සවුදි හාම්පුතාලාගේ ඇඟේ පතේ හිරි ඇර ගැනීමට
කෙසඟ සිරුරැති මැදිවියේ පසුවන කාන්තාවක් කාට හෝ ජංගම දුරකතනයෙන් බැණ වදින මෙම දෙබස අඬංගු වීඩියෝ පටය බ්ලොග්කරු මුල් වරට දකින්නේ මුහුණු පොතෙනි.
එය සම්පූර්ණයෙන් නරඹන විට වැටහෙන්නේ එම කාන්තාව මැදපෙරදිග රටක සිට ලංකාවට මුදල් යැවීම සඳහා අවශ්‍ය අංකයක් (ඇය සිටින්නේ Western Union ආයතනයක් ඉදිරිපිටය) ඇයගේ දරුවනට ලබාදීමට උත්සාහා ගන්නා බවයි. එහෙත් ඇගේ සැමියා බීමතිනි. ඔහුට එම අංකය නිවැරිදිව ලියා ගැනීමට හැකියාවක් නොමැති අතර ඇය පුන පුනා ඉල්ලදීත් ඔහු දුරකතනය දරුවෙකුට දෙන්නෙද නැත. ඒ ඇය එවන මුදල ලබා ගැනීමට ඔහුට අවැසි නිසා විය හැකිය.
බ්ලොග්කරුට කටුනායක ගුවන් තොටුපොළේදි අත්දකින ලද සිදුවීමක් සිහිවේ.
තමන්ට නියමිත ගුවන් යානය පුවරුවේ දිස් වන තුරු බලා සිටින ගුවන් මඟීන් කිහිප දෙනෙකි. බ්ලොග්කරු වාඩිවී සිටින ආසන පේළියේම කොණට වන්නට චීත්ත ගවුමකින් සැරසුන මැදිවියට ආසන්න කාන්තාවක් අතිශය සැහැල්ලුවෙන් වාඩි වී සිටි. ඇයගේ වැනෙන කකුල් වලට යටින් මධ්‍යම ප්‍රමාණයේ ට්‍රැවලින් බෑගයකි. අප ආසන පේළියට සාමන්තරව අපට ඉදිරියෙන් පනවා ඇති ආසන පේළියේ මැදට වන්නට වාඩි වී සිටින්නේ අඬා වැටෙන ලාබාල පෙනුමැති තරුණියක් සහ ඇය සනසන පුශ්ටිමත් සිරුරැති ඇයගේ සැමියා යැයි සැළකිය හැකි තරුණයෙකි.
“නංගි පළවෙනි පාරද රට යන්නේ?” මැදිවියේ කාන්තාව අසයි.
“ඔව්” තරුණිය කදුළු පිසදා ගනිමින් පිළිතුරු දෙයි.
“කොහෙටද යන්නේ?” කාන්තාව අසයි
“බහරේන්… අක්කා?”
“මාත් බහරේන්… 12:45 ෆල්යිට් එකද?”
“ඔව්”
“මාත් ඒකේ තමයි යන්නේ”
“දැන් අඩන්න එපා රේණු… මේ අක්කත් ඉන්නවනේ තනියට”
“අක්කා කීසැරයක් ගිහින් තියෙනවද?” තරුණයා අසයි
“මේ මගේ පාලොස් වෙනි අවුරුද්ද මල්ලි”
“කොහොමද? හොඳද?”
“හම්බෙන තැන අනුව තමයි ඉතින්. මට හම්බුන තැන හොඳයි”
ලාබාල තරුණිය සැමියා දෙස බලයි, කාන්තාව එම බැල්ම තේරුම් ගනී.
“බය වෙන්න එපා නංගි ටික දවස්කින් ඔයා පුරුදු වෙයි”
තරුණිය දිගු සුස්මක් හෙළයි.
