නිස්‌තාර්ගේ ඉහ මොළ රත් විය. ඔහු තම දරුවන්ට ද ඒ බව දැනුම් දුන්නේය. අනතුරුව නිස්‌තාර් නසූරාව රට යෑවූ විදේශ රැකියා ආයතන තැරැව්කරු සොයාගෙන ගියේය. නසූරාට සිදුව ඇති වින්නැහිය ගැන අකුරක්‌ නෑර නිස්‌තාර් ඔහුට පැහැදිළි කළේය.

    නසූරාව ලංකාවට ගෙන්වීමට රුපියල් ලක්‍ෂයක්‌ පමණ වැය වන බව තැරැව්කරු විසින් නිස්‌තාර්ට පවසා තිබිණි. බුලත් විට විකුණා ජීවිතය ගැටගසාගෙන සිටි නිස්‌තාර්ට රුපියල් ලක්‍ෂයක්‌ යනු කෝටියකටත් වඩා වැඩිය. එහෙත් තම ජීවිතයට මෙන්ම නසූරාටත් නිස්‌තාර් ආදරය කළේය. ඔහු නිවසේ ඔප්පුව උකස්‌ කර රුපියල් ලක්‍ෂයක්‌ ගෙන විදේශ රැකියා ආයතන තැරැව්කරුට දුන්නේය. මුදල අතට ගත් තැරැව්කරු ගිජු ලිහිණියකු සේ ඉඟිලී ගියේ පැදුරටත් නොකියාය. නිස්‌තාර්ට අදටවත් ඔහුව දැකගැනීමට නොහැකිව ඇත.

    රුපියල් ලක්‍ෂයත් මකර කටට වැටිණි. සෞදියේ වදකාගාරයෙන් ගලා එන නසූරාගේ හඩත් ටිකෙන් ටික දුබල විය. කර කියාගත හැකි කිසිවක්‌ නොමැතිව නිස්‌තාර් අසරණ විය. 2015 මාර්තු මාසයේ පළමු සතියෙන් පසු නසූරාගේ දුරකථනය ද විසන්ධි විය. තම බිරිඳගේ දුක-සැප හෝ සොයාබැලීමට නොහැකි වී යැමේ සොවින් නිස්‌තාර් තැවුණේය. හිටි තැනින් අඩියක්‌ එසවීමට දුර රටකට ගිය නසූරා ජීවිතයේ පතුලට වැටී ඇති බව ඔහු නොදැන සිටියේය. දිනක්‌ නිස්‌තාර් පුත්තලම නගරයේ වෙළෙඳාමේ නිරතව සිටියදී පුවත්පතක පළ වී තිබූ නසූරාගේ ඡායාරූපයක්‌ අහඹු ලෙස ඇස ගැටුණේය. ඔහු ක්‍ෂණයෙන් පුවපත්පත අතට ගෙන තම බිරිඳගේ ඡායාරූපයට අදාළ පුවත හොඳින් බැලුවේය. නිස්‌තාර්ගේ ගත දහඩියෙන් තෙත්a විය. දෑඟිලි වෙව්ලා පුවත්පත බිමට වැටිණි. ඔහු හිස බදාගෙන එතැනම ගුලි විය. මොහොතකින් ඔහු මහ හඩින් විලාප නැඟුවේය. කාලයත් සමග කඳුළින් දුක තුනී කර ගත් ඔහු තම ආදරණීය බිරිඳගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හෝ ලංකාවට ගෙනඒමට විශාල අරගලයක නිරත විය.

    ''මම බිරිඳව රට යවපු ඒජන්සියට කතා කළහම ඒ අය කිව්වා පුත්තලමේ තැරැව්කරුවට සිද්ධිය දැනුම් දුන්නා කියලා. ඒ මිනිහව ඇහැකටවත් දකින්න නෑ. මම ඒ මිනිහට සල්ලි දීපු වේලාවේ බිරිඳව ලංකාවට ගෙන්නුවා නම් අදටත් මගේ බිරිඳ අපිත් එක්‌ක ඉන්නවා. එයා රට ගිහින් සතුටින් හිටියේ මාස දෙකයි. ඒ දවස්‌වල හරි සතුටින් කතා කළේ. පස්‌සේ කතා කරන හැම වෙලාවකම කිව්වේ ඉන්න බෑ ඉක්‌මනට ගෙන්න ගන්න කියලයි...

