එලකිරි මිතුරනි. ඊයේ ඇමෙරිකාවෙ ට්‍රම්ප් දිවුරුම් දෙන උත්සවය බැලුවම දෙයක් හිතට වැදුනා. උත්සවය සම්පූර්න ආගමික මුහුනුවරකින් තිබුනේ. ආරම්බකලේත්, අවසාන කලෙත් ඇමෙරිකානුවන්ගේ ආගමේ හැටියට. ඇමෙරිකාවේ සැලකිය යුතු මුස්ලිම්, හින්දු සහා චීන බෞද්ද පිරිසක් ජිවත් වෙනවා. ඇමෙරිකාවේ ආගමික නිදහස තියනවා. ඔනැ කෙනෙකුට ඔනැ ආගමක් ඇදහුවැකි. නමුත් ඇමෙරිකාව ක්‍රිස්තියානි රටක්. ඇමෙරිකාවේ මූලබීජය ක්‍රිස්තියානි. ඒ වගේම ලන්කාව බෞද්ද රටක්. ලන්කාවේ සන්ස්කෘතිය ජිවිතය පදනම් වෙලා තියෙන්නේ බෞද්ද උරුමය එක්ක. එහෙමනම් ඇයි අපි හැම රාජ්ය උත්සවයකටම (පාලමක් විවෘත කිරීමක් ඉදන් රාජ්ය උත්සවයක් දක්වා) සහජීවනය කියාගෙන හැම ආගමක නායකයින් ගෙන්නලා ලන්කාව බහු ආගමික රටක් වශයෙන් පෙන්නන්න හදන්නේ. අපි කොහේ හරි තැනක තදට වරද්දගෙන තියනවා නේද? ලන්කාවේ අනික් ආගම් තහනම් කරන්න කියනවා වත් ආගමික අන්තවාදී වීමක්වත් නෙමෙයි. මම අහන්නේ සහජීවනය එතකොට ඇමෙරිකාවේ නැද්ද? එලකිරියනි උබලා මොකො හිතන්නේ?