සහජීවන නිවුස් - update

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සම්පූර්ණ මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: - ගැසට්ටුව නිකුත් වේ

    p1-3.jpg


    ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හ`දුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැ`ගවෙන පරිදි ඇ`දුමක්, ඇ`ගලූමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොපැළඳිය යුතු බවට වන අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් ඊයේ (15 වැනිදා) නිකුත් කරන ලදි.

    මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    ත‍්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයකු විසින් තමන්ට හඳුනා ගැනීමට යම් තැනැත්තකු හැඳ සිටින සම්පූර්ණ මුහුණ සගවාලනු ලබන ඇගලූම ඉවත් කරන ලෙස ඒ තැනැත්තාට නියම කළ හැකි බව ද එහි දැක්වෙයි.

    සම්පූර්ණ මුහුණ ලෙස අදහස් වන්නේ නළල් මුදුණේ සිට නිකටේ අග දක්වා ය.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    අපි ඉදල තියෙන්නෙ අවි ගබඩාවක. මුන්ගෙ ප්ලෑන් එක වැඩ කලා නම්, සින්හලුන්ගෙ දාස් ගනන් බෙලි කැපෙනව.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ෂැංග්‍රිලා බෝම්බකරුගේ මාතලේ ඉඩම සභාවට පවරගන්නැයි ඉල්ලීමක්

    කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බය ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාට අයත් බව කියන මාතලේ හතමුණගාල ප්‍රදේශයේ පිහිටි අක්කර 22 හමාරක ඉඩම රාජසන්තක කිරීමේදි එය මාතලේ ප්‍රාදේශීය සභාවට පවරා ගන්නා ලෙස කළ යෝජනාවක් මාතලේ ප්‍රාදේශීය සභා රැස්වීමේදී ඒකමතිකව සභා සම්මත විය.

    සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ පලාපත්වල පිහිටි සභා රැස්විම් ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.

    මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කළ මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා කියා සිටියේ දැනට ගම්මිරිස් වගා කර ඇති මෙම ඉඩම සභා බල ප්‍රදේශයේ කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා ගත හැකි බවත් ඒ සඳහා මෙම ඉඩම යොදා ගැනීමට කටයුතු කළ හැකි බවත්ය.

    පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සඳහා සිය එකඟත්වය පළ කළ අතර සභාපති කපිල බණ්ඩාර හේන්දෙනිය මහතා පැවසුවේ දිසාපතිවරයා හරහා නඩු කටයුතු නිමවීමෙන් පසු ඉල්ලීමක් සිදු කරන බවයි.

    පසුගිය දිනවල මෙම ඉඩම පරීක්ෂා කළ නමුත් ආරක්ෂක අංශයට කිසිවක් සොයා ගත නොහැකි විය.

    මිය ගිය ඉන්ෂාෆ් අහම් නැමති සැකකරු මීට මාස 6කට පෙර මෙම ඉඩම මිලදි ගෙන ඇති බවද අනාවරණය විය.

    bump
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආයුධ සන්නද්ධ තිදෙනෙක් ට‍්‍රැක්ටරයකින් යති - යුද හමුදාවේ පිරිසක් තුනුකායි කැළය පීරති

    මුලතිව් තුනුකායි ප‍්‍රදේශයේ කැළයක ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයින් තුන්දෙනකු ට‍්‍රැක්ටරයකින් ගමන් කරමින් සිටි බවට ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරක් මත යුද හමුදාවේ විශාල පිරිසක් එම පළාතේ සෝදිසි මෙහෙයුමක් කි‍්‍රයාත්මක කොට තිබේ.

    මුලතිව් තුනුකායි ප‍්‍රදේශයේ දර කැඞීමට කැළයට ගිය පිරිසක් මෙම සැක සහිත පුද්ගලයින් තුන් දෙනා ට‍්‍රැක්ටරයක ගමන් ගන්නා අයුරු දැක ඇත.

    එම වැසියන්ගේ තොරතුරුවලට අනුව යුද හමුදාව අදාළ ප‍්‍රදේශයේ කැළයේ සෝදිසි මෙහෙයුමක් කි‍්‍රයාත්මක කොට ඇතත් සැක සහිත පුද්ගලයින් හමු වී නැත.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ රටේත් ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට රට තුළ ජාතික සමගිය ඇති කළ නොහැකි බවත් ජාතික සමගිය නොමැති තැන මහජන ආරක්ෂාවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.