සවුදියේ සීන් කොන් එක පැහැදිලිව
දැන් මේ දවස් වල විදෙස් විතරක් නෙමේ ලංකාවේ මාධ්‍ය වලත් හැමදාම වගේ යන පුවතක් තියෙනවා. ඒ තමයි සවුදියේ ජමාල් ඛෂෝගි කියන මාධ්‍යවේදියා මැරුවයි කියලා සවුදිය එල්ල වෙන චෝදනාව.
මේ සිද්ධිය ගැන පැහැදිලි කිරීමක් කරන්න හිටියේ. දැන් තමයි වෙලාවක් ලැබුනේ.
මෙතන මෙහම දෙයකුත් තියෙනවා. මැරුණයි කියන හාදයා සවුදිකාරයෙක්. මිනිහට ඇමරිකන් පුරවැසිකමත් තිබ්බා. මිනිහා සවුදි වල වගේම එහෙං ගිහිං ඇමරිකාවේ මාධ්‍යවලත් වැඩ කරා.හැබැයි මිනිහ සවුදියට විරුද්ධව තමයි නිවුස් ලිව්වේ. සවුදි ඔටුන්න හිමි කුමරුව විවේචනය කරලත් තිබ්බා. ඒ වගේම මිනිහා මිට අවුරුදු තුන හතරකට කලින් සවුදියේ චැනල් එකක වැඩ කරන දවස් වල ඇමරිකන් ජනාධිපති ට්‍රම්ප්ව විවේචනය කරලා නිවුස් දැම්මා කියලා, සවුදි ආණ්ඩුව මිනිහව ඒ චැනල් එකෙන් එලෙව්ව. ඉතිං සවුදිය එහෙම කරේ ඒ තරම් උන් ට්‍රම්ප්ට හිතවත් නිසා.
ඕක අපේ රටට ගත්තොත් අපේ රටේ ඉන්න මාධ්‍යවේදියෙක් වෙන රටක ඉන්න ජනාධිපතිකෙනෙක් විවේචනය කරලා අපේ රටේ නිවුස් එකක් ලිව්වා කියලා, අර මාධ්‍යවේදීයාව අපේ ආණ්ඩුව විසින් ගෙදර යවනවා වගේ වැඩක්.
ඉතිං ඔය අස්සේ මේ මැරුණයි කියන හාදයා සවුදියේ සහ ඇමරිකාවේ පස මිතුරු රටක් වන තුර්කියට පලා යනවා. එහෙදි තමයි මේ මරණය වෙන්නේ.මේ අස්සේ සවුදිය එක්ක කේස් දාගෙන ඉන්න කටාර්වල මාධ්‍ය ආයතනයක් වල අල්ජසිරා එක මේ නිවුස් එක හිට් කරනවා.ඒ අස්සේ මේක ලෝක දේශපාලනයේ පසමිතුරු ඇමරිකාව සහ රුසියාව අතර ගැටුමකුත් බවට පත් වෙනවා.මොකද වර්ථමානයේ සවුදිය කියන්නේ ඇමරිකාවේ ලගම මිතුරෙක්. ට්‍රම්ප් ජනාධිපතිඋන ගමන් හා හා පුර කියලා ගියෙත් සවුදියට. සවුදිය එක්ක ඩොලර් කෝටි ගණනක ගනුදෙයි ඉදිරියේ සිදුවීමට නියමිතයි. ඒ වගේම ට්‍රම්ප්ගේ බෑනා සවුදි කුමාරයාගේ ව්‍යාපාරික සගයා.
ඉතිං ඒ නිසා දැන් සවුදිය මේ මනුස්සයා මැරුවත් ඇමරිකාවට පොඩ්ඩක් මොනව හරි කියලා නිකං ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ට්‍රම්ප් උනත් ඒකයි කිව්වේ 'ඒ අය හරි හොද මිනිස්සු, අපිට සල්ලි ගොඩක් දේවි' කියලා සවුදිය ගැන.
මොකද මේ දක්වා අනාවරණය කැර ගෙන තියෙන භූගත ෆොසිල ඉන්ධන සංචිතවලින් 18% ඇත්තේ සෞදි භූමියේ. සවුදිය තමයි ලොකේ වැඩිම තෙල් අපනයනකරු වෙනෙක. සම්බාධක පැනෙව්වොත් වසරක් හෝ ඊට වැඩි කාලයක් වුවත් ගෝලීය වෙළෙඳපොළට ඉන්ධන නිකුත් නොකර සිටින්නට සවුදියට පුළුවන්. එහෙම උනොත් සමහරවිට බොරතෙල් බැරලයක මිල ඇඩො 200ක් පවා වෙන්නත් පුළුවන්.ඒ අස්සේ සෞදි අරාබිය අමෙරිකා එක්සත් ජනපදය සමග ඇඩො බිලියන 110ක අවි මිලට ගැනීම සඳහා ගිවිසුම් අත්සන් තියලා තියෙන්නේ. 2030 වනවිට මෙය ඇඩො 350 දක්වා ඉහළ නංවන්නට දෙරට ම කැමැත්ත පළ කරලත් තියෙනවා.
අනික තමයි මැදපෙරදිග කලාපයේ සාමය පවත්වා ගෙන යන්නේ සෞදි අරාබියයි. අමෙරිකාව ප්‍රධාන බටහිර ඇලිය ඒ සම්බන්ධව සෞදියට බොහෝ ප්‍රශංසා කරනවා හැමදාම. සිය රටේ ජනයාට නිදහසේ වීදි බැස යන්නට අවස්ථාව ලබා දීම ගැන තෙරේසා මේ අගමැතිනිය සෞදි අරාබියට ස්තුතියිත් කරානි.අනික් වැදගත් දේ තාමයි අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව පවත්වා ගෙන යන දැඩි ක්‍රියාමාර්ගවලට උදව් කරන්නේ සෞදි අරාබිය. සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් බලයෙන් එලවන්න කැරලිකාර කණ්ඩායම් දරන උත්සාහයේ දී සෞදි රජය ඔවුන්ට ආධාර කරනව. ඉරානය සහ රුසියාව එක්ව සිරියා රජයට ආධාර කරනවා. මෙහි තියෙන්නේ සුන්නි – ෂියා යුද්ධයකි. අමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පැනෙව්වොත් එවිට සෞදි අරාබිය රුසියාව සමග සන්ධාන ගතවනු වෙනවා කියලා දැන් තර්ජනයකුත් කරනවා.සෞදියේ සමස්ත ආනයනවලින් අටෙන් එකක් පමණ අමෙරිකා එක්සත් ජනපදයෙන් ගේන්නේ.
ඉතිං ඔන්න ඔය කාරනා නිසා බැලුවම හිතෙන්නේ මේ නිවුස් එක මෙච්චර උලුප්පන්නේ සවුදියේ මානව හිමිකම් කැඩුන එක ගැන දුකෙන් නෙමේ, සවුදියට සල්ලි තියෙන නිසා ඒ රට ඇමරිකාවට හිතවත් කම පලුදු කරලා, රුසියාව, චීනය සමග එක්කාසු කරන්නද කියලා.