මහණෙනි, මෙ සසර අනවරාග්ර යැ. අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සතුන්ගේ මුල් කෙළවර නො පැනෙයි. මහණෙනි, යම් සේ බලුදමින් බැඳුණු ශුනකයෙක් දැඩි හුලෙක හෝ ටැඹෙක බඳනා ලද්දේ ද, ඉදින් හේ යේ නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟට යෙයි. ඉදින් සිටී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ සිටියි. ඉදින් හිඳී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ හිඳියි. ඉදින් ලගී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ ලගියි.
මහණෙනි, එලෙසින් ම අශ්‍රැතවත් පෘථජ්ජන තෙමේ රූපය “තෙල මාගේ ය. තෙල මම වෙමි. තෙල මාගේ ආත්ම ය යි දකී. වෙදනාව තෙල මාගේ යැ ... සංඥාව තෙල මාගේ යැ ... සංස්කාර තෙල මාගේ යැ ... විඥානය තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යයි දකියි.” හේ ඉදින් යේ නම් මේ පඤ්චෝපාදාන ස්කන්ධ වෙත මැ යෙයි, ඉදින් සිටී නම් මේ පඤ්චෝපාදාන ස්කන්ධ වෙත මැ සිටියි, ඉදින් හිඳී නම් මේ පඤ්චෝපාදාන ස්කන්ධ වෙත මැ ඉඳියි, ඉදින් හොවී නම් මේ පඤ්චෝපාදාන ස්කන්ධය වෙත මැ හොවී.
~ දුතිය ගද්දුලබද්ධ සූත්‍රය ඇසුරිනි. (
https://tipitaka.lk/sn-3-1-2-5-8/sinh)
සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!
අති දීර්ඝ වු සංසාර සාගරයේ ඔබත් මමත් තිරිසන්ව උපන් වාර ගනන ගනනින් කියන්නට නොහැකි තරම්. ඉදින් තිරිසන්ව උපන් සත්ව යෝ සෑම මොහොතකම බයින් තැතිගැන්මෙන් ජීවත්වෙති .කොයි මොහොතේ බලවත් සත්ව යෙක් පැමිණ ගොදුරක් කර ගනීද කියා කියන් නට හැකියාවක් නැහැ.
ස්වකීය ප්‍රාණය නිරුද්ධ නොවී තිබියදීම බලවත් සත්වයින් සිරුරේ කොටස් ගලවමින් සපා අනුභව කරද්දි වේදනාව විඳිමින් සිටීමට තිරිසන් සතුන්ට සිදුවෙනවා .ඉදින් තිරිසන්ව එවැනි දුක් විඳි වාර ගනන සසරෙහි මෙපමණ යැයි කියන්නට හැකියාවක් නැහැ.
තිරිසන් ලොව කුසගින්නට ආහාරද බලවත් වෙහෙසක් ගෙන සොයා ගන්නට සිදු වෙනවා ආහාර ජලය නොමැතිව දින ගනන් ගත කරන් නටද සිදු වෙනවා .සිංහ , කොටි ආදී සත්වයන් වී උපත ලද විට ආහාරය සඳහා දුර්වල සතුන් මරා කෑමෙන් තවත් සසර දීර්ඝ කර ගන්නවා
රෝගයක් , අනතුරක් සිදුවු විට ප්‍රතිකාර කරන් නට කෙනෙක් තිරිසන් ලෝකයේ නැහැ .ඉදින් කුඩා තුවාලයක් පිලියමි නොකිරීමෙන් පැසවා පණුවන් ගසා එයින්ම මරණය හෝ මරණය සමාන දුකකට පත්වන්නට හැකියාව තිබෙනවා.
තිරිසන් ලොව මේ ආකාරයට සඳහන් කල නොකල මහා දුක්ඛයන්ට භාජනය වන්නට සිදු වෙනවා .සොවාන් මාර්ග ඵලයටවත් පත්ව මරණයට පත් නොවුන කෙනෙක් ආසන්න කර්මයාගේ විපාකවශේෂ වශයෙන් තිරිසන් ලොව ඉපදීමට හැකියාව තිබෙනවා.
එබැවින් ලැබුවාවූ ක්ෂණ සම්පත්තිය උපයෝගී කරගෙන තථාගත ලොව්තුරා සමිමා සමිබුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගයට පිවිස වහ වහ සසර ගමන නතර කොට ජාතියක් නැති , ජරාවක් නැති , මරණයක් නැති , සදාකාලික සැප ඇති උතුමිවු නිර්වාණය සුවය සාක්ෂාත් කරගැනීමට සියලු සත්පුරුෂයෝ කටයුතු කරත්වා!
