සවුදි_කාන්තා_රිය පැදවීම

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,025
    10,593
    113
    සවුදි_කාන්තා_රිය පැදවීම

    රිය පැදවීම, සවුදි කාන්තාවෝ සහ මෝටර් රථ සමාගම්



    _98076829_dff7f3f0-0168-47d3-80c2-ea09a4016529.jpg


    සවුදි අරාබියේ කාන්තාවන්ට රිය පැදවීම සඳහා අවසර දීමට සවුදි රජතුමා තීරණය කිරීමෙන් අනතුරුව ලොව ඉහළම පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් සවුදි කාන්තාවන් අරමුණු කරගනිමින් සිය නිෂ්පාදන පිළිබඳ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම ආරම්භ කර තිබේ.

    මෝටර් රථ නිෂ්පාදන සමාගම් සිය දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරය දියත් කළේ, ලබන ජුනි මාසයේ සිට කාන්තාවන්ට රිය පැදවීමට අවසර දෙන බවට සල්මන් රජතුමා පසුගිය බදාදා (සැප්තැම්බර් 27) නිවේදනය කිරීමෙන් පැය 24 ක් ගතවීමටත් පෙරාතුවය.

    රජතුමා එම නිවේදනය නිකුත් කළ මොහොතේම මිලියන ගණනක සුඛෝපභෝගී මෝටර් රථ වෙළඳපොළක් නිර්මාණය කෙරුණි.ඒ සමගම ෆොක්ස්වාගන්, ෆෝර්ඩ් සහ නිසාන් ඇතුළු මෝටර් රථ සමාගම් ට්විටර් ජාලය යොදාගනිමින් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළහ.

    බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය පවසන පරිදි සවුදි අරාබියේ වැඩියෙන්ම අළෙවි වන මෝටර් රථ වන්නේ ටොයොටා (Toyota) සහ හුන්දෙයි (Hyundai) වන අතර, විශේෂයෙන්ම එම සමාගම්වල ස්පෝට්ස් මාදිලියේ රථ අතිශය ජනප්‍රියය.

    _98076831_ad6015cd-84a1-42db-9eef-05b2a54967e0.jpg


    _98076833_683da7d0-82a9-4097-ab84-4f690045c67c.jpg


    සවුදි අරාබියේ වෙසෙන මිලියන 29 ක ජනකාය අතරින් මිලියන 20 ක් එහි පුරවැසියෝය. සවුදි අරාබිය ලෝකයේ විශාලතම ඛනිජතෙල් නිෂ්පාදකයාය. ඛනිජ තෙල්වලින් උපයාගත් ධනය හේතුවෙන් ඇතැම් සවුදි ජාතිකයෝ ලොව ඉහලම ධන කුවේරයන් බවට පත් වී සිටිති. කාන්තාවන්ටත් රියදුරු බලපත්‍ර නිකුත් කරන මෙන් සල්මන් රජතුමා නියෝග කරන තුරු කාන්තාවන්ට රිය පැදවීම තහනම්ව තිබූ ලොව එකම රට සවුදි අරාබියය.


    විදේශික රියදුරෝ

    මේ අතර සවුදි කාන්තාවන් රිය පැදවීමට යොමුවීම හේතුවෙන් එහි රියදුරන් ලෙස සේවය කරන විදේශිකයන්ගේ රැකියා විශාල ප්‍රමාණයක් අහිමිවනු ඇති බවට ද බිය පළවෙමින් පවතී. විදේශිකයන් මිලියන 1.4 කට ආසන්න පිරිසක් සවුදි අරාබියේ සේවය කරන අතර ඒ අතරින් ලක්ෂ අටක් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවලින් පැමිණි රියදුරන් බව බව තක්සේරු කෙරේ.

