සසරෙන් ආ මිතුරා.......

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Meka machan lassana kello dala views ganna hadapu ekak nemei. Sinduwen highlight karanne thaththa kenekuge hithe daruwek gena athiwena hangeem. Video eke producer e podi ekage thaththa.

    Ass. Producer : Mr Anushka Ranasinghe mama hondata dannawa pora patta weda karaya kalin hitiye Pizza hut eke.... pizza hut eka wetila thibba kale miniha thamia eka goda demme
     

    djboss

    Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo
    ගීතයේ පසුබිම් කතාව

    සත්‍ය සිදුවීමකින් නිමැවුනු ගීතයේ පසුබිම් කතාව.....

    අපේ රටෙි ධනවත් පින්වත් දෙමාපියන් 2කුට පුංචි පුතෙක් උපදිනවා.. මලක් වගේ ලස්සනයි.. පුතාගේ නම ටෙහාන්.. අනිත් දරුවො වගේ නෙවෙයි ටෙහාන් පුතා හරි වෙනස්.. .
    ටිකෙන් ටික පුංචි පුතා ලොකු වෙනවා.. දවසක් පුතා වාහනේ යනකොට දකිනවා පාරේ දුප්ප්ත් ළමයෙක් සෙරප්පු නැතිව ඉන්නවා...
    "තාත්ති කාර් එක නවත්වන්නකෝ... කියා අවුරුදු 2ක පුංචි පුතා දිව ගොස් තමන්ගේ සෙරප්පු දෙක අර ළමයට දෙනවා... අවුරුදු 2ක ළමයෙක් කල දේ දෙමාපියන්ට අදහ ගන්නට බැරි වෙනවා...
    ඊට පස්සේ තාත්තට සිදු වෙනවා වාහනයේ බාටා සෙරප්පු බෑක් එකක් දාගෙන යන්න.. ටෙහාන් පුතා පාරේ ඉන්න සෙරප්පු නැති දරුවන්ට වාහනේ නවත්වලා සෙරප්පු දෙනවා...
    ඒ වගේම බුදු පිලිමවහන්සේ නමක් කොහේ දුටුවත් පුංචි ටෙහාන් වනදනා කරනවා බුදු සාදු කියලා... මෙි වගේ අසාමාන්‍ය ගති ගුණ මෙි දරුවගෙන් දෙමාපියන් දකිනවා.. මෙි කිසිදෙයක් දෙමාපියන් කියලා දීපු ඒවා නෙවෙයි...

    කාලය ගත වෙනකොට එක්වරම පුංචි පුතා අසනීප වෙනවා.. පුතාව සිංගප්පූරුව බලා රැගෙන යනවා.. වෛද්‍ය ප‍‍්‍රතිකාර සදහා.. කාලයකට පස්සේ එහේ වෛද්‍යවරු කියනවා මෙි පුතාව නැවත ලංකාවට අරන් යන්න කියලා...

    ඒ ඇවිත් දවසක් පුතා සමග පිංකමකට සහභාගි වෙනවා... ඒ පින් කමේදි හැමෝටම අදහ ගත් නොහැකි ලෙස මේ පුංචි ටෙහාන් පුතා පැත්තකට වෙලා භාවනා කරනවා දකිනවා..ටෙහාන් ඊට පෙර කිසි දවසක භාවනා කරලා තිබුනෙත් නෑ කවුරැත් භාවනා කරන්න කියල දීලා තිබුනෙත් නෑ...

