පින්වතුනි, බුදුරජාණන්වහන්සේ සසර දුකයි, ජීවිතය දුකයි කියලා කියන්නේ, කන්න මොකුත් නැතුව බඩගිනි හැදෙන දුක නිසා නොවේ. වතුර ටිකක් නැතුව පිපාසය නිසා එන දුක නිසා නොවේ. කන් කැක්කුමක්, දත් කැක්කුමක්, බඩේ කැක්කුමක් නිසා එන දුක නිසා නොවේ. කෙටියෙන්ම කියනවානම් මේ මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් විඳින කිසිම දුකක් සසර තියෙන දුක් වලට සාපේක්‍ෂව, ‘දුකයි’ යන ගණයට යන්නේ නෑ.
මම ඕකට පොඩි කතාවක් ඔය පින්වතුන්ට කියන්නම්. පින්වතුනි බුදුරජාණන්වහන්සේ වැඩ ඉන්න කාලේ විශාලා මහනුවර රජකම් කළේ ලිච්ඡවී රජවරුයි. එතැන සමූහ ආණ්ඩුවක් තිබුණා. හත්දහස් හතක් රජවරු හිටියා. එක ප්‍රදේශයක රජකම් කළා අම්බසක්කර කියලා රජකෙනෙක්. මේ අම්බසක්කර රජ්ජුරුවන්ගේ රාජ්‍ය ප්‍රදේශයේ නගර මධ්‍යයේ බොහෝ වෙළඳසැල් තිබුණා. එක වෙළඳසැලක් තියෙනවා, මේ වෙළෙඳසැල් හිමියා හරිම දැහැමියි, හරිම ගුණයහපත්. කිසිම වෙලාවක කිසිම කෙනෙකුගේ හිත රිදෙන වචනයක් කතා කරන කෙනෙක් නොවේ. හැමෝ කෙරෙහිම ප්‍රිය වූ මනාප වූ ගතියකින් තමයි කටයුතු කරන්නේ.
මේ වෙළඳසැල ඉස්සරහා මඩ වගුරක් තියෙනවා. වෙළඳසැලේ ඉන්න වෙළඳ මහත්තයට පේනවා බොහෝ දෙනෙක් හොඳට ඇඳ පැළඳගෙන එනවා, අනේ මේ මඩ විසිවෙලා මඩ තැවරිලා ඇඳුම් පැළඳුම් ජරා වෙනවා. සමහර අය මඩ වලේ ලිස්සලා වැටෙනවා. ඉතින් මෙයා මොකද කරන්නේ, ගෙදර ඉඳලා උදේ ආපනශාලාවට එද්දී, මග තිබුණා ගවයෙක්ගේ ඔළුවක්. හරකෙක් මැරිලා සුදුපාට වුන ඔළු කට්ටක්. ඒ ඔළු කට්ට ගෙනැල්ලා මඩ වල මැද්දට දැම්මා, මේක පාගාගෙන මනුෂ්‍යයන්ට එතෙර වෙන්න පුළුවන්නේ කියලා. ඉතින් මනුෂ්‍යයෝ බොහෝ දෙනෙක් ඇඳුම්වල මඩ තැවරෙන්නේ නැතුව, ගව හිසට අඩිය තියලා එතෙරට යනවා.
මේ ආපනශාලා හිමියාගේ ඥාති පුත්‍රයෙක් හිටියා, සහෝදරියකගේ පුතෙක්, බෑණා කෙනෙක්. මෙයා ලොකුයි. පසුකාලේදි සූදුවට ඇබ්බැහි වෙලා, තියෙන දේවලුත් විනාශ කරලා, හොරු කණ්ඩායමකට එකතු වෙලා. දැන් මුදල් නැති නිසා හොරකමේ යන්නගත්තා. ආපනශාලාවේ ඉන්න ආපනශාලා හිමියා, මාමා, මේ මොකුත් දන්නේ නෑ. එයා බොහෝම දැහැමි කෙනෙක්. අර ඥාති පුත්‍රයා, මොකද කරන්නේ, හොරකමේ ගිහිල්ලා,ගෙවල් බිඳලා, බඩුමුට්ටු ගෙනැල්ලා, මෙයාට හම්බවෙන කොටස හංගන්නේ මාමාගේම ගෙදර පැත්තක යි. මාමා මේ මොකුත් දන්නේ නෑ.