මෙලොව ජීවත්වන අපි සියලු දෙනාම රෝගී ස්වභාවයට පත් වන්නෙමු.කුඩා හිස රදයක් මොනතරමි පීඩාවක් අපට ඇති කරන්නේද? ඉදින් ඊට වඩා බලවත්රෝගයන්ටද ජීවිත කාලය තුල අපට මුහුණ පාන්නට සිදු වන්නේය එසේ රෝගයක් වැළදුනු විට එකී රෝගය සුව කරගන්නට බලවත්වු වෙහසක් උත්සාහයක් දරන්නෙමු.
සසර මහා දුක්ඛය එකීරෝගයේ වේදනාවෙන් සියයෙන් පංගුවකට , දහසෙන් පංගුවකට ලක්ෂයෙන් පංගුවකට ද සමාන කල නොහැක් කේය.එහෙත් එසේ බලවත්වු සසර මහා දුක්ඛ යෙන් ගැලවීමට , නිදහස්වීමට අප යොදනු ලබන් නේ ඉතා අඩු උත්සාහයකි.
තථාගත ලොව්තුරා සමිමා සමිබුදු රජාණන් වහන්සේ එක මොහො තක් , තත්පරයක් වත් මෙම සසර වර්ණනා නොකරන බව දේශනා කොට වදාළ සේක.
එවැනි බියකරු සසර මහා දුක්ඛයෙන් නිදහස් වීමට වහ වහා අවධානය යොමු කල යුත්තේය ඉදින් අහවල් වැඩ කටයුත්ත නිසා , දරුවන්ගේ කටයුතු නිසා , වෙලාවක් නැති නිසා , මුදල් නැති නිසා ,එවැනි කුමන හේතු තමා විසින්ම මතු කරගත්තද එයින් විපතට පත්වන්නේ තමන්මය .එබැවින් සසර බිය මැනවින් දැන භඳුනාගෙන ඉන් නිදහස් වීමට වහ වහා උත්සාහ කලයුතුමය
මිනිස් ලොව ජීවත්වන පුහුදුන් සත්වයන් වන අපි ධනයට , බලයට , සුඛයට ඇලී ඇත්තෙමු එකී අල්ලා ගත් දෙය තාවකාලික බව සිතන්න ටද අප කැමැත්තක් නොදක්වමු .එය එසේමය සිතෙහි ස්වභාවය එයමය .
එහෙත් තථාගත භාග්‍යවත් ලොව්තුරා සමිමා සමිබුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහමි අසා , බලා යථා ස්වභාවය වටහාගෙන මිනිස් ලොව දැඩිව අල්ලා ගත් දෙය තාවකාලික බව වටහා ගන්නට උත්සාහ කල යුතුය.
එකී උත්සාහය ඵල දරන්නට කාලයක් ගත විය හැක .එසේ වුවද කාලයක් පුරුදු පුහුණු කරන සත්පුරුෂයා එකී ධර්ම මාර්ගයට පිවිස සසර බය දැක සසරින් එතරවන්නට උත්සාහ කරන් නේය.
මහත් ධනය තිබූ බරණැස් සිටුතුමාගේ පුත් යසකුලපුතු එසේ සසර බිය දැක සියලු සැප අත්හැර පැවිදිව සසර මහ දුකින් නිදහස්ව උතුම් නිර්වාණය සාක්ෂාත් කරගැනීමට සමත් වූහ.
අශෝක අධිරජහුගේ පුත් මහින්ද සහ සංඝ මිත්තාවන් සියලු රජ සැප අත්හැර ශාසන දායා දය ලැබ සසරින් එතරව ලබන උතුම් වු නිර්වාණය පසක් කරගත්හ.
අනුරුද්ධ,භද්දිය ,භගු , කිම්බිල, ආනන්ද ආදී රජ කුමරුවෝද රජ සැප අත්හැර ශාසන දායාදය ලැබ ඝෝර කටුක භයානක සසර මහ දුකින් එතරව නිර්වාණ සුඛයෙන් සැනසුම ලැබූහ.
එබැවින් නුවණැති සත්පුරුෂයෝ මිනිස් ලොව තාවකාලික සුඛයට නොරැවටි ස්ථිර සුඛය වන නිවන් සුවයම සාක්ෂාත් කරගැනීමට උත්සාහ කරත්වා!
ගෙවා ආ අනන්ත අප්‍රමාණ සසර ගමන තුල, දිව්‍ය, බ්‍රහ්ම, මනුස්ස, අමුනුස්ස යන සතර වරිගයක ඉපදි, ඉපදි මැරි මැරි, මවි පියන්, දු දරුවන්, බිරිද ස්වාමිපුරුෂයින්, හතුරන්, මිතුරන් වෙමින්,
සක්‍ර පදවිය, රජකම්, බලුකම් කරමින් ආ ගමනේ නොලද එකම ඵලය සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් යන ඵල හතර පමණයි..
ඒ උතුම් ඵල ලැබුවානම්, ඔබ අපි මේ දුක්කිත බව ගමනේ තවත් මෙලෙස මුණ ගැහෙන්නේ නොමැත.. සම්මා සම්බුදු සරණයි..