    පුංචි ටෙහාන් ඊලග දවසෙත් උදේම අවදි වෙලා බුදු සාදු බලන්න පන්සලට යන්න ඔනි කියලා අම්මට කියනවා... පුතාගෙන් බෙිරෙන්න බැරිම තැන අම්මා පන්සලට එකකන් යනවා..
    මග යනකොට ටෙහාන්ගේ අසනීපය වැඩි වෙනවා..පුංචි පුතත් එක්ක වාහනය ඇතුලේ තනි වෙන අම්මා හමුදුරුවන්ට කතා කරනවා.. පුංචි පුතාට සෙනෙහස දක්වපු හාමුදුරුවොත් ඒ වෙද්දී මගට වාහනේකින් වැඩම කරලා වෙන වැඩකට. අම්මගේ හදිසි ඇමතුමෙන් හාමුදුරුවෝ ටෙහාන් පුතාලගේ වාහනේ තියෙන මගට වඩිනවා.. හාමුදුරුවෝ පිටිපස්සේ සීට් එකට රොහලට යන්න පුතත් එක්ක නගිනවා...පුතා හාමුදුරුවන්ගේ සිවුරට තුරුල් වෙනවා... හුමුදුරුවන්ගේ ඔඩොක්කුවෙි අවුරුදු 5හේ රෝස මලක් වගේ හිටපු ටෙහාන් පුතා අවසන් හුස්ම පොද හෙලනවා...

    දරා ගන්න බැරි දරු දුකින් හඩා වැටෙන පුතාගේ තාත්තා දවසක් නින්දෙන් දකිනවා වලාකුලූ අතරින් ලස්සනට ඇද ගත්ත දෙවි කෙනෙක් වගේ කෙනෙක් ලගට එනවා... ඇවිත් තාත්තට ධර්මය කියා දෙනවා.. තාත්තා හදුන ගන්නවා මෙි තමන්ගේ මිය ගිය පුතා බව.. මෙි දිව්‍ය පුතා තාත්තට නාඋයනේ අරියධම්ම නායක ස්වාමීන්වහන්සේ ලගට යන්න පාර පෙන්වනවා...
    අවසානයේ සසරින් ආ මිතුරෙක් ලෙසින් මෙි දෙමාපියන් දෙන්නව මෙි පුතා ධර්මයේ පිහිටුවනවා...ධර්මයේ හැසිරෙන්නට මග කියා දෙනවා..අනතුරුවලින් වලක්වනවා...පින් කර ගන්නට මග හදනවා...අද ඒ දෙමාපියන් පුතාට පින් අනුමෝදන් වීම පිනිස මහා සෑයක් පවා ඉදිකරනවා...

    මෙි විසල් කතාව විනාඩි 5ක මධුර මනොහර තනුවකින්ද,,වචනයක් වචනයක් පාසා හද හඩවන පද වැලකින්ද ,,හද කකියන සංගීතයකින්ද, පියෙකුගේ වෙිදනාව සගවන හඩකින්ද,, විශිෂ්ඨ රංගනයකින්ද මෙය නිර්මාණය කිරීමනම් විශිෂ්ඨ වැඩකි...
    කතාව නොදැන ගීතය පමණක් අසා සංවෙිදි වූ බොහෝ දෙනා පසුබිම් කතාව දැනගත් විට හඩනු ඇත...
    පංචි කාලයකට හෝ මනුලොවට ආපු පුංචි ටෙහාන් අම්මවයි තාත්තවයි තිසරණයේ පිහිටෙවුවා... ආයෙමත් ආපු තැනටම යන්න ගියා.. ඒත් අම්මවයි තාත්තවයි අමතක කලේ නෑ... වළාකුලු අතරින් ඇවිත් උපකාර කලා... ඒ දෙමාපියොත් පුංචි පුතාව අමතක කලේ නෑ.. ලස්සන පින් කරමින් තවමත් පුතාට අනුමොදන් කරනවා.. ඉතින් අප රැස් කරනා පිනත් ටෙහාන් පුතුට අනුමෝදන් වෙිවා! සසර දුකින් නිදහස් වන්නට ඒ සියලු පින් උපකාර වෙිවා!!!



    Ranga P. Ruwanpura ගෙන් උපුටා ගන්නා ලදී
     
    • Like
    Reactions: ChoraKolla