ඇයගේ මරණය වෙනුවෙන් ලොකේම කොඩි අද අඩකුණු වෙනවා.. මුලු ලෝකෙම ඇය ගැන කතා කරනවා..දුක් වෙනවා..ඇයගේ මරණෙට පවා, පිරිමියෙකුවත් නොලබන විදියේ සත්කාරයක් මුලු ලෝකෙන්ම ඇයට ලැබෙනවා..
ඒ තමයි පිනක මහිම..සසරේ බහුලව දන් දීලා,පින්කරලා ඇය මේ ජිවිතේ රැජිණක් වෙනවා.. මැරෙනකම් ම සැප විදිනවා..
මාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කලා පින් කල ස්ත්‍රීයට කරුණු 5ක් ඇය කැමති විදියට ලැබෙනවා කියලා..
ඇය උපදින්නේ එවකට බ්‍රිතාන්‍ය රජ වෙච්ච ජෝර්ජ් රජතුමාගේ වැඩිමහල් දියණිය විදියටයි.. ඇයට වැඩිමහල් සහෝදරයෙක් හිටියනම් අද ඇය රැජිණ නොවන්න තිබුනා..
ඇය විවාහ වෙන්නේත් කුමාරයෙක් එක්ක..ඇය විවාහ වුන පිලිප් කුමාරයා හැදින්වෙන්නේ ඩෙන්මාර්ක් සහ ග්‍රීසියේ කුමාරයා ලෙසයි..
යන කරුණ පින් කරගත්තු ස්ත්‍රියක විසින් පහසුවෙන් ලබන තුන් වැන්නයි.
ඇයට විවාහ උනාට පස්සේ ඇයට සමාන වෙන බිරිදක් රජ මැදුරේ හිටියේ නෑ.. පිලිප් කුමාරයා සහ ඇය තමයි එකම බිරිඳ වෙලා හිටියේ..
ඇයට සුවසේ දරුවන් 4ක් ලැබෙනවා.. ඇයගේ වැඩිමහල් පුතා වෙච්ච චාර්ල්ස් කුමාරයා තමයි ඊලග බ්‍රිතාන්‍ය රජු වෙන්නේ..
ඇයගේ ස්වාමියා,දරුවන් වගේම ඇයගේ රට වැසියනුත් ඇයට කීකරු උනා..ඇයට හැමෝම ආදරේ කලා..සසරේ කල පිනෙන් ඇයව ලෝකෙටම රැජිණක් කලා..
හැබැයි සියල්ල අවසන ඇයට මිත්යාදුෂ්ට්කව මැරෙන්න උනා..රජ සැප වින්දත් ඇයගේ ඊලග උපත කොහේ කොතනද අපි දන්නේ නෑ.. ඇය තරම් රජ සැප අපිට නැතත් අපි ඉන්නේ ඇයට වඩා පුන්‍ය නිධානයක් උඩ.. ඇයට ඇයගේ ඊලග ජිවිතේ සැපවත් කරගන්න බැරි උනාට අපිට පුලුවන් මෙලොවත් පරලොවත් දෙකම සැපවත් කර ගන්න..ඇත්තටම ඇයට වඩා අපි තමයි වාසනන්ත..පින්වන්ත..
ඨාන සුත්‍රය - සංයුක්ත නිකාය
පින කියන්නේ හරි පුදුමාකාර දෙයක්... හිත පහදවාගෙන මනා සා පින් කලොත් සසර පුරා සැප විපාක දෙනවා.. ඒ වගේම කෙනෙක් ඒ පිනෙන් අමා මහා නිවන බලාපොරොත්තු වෙනවා නම්... ඒකත් උපද්දලා දෙන්න මේ පිනට පුලුවන්.. සියලු බුදුරජාණන් වහන්සේලා වර්ණනා කලෙත් ඒ උතුම් නිවනම තමයි.