    ඒජන්සියත් අපිට බොරු කළා. මගේ බිරිඳව යවනවා කිව්වේ දමාමිවලට. ඒත් නසූරා පිච්චිලා වැටිලා ඉඳලා තියෙන්නේ සෞදියේ අසීර් රෝහල ආසන්නයේ. ඒ ඉස්‌පිරිතාලේ වැඩ කරන කෙනෙක්‌ දැකලා තමයි මගේ බිරිඳව අසීර් රෝහලට භාර දීලා තියෙන්නේ...

    මම සල්ලි හොයාගෙන නසූරාගේ මිනිය ගේන්න සෞදියේ අසීර් රෝහලට ගියා. ඒ වෙලාවේ ඒ රටේ අදාළ ආයතනවලට ගිහින් අපිට වෙච්ච අසාධාරණය ගැන කිව්වා. ඒ හැම තැනකින්ම කිව්වේ මගේ බිරිඳ ගිනි තියාගෙන මැරිලා කියලයි. එතකොට මම ඇහුවා එහෙම නම් ඇයි මඟ ගිහින් දාලා තියෙන්නේ කියලා. මගේ කතාව කවුරුවත් ඇහුවේ නෑ.

    'උඹ කොහොමද එහෙම කියන්නේ. එහෙම නම් නඩු දාපන් කියලා' ඒ රටේ පොලිසිය මට බැන්නා.

    ඒ වෙලාවේ මගේ නෝනා වැඩ කරපු ගෙදර අයත් එතැන හිටියා. 'නීති මාර්ගයෙන් කටයුතු කරන්න හැදුවොත් මිනිය දෙන්නේ නෑ' කියලා ඒ ගෙදර අයත් මට බලපෑම් කළා.

    මගේ නසූරාගේ මිනියවත් මට පොටෝ ගන්න දුන්නේ නෑ. ඉස්‌පිරිතාලෙ ඇතුළට පෝන් එකවත් ගෙනියන්න දුන්නේ නෑ. මම දවස්‌ පහළොවක්‌ සෞදියේ ඉඳගෙන බිරිඳගේ මරණයට සාධාරණයක්‌ ඉටුකරගන්න බැලුවා. ඒත් වැඩක්‌ වුණේ නෑ. ඒ රජයෙන්වත්, මේ රජයෙන්වත් අපිට සාධාරණයක්‌ ඉටු වුණේ නෑ. අඩුම තරමින් මගේ බිරිඳගේ මිනියවත් ලංකාවට ගේන්න ඉඩ දුන්නේ නෑ. අන්තිමේ මම බිරිඳගේ දේහය සෞදියේ අබා අල් සරප් සුසාන භූමියේ භුමදාන කරලා ලංකාවට ආවා.

    නසූරා වැඩ කරපු ගෙදරින් මාස දෙකක පඩිය කියලා රියාද් 1600 ක්‌ මගේ අතට දුන්නා. ඒ ඇරරෙන්න වෙන කිසිම වන්දියක්‌ නෑ. මගේ බිරිඳට වෙච්ච අසාධාරණයට සාධාරණයක්‌ ඉටු කර දෙන්න කියලා මම විදේශ සේවා කාර්යංශයට ගිහින් කිව්වා. ඒත් කවුරුවත් ඒ ගැන සැලකිලිමත් වුණේ නෑ. රට යනකොට රක්‌ෂණය කළා ඒත් රක්‌ෂණ වන්දියක්‌ ලැබුණේ නෑ. අදාළ ආයතනවලට ගිහාම එහාට යන්න මෙහාට යන්න කියනවා. වැඩක්‌ වෙන්නේ නෑ. අන්තිමටම විදේශ සේවා කාර්යාංශයට ගිය දවසේ කිව්වේ 'ඔයාගේ බිරිඳගේ පාස්‌පෝට්‌ එක තවම ලංකාවට ඇවිත් නෑ. ඒ ආවහම මොනවහරි කරමු කිව්වා. කවදද පාස්‌පෝට්‌ එක එන්නේ කියලා ඇහුවම ඒක කියන්න බෑ කියනවා...' නිස්‌තාර් එක දිගට කතා කරන්නේය. නිස්‌තාර්ගේ කතාව අනුව නසූරා සියදිවි හානි කරගෙන නැත. සාහසිකයන් පිරිසක්‌ අතින් ඝාතනයට ලක්‌ වී ඇත. සෞදියේ ශ්‍රී ලාංකික සමාජ සේවකයකු නසූරාගේ මරණය ගැන අපට කියූ කතාවෙන් ඒ බව තවත් හොඳින් තහවුරු වන්නේය.

    සෞදියේ ශ්‍රී ලාංකික සමාජ සේවකයා කියන කතාව අනුව කිසියම් පිරිසක්‌ නසූරාගේ සිරුරට ගිනි තබා පුළුස්‌සා අසීර් රෝහල ආසන්නයට ගෙනැවිත් දමා ඇත. රෝහල් නිලධාරියකු ඒ ආසන්නයෙන් යන විට නසූරාගේ කෙඳිරිය ඇසී, පසුව විපරම් කර බලා පිළිස්‌සුණු නසූරාව අසීර් රෝහලට ඇතුළත් කර ඇත. එමෙන්ම නසූරා මිය යැමට දින කිහිපයකට පෙර ලබාදී ඇති කටඋත්තරයකට සහ ඇඟිලි සලකුණුවලින් වෛද්‍ය වාර්තාවේ නිගමනය වි ඇත්තේ ද එය මිනී මැරුමක්‌ බවය. එමෙන්ම ඇය මිය යැමට පෙර එම රෝහලේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවන් කිහිපදෙනකු ඇයගේ සුවදුක්‌ බැලීමට ගිය අවස්‌ථාවේදි නසූරා පිළිස්‌සී ඇති ආකාරයත්, ඇයට කරන ලද හිරිහැර පිළිබඳවත් තොරතුරු අනාවරණය කරගෙන ඇත. නසූරා මිය යැමට පෙර කිසියම් පුද්ගලයකු විසින් අරාබි භාෂාවෙන් ලියන ලද ලිපියකට ඇයගෙන් අත්සන් ලබාගෙන ඇති බව ද වාර්තා වේ. දැන් මොන දේ කතා කළත් නසූරාට පණ දීමට නොහැකිය. නසූරාගේ මරණයත් සමාජයට තවත් එක්‌ පාඩමක්‌ පමණි.

    ගෘහ සේවා වෘත්තීය යනු අපහාසාත්මක, හෙළාදැකිය යුතු පහත් වෘත්තියක්‌ නොවේ. දියුණු සමාජවල මෙහෙකාර වෘත්තිය ගෞරවනීය රැකියාවක්‌ ලෙස එයට ලබාදිය යුතු ඉහළම තැන ලබාදී ඇත. එහෙත් අමනුස්‌ස දේශයකදී එය වහල් සේවයකි. එකී අමනුස්‌සයන්ට ජාති, ආගම් වැඩක්‌ නැත. වහල් සේවයට යන කාහටත් උන්ගේ ම්ලේච්ඡ ගති පැවතුම් එකය. එවැනි යකුන් සමග 'ඩීල් දාන ගෝත්‍රික විදේශ සේවා බලධාරීන් සහ නිලධාරීන් සිටින රටක මීට වඩා යමක්‌ අපට බලාපොරොත්තු විය නොහැකිය. අප තේරුම්ගත යුත්තේ එපමණක්‌ පමණි.

    තරංග රත්නවීර
    රුවනි පෙරේරා

    http://www.divaina.com/2015/07/19/feature07.html
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ්ට පිස්සුද බං?
    මොන ආර්තික අපහසුතා ද අපේ රටට?
    අන්න සංවර්ධිත ලිස්ට් එකේ හෙන උඩින් ලු!
    මෙහේ ඔහොම ප්‍රස්න නෑ!
    මෙහෙ නියමයි! නැගලා යනවා!

