සසර පුරා ඔබ ඈතට ඇඳුණා

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සසර පුරා ඔබ ඈතට ඇඳුණා

    චායාවකි මෙය මායාවකි එය - සසර පුරා ඔබ ඈතට ඇඳුණා

    UPAALI.jpg

    :) මෑතකදී “අපිකවුරුද” කියන ගීතයේ මුල් හිමිකරුවා වන සේනක බටගොඩ මහතාගැන සංවාදයක් එළකිරියේ පවා ඇතිවුනා. එතකං අපි බොහෝදෙනෙක් ඔහුව දැනගන හිටියේ නෑ. ඇතැම් නිර්මාණ ජනතාවට දායද කරපු මිනිස්සු පුදුමාකාරවිදිහට විදිහට සමාජ-අවදානයෙන් දුරස්වෙලා සැගවිලා ගිහින් තියනවා. අද මං මතක්කරදෙන්න යන්නේ ඉතාමත් සරල හා සුන්දර පදරචනා , ගීත දයාදකරලා ඉතාමත් තරුණ වයසදේම (අ.36) අප අතරින් හදිසයේම සමුගත්තු සුන්දර මිනිසෙකු ගැනයි.

    මෙතුමා නමින් “උපාලි ධනවලවිතාන”. මෙතුමාගේ හැකියාවන් ගැන අදහසක් ගන්න හොදම ක්‍රමය තමයි මොහු දායාදකරලා තියන ගීතවල විවිදත්වය හා ගායකයන් සංකයාව නිරීක්ෂණය කිරීම. මම මෙතුමා ගැන වැඩි විස්තරයක් මෙහි ලියන්න යන්නේ නෑ--නමුත් ඔබට ඔහුගැන පහත ලිපියෙන් කියවන පුළුවන්.

    http://sinduano.blogspot.com/2015/04/blog-post.html

    මම මෙතුමාගේ දකින විශේෂ දක්ෂතාවය වන්නේ සරල පදබාවිතයකින් ඉතාමත් සුන්දර හා ලගන්නාසුළු ගීත නිර්මාණය කිරීම. මම ඔහුගේ ඉතාමත් ප්‍රියකරනම ගීතය තමයි විජය කුමාරතුංගයන් ගයන “රූස්ස ගහ ළඟ පාළු මාවතේ” කියන ගීතය . එය සාර්ථක වෙන්න විජය කුමාරතුංග කියන විසිස්ට ගායකයාගේ පවුර්ශයෙන් පිරුණු හඩත් දායකවෙනවා. බලන්න මෙහි පදවැල දෙස: සියල්ලම අපි දන්නා වචන , නමුත් ගලපාඇති ආකාරයම ගීතවත් නේද ..? මෙන්නමෙකයි ගිතරචනය කියන්නේ ....

    පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුණා
    පියවර හඬ මා අසලම ඇසුණා
    චායාවකි මෙය මායාවකි එය
    සසර පුරා ඔබ ඈතට ඇඳුණා.........................

    අද අපට නිතරදෙවේලේ අසන්නට සලස්වන ගීතයැයි කියන අදෝනා නිෂ්පාදනය කරන සත්සර-අදබාලයන්ට මේවා අද්‍යනය කරන්න බැරි ඇයි ...??? ඔබට පුලුවන්නම් නැවතත් “රූස්ස ගහ ළඟ” කියන ගීතය පහල linkඑකෙන් අහන්න ..:)

    http://topbadu.net/sinhala_mp3/Vijaya_Kumaranathunga_Russa_Gaha_Langa.mp3

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Good thread brother. මෑත කාලයේදී අහන්න ලැබුණ හොද සිංදුවක් "අපි කවුරැද" ගීතය. දැන් තමයි තේරුම් ගියේ ඇත්ත සිද්දිය. දීර්ඝ විචාරයක්/comment ලියන්න වෙලාවක් නෑ සහෝ. Sorry!
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    නොදකින් දැන් සින්දු ලියන නරි රැල ..." ඔයා " කියලනේ මුන් පටන් ගන්නේ ...බලපන් කතා කරන බාසාවෙන් සින්දු ලියන සත්සර - අදබාලයන් ...නියම වචනේ මුන්ව හදුන්වන්න ...ලස්සන තනු තිබුනට වැඩක් නෑ අපරිණත හඩවල් ගොන් පදමාලා ...මැදිවියේ පරිණත හඩවල් අවශ්‍යම කාලයක් .. උගුරේ ඇටේවත් කැඩිලා නැති පොන්නයෝන්ට පුලුවන්ද සින්දු කියන්න
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උපාලි ධනවලවිතානයන් රූස්ස ගහ ලඟ ගීතය හා බද්ධ වන තවත් ගීතයක් ලියලා තියෙනවා එකම කතාවක දෙපැත්තක් වගේ මේ ගීත දෙකම සංගීතවත් කරලා තියෙන්නේ සරත් දසනායක ගීතය තමයි ජොතිපාලයන් ගායනා කරන "පහන් ටැඹ යට" මේ ගීත 2 එකවර අසා බලන්න කොතරම් එකිනෙක හා බද්ධ වෙනවද කියලා

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Good thread brother. මෑත කාලයේදී අහන්න ලැබුණ හොද සිංදුවක් "අපි කවුරැද" ගීතය. දැන් තමයි තේරුම් ගියේ ඇත්ත සිද්දිය. දීර්ඝ විචාරයක්/comment ලියන්න වෙලාවක් නෑ සහෝ. Sorry!