ඉතින් දවසක් ඔය වගේ හොරකමේ ගියහම, රාජපුරුෂයන්ට අහුවෙනවා. ඔක්කොම හොරු පැනලා යනවා, ආපනශාලා හිමියාගේ ඥාති පුත්‍රයා හසුවෙනවා. බඩුත් එක්ක හසුවෙලා ගහනකොට තියෙන අනිත් බඩුත් පෙන්නනවා අර ගෙදරට එක්කගෙන ඇවිල්ලා. පෙන්නුවහම රාජපුරුෂයෝ හිතනවා මේ ආපනශාලා හිමියාත් මේකට අනුග්‍රහය දක්වලා තියෙනවා කියලා එයාවත් අල්ලාගෙන යනවා. රජ්ජුරුවෝ මොකද කරන්නේ, ආපනශාලා හිමියාගේ හිසගසා මරලා දමන්න නියම කරනවා. එයාගේ ඥාති පුත්‍රයා බලවත් වැරදිකාරයා නිසා එකවර මරන්නේ නෑ. හොඳට කෝටුවක් උල්කරලා, උලතියන්න, උල උඩ ඉන්දවන්න නියමකළා. ඒ කියපු විදිහට රාජපුරුෂයෝ ආපනශාලා හිමියාගේ හිසගසා දැම්මා. එයා මැරුණා. එයාගේ ඥාති පුත්‍රයාව සොහොනට ගෙනිහිල්ලා උල තිබ්බා. උලේ කට්ට බේරලා තියෙන්නේ, දවසින් දවස, ටිකෙන් ටික, ශරීරය පසාරු කරගෙන යන්න. එතකොට කෘරවූ, කටුක වූ, තියුණු වූ, දුක් වේදනාවන් විඳිනවා. විඳලා තමයි මැරෙන්නේ.
මේ විදිහට උල උඩ තිබ්බහම, උල උඩ ඉන්න මේ මනුෂ්‍යයා හැම වෙලාවේම හිතනවා, ‘අනේ මාව මැරෙන්නේ නෑනේ. අනේ මාව මැරෙන්නේ නෑනේ. මේ දුක ඉවරයක් වෙන්න ඉක්මනට මැරෙනවානම්. මේ දුක විඳ විඳ ඉන්න බෑ තවත්. අනේ මාව මැරෙනවා නම්’ කියලා හිතින් මරණය ප්‍රර්ථනා කරනවා.
අර ආපනශාලා හිමියා බොහොම දැහැමි කෙනෙක්නේ. එයා මැරිලා ගිහිල්ලා විමාන දෙවියෙක් වෙලා උපන්නා. අර මිනිස්සුන්ට මඩ පෑගෙන්නේ නැති වෙන්න මඩ වලට ගව හිසක් දාපු එකේ කුසලයට එයාට දිව්‍යමය අජානීය වෘෂභයෙක් පහළ වුණා. උඩින් යන්න පුළුවන්, ඍද්ධියෙන් යන්න පුළුවන්, වෘෂභ වාහනයකින් තමයි දැන් එයා යන්නේ. හැබැයි එයා තරුණකාලේ යාළුවොත් එක්ක නාන්න ගිහිල්ලා, හොරකමටත් නොවෙයි, කෙළි පිණිස සෙල්ලමට යාළුවන්ගේ ඇඳුම් හංගලා තියෙනවා. දෙවියෙක් වෙලා හොඳ දිව්‍ය වාහනයකුත් තියෙනවා නමුත්, ඒකේ අකුසලයට ඇඳුම් නෑ, නිර්වස්ත්‍රයි. අර ලෝවැඩ සගරාවේ තියෙන්නේ
කෙළියට කඩක් සගවා යහළුවකුගෙනේ
හෙළිකොට නැවත දුන් මිනිසෙකුට මෙතෙකිනේ
විළිවැස්මක් නො ලදිය දෙවි වෙලත් අනේ
කෙළි යටවත් නො කරව් සොරකමක් දැනේ
කියලා. එතකොට මෙන්න මේ ඒ දෙවියා තමයි. ඇදුම් නෑ.
ඉතින් මේ ඥාති පුත්‍රයා උල උඩ ඉඳගෙන මරණය නිතරම ප්‍රාර්ථනා කරන බව අර දෙවියාට තේරෙනවා. දෙවියාට මෙයාගේ හිත කියන්න පුළුවන්. මෙයා මොකද කරන්නේ, දවස දවස ගානේ ඇවිල්ලා, ඥාති පුත්‍රයා ලඟට ඇවිල්ලා, “දරුවා මැරෙන්න හිතන්න එපා. ජීවත්වෙන්න හිතන්න. අනේ මාව ජිවත් වෙන්නේ නෑ නේ, මම කොහොමද ජිවත් වෙන්නේ කියලා හිතන්න. ජිවත්වීම ප්‍රර්ථනා කරන්න. ඔබගේ මරණයට වඩා ජීවත්වීමම ඔබට දාහෙන් සම්පතක්. ඔබට ලාභයක්ම යි. ඒ නිසා උල උඩ හරි කමක් නෑ ජිවත් වෙන්න උත්සාහවත් වෙන්න” කියා කියා යනවා.
