සසර බිය ඇති කරගැනීම පිනිසමයි.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මේ සසර භයානක මිස අසාධාරණ නැත. තමන් කරන කර්ම වලට තමාම බියකරු විපාක විදිය යුතුය. එය සසරෙහි භයානක බවයි. එහෙත් අනුන්ගේ කර්ම විපාක අපට ගෙවන්නට වෙන අසාධාරණයක් එහි නැත.

    මේ මනුෂ්‍ය ජීවිතය දුර්ලභ යි. ගොඩාක්‌ දුර්ලභ යි. සතර අපාය මහගෙදර කරගෙන, ආරම්භක කෙලවරක්‌ නොපෙනෙන අති දීර්ඝ සසර ගමනක පැමිණෙන සත්වයන්, කලාතුරකින් තමයි මේ මිනිස්‌ ලෝකයට එන්නේ. අපි අහල තියෙනවා මේ මනුෂ්‍ය ජීවිතය දුර්ලභව ලැබෙන දෙයක්‌ බව. නමුත් දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුණා කියල අපි සිහිකරනවද.? දුර්ලභ දෙයක්‌ අපිට ලැබී තිබෙනවා යෑයි සිහිවෙනවාද? සිහිවෙන්නේ නැහැ නේද? ඒ නිසා එය සිහිකරන්න පුරුදුවෙන්න.

    මේ බියකරු සසර ගමනේදී මෙවන් දුක් අප හට නොලබේයැයි කිව හැක්කේ කෙසේද? අකුසල් වල විපාක සිහිකරන්න. එය ඔබට වචනයෙන් පවා වන පව් නවත්වා ගැනීමට උදව් වේවි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,281
    113
    Mother Earth
    එහෙත් අනුන්ගේ කර්ම විපාක අපට ගෙවන්නට වෙන අසාධාරණයක් එහි නැත.
    එහෙනං පින් දෙන්නත් බෑනේ. පින් දීලත් වැඩක් නෑ. ගොන් ටෝක් දෙන්න එපා බන්.