    කාලෙකින් සහෝ , තැන්ක්ස් comments වලට

    නොදකින් දැන් සින්දු ලියන නරි රැල ..." ඔයා " කියලනේ මුන් පටන් ගන්නේ ...බලපන් කතා කරන බාසාවෙන් සින්දු ලියන සත්සර - අදබාලයන් ...නියම වචනේ මුන්ව හදුන්වන්න ...ලස්සන තනු තිබුනට වැඩක් නෑ අපරිණත හඩවල් ගොන් පදමාලා ...මැදිවියේ පරිණත හඩවල් අවශ්‍යම කාලයක් .. උගුරේ ඇටේවත් කැඩිලා නැති පොන්නයෝන්ට පුලුවන්ද සින්දු කියන්න

    කියලා වැඩක් නෑ බං , ..."ඔයාට මාව එපානම් ....කලින් කියන්නට තිබුනා ...." කොහොමද මේවා ඇහෙනකොට ??? :-))) අපටම පිහියකින් ඇනගන්න හිතෙනවා නේ ???? එක්කෝ මුන් ඔලු නැතුව ඉපදිලා තියෙන්නේ

    උපාලි ධනවලවිතානයන් රූස්ස ගහ ලඟ ගීතය හා බද්ධ වන තවත් ගීතයක් ලියලා තියෙනවා එකම කතාවක දෙපැත්තක් වගේ මේ ගීත දෙකම සංගීතවත් කරලා තියෙන්නේ සරත් දසනායක ගීතය තමයි ජොතිපාලයන් ගායනා කරන "පහන් ටැඹ යට" මේ ගීත 2 එකවර අසා බලන්න කොතරම් එකිනෙක හා බද්ධ වෙනවද කියලා

    ස්තුතියි සහෝ .., මම මේක ඔයා කියනකං දැනගන හිටියේ නෑ ...එකම කතාවක වෙළුම් 2 විදිහට තමයි මේක ලියල තියෙන්නේ. සමහරවෙලාවට ගිතරචකයෝ තමාට ඉතාමත් පවුද්ගලික වන මනෝභාවයන් , අද්දැකීම් වල ප්‍රකාසන මාද්‍යය රහසින්ම ගීතය කරගන්නවා .
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,951
    113
    Dubai
    මේ වගේ ගීත රචකයෝ නැති අඩුව නම් හොදටම දැනෙනවා. අද තියෙන්නේ මොන ගීත රචනාද බන්. මෙලෝ හසරක තේරුමක් නෑ

    උපාලි ධනවලවිතාන රචනාකරපු එක ගීතයක් මේ

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ වගේ ගීත රචකයෝ නැති අඩුව නම් හොදටම දැනෙනවා. අද තියෙන්නේ මොන ගීත රචනාද බන්. මෙලෝ හසරක තේරුමක් නෑ

    උපාලි ධනවලවිතාන රචනාකරපු එක ගීතයක් මේ

    මේ ලංකාවේ පළමු කැසට් පටයේ එන පළමුවන ගීතය :D නිර්මාණයට දායක වුන ශිල්පින් තිදෙනාම අද ජිවතුන් අතර නෑ :(:( මිල්ටන් මල්ලවාරච්චි, සරත් දසනායක, උපාලි ධනවලවිතාන ඒ වගේම මෑතකදි මේ කැසට් පටය නිෂ්පාදනය කල තරංගා අධිපති විජය රාමනායක මහතාත් අපෙගෙන් සමුගත්තා :(

    මේ ගීතය අවුරුදු 40 විතර ආසන්න වයසක් තියෙන ගීතයක් නමුත් අදටත් මේ ගීතයේ රසය වලංගුයි නැවුම් මිහිරක් තියෙනවා :love::love::love:වර්තමානයේ නිර්මාණය කරන්නේ ගීත නෙමේ ට්‍රැක් නේ :rofl::P වෙනස පැහැදිලියි ;);)

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මේ වගේ ගීත රචකයෝ නැති අඩුව නම් හොදටම දැනෙනවා. අද තියෙන්නේ මොන ගීත රචනාද බන්. මෙලෝ හසරක තේරුමක් නෑ

    උපාලි ධනවලවිතාන රචනාකරපු එක ගීතයක් මේ

    පට්ට සහෝ !

    එකම වරක්‌ හෝ නෙත සනසන්නට
    ආශාවෙන් මා ඔබ දෙස බලලා
    එකම වරක්‌ නොව එක හෝරාවක
    දහස්‌ වරක්‌ මා මනසින් හැඬුවා

    අද ඉන්නඋන්ගේ ගීත අහපුවහම සතුටින් ඉන්න උනුත් විරහවෙනවා ...:D
     
    Similar threads