මගේ ගුවන් ගමනට අදාල විස්තර නිවේදනය වූයෙන් මම එතනින් නික්මීමට නැඟිටිමි. ඒ වන විට ඔවුනොවුන් බොහෝ කලක සිට දන්නා ලෙසින් කුලුපඟව සිටිති. නිරෝගී පුශ්ටිමත් තරුණයා තම ලාබාල බිරිඳ වෙනත් නිවසක ගෘහ සේවයට යවන්නට සිත හදා ගත්තේ කෙසේදැයි මම කල්පනා කරමි.
මේ ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගයක කඳුළු කතාවයි!
තම වැසියන් වෙනත් රටවලට වහල් සේවය විකුණා රටේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට රටකට සිදුවීම කෙතරම් අවාසනාවන්තද?
ලක්ෂ හයකට ආසන්න ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් වර්ථමානයේ මැද පෙරදිග ගෘහ සේවයේ නියුක්තව සිටින අතර “ගෘහ සේවිකාවන්ගේ රාජ්ජේ” (the country of house maids) ලෙසින් හැදින්වෙන සවුදි අරාබියාවේ එයින් බහුතරයක් ස්ථානගතව සිටිති.
සිය පවුලට (හෝ තමන්ට) සුඛිත මුදිත ජිවිතයක් ලබා දීමට විදේශ ගතවන කාන්තාවන් ගත කරන්නේ සුඛෝපභෝගී ජිවිත නොවේ.
එම අසරණ කාන්තාවෝ නන්නාදුනන රටක තම “හාම්පුතා” යැයි හදුන්වන නරුමයන් අතින් කුඩා වරදටත් පහර කෑමට ලක් වෙති, පරිභවයට ලක් වෙති, අතේ පයේ හිරි ඇර ගැනීමට නොයෙකුත් වද බන්ධනයන්ට (කොණ්ඩා කැපීම, ශරීරයේ කොටස් පුළුස්සා දැමීම, ශරීරයට ඇණ ඇතුළු කිරීම ආදී) ලක් වෙති. සමහරක් අවස්තාවන් වලදි මරණයට පවා ලක් වෙති.
බල්ලන් මරා හෝ මුදල් උපයිය යුතු යැයි සිතන ඒජෙන්සිකරුවන්, බාලවයස්කාර තරුණියන්ගේ උප්පැන්න සහතික වෙනස් කිරීම මඟින් සහ නොයෙකුත් රෝගී තත්ත්වයන් ඇති කාන්තාවන් හට ව්‍යාජ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම මඟින් කාන්තාවන් වංචනික ලෙස විදේශ ගත කරනු ලබයි. මෙයින් අසරණ වන්නේද එම කාන්තාවන්මය.
අත් වරදකින් තම “හාම්පුතා”ගේ දරුවා ඝාතනය වූ නිසා සවුදි අරාබියාවේදී හිස ගසා දැමීමෙන් මරණයට ලක් කළ ආන්දෝලනයට තුඩු දුන් රිසානා නෆීක් විදේශ ගත කර තිබුණේද ඇයගේ වයස වෙනස් කිරීමෙනි. රිසානා අතින් එම වරද සිදුවන විට ඇය දහහත් හැවිරිදි යුවතියක් (දැරියක්?) විය.
රිසානා විදේශ ගතව තිබුණේ තම දෙමාපියන් හට නිවසක් තනා දිමේ අරමුණෙනි.
බ්ලොග්කරු දන්නා පරිදි සමහර “හාම්පුතුන්” තම නිවසට බැල මෙහෙවර කිරීමට පැමිණෙන කාන්තාවන්ගේ ගුවන් ගමන් බලපත්‍රය පවා තමන් සන්තකයට ගන්නා බැවින් එම කාන්තාවන් හට ගිවිසුම කල් පිරෙන තුරු සියරට බලා යාමට ඉඩ ලැබෙන්නේ නැත. එනිසා අක්මැත්තෙන් වුවද ඔවුහූ බැල මෙහෙවර කරති.
මේ නූතන වහල් මෙහෙය (modern slavery) හැර වෙන කුමක්ද?