ඔය කාලයේ රජවරුන්ගේ සිරිතක් තිබුණා අප්‍රකට වේශයෙන් වෙස්වලාගෙන නගරයේ ඇවිදිනවා. රජ්ජුරුවන්ට හෝ රජයට හෝ මිනිස්සු දොස් කියනවාද, මොනවා හරි අලුත් අදහස් තියෙනවාද, යෝජනා තියෙනවාද කියලා බලන්න. ඉතින් මේ අම්බසක්කර රජ්ජුරුවොත් දවසක් රාත්‍රී කාලයේදි වෙස්වලාගෙන යනවා. ඔය සොහොන අයිනෙන් තමයි යන්නේ. යනකොට ශබ්දයක් ඇහෙනවා, මේ අර උල තිබ්බ හොරා ඉන්න තැන - “මැරෙන්න එපා ඔබ ජිවත් වෙන්න. මැරෙන්න හිතන්න එපා ජිවත් වෙන්න හිතන්න. මරණයට වඩා ඔබගේ ජිවත්වීම ශ්‍රේෂ්ඨයි කියලා”. රජ්ජුරුවෝ හෙමින් එතැනට ගිහිල්ලා අහනවා ඔබ කවුද? “මම අහවල් දිව්‍ය විමානේ ඉන්න දෙවියෙක්” කියනවා. රජ්ජුරුවෝ “පෙනෙන්න එන්න” කියනවා. “මට ඇදුම් නෑ, පෙනෙන්න එන්න බෑ නේ” කියලා ඒ දෙවියෝ කියනවා. “කමක් නෑ එන්න” කියලා රජ්ජුරුවෝ කියනවා. ඊට පස්සේ ඒ දෙවියෝ තමන්ව පෙන්නනවා.
ඊට පස්සේ රජ්ජුරුවෝ “මේ උල උඩ ඉන්න කෙනා ඔයාගේ හතුරෙක්ද” කියලා අහනවා. “උල උඩ ඉන්න මනුස්සයා මෙච්චර දුක් විඳිද්දී තව මැරෙන්න එපා ජීවත්වෙන්න කියන්නේ එයා දුක් විඳිනවා බලන්න එච්චර ඔයා කැමතිද? එයා එක්ක මෙච්චර වෛරද ඔයා?” කියලා අහනවා. ඊට පස්සේ කියනවා, “නෑ මේ උල උඩ ඉන්න කෙනාට මම ගොඩක් ආදරෙයි. මේ මගේ ඥාති දරුවෙක්. එයාට ආදරේ හින්දාමයි මැරෙන්න එපා ජීවත්වෙන්න” කියලා කියන්නේ. “ඒකට හේතුව මොකක්ද” කියලා රජ්ජුරුවෝ අහනවා. “මගෙන් ඒක මෙතැනදී අහන්න එපා. මෙයාගේ පණ බොහොම යන්තමින් තියෙන්නේ. පැත්තකට ගිහිල්ලා අහන්න මගෙන්” කියනවා. ටිකක් අහකට ගියහම කියනවා “මෙයා බැරිවෙලා මැරුණොත්, ගිහිල්ලා උපදින්නේ අවීචිමහ නරකයේ.ඒ අවීචිමහ නරකයේ විඳින දුකට සාපේක්‍ෂව, උල උඩ ඉන්නවා කියන්නේ දිව්‍ය ලෝකයක ඉන්නවා වගෙයි” කියලා.
මේ කතාව ගොඩක් දිගට තියෙනවා.මම මෙතෙන්දි කියන්න ගත්තේ පින්වතුනි එක දෙයක් දකින්න, කෙනෙක්ගේ පිටිපස්ස පැත්තෙන් පසාරුකරගෙන ශරීරය විනිවිද යන්න උලක් ඇන්නොත් මොනතරම් වේදනාවක් එයිද? ඒ වගේ වේදනාවක් කවුරුවත් විඳලා තියෙයිද? නෑ. එතකොට අපායට සාපේක්‍ෂව, අපායේ දුකට සාපේක්ෂව, අර තරම් වේදනාවකුත් දිව්‍ය ලෝකයක බඳුයි කියනවා.
ඒ උල උඩ ඉන්න මනුෂ්‍යයාත් ඉන්නේ සුගතියකයි. ඒක හොදට මතක තබාගන්න. උල උඩ ඉන්න මනුෂ්‍යයාත් ඉන්නේ සුගතියකයි. ඒකට කියන්නේ තවම සුගති කියලා, යහපත් ගතියක් කියලා. එතකොට දුගතිය කියන එක මොනතරම් ඇත්ද කියන කාරණාව මේ මොහොතදි පොඩ්ඩක් අනුමානෙට සිහිපත් කරගන්න.