සහන කාලයේදී ඩොලර් මිලියන 30 ක් එළියට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලාංකිකයන් සඟවා ගෙන සිටි ඇමෙරිකානු ඩොලර් හුවමාරු කිරීම සඳහා මහ බැංකුව ලබා දුන් සමා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක මුදල් ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට පැමිණි බවත් වර්තමානයේ රුපියල ශක්තිමත් වීමට පටන් ගැනීමත් සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් හදිසියේ දේශීය වෙළඳපොළට පැමිණ ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.

    ජාතික නීති සමුළුව 2023 අමතමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය."අර්බුදයක් තුළ නීතියේ කාර්යභාර්ය" යන තේමාව යටතේ සමුළුව පැවැත්විණ.

    ඇමෙරිකානු ඩොලරය රුපියල් 400 පසු කරාවි යැයි බලාපොරොත්තුවෙන් වෘත්තිකයන් සහ අපනයනකරුවන් ඩොලර් මිලදී ගෙන එම මුදල් නිවෙස්වල සහ විදේශයන්හි සඟවා ගෙන සිටි කාලයක් තිබූ බව වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.ඔවුන් එම ඇමෙරිකානු ඩොලර් උපයා ගත් ආකාරය පිළිබඳව කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව සමා කාලය තුළ ළඟ තබා ගත් ඩොලර් හුවමාරු කිරීමට අවස්ථාව ලබා දුන්නත් එම පිරිස ලබා දුන් අවස්ථාව ප්‍රයෝජනයට නොගත් බව වීරසිංහ මහතා පැවසුවේය.

    ශ්‍රී ලාංකිකයන් සඟවා ගෙන සිටි ඇමෙරිකානු ඩොලර් හුවමාරු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දුන් සමා කාලය නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගත්තේ නම් එම පිරිසට ඔවුන් සඟවා ගෙන සිටි ඇමෙරිකානු ඩොලර් වෙනුවෙන් ඉහළ අගයක් ලබා ගැනීමට හැකියාව තිබූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

    රුපියල ශක්තිමත් වීමත් සමඟ ඩොලර් සඟවාගෙන සිටි පිරිසට ඔවුන් ගත් වැරදි තීරණය පිළිබඳ වැටහී ඇති බවත් ඒ හේතුවෙන් සඟවා ගෙන සිටි ඇමෙරිකානු ඩොලර් දේශීය වෙළඳපොළේ විකිණීම ආරම්භ කිරීම හේතුවෙන් හදිසියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදල් ප්‍රමාණයක් වෙළඳපොළට පැමිණ ඇති බවත් වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.


    https://www.lankadeepa.lk/news/සහන-කාලයේදී-ඩොලර්-මිලියන-30-ක්-එළියට/101-630073
     
    • Haha
    Reactions: Cypress