    _98076835_d77b92bc-e982-4f40-80f0-4768f50273d2.jpg


    _98076837_9129925f-4ae8-4910-ab48-c0f2d90b8d86.jpg


    කෙසේ නමුත් සවුදි කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලැබීම හේතුවෙන් ඔවුන් බොහෝ දෙනාගේ රැකියා අහිමිවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව විශේල්ෂකයෝ පවසති.රිය පැදවීමට උනන්දුවක් දක්වන කාන්තාවන් විශාල පිරිසක් සවුදි අරාබියේ සිටින අතර, එයට විරෝධය පළ කරන කාන්තාවන් විශාල පිරිසක් ද සිටින බව බීබීසී අරාබි සේවයේ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    ආගමික සහ ගතානුගතිකවාදී අදහස් එයට එක් හේතුවකි. රිය පැදවීමට අවසර ලැබුණ ද රියදුරෙකුගේ සේවය ලබාගැනීම සමාජ තත්වය විදහා පෙන්වීමේ සංකේතයක් වීම තවත් හේතුවකි.පුරුෂයෙකු නොමැතිව එළිමහනේ හැසිරිය නොහැකි බවට පවතින නීතිය කාන්තාවන් රිය පැදවීම සම්බන්ධයෙන් බලපාන්නේ කෙසේ දැයි යන්න තවමත් පැහැදිළි නැත.


    නමුත් ඇයට අවසර නැති තව බොහෝ දේ ඇත.


    එම රාජධානිය තුළ කාන්තා ජීවිතය පවතින්නේ පුරුෂයාගේ පාලනයට නතුව ය.නිවසින් බැහැර සංචාරයට, විවාහයට හා බන්ධනාගාරයකින් නිදහස ලැබීමට ඇය පුරුෂයෙකුගෙන් අවසර පැතිය යුතුය.

    ඇයගේ ඇඳුම් පැළඳුම් සඳහා දැඩි නීති රීති පනවා ඇත. අවසරයකින් තොරව පවුලෙන් පිටස්තර පිරිමියෙකු සමඟ අදහස් හුවමාරුව තහනම්ය.

    _98094779_160422143743_saudi_women_624x351_afp_nocredit.jpg


    පසුගිය වසරේ නිකුත් වූ හියුමන් රයිට්ස් වොච් වාර්තාවක දැක්වෙන්නේ කාන්තාවක් විසින් ඉල්ලා සිටිනු ලබන වෛද්‍ය ප්‍රතිකාර හෝ රැකියාවක් සඳහා ද ඇතැම්විට භාරකරුගේ අවසරය ඉදිරිපත් කළ යුතුව පවතින බවය.

    කෙසේ නමුත් මේ වනවිට සෞදි රාජධානියේ තත්වය වෙනසකට භාජනය වෙමින් පවතී.

    වෙනස

    මෑතක දී සෞදියේ ජාතික ක්‍රීඩාංගණය පළමු වතාවට කාන්තාවන් සඳහා විවෘත විය.2015 පැවති නගර සභා මැතිවරණය වෙනුවෙන් පළමු වතාවට සෞදි කාන්තාවෝ සිය ඡන්දය ප්‍රකාශ කළහ.

    _98094781_160317133839_saudi_women_640x360_bbc_nocredit.jpg


    වසර ගණනාවක් තිස්සේ කාන්තා අයිතීන් වෙනුවෙන් පැවති අරගලවලින් පසුව, රිය පැදවීමේ අයිතිය ද සෞදි කාන්තාවෝ දිනා ගත්හ.

    රිය පැදවීමට උනන්දුවක් දක්වන කාන්තාවන් විශාල පිරිසක් සවුදි අරාබියේ සිටින අතර, එයට විරෝධය පළ කරන කාන්තාවන් විශාල පිරිසක් ද සිටින බව බීබීසී අරාබි සේවයේ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


    _98094783_160828091844_saudi_women_trend_640x360_getty.jpg






    හොඳනම් rep+++ දාගෙනම යන්න ( 14+ ගානේ Rep back කරනවා..... )
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    aranchi hatiyata kamathi kamathi welawata wahane aran yanda ba. wadata yanda enda wage witharai denne. aye unge city 1n wena ehekata yanda ba. ohoma cn thiyei. fullma free 1e yanda ba :P
     
    • Like
    Reactions: hi.dushan