    යටගිය දවස එක්තරා රජෙක් රාජ්ය කරන කල්හි මේක ගියා නෙව ආශ්චර්යටම!
    ඒකට අනිත් රටවල්!
    පුහ්! එක්තරා රටක එක මිනිහෙක් ඒ රටේ මුදලින් ලක්ශ 4කටත් වඩා ලෝකෙට ණය වුනාලු!
    අපි ?
    අපි රේස් පැද්දා! රොකට් යැවුවා! විදේශ ආධාරත් දුන්නා නෙව!

    ගැමි ගුණ සුවඳින්, කුරහං සාටකෙන් තමයි අපි ඒ වෙනස කලේ!

    මේ පාර එන්නෙ පොල් වලල්ලෙන්!

    ලබන 17න් පස්සේ අපි සංවර්ධනයේ හිනි පෙත්තටම යනවා!
    පොල් සුවඳ මුලු ලොව පතුරනවා! :yes:

    අපි චන්ද්‍රිකා ගුවන් ගත කලාට හඳට යන්න විතරයි තාම බැරි වුනේ!
    අපි ලබන 17න් පස්සෙ හඳට යනවා මචන්! :yes:
    අන්න ඒදාට!
    අන්න ඒදාට උඹ් මේ thread එක print කරලා රොල් කරලා @# ගහ ගනින්! :frown:
     
    Last edited:
    • Like
    Reactions: SAN_APIIT

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    උඹ්ට පිස්සුද බං?
    මොන ආර්තික අපහසුතා ද අපේ රටට?
    අන්න සංවර්ධිත ලිස්ට් එකේ හෙන උඩින් ලු!
    මෙහේ ඔහොම ප්‍රස්න නෑ!
    මෙහෙ නියමයි! නැගලා යනවා!

    යටගිය දවස එක්තරා රජෙක් රාජ්ය කරන කල්හි මේක ගියා නෙව ආශ්චර්යටම!
    ඒකට අනිත් රටවල්!
    පුහ්! එක්තරා රටක එක මිනිහෙක් ඒ රටේ මුදලින් ලක්ශ 4කටත් වඩා ලෝකෙට ණය වුනාලු!
    අපි ?
    අපි රේස් පැද්දා! රොකට් යැවුවා! විදේශ ආධාරත් දුන්නා නෙව!

    ගැමි ගුණ සුවඳින්, කුරහං සාටකෙන් තමයි අපි ඒ වෙනස කලේ!

    මේ පාර එන්නෙ පොල් වලල්ලෙන්!

    ලබන 17න් පස්සේ අපි සංවර්ධනයේ හිනි පෙත්තටම යනවා!
    පොල් සුවඳ මුලු ලොව පතුරනවා! :yes:

    අපි චන්ද්‍රිකා ගුවන් ගත කලාට හඳට යන්න විතරයි තාම බැරි වුනේ!
    අපි ලබන 17න් පස්සෙ හඳට යනවා මචන්! :yes:
    අන්න ඒදාට!
    අන්න ඒදාට උඹ් මේ thread එක print කරලා රොල් කරලා @# ගහ ගනින්! :frown:

    කවුරු කොහොම කිඋවත් මෙන්න මේ ටික නම් ඇත්ත.
     
    • Like
    Reactions: shenic

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ මචන්. මැදපෙරදිග ඉන්ජිනේරු වගේ රැකියා කරන අයගෙන් තමා වැඩි විනිමයක් ලැබෙන්නෙ. මෙයාලගෙන් හම්බවෙන්න ගාන ගනන් ගන්නවත් බෑ. කොහොමත් වෙන රටවල ආර්ථිකය දියුණු වෙන්න ගෑනු වැඩ කෙරුවට ලංකාවෙ ආර්ථිකය දුවන්නෙ පිරිමින්ගෙන් විතරයි.

    koheda ban ehema thiyenne engineersla laksha 2 athi vadima unoth. uba hithenne okkoma inne pirmi skils hiyana un kkiyalada.. me ganu vagema duk vidhina pirimith innava ban. ethuru laksha 12 ma ganu