හිරිහැර තාඩන පීඩන ඉවසා ගත නොහැකිව සේවය කරන නිවෙස් වලින් පැනයන සමහර කාන්තාවන් නැවත ලංකාවට පැමිණීමට නොහැකිව තැන තැන අපාදුක් විදිති. යම් රටක තානාපති කාර්යාල පිහිටුවා ඇත්තේ විදේශ ගතව සිටින සිය රටේ වැසියනට සේවය සැළසීමට වුවත් මැදපෙරදිග තානාපති කාර්යාල වලින් මෙම කාන්තාවන්ට අවශ්‍යය සේවය සැළසෙන්නේද නැත.
එපමණක් නොව ගුවන් තොටුපොළ නිළධාරීන්, ගුවන් සේවිකාවන් පවා මෙම ගෘහ සේවිකාවන්ට දක්වන්නේ ඉතාමත් පහත් මට්ටමේ සැළකිල්ලකි.
එම කාන්තාවන්ගේ සැබෑ අවශ්‍යතා සොයා එයට පිළියම් යොදනු වෙනුවට ලංකාවේ දෙස්පල්ලන් විසින් ඔවුනොවුන්ගේ ප්රතිරූප පුම්බා ගැනීම උදෙසා “රට විරුවා” නමින් ව්‍යාජ ඔටුනු සාදා තොරොම්බොල් උත්සව පවත්වා එම ශ්‍රමිකයන් තව තවත් අඳුරේ හෙළද්දී ඉන්දුනීසියාවේ ජනපති ජොකොවි විඩොඩො විසින් පසුගිය දිනක නැවත අරාබි රටවලට ගෘහ සේවිකාවන් නොයවන්නට තීරණය කරන ලදි.
එම තීරණය බලපෑ හේතුව වශයෙන් ඔහු දක්වන ලද්දේ ඉන්දුනීසියාවේ “ගෞරවය සහ ආත්මාභිමානය” (country’s self esteem and dignity) ආරක්ෂා කර ගැනීමයි.
නිවසක් දොරක් සාදාගෙන තමන්ටත් තම පවුලටත් සුඛිත මුදිත ජිවිතයක් අපේක්ෂාවෙන් විදේශගත වන කාන්තාවන්ගේ සැමියෝ, එම කාන්තාවන් බැල මෙහෙවර කර එවනු ලබන මුදල් බීමත් කමටත් වෙනත් අපචාර වලටත් වියදම් කර නාස්ති කර දමති. තම බිරිදගෙන් නොනිවෙන කාමගින්න තම ලෙයින්ම උපන් ගැහැණු දරුවන්ගෙන් නිවා ගන්නට උත්සාහ ගනිති.
ඒ ඉන්දුනීසියාවේ ජනපතිවරයාට වැටහෙන එහෙත් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට නොවැටහෙන රටක “ගෞරවය සහ ආත්මාභිමානය” පිළිබඳ කඳුළු කතාවේ අනිත් පැතිකඩයි.
අපි වසර 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති, ඒත් ලැජ්ජා නැති ජාතියක්!
මෙවන් තවත් ලිපි කියවීමට https://asammathasatahan.wordpress.com/
“අයියෝ හෙණම ගහපන්… හෙණම ගහපන්…
හැට නවය අන්තිමට යකෝ… බිංදුවක් කොහෙද?
හයියෝ හැමිනෙනවා… තෝ කසිප්පු ගහලද?
යකෝ ෆෝන් එක දීපන් ළමයෙකුට…
කැ… පො…යෝ ෆෝන් එක දීපිය ළමයෙකුට…
… මේ නම්බරේ දීගන්න විදිහක් නැති හැටි, දැන් පැය භාගයක් තිස්සේ කතා කරනවා,
ෆෝන් එකේ සල්ලිත් ඉවරයි. මට මේකේ මිනිස්සුත් එක්ක නිදිය ගන්න තමයි වෙන්නේ!”

Attachments
Last edited: