සහන් තාම ඔයා මැරි කරේ නැද්ද? මගේ බබා දැන් තු&a
_" අයියේ පොඩ්ඩක් මේ බංකුවෙන් වාඩි වෙලා ඉන්නවද ? ඩොක්ටර් පොඩ්ඩකින් කථා කරයි." සංවිධායක මල්ලිගේ පොඩි ඉල්ලීමට අවනත වෙච්ච මන් බංකුවේ කෙළවර වාඩි උනා. ලොකුවට සෙනඟ නැති උනත් ලේ දෙන්න ආපු දහ දොළොස් දෙනෙක් ඉන්නවා. ලේ දෙන්න ආපු උන්ට වැඩියෙන් ධර්ම ශාලාවේ හිටියේ සංවිධායක මණ්ඩලය. පාරේ යන එන ගමන් උනත් මේ වගේ තැනක් දැක්කොත් ගිහින් ලේ ටිකක් දෙන එක මගේ පුරුද්දක්. " ඊළග කෙනා එන්න "
තරුණ වෛද්‍යයවරිය ඉදිරියේ වාඩි උන මම ෆෝම් එක පුරවන්න ගත්තා.. " නම ? "
හිනා වෙන්න තියා අඩුම තරමේ මූණ උස්සලාවත් මගේ දිහා බලපු නැති ඇය මගෙන් ප්‍රෂ්ණ අහනවා. " S . කොඩිකාර " " වයස ? " " තිස් පහයි " " ටැටූ එහෙම ගහලා තියෙනව ද ? " " ගහන්න හිටියේ වැඩේ අවුල් ගියා "
ඒ පාර නන් ඇය පොඩ්ඩක් ඔළුව උස්සලා බැලුවා. ඇය මාව අදුර ගත්තේ නැති උනත් මේසේ ඉස්සරහ වාඩි වෙනකොටම තමයි මන් ඇයව අදුර ගත්තේ. " මැරීඩ් ද ? " " තාම සින්ගල් " " අනාරෂිතව ලිංගිකව එක් වෙලා තියේද ? " " ඔව් " " ප්‍රෂ්ණයක් එහෙම වෙලා නෑනේ ? " " මට ප්‍රෂ්ණයක් උනා නන් ඔයාටත් ඒක ප්‍රෂ්ණයක් වෙන්න ඕන නේ." ඇය තිගැස්සුනා. ඒ විතරක් නෙමෙයි
ඇගේ ඇගිළි වෙවුලනවා. ආරෝපණය කරගත්ත මහා ගැම්මක් අරන් ඇය මගේ මූණ දිහා බැලුවා. " සහන් ඔයා " " ඔව් මම තමයි. අදුර ගන්න බැරි උනා නේ. ඒ දවස් වල වගේමයි. ලොකු කම. මනුස්සයෙක්ගේ මූණ දිහා බලලා කථා කරන්නේ නෑ." ඇත්තමයි මට ඕන උනේ ඇයව රිද්දන්න. අවුරුදු දහතුනක් ඇය නැතුව වින්ද වේදනාවෙන් ටිකක් හරි ඇයට දැනෙන්න හරින්න. " ඔයා ලේ දීලා එන්න. "
මගේ වචනත් එක්ක ඇය හුඟාක් නොසන්සුන්වෙලා. ලේ දෙන්න ඇදේ හාන්සි උන මගේ මතකය ගොඩක් ඈතට ගියා. මට සුමේධා ව මුණ ගැහුනේ බයෝ ක්ලාස් එකේදී ඒ දවස් වල අහුමුළු වල හැංගි හැංගි කතා කර කර තිබුන අපේ ආදර කථාව නැගලා ගියේ දෙවෙනි පාර එග්සෑම් එකෙන් ඇය පේරාදෙණි යුනිවර්සිටි එකට තේරුණාට පස්සේ. ඒ ලෙවල් වලින් පස්සේ කොළඹට ආපු මටයි කැම්පස් ආපු ඇයටයි නිදහස කියන දේ ඕනවටත් වැඩියෙන් ලැබුණා. සති අන්තවල මම නුවර එනකන් ඇය මග බලන් උන්නා. ඒ ලස්සන පරිසරයේ ඇය සීතලෙන් ගැලවෙන්න තව තවත් මගේ උණුහුමට ළං උනා. දවසක් මම සුමේධත් එක්ක නුවර වැව වටේ ඇවිදගෙන යනවා. පාරේ ආපු පොඩි ට්‍රක් එකක් අපේ ගාව නතර කළා .. " මල්ලි මල්ලි .. " ඒකේ ඉදපු කොල්ලෝ දෙන්නාගෙන් එකෙක් මට කතා කරා. " ඔහොම ගියාට කෙල්ලෝ විෂ්වාස කරන්න එපා මචං. ෆිට් එකට කියන්නේ " මහ හයියෙන් එහෙම කියපු උන් පාගලා ගියා. මටයි සුමේධටයි හිනා. " උන්ට පිස්සු අනේ දැන් අපි අපේ වෙලා ඉවරයි " ඇය උරහිස හපන ගමන් කිවුවා.
කැම්පස් එකේ සකන්ඩ් ඉයර් එකේ මැද හරිය වෙද්දි ඇයට අපේ නොගැලපීම් පෙන්න පටන් ගත්තා. වෙනදාට ප්‍රෂ්ණයක් නොවිච්ච මගේ රබර් සෙරෙප්පු දෙක පවා ප්‍රෂ්ණයක් වෙන්න ගත්තා. තර්ඩ් ඉයර් එකේ මුල් හරියෙදි ඇය තීරණයක් ගත්තා. "අපි මේක නවත්තමු. " ඇය දවසක් මට කිවුවා. මන් දැන ගෙන හිටියා ඇය ඒ තීරණේ ගත්තේ හොදට හිතලා කියලා. " ඔයාගේ කැමැත්තක්. ඒත් කවදාහරි ඔයාට අපේ පරණ දේවල් ප්‍රෂ්නයක් වෙයි නේද ? " " නෑ මට පුළුවන් ඒක මැනේජ් කරගන්න. ඔයාට හොද කෙනෙක් හම්බු වෙයි ." අපේ ආදර කථාවට කැමති විදියකට නැවතීමේ තිත තියන්න මම ඇයට නිදහස දුන්නා. " දැන් ඇදෙන් බහින්න පුළුවන් " නර්ස් නෝනා එහෙම කියන කොට තමයි මන් පියවි ලෝකෙට ආවේ. බොන්න දීපු කිරි පැකට් එකත් අරන් එළියට බහිනකොට පුරුද්දට වගේ සුමේධා දිහා බැලුනා. " පොඩ්ඩක් ඉන්න " ඇය ඔළුවෙන් ඉගි කරා. පන්සලේ පැත්තකට ගියපු මාව හොයාගෙන ඇය ඉක්මනටම ආව. " කොහොමද ඉතින් ? " " හොදින් ඉන්නවා " " ඇයි මැරි කරේ නැත්තේ ? මේ මගේ පොඩි එක්කෙනා දැන් තුන වසරේ " ඇය ෆෝන් එක මට දික් කරා. " මට මොකටද ඕවා " " ඒ දවස් වල වගේමයි. කනට ගහනවට වඩා රිදෙනවා කියන වචන වලට " " කෝ දෙන්න " ඇය මන් බිබී ඉදපු කිරි පැකට් එක උදුරගෙන බොන්න පටන් ගත්තා. මම දන්නවා ඇය ඇතුලෙන් ගිණි ගන්නවා. කිරි පැකට් එකෙන් ඒ ගින්න නිවන්න බෑ. " අපරාදේ. මට ඒදා ඒ තීරණේ නොගෙන ඉන්න තිබ්බේ. කෝ ඉතින් නිකන්වත් යන්න එපා කිවුවද ? " " යන අය නවත්ත ගන්නේ මොකටද ? ඉන්න එකා ඉන්නවා " " හ්ම්ම්ම් "
මෙච්චර වෙලා මන් ට්‍රයි කරේ ඇගේ ඇස් දෙකට රිංගන්න. එයා ඒකට චාන්ස් එකක් දෙන්නෙම නෑ. මොහොතකින් මන් ඇයව අල්ලා ගත්තා. ඇස් වලින්. ඇග ඇතුලේ තියෙන ගින්දර ඇස් දෙකෙන් හොදට පේනවා. ඇයත් ගිණිගන්නවා මාත් ගිණිගන්නවා. අපි දෙන්නටම ඕන ඒ ගින්දරේ පිච්චෙන්න. ඒත්... " මන් යනවා. ඔයා පරිස්සමින් යන්න. " " මේක පුංචි රටක්. ආයේ අපි කොහේදි හරි හම්බු වෙයි "
From Instagram

Last edited:
පට්ට දුක හිතෙනවා කියවද්දී